.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Monday, July 8, 2024

ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි! මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ

\

වාසනාවන්ත හිතවතුනි,
* පවතින ගුහ මාරු සමග ඉදිරියේදී සුදුවන ගුහමාරු සමගින් ඔබේ ලග්නය ගැන පූර්ණ පගාපල විසතරයක්,,,
* උපන් වේලාව නිවැරදිව සකසා නිවැරදි පලාපල විස්තරවක්,,,
ඔබේ නැකැතට අනුව සඅකලුනු දීර්ග පලාපග විස්තැයක්,,,
* පක්ෂියා රජකරන වේලාව අංක විද්යාව රිශි දෘෂ්ටි උපකාරයෙන් විද්යනුකූල පලාපල විස්තරයක්,,,
^ දවසේ ඉර නගින වේලාව නිවැරදි තත්කලය ඇසුරෙන් ඵූර්ණ පලාපල විස්තරයක්,,,
* පංඡ මහා ශක්ති පංච භූත පදච දෝෂ ඇසුරෙන් නිවැරදි පලාපල විස්තරයක්,,,
ඒකක් සඳහා අයකිරීම රු. 5000කි.
සීමිත කාලයකට පමණක් රු.2500කි.
දෙදෙකෙු හෝ වැඩි දෙනෙකුට සිත්ගන්න සුලු වට්ටම්.
අදම අප හා ඒකතු වන්න. ඔබට ජය නියතයි!


 

ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි! මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ

ඉක්මන් කරන්න තව ටික කාගයකට විතරයි!




වාසනාවන්ත හිතවතුනි,
* පවතින ගුහ මාරු සමග ඉදිරියේදී සුදුවන ගුහමාරු සමගින් ඔබේ ලග්නය ගැන පූර්ණ පගාපල විසතරයක්,,,
* උපන් වේලාව නිවැරදිව සකසා නිවැරදි පලාපල විස්තරවක්,,,
ඔබේ නැකැතට අනුව සඅකලුනු දීර්ග පලාපග විස්තැයක්,,,
* පක්ෂියා රජකරන වේලාව අංක විද්යාව රිශි දෘෂ්ටි උපකාරයෙන් විද්යනුකූල පලාපල විස්තරයක්,,,
^ දවසේ ඉර නගින වේලාව නිවැරදි තත්කලය ඇසුරෙන් ඵූර්ණ පලාපල විස්තරයක්,,,
* පංඡ මහා ශක්ති පංච භූත පදච දෝෂ ඇසුරෙන් නිවැරදි පලාපල විස්තරයක්,,,
ඒකක් සඳහා අයකිරීම රු. 5000කි.
සීමිත කාලයකට පමණක් රු.2500කි.
දෙදෙකෙු හෝ වැඩි දෙනෙකුට සිත්ගන්න සුලු වට්ටම්.
අදම අප හා ඒකතු වන්න. ඔබට ජය නියතයි!

Wednesday, April 17, 2024

මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ



මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ රුපියල් 5000ක් කැන්පත් කරන ඔබගේ ගිණුමට රුපියල් 10000ක් ලබා ගන්න. ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ඉදිරි කාලය ව්‍යාපාර දියුණුව දරුවන්ගේ අධ්‍යාපනය ඔබේ රුකියාව සහ ආදායම් මාර්ග සෙෘඛ්‍ය සහ ග්‍රහ දෝෂ ඇතුලු ඔබට වැඩි විස්ලර දැන ගැනීමට අවශ්‍ය කේත්‍රයක් ගැන අදම දැනුවත් වෙන්න.

Sunday, July 4, 2021

දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල

 

Horoscope Reading Service by Palapala.lk

අපගේ වෙබ් අඩවියේ තිබෙන 2021 ජූලි මාසයේ ලග්න පලාපල ඉදිරිපත් කල දින සිට Facebook හා WhatsApp මගින් තමතමන් ලග්නය සඳහන්ව පණිවුඩ රාශියක් අප වෙත ලැබෙමින් පවතී. පළමුවෙන්ම අපගේ ලිපියට ඔබලාගේ අවධානය යොමු වීම ගැන සතුට සහ ස්තුතිය.

පලාපල.lk විසින් වෙනත් කිසිදු ජ්‍යොතිෂ ‌වෙබ් අඩවියකින් ඉදිරිපත් නොකරන සේවා රැසක් නොමිලේ ඔබ වෙනුවෙන් ඉදිරිපත්පත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙන්නෙමු. පොදු ලග්න පලාපලවලට අමතරව, ඔබේ උපන් තොරතුරු ඇතුලත් කල වහාම ඔබේ ‌ජන්ම පත්‍රය සැකසී අදාල ග්‍රහ තත්ව ඔබට බලා ගත හැකිය. එපමණක් නොව එම තොරතුරු සුරැකිව තබා ගැනීමට ගිණුමක් සාදා ගැනීමටත් හැකියාව ඇත. එම ගිණුම මගින් ඔබට අවශ්‍ය ගණනක ඔබේ පවුලේ සහ හිතවතුන්ගේ ජන්ම පත්‍ර සකසා එදිනෙදා භාවිතයට පහසු වන සේ, ඔබේ පලාපල ඔබටම බලා ගන්න අවස්ථාව සලසා ඇත. මීට වඩා සේවා රැසක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට පලාපල.lk 3වෙනි සංස්කරණය ඔබට තිළිණ කිරීමට දැනටමත් අපි වැඩ කරමින් සිටී.

මෙහි ඉදිරිපත් කර තිබෙන පොදු ලග්න පලාපල අදාල මාසයට තිබෙන ග්‍රහචාරයට අනුව ඒ ඒ ලග්නවලට සැකසූ පොදු ලග්න පලාපල බව කරුණාවෙන් සළකන්න. එමගින් තම තමන්ගේ ලග්නයට හිමි සුභ අසුභ ගැන යම් ප්‍රමාණයක ඉඟියක් ලබා ගැනීමට පුලුවන් නමුත් ඔබටටම අදාලව පලාපල විස්තරයක් බලා ගැනීමට අවශ්‍යනම් ඔබගේම ‌ජන්ම කේන්ද්‍රය භාවිතා කර බැලිය යුතුය. එහිදී දළ කේන්ද්‍රය ඇසුරන් පමණක් නොව, උපන් වේලාව අනුව සැකසූ නිවැරදි භාව කේන්ද්‍රය, ග්‍රහ සංයෝග, සුභ අසුභ ග්‍රහ පිහිටීම්, උපන් නැකත, මහ දසා, අතුරු දසා, විදසා ආදියද සැළකිල්ලට ගෙන ජ්‍යොතිෂයට අනුකූල වූ නිවැරදි අනාවරණයක් කල හැකිය. ඒ සඳහා ඔබේ පවුලේ ජ්‍යොතීර්වේදියාගේ සහාය ඔබට ලබා ගත හැකිය.

ඔබට අවශ්‍යනම් අපෙන්ද, ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් කර ගත හැකිය. එය මුදල් අය කරන සේවාවක් බව කරුණාවෙන් සළකන්න.

සේවා විස්තරය:
අපගේ සේවාවන් ලබා ගන්නා ඔබට, ඔබේ ජන්ම පත්‍රයට අදාල වටිනා තොරතුරු රැසක් ලබා දේ. ඒ අතර, ඔබ දැන ගැනීමට බලාපොරොත්තු වෙන අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන් සම්බන්ධව ආදි එක් කරුණක දීර්ඝ විමර්ෂණ විස්තරයත් ඔබට ලබා ගත හැකිය. ඒ සමගම නිවැරදිව සැකසූ ඔබේ උපන් කේන්ද්‍රය, මහ දසා සහ අතුරු දසා ආරම්භ වෙන හා ගෙවෙන කාල වකවානුව සහ එම මහ දසා අතුරු දසාවලින් ඔබට සුභ අසුභ ඒවා සළකුණු කර ලැබේ. ඔබේ උපන් නැකතට අනුව සුභ කටයුතුවලදී ඔබට භාවිතා කිරීමට සුදුසු නැකැත්ද ඔබට සුභ දින හා අංක ගැනද විස්තරයක් ලබා දේ. එපමණක් නොව, 22වෙනි දෙර්කාණාධිපති හා 64වෙනි නවාංශකාධිපති ආත්මකාරක ග්‍රහයා සුභ අසුභ මාරක ග්‍රහයන් ගැනද ඒවා පිළිබඳව විස්තරයක්ද ඔබට සපයනු ලැබේ. මිට අමතරව ඔබට අවශ්‍ය තොරතුරු හා සේවාවන් ගැන දුරකථනය සාකච්චා කර ගත හැකිය. මෙම කටයුතු කිරීමේදී ඔබගේ පෞද්ගලිකත්වය සීයට සීයක්ම ආරක්ෂා කිරීමට අපි පියවර ගන්නා අතර ඔබේ අනාගතය යහපත් කර ගැනීමට අපිට හැකි උපරිමය මෙම සේවාව තුලින් ඔබට ලබා ගත හැකිය.

කාලය:
අපිිට ඔබේ ජන්මපත්‍ර පරීක්ෂාවට සති තුනක හා මාසයක පමණ කාලයක් අවශ්‍ය වෙනමුත්, අවශ්‍ය හදිසි දේවල් පිළිබඳව ඔබට දුරකථනය මගින් දැනුවත් විය හැකිය. මුද්‍රිත පිටපත් ඔබේ නිවසටම ලියාපදිංචි තැපැල් මගින් එවනු ලැබේ.

අය කිරීම:
එක් අයෙකුගේ ජන්ම පත්‍ර පරීක්ෂාවකට රුපියල් 1500කි. දෙකකට වැඩි වැඩිනම් එකක් සඳහා රුපියල් 1000කි. විවාහ සම්බන්ධව දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාව සඳහා රුපියල් 2000ක් වන අතර අවශ්‍යනම් පොරොන්දම් විස්තරයක්ද ලබා ගත හැකිය. විවිධ අවශ්‍යතා වෙනුවෙන් නැකැත් සකසා දීමද සිදු කරන අතර විස්තර දුරකථනයෙනි.
මුදල් ගෙවීම:
සම්පත් බැංකුවේ පලාපල.lk ගිණුමට ඔබට මුදල් ගෙවිය හැකිය. විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය බලන්න.

පුද්ගලිකව හමුවීමට:
පහසු දිනයක් වේලාවක් සඳහා අමතන්න.




Friday, July 2, 2021

July 2021 Monthly Horoscopes By Palapala.lk

 

July Monthly Astrology Horoscope 2021

2021 ජූලි මාසයේ ලග්න පලාපල


මේෂ  |  වෘෂභ  |  මිථුන  |   කටක  |  සිංහ  |  කන්‍යා

තුලා  |  වෘශ්චික  |  ධනු  |  මකර  |  කුම්භ  |  මීන


මෙහි ඉදිරිපත් කර තිබෙන පොදු ලග්න පලාපල අදාල මාසයට තිබෙන ග්‍රහචාරයට අනුව ඒ ඒ ලග්නවලට සැකසූ පොදු ලග්න පලාපල බව කරුණාවෙන් සළකන්න. එමගින් තම තමන්ගේ ලග්නයට හිමි සුභ අසුභ ගැන යම් ප්‍රමාණයක ඉඟියක් ලබා ගැනීමට පුලුවන් නමුත් ඔබටටම අදාලව පලාපල විස්තරයක් බලා ගැනීමට අවශ්‍යනම් ඔබගේම ‌ජන්ම කේන්ද්‍රය භාවිතා කර බැලිය යුතුය. එහිදී දළ කේන්ද්‍රය ඇසුරන් පමණක් නොව, උපන් වේලාව අනුව සැකසූ නිවැරදි භාව කේන්ද්‍රය, ග්‍රහ සංයෝග, සුභ අසුභ ග්‍රහ පිහිටීම්, උපන් නැකත, මහ දසා, අතුරු දසා, විදසා ආදියද සැළකිල්ලට ගෙන ජ්‍යොතිෂයට අනුකූල වූ නිවැරදි අනාවරණයක් කල හැකිය. ඒ සඳහා ඔබේ පවුලේ ජ්‍යොතීර්වේදියාගේ සහාය ඔබට ලබා ගත හැකිය.


ඔබට අවශ්‍යනම් අපෙන්ද, ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් කර ගත හැකිය. එය මුදල් අය කරන සේවාවක් බව කරුණාවෙන් සළකන්න. වැඩි විස්තර සඳහා පහත ලින්ක් ඒකට යන්න.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි. වැඩි විස්තර පහත ලින්ක් ඒකෙන් බලන්න.





 

Thursday, July 1, 2021

මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මේෂ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති කුජ සිකුරු 4 වැන්නේ කේන්ද්‍රගතයි. කුජ නීචයි, සිකුරු සතුරුයි / දික්බලයි. සුභයි. ශනි 10 කේන්ද්‍රගතයි ස්වක්ෂේත්‍රයි. රැකියාව සුභයි. චර රාශි 11 බාධකයි, බුධ රාහු 2 වැන්නේ - තැන්පත් ධනය වියදම් / නිවාස අලංකරණය / යුග දිවි මත ගැටුම් සමථය. ගුරු 11 බාධා මධ්‍යයේ ආර්ථික දියුණුව. රවි 3 කැපී පෙනෙයි.)


පොදු

මාසය ආරම්භයේ සිටම සිතට කළබල ගතියක් දැනේවි. වැඩ රාජකාරි බහුල වීම නිසා ගතට අමතර විඩාවක් දැනේවි. මන්දෝත්සාහී වීම නිසා කලට වේලාවට වැඩ නිමා කිරීමේ නොහැකියාවෙන් සිතට අසහනයක් ගෙන දේවි. ඒම තත්වය පළමු සති දෙකෙන් පසුව යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වී ඇසුරු කරන්නන් අතරත් කැපී පෙනෙයි. මේ තත්වය තේරුම් ගෙන මාසයේ මුල සිටම ආයාසයෙන් කටයුතුවල නිරත වූවොත් ඔබට මුලු මාසය පුරාවටම ප්‍රයෝජනවත් ලෙස හා සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ.


ධනය

අදායම් තත්වය හොඳයි. තැන්පත් ධනය වියදම් වුවත් නාස්ති නොවේ. අවශ්‍ය දේවල් සඳහා වියදම් කරයි. දුර බැහැර ගමන්වලින් ලාභ ප්‍රයෝජන ලැබේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත. කතාවෙහි දක්ෂ ගුරුවරුන්ට, නීතිඥයට, බෝකර්වරුවරුන්ට සහ ව්‍යාපාරිකයන්ටත් මෙය ආදායම් ගලා එන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ ලැබේ. 


රැකියාව

රැකියාවල නියුතු අයට මහන්සිය නිසා කරදර ගැටලු ඇතිවේ. අමතර වැඩ හා නිදි මැරීම ආදිය නිසා වෙහෙස දැනේ. ඒහෙත් ඒ්වායින් ප්‍රථිපල තිබේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවන්හි නියුතු අයටද තම මහන්සියේ තරමට ප්‍රථිපල සහ ආදායම් ලැබේ. උනන්දුවෙන් කරන වගා කටයුතු, ගොඩනැගිලි දුව්‍ය හෝ භූමිය ආශ්‍රිත කරන කටයුතු සහ ව්‍යාපාරවලට මෙය ලාභ ප්‍රයෝජන ලැබිය හැකි හොඳ ග්‍රහචාරයකි. හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ලෙන යා හැකිය.


අධ්‍යාපනය

අධ්‍යපනය කටයුතුවලට ගැටලු බාධා ඇති නොවේ. වෙනත් බාහිර දේවලිිින් මිදී ඉගෙනුම ලබන අයට මෙය හොඳ කාලයකි. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන්ගේගේද අරමුණු ඉටුවේ. දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලද නිරත වේ. 


ගෘහ ජීවිතය

තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන, ප්‍රේම සම්බන්ධතා සහ විවාහ අපේක්ෂකයන්ට ඒ්වා ස්ථිර වීමට සුභ කාලයකි. විවාහක අයගේ අතර ආදරය සමගිය වර්ධනය වෙන හා ගෘහ ජීවිතය යහපත් වන පිංවත් දරුවන් ලබන ඉතා හොඳ කාලයකි. මොවුනොවුන් අතර කිසියම් මතභේද ඇති වුවත් ඒ්වා දුර දිග නොයවා සමගියෙන් විසීමට පවතින ග්‍රහචාරයේ අනුබලය ලැබේ. ගේ දොර නවීකරනයට, හා වතු පිටි අලංකරණයට වැඩි කාලයක් ගත කරමින් සතුටු වීමටද හැකියාව ඇත.


සෞඛ්‍යය

ඇස් ආබාධ, ස්නායු ආබාධ ඇති විය හැකිය. එම ආබාධ හා නිධන්ගත රෝග දැනටමත් තිබෙන අයට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් ඒ්වා උත්සන්න නොවේ.