.

පලාපල සහාය

Palaala Help

අප ගන්නා මේ උත්සාහයට ඔබ සැමගේ දායකත්වය සහ උදව් වෙතොත් එය අපි සැමදා අගය කරන්නෙමු.

  • දවසේ සහ වාර්ෂික ලග්න පලාපල

    දිනපතා සහ වාර්ෂික ලග්න පලාපල බලා ගැනීමට ඔබේ ලග්නය දැක්වෙන සංකේතය මත ක්ලික් කරන්න. එසැනින් ඔබේ ලග්නයට අදාළ පොදු ගෝචර ලග්න පලාපල බලාගත හැකියි.
  • ඔබේ උපන් තොරතුරු අනුව දවසේ ලග්න පලාපල බලා ගන්නේ කෙසේද?

    ඔබේ උපන් ලග්නයට අනුව එදිනෙදා ගෝචර පලාපල බලාගැනීමට මුල් පිටුවේ පහළ .තිබෙන “Daily Personalized Horoscope It’s Free! ” යන ස්ථානයේ ඔබේ උපන් දිනය සහ ඊට අදාළ තොරතුරු නිවේශනය කරන්න.
  • පලාපල වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ ඇති ප්‍රයෝජන!

    ඔබේ ජන්ම තොරතුරු නැවත නැවතත් නිවේශනය කරනු වෙනුවට පලාපල.lk හි ලියාපදිංචි ගිණුමක් සාදා ගැනීමෙන් ඔබේ ජන්ම විස්තර සුරැකිව තබාගෙන ඇති හැකියාව. ඉන්පසුව ඔබේ ගිණුමට ඇතුළුවීමෙන් එදිනෙදා පලාපල බලා ගැනීමට සහ තවත් අමතර සේවා රැසක් ලබා ගැනීමට ඇති හැකියාව.
  • ලියාපදිංචි වෙන්නේ කෙසේද?

    පලාපල.lk වෙබ් අඩවියේ දකුණු පස ඉහළ කෙළවරේ තිබෙන “Register” යන බටනයට ක්ලික් කිරීමෙන් අනතුරුව එහිදී ලැබෙන “Sign up” යන පහසු පෝරමය නිවැරදිව පුරවා “Sign up” බටනයට ක්ලික් කරන්න. මෙහි ඇතුළත් කරන ඔබගේ ඔබේ ඊමේල් ලිපිනයට ගොස් ලබා දී ඇති ලින්ක් එකෙන් ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න. ඉන්පසු ඔබේ “Username” සහ “Password” මගින් ඔබේ පලාපල.lk ගිණුමට පිවිසිය හැකිය.
  • ඔබේ ගිණුමට පවුලේ අයගේ හෝ ඔබ කැමති අයගේ උපන් තොරතුරු ඇතුළත් කර ගන්නේ කෙසේද?

    පලාපල.lk මගින් ලබා දෙන ගිණුමට ඔබේ උපන් තොරතුරුවලට අමතරව පවුලේ සාමාජිකයන්ගේ, හිත මිතුරන්ගේ උපන් විස්තරද ඇතුළත් කර ගැනීමටත්, එම කේන්දරවලට අදාළ වූ පලාපල බලාගැනීමටත් පුළුවනි. ඒ සඳහා “Login” යන ස්ථානයෙන් ඔබේ ගිණුමට ඇතුළු වන්න. එහි “+New” යන බටනයට ක්ලික් කිරීමෙන් ලැබෙන පෝරමය මගින් අවස්ථාව ලැබේ.
  • ඔබගේ අනාගත පලාපල අදම බලා ගැනීමට සහ අමතර සේවා සඳහා මුදල් ගෙවන්නේ කෙසේද?

    ඒ සදහා ඔබට ඔබේ ගිණුමේ වම් තීරයේ තිබෙන  “Packages” මත ක්ලික් කරන්න. එහිදී අමතර සේවා සඳහා ඔබට ගෙවීම් කිරීමට අවස්ථාව සැළසේ. එක් මසක දායකත්ව ගාස්තුව රු.50 කි. එමගින් ඔබට මාස තුනක් ඉදිරියට වෙනස්වන ග්‍රහ තත්වයන්ට අනුකූළව දවසේ ලග්න පලාපල බලාගත හැකිය. එ් සඳහා මෙතන ක්ලික් කරන්න.
  • ඔබ ගෙවන මුදල් ගිණුමට බැර වෙන්නේ සහ එය පරිහරණය කරන්නේ කෙසේද?

    පලාපල වෙබ් අඩවියේ සේවාවන් ලබා ගැනීම පිණිස ඔබට රු.50 ක අවම මුදලේ සිට ඉහළට ඔබ කැමති ඕනෑම මුදලක් ගෙවිය හැකිය. එය ඔබගේ පලාපල ගිණුමේ ඉහළ දකුණු කෙළවරේ ගිණුම් ශේෂය ලෙස පෙන්වනු ඇත. ඉන් අනතුරුව ඔබට කැමති ඕනෑම වෙලාවක ඔබට අවශ්‍ය සේවාවක් සක්‍රීය කරගත හැකිය. එහිදී එම සේවාවට අදාළ ගාස්තුව ස්වයංක්‍රීයව ඔබේ ගිණුමෙන් හර වී ඔබ ඉල්ලුම් කරන ලද සේවාව ඒ මොහොතේම සක්‍රීය වනු ඇත.
  • මුදල් ගෙවීමට විශ්වාසවන්ත මාර්ග තිබෙනවාද?

    පලාපල.lk සේවා සඳහා පහසුවෙන්, ඉක්මනින් සහ ආරක්ෂාකාරීව මුදල් ගෙවීමට ක්‍රම කිහිපයක්ම ඔබේ පහසුව පිණිස පලාපල.lk ලබාදෙයි. – වැඩිදුර විස්තර
  • ඔබ මුදල් ගෙවීමට බලාපොරොත්තු වන පලාපල.lk ආයතනයේ විස්තර මොනවාද?

    පලාපල.lk වෙබ් අඩවිය පවත්වාගෙන යන Palapala.lk ව්‍යාපාරික ආයතනය 2011 අංක 5 දරන බස්නාහිර පලාත් සභාවේ ව්‍යාපාර නාම (බ.ප.) ආර්. 3 පනත යටතේ පලාත් නාම ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇත. – වැඩිදුර විස්තර
  • පලාපල වෙබ් අඩවිය හා සම්බන්ධ වන ඔබගේ පෞද්ගලිකත්වය සුරක්ෂිතද?

    පලාපල.lk ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා අවස්ථාවලදී සම්මත සුරක‍ෂිත කෙවෙනි ස්ථර (SSL) තාෂණයක භාවිත කරන්නෙමු. එමගින් ඔබේ උපන්දින තොරතුරු සහ මූල්‍ය කළමණාකාර තොරතුරු වැනි රහස්‍ය සංවේදී දත්ත (Encrypt) අයුරින් ආරක‍්ෂිතය. දේශීය හෝ ජාත්‍යන්තර නීතියකට යටත් වීමට සිදුවන කිසියම් නෛතික අවශ්‍යතාවයකදී හැරුණුකොට කිසිදු හේතුවක් සඳහා තෙවන පාර්ශවයක් වෙත ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දෙනු නොලැබේ. – වැඩි විස්තර
  • සේවා ලබා ගැනීමට අදාළව පලාපල වෙබ් අඩවිය හා බැඳෙන නීති සහ රෙගුලාසි මොනවාද?

    පලාපල.lk වෙබ් අඩවියේ අරමුණ අපගේ සේවාලාභීන්ට ඉහල සේවාවක් ලබාදීම බැවින් ඒ හා බැඳුනු අපගේ නීති සහ රෙගුලාසිවලට අදාළව කටයුතු කල යුතුය. එබැවින් පලාපල.lk සේවා ලබා ගැනීමට ප්‍රථමව මෙතනට ක්ලික් කර නීති සහ රෙගුලාසි කියවා තේරුම් ගත යුතුය. නීති සහ රෙගුලාසි වෙනස් කිරිමේ, විස්තර කිරීමේ සම්පූර්ණ අයිතිය පලාපල.lk සතුය.