.

අපේ අරමුණු

Our Goal

පැහැදිලි කිරීම

පුරාණ සෘෂිවරු ඉන්ද්‍රීය සංවේදී යෝග ක්‍රම උපයෝගී කර ගෙන භාවාත්මක චින්තනය තුළින් ස්වභාව ධර්මතාවයන් මිනිසා කෙරේ බලපාන ආකාරය සියුම් ලෙස විග්‍රහ කර ඇත.

තාරකා විද්‍යාවේ දියුණුවත් සමග එහි පවතින සත්‍යයන් සහ මානව අත්දැකීම්වල යථා ස්වරූපය විග්‍රහ කළ හැකි විශිෂ්ඨ ශාස්ත්‍රයක් ලෙස ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඉස්මතු වෙමින් පවතී. එමගින් ජ්‍යොතිෂය හුදු සම්ප්‍රදායික විෂයයක් නොව විද්‍යානුකූල පදනමක් ඇති ශ්‍රාස්ත්‍රීය විද්‍යාවක් බව පැහැදිලිය.

අද වන විට දෙස් විදෙස් විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ශ්‍රාස්තීය උගතුන් සහ වියතුන් අතර ජ්‍යොතිෂය අතිශය සම්භාවනාවට පත් වූවකි.

මේ අතර අභාග්‍යකට මෙන් ජ්‍යොතිෂය ධනෝපායන මාර්ගයක් ලෙස යොදා ගන්නා අයද සිටි.



පලාපල.lk ක්‍රියාත්මක අපගේ වෙබ් වැඩසටහන අප විසින්ම නිර්මාණය කරන ලද්දකි. එහි දත්ත සහ ප්‍රතිපල අප ඉදිරිපත් කරන්නේ වෛදික ජ්‍යොතිෂ්‍ය හෙවත් වේද ග‍්‍රන්ථවල ලියැ වී ඇති සුපිරිසුදු ජ්‍යොතිෂ්‍යයේ න්‍යායයන් ඇසුරෙනි.

නිරන්තරව සැරිසරණ ග්‍රහයන්ගේ ගමන පිළිබඳ තොරතුරු පලාපල.lk මගින් අපි ඔබට නිවැරදිව ඉදිරිපත් කරනු ඇත.

ග්‍රහ ගමන පිළිබඳ නිවැරදි දත්ත සපයන "ජගන්නාථ හෝරා සහ ඇස්ට්‍රෝවිෂන්" ඇතුළු ලොව සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ මෘදුකාංගවල සහ theplanetstoday.com වැනි වෙබ් අඩවිවලට සමානවම පලාපල.lk ද  ග්‍රහයන්ගේ ගෝචරය හෙවත් ග්‍රහ ගමන සජීවීව ඉදිරිපත් කර ඇත.

ඔබේ උපන් තොරතුරු ඇතුළත් කළ සැනින් ස්වයංක්‍රීයවම ජන්ම පත්‍රය නිවැරදිව සැකසී ඊට සබැඳි සියළු විස්තර ඔබට පලාපල.lk මගින් ඉදිරිපත් කරනු ඇත.

එසේම ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබාදීමේ අරමුණින් ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. එමගින් ජ්‍යොතිෂය පිළිබඳව අවභෝධයක් ලබා ගැනීමට ද, ජ්‍යොතිෂය සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්නා අයට සහ තමන් උගත් කරුණු තව තවත් පෝෂණය කර ගැනීමට අපේක්ෂා කරන අයට ද මෙය හොඳ තෝතැන්නක් කිරීමට පලාපල.lk අපගේ ඒකායන අරමුණයි.