.

Thursday, July 1, 2021

කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කන්‍යා ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති බුධ රාහු සමග 9 - බාධා. සිකුරු සමග කුජ 11 වැන්නේ. කුජ නීචයි, සිකුරු සතුරුයි. සුභයි. ගුරු 6 අසුභයි ආදායම් දියුණුව. රවි 10 සුභයි. ශනි 5 ස්වක්ෂේත්‍රයි. කන්‍යා උභය රාශියක් 7 බාධකයි.)

පොදු

මාසය පුරාම සතියෙන් සතිය මානසික තත්වය වෙනස් වීම්වලට භාජනය වෙන නමුදු සියලු තත්වයන් හමුවේ නොසැලී බුද්ධිය මෙහෙයවා වැඩ රාජකාරිවල නිරත වෙන අයට සිතට යම් සහනයක් දැනේවි. වැඩ රාජකාරි බහුල වුවත් විඩාවක් නොමැතිව ඒ්වායෙහි නිරත වීමට හැකියාව ඇති වේ.  පළමු සති දෙකෙන් පසුව තත්වය තව තවත් යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වේදේශපාලන සහ සමාජ කටයුතුවල නිරත අයට සහ රජයේ උසස් තනතුරු හොබවන අයට වගකීම් දැරීමට සිදු වේ. අවසාන සතියේදී නම් දරුණු වචන හැසිරීම් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්.


ධනය

පළමු සති දෙකේ ආදායම් බාධා වුවත් පසු සති දෙකේ ආදායම් වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. රජයට සම්බන්ධ ව්‍යාපාරවලින් හොඳ ආදායම් සහ තැන්පත් ධනයක් ඇති කර ගැනීමටත් පුලුවන් කාලයකි.  හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ අවම හෝ පාඩු සිදු වේ. 


රැකියාව

පළමු සති දෙකේ පසු රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට උසස් වීම් හා වගකීම් පැවරෙයි. නව රජයේ රැකියා බලාපොරොත්තු වන අයට ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට හොඳ කාලයකි. විදේශ ගත වීම් සාර්ථකයි. විදේශ රැකියාවල නියුතු අයට හොඳයි. මුල් සති දෙක බාධා ගෙන දෙන මුත් රජයට සේවා සපයන ව්‍යාපාරවල යෙදී සිටින සහ රජයේ කොන්ත්‍රාත් කරන අයගේ කටයුතු සාර්ථකව දියුණුව සහ අදායම් තත්වය හොඳයි. එහෙත් ස්වයං රැකියාවන්හි නියුතු අයට සහ හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ගෙන යාමට මහත් ප්‍රයත්නයක් දැරිය යුතුය. පළමු සති දෙකේ පසු බුද්ධිය මෙයෙවා කරන ව්‍යාපාර කරන අය ජනප්‍රිය වීමට සහ දියුණුවට පත් වෙන සුභ ග්‍රහචාරයකි. වගා කටයුතුවලට අලාභ හා පාඩු වීමට ඉඩ තිබෙන නිසා ඒ්වා පිළිබඳව වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ගුරු කේතු මහ දසා අතුරු දසා ගත කරන අයට රැකියාවේ අපහසුතා අස්ථාන ‌චෝදනා රැකියා වෙනස් වීම් ආදී ගැටලු ඇති වීමට පුලුවන් නිසා ඒ්වාට හේතු වන දේවලින් වැළකීම යහපත්.  


අධ්‍යාපනය

අනවශ්‍ය දේවල නිරත නොවී අධ්‍යාපනය ලබන අය මහන්සියෙන් කැප වීමෙන් ඉගෙන ගත යුතුය. පරිගණක අන්තර්ජාල සහ තාක්ෂණික මෙවලම් ඇසුරෙන් ඉගෙන ගන්නා අයට මෙන්ම ඒවැනි විෂයන් හදාරණ අයට හොඳයි. දරුවන් නොමගට යෑමට ඉඩ ඇති නිසා දෙමාපියන් ඔවුන් ගැන අනිවාර්යෙන්ම වැඩි අවධානයක් දැරිය යුතුයි. විශේෂයෙන්ම ජංගම දුරකථන හා අන්තර්ජාල ඇසුරු කරන දරුවන් කරන දේවල් පිළිබඳව විමසිලිමත් විය යුතුය.  


ගෘහ ජීවිතය

මාසයේ මුල් සති දෙක පෙම්වතුන්ට සතුට ගෙන දෙන අතර අවසන් සති දෙක දුක් කරදර ගෙන දීමට ඇති හැකියාව ඇති බව කල්පපනාවට ගන්න. විවාහ ස්ථිර කර ගැනීම්ද ඒසේමය.  අවසන් සති දෙක අසුභ බැවින්  විවාහයට වැඩිහිටියන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලබන සහ බාධා ඇති වේ. විශේෂයෙන්ම නොගැලපෙන සම්බන්ධ ඇති විය හැකි අතර වැඩිහිටියන්ට ඒවා පිළිබඳව අව‌භෝධ වීම මීට හේතුවයි. මුල් සති දෙක තුල වංචනිකයන්ටද හසුවිය හැකි නිසා කල්පනාකාරී වන්න.  සහෝදරයන්ට අපල සහෝදරයන්ගෙනුත් අපල කරදර සිදුවිය හැකිය. ගෙදර වාසය එපා වීමට තරම් කරුණු යෙදිය හැකි නිසා ප්‍රශ්න හමුවේ ඉක්මන් තීරණ නොගෙන ඉවසීම සුදුසු වේ. ස්ථිර හා චංචල දේපල ගැටලු ඇති විය හැකි අතර ණය හෝ ලීසිං වාරික හිර වේ. මෙම මාසයේ ණය නොවන්න. දේපල සම්බන්ධ ගැටලු ඇති විය හැකි අතර මෙම ග්‍රහචාරය මවට සහ මාමාවරුන්ට අපල ගෙන දෙන්නකි.


සෞඛ්‍යය

ආතරයිටීස් සහ කොලෙස්ටිරෝල් තත්වයන් ඇති අය සහ තරබාරුව අය ප්‍රවේශම් විය යුතුය. තෙල් බැදුම් අගුණයි පපුවේ අමාරු ඇති වීමට ඉඩ ඇති අතර දැනටමත් තිබෙන අයට ඒවා උත්සන්න වීමටත් පුලුවනි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. කේතු මහ දසා අතුරු දසා විදසා ගත කරන අය පරිස්සම් විය යුතුය. උපතේදී ගුරු පාප කර්තරී වී සිටීමද මෙවන් අසනීප උත්සන්න වීමට හේතු වේ.


1 comments :

betway betway 11bet 11bet william hill william hill 메리트카지노 메리트카지노 william hill william hill クイーンカジノ クイーンカジノ カジノ シークレット カジノ シークレット 카지노 가입 쿠폰 카지노 가입 쿠폰 10cric login 10cric login 35

Post a Comment