.

පලාපල ගිවිසුම්


  • Palapala Terms
  • Palapala Privacy Policy
  • Copyright Policy 
  • MoneyBack Policy
  • Disclaimer

පලාපල කොන්දේසි

පලාපල.lk මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යනු ලබන්නේ ඔබට ජ්‍යොතිෂය සම්බන්ධව ඉහළ සේවාවක් ලබා දීමේ අරමුණින් යුතුවය. එසේම මෙය ජ්‍යොතිෂය පිළිබඳව උනන්දු වන ඔබගේ පෞද්ගලිකව දැනුවත්වීමේ අධ්‍යාපනයේ හා සන්නිවේදනයේ කාර්යයන් සඳහා ද වේ. එම නිසා මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට කරුණාකර මැලි නොවන්න.  මෙම වෙබ් අඩවියට ප්‍රවේශවීම හා පරිශිලනය කිරීම පහත සඳහන් භාවිතයට අදාල කොන්දේසි ("Terms of Condition") හා පවත්නා නීතිරීතිවලට අනුකූලව කළ යුතුය.

පලාපල.lk වෙබ් අඩවියේ අරමුණ අපගේ සේවාලාභීන්ට ඉහල සේවාවක් ලබාදීම බැවින් ඒ හා බැඳුනු අපගේ නීති සහ රෙගුලාසිවලට අදාළව කටයුතු කල යුතුය. මෙම වෙබ් අඩවියට ඇතුළුවීම/පිවිසිම සීමා කිරීම/පාලනය කිරීම සහ/හෝ කිසියම් දැනුම් දීමකින් තොරව කාලයෙන් කාලයට මෙම භාවිතයට අදාළ නීති සහ රෙගුලාසි සංශෝධනය කිරිමේ, විස්තර කිරීමේ සම්පූර්ණ අයිතිය පලාපල.lk සතුය. එකී සංශෝධන පළකිරීමෙන් අනතුරුව ඔබ විසින් වෙබ් අඩවිය පරිශිලනය කිරීම මගින් ඔබ එකී සංශෝධනයන් පිළිගත් බවට සළකනු ලැබේ.

පලාපල.lk වෙබ් අඩවියේ ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන "Comment Box" එක මගින් හෝ වෙනත් කිසිදු අයුරකින් හානිදායක, අසභ්‍ය, අශීලාචාර, ලිංගික, හිංසාකාරී, නිගරු, අපවාදාත්මක, අශෝභන, තර්ජනාත්මක,  ජාතිවාදී, ආගම්වාදී, අශ්ශීල, නීති විරෝධී හෝ කිසිදු නීතියක් උල්ලංඝනය වන කිසිදු පණිවිඩයක් හෝ කරුණක් යැවීමට හෝ පල කිරීමට මෙම වෙබ් අඩවිය යොදා නොගන්නා බවට ඔබ එකඟතාව පළ කර සිටින අතර, එය උල්ලංඝනය කරන අයෙකුහට සීමා පැනවීමට, නැවත පැමීනීමට නොහැකි ලෙස කටයුතු කිරීම හෝ සම්පූර්ණයෙන් නතර කිරීමේ අයිතිය පලාපල.lk සතුය. 

පුද්ගලිකත්ව ප්‍රතිපත්ති

පලාපල.lk ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා අවස්ථාවලදී සම්මත සුරක‍්ෂිත කෙවෙනි ස්ථර (SSL) තාක්ෂණය භාවිත කරන්නෙමු. එමගින් ඔබේ උපන්දින තොරතුරු සහ මූල්‍ය කළමණාකාර තොරතුරු වැනි රහස්‍ය සංවේදී දත්ත (Encrypt) අයුරින් ආරක‍්ෂිතය. ඔබගේ නම, ලිපිනය, උපන්දින තොරතුරු සහ පලාපල විග්‍රහයන් පමණක් නොව, පලාපල.lk වෙබ් අඩවිය වෙත ඔබ විසින් සපයන ඔබේ පෞද්ගලික විස්තර ඔබට විශිෂ්ඨ සේවාවක් සැලයීමට සහ ඔබ සමග සන්නිවේදනයේ යෙදීම සහ ඊට අදාළ දේ සඳහා භාවිතා කෙරේ. එය අපි යටතේ පාලනය වෙනත් කිසිදු වෙබ් අඩවියක් සඳහා වානිජ්‍යමය පරමාර්ථයෙන් හෝ වෙනත් කුමන හෝ කරුණකට භාවිතා නොකෙරේ. දේශීය හෝ ජාත්‍යන්තර නීතියකට යටත් වීමට සිදුවන කිසියම් නෛතික අවශ්‍යතාවයකදී හැරුණුකොට කිසිදු හේතුවක් සඳහා තෙවන පාර්ශවයක් වෙත ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දෙනු නොලැබේ. 

කතෘත්වය සම්බන්ධව

පලාපල.lk වෙබ් අඩවියේ සියළුම ලිපි සහ වාර්තාවල අයිතිය පලාපල.lk සතු වන අතර කතෘගේ නිසි අවසරයකින් තොරව, අන්තර්ගතය පිටපත් කිරිම හෝ  අන්තර්ජාලයේ හෝ වෙනත් මාධ්‍යවල නැවත පලකිරීම සපුරා තහනම්ය. එනමුත් ව්‍යාපාර අභිලාෂයකින් තොරව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් යුතුව මෙහි පලවන කිසියම් ලිපියක උපුටා ගන්නා ලද කොටස් හෝ සම්පූර්ණ ලිපියම වුවද වෙනස් කිරීමකින් තොරව අන්තර්ජාලයේ හෝ වෙනත් මාධ්‍යවල නැවත පලකිරීමට කතෘ විසින් අනුමත කරන අතර එහිදී එම ලිපියට අදාළ ඇමුණුම (Hyperlinks) සමග "උපුටා ගැනීම පලාපල.lk" යනුවෙන් සඳහන් කළ යුතුය.  

මුදල් ආපසු ගෙවීම සම්බන්ධව

පලාපල.lk වෙබ් අඩවියේ මුදල් ගෙවන සේවා ලබා ගැනීමට පෙර මෙහි නොමිලේ ගත හැකි සේවාවන් මගින් ඔබට මෙහි අන්තර්ගතය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව කිසියම් ප්‍රමාණවත් වැටහීමක් ලබාගත හැක. මුදල් ගෙවා ලබාගත යුතු සේවාවන්වල පිංතූර සහිත විස්තරාත්මක තොරතුරු දැනගැනීමට ඉඩ සළසා ඇති අතර එ‍සේ නොවන අවස්ථාවලදී ඊමේල් මගින් සහ දුරකථන මගින් වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව ද ඇත. පූර්ණ වැටහීමකින් අනතුරුව කිසියම් සේවාවකට ඔබ විසින් පලාපල.lk වෙත ගෙවන කිසිදු මුදලක් නැවත ගෙවනු නොලැබේ. 

වගකීමෙන් නිදහස් වීම

පලාපල.lk වෙබ් වැඩසටහන සක්‍යතාවයන්ගෙන් ඉහළ උසස් සහ වේගවත් සර්වර්වල පවත්වාගෙන යනු ලබන අතර, පද්ධතියේ, සන්නිවේදනයේ සම්බන්ධතා ඇනහිටීමක්, ද්‍යෝෂයක්, ප‍්‍රමාද ද්‍යෝෂයක්, බාධාවක්, ආරක්ෂාව කඩවිමක්, පරිගණක වයිරස්, අනිසි කේතයක්, දූෂිතවීමක්, කි‍්‍රයාත්මකවීමේ හෝ සම්ප්‍රේෂණයේ ප‍්‍රමාදයක්, සම්ප්‍රේෂණ ද්‍යෝෂයක් හෝ වෙබ් අඩවියට ඔබ පිවිසීමේදී පිවිසුම් නොහැකියාවක් සහ/හෝ එහි කිනම් හෝ අන්තර්ගත දෑ පරිශ්‍රීලනය කිරීමක් හෝ එහි ඇතුළත් සේවා ලබා ගැනීමේ නොහැකියාවක් සම්බන්ධයෙන් පලාපල.lk වගකීමට බැඳී නොමැත. 

එසේම පලාපල.lk  වෙතින් ස්වයංක්‍රීයව ලබා දෙන යම් පලාපල විස්තරයක් ඔබට අනුව නිවැරදි නොවේනම්, නොගැලපේනම්, නොතේරුනේනම් සහ එමගින් ඔබට යම් අවහිරතාවයක්,  පාඩුවක්, සිත්රිදුමක්, කලකිරීමක් හෝ අපහසුතාවයක් වී ද, ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් හෝ මුදලක් ගෙවීමට පලාපල.lk වගකීමෙන් බැඳී නොමැත.