.

Thursday, July 1, 2021

මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මේෂ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති කුජ සිකුරු 4 වැන්නේ කේන්ද්‍රගතයි. කුජ නීචයි, සිකුරු සතුරුයි / දික්බලයි. සුභයි. ශනි 10 කේන්ද්‍රගතයි ස්වක්ෂේත්‍රයි. රැකියාව සුභයි. චර රාශි 11 බාධකයි, බුධ රාහු 2 වැන්නේ - තැන්පත් ධනය වියදම් / නිවාස අලංකරණය / යුග දිවි මත ගැටුම් සමථය. ගුරු 11 බාධා මධ්‍යයේ ආර්ථික දියුණුව. රවි 3 කැපී පෙනෙයි.)


පොදු

මාසය ආරම්භයේ සිටම සිතට කළබල ගතියක් දැනේවි. වැඩ රාජකාරි බහුල වීම නිසා ගතට අමතර විඩාවක් දැනේවි. මන්දෝත්සාහී වීම නිසා කලට වේලාවට වැඩ නිමා කිරීමේ නොහැකියාවෙන් සිතට අසහනයක් ගෙන දේවි. ඒම තත්වය පළමු සති දෙකෙන් පසුව යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වී ඇසුරු කරන්නන් අතරත් කැපී පෙනෙයි. මේ තත්වය තේරුම් ගෙන මාසයේ මුල සිටම ආයාසයෙන් කටයුතුවල නිරත වූවොත් ඔබට මුලු මාසය පුරාවටම ප්‍රයෝජනවත් ලෙස හා සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ.


ධනය

අදායම් තත්වය හොඳයි. තැන්පත් ධනය වියදම් වුවත් නාස්ති නොවේ. අවශ්‍ය දේවල් සඳහා වියදම් කරයි. දුර බැහැර ගමන්වලින් ලාභ ප්‍රයෝජන ලැබේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත. කතාවෙහි දක්ෂ ගුරුවරුන්ට, නීතිඥයට, බෝකර්වරුවරුන්ට සහ ව්‍යාපාරිකයන්ටත් මෙය ආදායම් ගලා එන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ ලැබේ. 


රැකියාව

රැකියාවල නියුතු අයට මහන්සිය නිසා කරදර ගැටලු ඇතිවේ. අමතර වැඩ හා නිදි මැරීම ආදිය නිසා වෙහෙස දැනේ. ඒහෙත් ඒ්වායින් ප්‍රථිපල තිබේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවන්හි නියුතු අයටද තම මහන්සියේ තරමට ප්‍රථිපල සහ ආදායම් ලැබේ. උනන්දුවෙන් කරන වගා කටයුතු, ගොඩනැගිලි දුව්‍ය හෝ භූමිය ආශ්‍රිත කරන කටයුතු සහ ව්‍යාපාරවලට මෙය ලාභ ප්‍රයෝජන ලැබිය හැකි හොඳ ග්‍රහචාරයකි. හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ලෙන යා හැකිය.


අධ්‍යාපනය

අධ්‍යපනය කටයුතුවලට ගැටලු බාධා ඇති නොවේ. වෙනත් බාහිර දේවලිිින් මිදී ඉගෙනුම ලබන අයට මෙය හොඳ කාලයකි. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන්ගේගේද අරමුණු ඉටුවේ. දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලද නිරත වේ. 


ගෘහ ජීවිතය

තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන, ප්‍රේම සම්බන්ධතා සහ විවාහ අපේක්ෂකයන්ට ඒ්වා ස්ථිර වීමට සුභ කාලයකි. විවාහක අයගේ අතර ආදරය සමගිය වර්ධනය වෙන හා ගෘහ ජීවිතය යහපත් වන පිංවත් දරුවන් ලබන ඉතා හොඳ කාලයකි. මොවුනොවුන් අතර කිසියම් මතභේද ඇති වුවත් ඒ්වා දුර දිග නොයවා සමගියෙන් විසීමට පවතින ග්‍රහචාරයේ අනුබලය ලැබේ. ගේ දොර නවීකරනයට, හා වතු පිටි අලංකරණයට වැඩි කාලයක් ගත කරමින් සතුටු වීමටද හැකියාව ඇත.


සෞඛ්‍යය

ඇස් ආබාධ, ස්නායු ආබාධ ඇති විය හැකිය. එම ආබාධ හා නිධන්ගත රෝග දැනටමත් තිබෙන අයට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් ඒ්වා උත්සන්න නොවේ.



0 comments :

Post a Comment