.

Thursday, July 1, 2021

ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

ධනු ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති ගුරු 3 වැන්නේ - පියාට අපලයි. කුජ සිකුරු සංයෝගය 8 වැන්නේ කුජ නීචයි -, සිකුරු සතුරුයි - හදිසි අනතුරු කරදර බාධක.  ධනු උභය රාශියක් නිසා 7 බාධකයි. රවිට 7 බාධකයි - චිත්ත ශක්තිය පිරිහේ. බුධ රාහු - සතුරු ස්ථානය වූ 6 වැන්නේ සංයෝගය - අසනීප නොපෙනෙන සතුරු බලවේග. ශනි 2 ලග්න ඒරාෂ්ඨක - විවිධ කරදර)

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි සහ ක්ෂණික කෝපය මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට තරයේ සිතට ගතයුතු කාලයක්. ඒ වගේම මානසික හා සෞඛ්‍ය තත්වය පිරිහීමටත් පුලුවන්. චරිතයට හානි හා නීතිමය ගැටලු පැන නැගීමට ඉඩ තිබෙන බැවින් ඒ ගැන කල්පනාකාරීව එවැනි තත්වයන්ගෙන් මග හැරීම නුවණය හුරුයි. පියාට අපලයි. පියාගේ කරදර සහ අසනීප තත්වයන් උත්සන්න වන කාලයක්. මාසයේ අවසානය වන විට පහත කිිියන අශුභකාරී තත්වයන් බොහෝ දුරට සමනය වෙනු ඇත. 


ධනය

තැන්පත් ධනයට හානි වන අනවශ්‍ය වියදම් යෙදිය හැකි නිසා අරපරිස්සමෙන් අවශ්‍ය දේට පමණක් මුුුුුදල් වියදම් කරන්න. මාසයේ ලැබෙන ආදායම සකසුරුවම් කර ගැනීමට උනන්දු වෙන්න. මාසයේ අවසාන සතියෙන් පසුව ධනය ලැබීම් පිළිබඳව තරමක් බලාපොරොත්තු තැබීමට හැකි වේවි.


රැකියාව

රැකියාවන්හි නියුතු අයට විවිධ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වේ. තිබෙන රැකියාව ආරක්ෂා කර ගැනීමට ඉහළ නිළධාරීන්ගේ සහ ස්වාමියන්ගේ අවධානයට ලක් වෙන පරිදි උනන්දුවෙන් උත්සාහයෙන් කල්පනාවෙන් වැඩ කරන්න. නොපෙනෙන සතුරු කරදරවලින් ආරක්ෂා වීමට ඉහළ අයගේ අවධානය දිනා ගන්න. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයටද ඉහත සඳහන් තත්වයන් සමාන වන අතර ගැටලු සහ පිළියම්ද සමානය. වගා කටයුතුවල නිරත අය‌ට යහපත්ය. විදේශ රැකියාවල නියුතු අයටද තම රැකියාවේ තත්වය රැක ගැනීමටත් ආදායම් වර්ධනය කර ගැනීමටත් හැකියාවක් පවතී.  


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට තරමක් විශේෂ වෙනසක් නොමැතිව කර ගෙන යෑමට පුලුවන්. පොදුවේ ඇති වන මානසික තත්වය අවභෝධ කර කරමින් සහ උනන්දුවෙන් කල යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන් තමන්ගේ මානසික ස්වභාවයන් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බලපෑමක් නොවන ලෙස දරා ගත යුතුය.


ගෘහ ජීවිතය

ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න වැඩි ඉඩ කඩක් තිබෙන මාසයක්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඒද කටයුතුවලට බාධාවන් ඇති වීමටත් විවාහ කටයුතු ප්‍රමාද වීමටත් පුලුවන්. සහකරුවන් හා සහකාරියන් අතර අනවශ්‍ය ගැටලු  ඇති වීමටත් ඉඩ ඇති නිසා යුග දිවි ගත කරන අය දුර දිග බලා කටයුතු කිරීමට තරයේ සිතට ගන්න. එසේම ඇසුරු කරන්නන් අතර හා ව්‍යාපාර සහකරුවන් සමග මතභේද ඇති වීමටත් ඉඩ ඇති කාලයක් නිසා ඒ් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න.    

විදෙස් ගමන් සහ දුර බැහැර ගමන්වලදී හදිසි අනතුරුවලට මුහුණ පෑමට වැඩි ඉඩක් තිබෙන නිසා මේ කාලයේ එවන් කිසිදු ගමනක් යොදා ගැනීමෙන් වළකින්න. අත්‍යාවශ්‍ය ගමන් බිමන් වුවත් යන විට ඉතා කල්පනාකාරී විමට වග බලා ගන්න.   



සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට තරමක අයහපත් කාලයක්.  ලේ කෝප වීම්, උදරාබාධ සහ කොන්දේ අමාරු ඇති විය හැකි නිසා ඒ ගැන ගල්පනාකාරී වෙන්න. යම් අසනීපයක් ඇති වූ වහාම ගොඩ වෙදකම් නොකර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගන්න. වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන් නියමාකාරයෙන් ශරීර සෞඛ්‍යය රැක ගත හැකිය.






0 comments :

Post a Comment