.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Sunday, June 28, 2015

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය


මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. නමුත් ඔබ බොහෝ දෙනාහට ජන්ම පත්‍රයක් නිවසේ වැදගත් ලිපිගොනු අතර ඇතුවාට සැක නැත. මොනවා නැතැත් ලග්නය හෝ මතක ඇතැයි සිතමි.  

එම නිසා  බොහෝ දෙනා සති‍ පතා පුවත් පත්වල පලවන ලග්න පලාපල පිටුවේ තමන්ගේ ලග්නයට කි‍යා ඇත්තේ මොනවාද කියා යන්තමින් හෝ කියවා බැලීමට අමතක ‍නොකරයි. නමුත් කනගාටුදායක කරුණ නම් ඒවායේ පලකර තිබෙන්නේ පොදු ලග්න පලාපලයැයි නොසිතන එකය. ඒවා තමන්ගේ උප්පත්ති ග්‍රහ පිහිටීම්වලට අනුව කොතෙක් දුරට ගැලපේද නැද්ද නොසිතන එකය. ඉන් පසුව මේවා ඔක්කොම බොරුය යන්න කියන එකය. එය සත්‍යයකි. තම උපන් කේන්ද්‍රයට නොගළපන ඒ සියල්ල බොරු විය හැකි බව අපිත් කියන්නෙමු.

මෙම හිදැස පිරවීමට දිනපතා, සතිපතා පුවත්පතකට හෝ මාසික සඟරාවකට නොහැකිය. ඒ එම මාධ්‍යයන්හි පවතින සීමාවන් හේතුවෙනි. අන්තර්ජාල මාධ්‍යයන් තුලද එවන් සීමාවන් තිබෙනමුත් එම සීමාවන් අතික්‍රමණය කරමින් වැඩි ප්‍රතිශතයකින් යුතුව නිවැරදි පලාපල විස්තරයක් ගෙන ඒමට පලාපල.lk සමත්ය. ඒ පරිගණක වැඩ සටහනක් සාදා ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාව නිසාය. එමගින් යමෙකුගේ ජන්ම තොරතුරු නිවැරදිව සැකසීමට හැකිය. එවිට ඊට අනුකූළව පොදු ලග්න පලාපල වෙනුවට තමන්ටම අනන්‍ය වූ පලාපල ඉදිරිපත් කල හැකිය.

පලාපල.lk විසින් ඔබගේ ජන්ම තොරතුරු අනුව ලග්නය, එහි ග්‍රහයන් තැන්පත්ව ඇති අයුරු, නිවැරදි ග්‍රහස්ථුඨ, ශුභ අසුභ ග්‍රහයන්, යෝගකාරක, 22 වෙනි දෙර්කාණාධිපති, 64 වෙනි නවාංශකාධිපති, ආත්මකාරක ග්‍රහයා, උපතෙහි ඇති සමහර යෝග, නවාංශකය, වර්ග කේන්දර, ජන්ම නැකත, දශා ශේෂයන්, දැනට ගත කරන මහා දසාව සහ අතුරු දශාව ආදී නිවැරදි පලාපල කථනයකට අවශ්‍ය සියලු තොරතුරු ඔබට විවිධ පැකේජ මගින් ඉදිරිපත් කරනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම පරිගණක වැඩ සටහන නිර්මාණයට වසර දෙකකට ආසන්න කාලයක් ගත විය. මෙය තව දුරටත් සංවර්ධනය කරමින් පවතී. එය ඔබට නිවැරදි පලාපල විස්තරයක් ගෙන ඒම සඳහාය. ස්වයංක්‍රීය දත්ත සැකසීමට වේගවත් සර්වර්වල ක්‍රියාත්මක කර ඇත. විශේෂ සේවා සඳහාඉතාම සාධාරණ දායක ගාස්තුවක් අය කරනුයේ මෙය පවත්වාගෙන යෑමටය.

එහෙත් පලාපල.lk මගින් ඔබගේ ජන්ම කේන්ද්‍රයට අනුව සැකසුන නොමිලේ ලබාදෙන සේවාවන්ගෙන්ද ප්‍රයෝජන ගන්නේ පොදු ලග්න පලාපල බලන අයගෙන් සීයයට ඉතාමත් අඩු ප්‍රතිශතයකි.

මෙම කෙටි ලිපිය ගැන, පලාපල.lk සේවාවන් ගැන හෝ ජ්‍යොතිෂය ගැන ඔබේ අදහස් පහත කොමෙන්ට් බොක්ස් එක භාවිතා කර පැවසන්න. එය මෙම සේවාව තවදුරටත් ඔබ වෙනුවෙන් සංවර්ධනය කිරීමට අපට මහත් රුකුළකි.

Friday, June 19, 2015

රවි + කුජ හවුල ඔබේ ලග්නයට කෙසේද?


රවි සහ කුජ මිථුන රාශියේ ගෝචරය ආරම්භ කරයි මිථුන රැස බුධට අයත්ය. රවි ආත්ම කාරක ග්‍රහයායි. එසේම රාජ්‍ය කාරක සහ පිය කාරක ග්‍රහයාද වෙයි. රවි හොදට හිටියොත් රාජ්‍ය අනුග්‍රහය, ගෞරවය රැකියා උසස්වීම් පියාගේ යහපත් බව ආදී ප්‍රථිපල ලබයි. අශුභව හෝ පාප පීඩිතිව සිටියහොත් මීට පටහැනි ප්‍රතිපල ලබයි. කුජ සටන්කාමී ග්‍රහයායි. කුජ නීර්භීත, ආත්ම ධෛර්ය ඇති, පරාජයේදීත් පසු නොබසින ග්‍රහයායි. එසේම ආයුධ පරිහරණය, වේගවත් ක්‍රීඩා, ගණිතය, නව තාක්ෂණය යනාදියට හිමිකම කුජ සතුය. මෙම ග්‍රහයන් දෙදෙනාම උෂ්ණ ග්‍රහයින් වීම නිසාත් හැමවිටම ක්‍රියාශීලීය. කටක රැසේ සිටින ගුරුට සහ සිකුරුටත්, වෘෂභයේ සිටින බුධටත් මෙම ග්‍රහයන් දෙදෙනා මිථුනයේ මැදි වී සිටී. මොවුන් ශුභ භාවයක සිටීමෙන් ජන්මියාට චිත්ත ධෛර්ය වැඩි කරන අතර ඥාණාන්විත මෙහෙවරකට ද පසුබට නොවේ. අශුභ භාවයක නම් අනර්ථ කාරිත්වය වැඩි වේ.

මෙම මූලික කාරණාවන්ද සැළකිල්ලට ගනිමින් ඔබේ ලග්නයට ඇතිවන ශුභ අශුභ තත්ත්වයන් මෙසේය.

මේෂ - රවි + කුජ දෙදෙනා ඔබේ ලග්නයෙන් තුන්වැන්නේ ගමන් කරයි. එය ශුභයි. විශේෂයෙන්ම කුජට භාවය වශයෙන් හොඳම ස්ථානයව තුන්වැන්නයි. මෙනිසා මෙතෙක් පැවති කරදර බොහොමයක් තුනී වේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආත්ම ගෞරවය හා කීර්තිය වෙනුවෙන් කටයුතු කරයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයටත්, යන්ත්‍ර සූත්‍ර ඇසුරෙන් කාර්මික කටයුතුවල නියෑලී සිටින අයට යහපත්ය. අනතුරුවලට මුහුණ පෑමට සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය.

වෘෂභ - කථාවට සහ විවාදයට දක්‌ෂයි. නමුත් අන් අයගේ නොසතුටට හේතුවන ලෙස කතා කිරීම ඔබට අවාසි වේ. ඈතක සිට ඔබ හමුවීමට හෝ දුරකථන සංවාද පවත්වන නෑදෑයන් සමග හෝ සහකාර පාර්ශවයේ අය සමග විවාදයෙන් වැළකීම සුදුසුය. ව්‍යාපාර හවුල්කරුවන් සමගද මතභේද ඇතිවිය හැකිය. අන් අය මායිම් නොකර තමන්ගේ වාසිය ගැන සිතයි. ගේදොර ඉඩකඩම් සඳහා මුදල් ආයෝජනය කරයි. අවිවාහක අයට විවාහ මංගල යෝජනා එන කාලයකි. වියදම් ගැන සැලකිලිමත් නොවේ. ඇස්‌වල දුර්වලතා ඇති කරයි. දත් වැටීම්, දිරා යැම් ඇතිකරයි.

මිථුන - රවි + කුජ දෙදෙනාම ලග්නගතව සිටී. උසස් අයගේ ආධාර උපකාර හිමිය. සහෝදරාදීන්ගෙන් උදව් ලැබේ. දරුවන්ගේ දියුණුවට කටයුතු කිරීමට මෙය හොද කාලයකි. ඔබත් දරුවනුත් ශාස්‌ත්‍රීය කටයුතු ප්‍රිය කරයි. අධ්‍යාපන කටයුතුවලින් උසස්‌ තැනක්‌ හිමිකර ගනී. සමාජ ඇසුර හිතකර නොවේ. අන් අය නොතැකීමටත් කිසිවෙකුගේ අදහස් පිළිනොගැනීමත් සටන්කාමී බවත් මීට හේතු වේ. අන් අය සමග ගැටලු දුරදිග ගියහොත් හිසේ තුවාලයක්‌ ඇතිවන සිද්ධියකට භාජනය විය හැකිය. නැතහොත් සුළු අසනීප හැර සෞඛ්‍යය තත්වය යහපත්ය.

කටක - ඔබගේ වැයස්ථානය වු දොළොස්වැන්නේ රවි + කුජ ගමන් කිරීම යහපත් නොවේ. මුදල් අවහිරතා උද්ගත වේ. මුදල් සම්බන්ධ ගනුදෙනු පාඩුවලින් කෙළවර වීමට ඉඩ ඇත. නව ව්‍යාපාරාදිය ආරම්භයට මෙය සුදුසු කාලයක් නොවේ. රැකියාවෙන් පහත වැටීම් හෝ වෙනසකට භාජනය විය හැකියි. ළඟදීම මෙම තත්වය පහව ගොස් ශුභ කාලයක් අත ළගම එන බැවින් ඉඩසීමෙන් සිටිම ශුභ වේ. යන්ත්‍ර සූත්‍ර කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. තමාගේ වැඩ අතපසු කර අන් අයට උදව් කරයි. කලාත්මක දේවල් ප්‍රිය කරයි. ඉගෙනීම් කටයුතුවලට බාධක යෙදේ. පිත් කෝප, ලේ විෂ වීම්, හදිසි අනතුරුවලට ඉඩ ඇති බැවින් ඒ ගැන නිතර කල්පනාවෙන් සිටීම වැදගත්ය.

සිංහ - ලග්නාධිපති රවි සමග කුජ ඔබේ අයස්ථානයේ ‍ගෝචරය ඉතා ශුභයි. සමාජයට හිතවත් සහ උසස්‌ අය ආශ්‍රයට ලැබේ. නව මිතුරු සබඳතා ගොඩනැගේ. ඔවුන්ගෙන් සහ පවුලේ අයගෙන් උදව් උපකාර ලැබේ. මව්පස නෑයන්ගෙන් උදව් ලැබේ. යාන්ත්‍රික හා කාර්මික කටයුතුවල නියැලෙන්නන්ට, නීති අංශයේ අයට ද ඉතා ශුභයි. ව්‍යාපාර කරන සහ නව ව්‍යාපාර ගිවිසුම් මගින් උසස්‌ ආදායම් මාර්ග ඇතිකර ගනී. ශුභ වේලාවක් සහ ශුභ මහා දශා අතුරු දශා ගතකරන අයට ලොතැරයි ජයග්‍රහණ ඇතුළු හදිසි ධන ලාභ හිමිය. එහෙත් නඩු හබවලින් පාඩු සිදු වේ. වෙනදාට වඩා වෙහෙස වීමට සිදුවන මුත් ඉන් තෘප්තියට පත්වේ.

කන්‍යා - ඔබේ දහවැන්නේ මෙම යෝගය යෙදේ. ශුභ අශුභ මිශ්‍රව ලැබෙන කාලයක් නිසා මහත් කැපවීමෙන් සහ උත්සාහයෙන් මෙම කාලය වාසනාවන්ත එකක් කර ගැනීමට දිරි දෙන ග්‍රහ බලයක් ලෙස මෙය හැදින්වීම වඩාත් උචිතය. එනම් දුවන තරමටයි හති යන න්‍යාය මෙහිදී වලංගුය. පියාගේ රැකියාවක හෝ ව්‍යාපාරයක නියුතු අයට විශේෂ ආර්ථික වාසි හිමිය. ව්‍යාපාර හවුල් කරුවන් සමග සහ දුරබැහැර අය සමග සම්බන්ධකම් ඇතිකර ගනී. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් මුදුන්පත් වේ. ශාස්‌ත්‍රීය අංශයෙන් මෙන්ම උත්සාහයෙන් දියුණුකර ගත් ව්‍යාපාරවලට උසස්‌ තැනක්‌ හිමි වේ. පරිගණක සහ අන්තර්ජාල , කාර්මික සහ යාන්ත්‍රික කටයුතුවලින් ප්‍රතිඵල ලබයි. අශුභ මහා දශා අන්තර් දශා ගත කරන්නේනම් වැඩකටයුතු අවුල් තත්ත්වයකට පත්කර ගනී.

තුලා - ඔබගේ  නවවැන්නේ රවි + කුජ ගමන් කිරීමත් බුධ අටවැන්නේ සිටීමත්, ලග්නාධිපති සිකුරු ගුරු සමග දසවැන්නේ ගෝචරයත් යන සියළු කරුණු අනුව ඔබට ශුභ අශුභ මිශ්‍ර කාලයකි. එහෙත් බුද්ධිමත්ව උත්සාහයෙන් සහ මනා කැපකිරීම් මැද කරන සියලු ක්‍රියාවන් සාර්ථක කර ගත හැකිය. මෙය තව ටිකක් ජ්‍යොතිෂයට අනුව පැහැදිලි කරහොත් රවි, කුජ සහ ගුරු තුලා ලග්න හිමියන්ට අශුභ ග්‍රහයන්ය. බුධ ශුභ ග්‍රහයා වන නමුත් ගෝචරය අටවැන්නේය. එහෙත් ලග්නාධිපති සිකුරු රැකියාස්ථානය හෙවත් දසවැන්න උච්ච ධනකාරක සමගත්, ධනස්ථානාධිපති සහ කලත්‍රස්ථානාධිපති කුජ පෙර පින් පෙන්වන ස්ථානයේ උභයචාරී යෝගයෙන් සශ්‍රීක රවි සමග ගෝචරය ධෛර්යයමත් අයට සුදුසු ග්‍රහ තත්වයකි. එමගින් තාර්කික කටයුතුවල නියැළෙන එනම් නව නිර්මාණකරුවන්ට, පරිගණක ප්‍රෝග්‍රෑම් කරන අයට, නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට,  යම් විෂයයක් තර්කාණුකූළව ඉදිරිපත් කරන, සමාජ අසාධාරණකම් නිර්භයව විවේචනය කරන පොත්,  පුවත්පත් කතෘවරුන්ට, විකල්ප මාධ්‍ය සහ සාහිත්‍ය කරුවන්ට ජය උරුමය. පරාර්ථයෙන් කටයුතු කිරීමට පෙළඹෙන නිසා සමාජයේ ප්‍රසිද්ධියට පත් වේ.

වෘශ්චික - රවි + කුජ අටවැන්නේ ගමන් ගැනීම එතරම් යහපත් නැත. සත්‍යය සඳහන් කළහොක් මාරකයි. විශේෂයෙන්ම ශනි ලග්නයේ බැවින් ඒරාෂ්ඨක අපලද යෙදේ. හෘද රෝග, හදිසි අනතුරුවලට ඉඩ ඇත. ශරීර ශක්‌තිය දුර්වල වේ. පියාට අගුණයි. වගකීමෙන් තොර කටයුතුවල යෙදෙයි. ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වී හෘද රෝග වැළඳේ. යුග දිවිය අවුල් සහගත තත්ත්වයකට පත් වේ. දරු උපත් අපේක්‌ෂා කරන අයට අපලයි. එහෙත් වෘශ්චික ලග්න හිමියනි බිය නොවන්න. මෙම ග්‍රහ තත්වයන් මගින් පෙන්නුම් කරන්නේ ඒකාන්තයෙන්ම සිදුවෙනවාය යන්න නොවේ. ඊට අනුකූළ පාරිසරික සහ වෙනත් තත්වයන් තුලදී එසේ වීමට ඉඩ ඇති බවයි. නැතහොත් යෝජනායි. කිසියම් යෝජනාවකට එරෙහිව වෙනත් යෝජනා ඉදිරිපත් කල හැකිය. නැතහොත් ඒවා ස්ථිර නොකර සිටිය හැකිය. එවිට යෝජනා ක්‍රියාත්මක නොවේ. ජ්‍යොතිශය යනු අනාගතය දැකිය හැකි එකම මිණි පහණයි. මේ තත්වයන් සිදුවිය හැකි බව දැනගත්තේ එහෙයිනි. මින් ප්‍රවේශම්වීම සහ මෙම කාලය ගෙවී යනතරු සිහිනුවණින් යුතුව ඉවසීම හෝ මීට යම් පිළියම් යෙදීම කලහැකිය. මෙම අශුහ තත්වය ඉතාම කෙටිකාලයක් බැවින් පළමු ක්‍රම දෙක සුදුසුය. නැතහොත් උපතින්ම ඒරාෂ්ඨකයක් තිබුණේනම් මෙම තත්වය සමනය වේ. එසේම ශුභ මහා දශා අතුරු දශා ගතකරන අයට සහ ජන්ම කේන්ද්‍රය ශක්තිමත් අයට මෙම අශුභ පල නිශ්ක්‍රීය වේ හෝ අඩුවේ. තම කේන්ද්‍රය බලා ගැනීම කොයිකටත් හොඳය.

ධනු - ඔබේ හත්වැන්නේ රවි+කුජ ගෝචරය සිදු වේ. බැලූ බැල්මට මෙය ඔබට ශුභපලවලට වඩා අසුභ ඵල ලබා දීමට සමත් වේ. ලග්න පලාපල දැක්වෙන මාධ්‍යයක කිසියම් ජ්‍යොතිෂවේදියෙකු එය එසේ පැවසුවේනම් අසත්‍යයක් නොවේ. රවි+කුජ හත්වැන්නේය. කුජ සත්කලත්‍ර යෝගයෙනි. එහෙයින් විවාහ කටයුතුවලට එය එතරම් ශුභ නොවේ. බුධ බාධක ස්ථානයේය. යහපත් තීරණවලට එලැඹීමට අපොහොසත් වේ. ලග්නාධිපති සැපයට කාරක සිකුරු සමග අටවැන්නේය. බාධක මැද කටයුතු කලයුතු බව කියැවෙයි. එනමුත් ධනු ලග්න හිමියනි, මාගේ විග්‍රහය ඊට තරමක් වෙනස් වේ. ඉහත කරුණු ජ්‍යොතිෂාණුකූලව මතුපිටින් පමණක් සත්‍යය වේ. එබැවින් ඉහත ප්‍රථිපල උරුම වුවත්, ධනු ලග්න ඔබට විශේෂ ජයග්‍රහණ සහ ශක්තියක් මෙම ග්‍රහ ගමනේම ගැබ්ව ඇත. එනම් ඔබට ලග්නාධියෝගයේ මහානුභාව ශක්තිය උරුමට. පෙර ලිපියකින් එය විස්තර කර ඇත. ඒ අනුව විද්‍යා තාක්‍ෂණ, පරිගණත, කලා, සාහිත්‍ය ආදී ශිල්ප ශාස්‌ත්‍ර හදාරන අයට ශුභයි. තරඟ විභාගවලින් ජය ගනී. රැකියා නැති අයට රැකියා අවස්‌ථා උදාවේ. පවුල් ජීවිතයේ ගැටලු ඇති කරතත් එය සමනය කර ගැනීමේ තත්වයක් ඇත. උපායශීලීව කටයුතු කරයි. හවුල් ව්‍යාපාර කටයුතුවල නියෑලී සිටින අයට වාසි අත් වේ. අවිවේකී තත්වයක් ඇත. අර්ශස්‌ රෝග, ඌෂ්නාධික රෝග ඇති කරයි. හදිසි අනතුරුවලට ඉඩ ඇති නිසා ඉන් ප්‍රවේශම් වීම මැනවි.

මකර - හයවැන්නේ වූ රෝගස්ථානයේ රවි + කුජ ගමන් ගැනීම නිසා ශරීරය දුර්වල කරයි. සෞඛ්‍යය තත්වය ගැන මේ කෙටි කාලයේදී සැළකිල්ල යොමු කල යුතුය. සතුරු කරදර ඇති විය හැකිය. එහෙත් අන්‍යයන් යටත් කරගෙන සිටීමට හෝ විරුධවාදීන් හා සටන් කිරීමට පෙළඹේ. නමුත් සතුරන් නුවණින් හැසිරවීම වඩාත් පලදායක වේ. ස්වයං රැකියා කරන සහ නීතිය හා කාර්මික කටයුතුවල නියෑලී සිටින අයට ශුභදායකයි. ගෘහ නිර්මාණ කටයුතුවල නිරත අයට සේවක ගැටලු පැන නැගේ. හවුල් ව්‍යාපාරවල නියැලෙන අයෙක් නම් තම මතය ඉදිරිපත් කර අනෙක් අයගේ මතවලට සැළකීමෙන්ද ඔබට මුල්තැන හිමිවේ.  තරුණයන්ට ඉදිරි සහකරු හෝ සහකාරිය හමුවීමට ඉඩ ලැබේ. විවිධ බාධක මධ්‍යයේ වුවද ආදර සම්බන්ධතා වර්ධනය වේ. විවාහ අපේක්ෂකයන්ගේ විවාහය ඉක්‌මන් විය හැකිය.

කුම්භ - කුමන අංශයකින් හෝ දැනුම බුද්ධිය වර්ධනය කර ගනී. ඥාණ ශක්තිය සහ ධාරණ ශක්‌තිය ඉහළ යයි. උගත් උසස්‌ අය ආශ්‍රයට ලැබේ. ගණිත මිනිත, ඉංජිනේරු කාර්මික කටයුතුවල යෙදී සිටින අයට සහ පරිගණක රැකියාවල නියුතු අයට තම දක්ෂතා පෙන්විය හැකි කාලයකි. රැකියාවේ උසස් වීම් සහ ව්‍යාපාර දියුණුව දැකිය හැකිය. කරදර බාධක අභියෝග ජය ගනී. මේ සියල්ලටම ඔබට හිටිගමන් මතුව එන ඉක්මන් කේන්තිය සහ ඉක්මන් තීරණවලින් වැළකීම අනිවාර්යය වේ. ආලය පිළිබඳ කටයුතු වලදී කරදර මෙන්ම දෝෂාරෝපන ඇති විය හැකිය. උනන්දුව උත්සාහය තිබේ. ශුභාශුභ මිශ්‍ර මෙම ග්‍රහ තත්වය උනන්දුවෙන් උත්සාහයෙන් බුද්ධියෙන් ඔබගේ ශුභ අතට වර්ධනය කර ගැනීමට උත්සාහ ගතහොත් කුම්භ ලග්න හිමියන්ය ජය නියතයි.

මීන - ඔබගේ හතරවැන්නේ රවි + කුජ ගමන් ගැනීම යහපත්ය. ඥානය දියුණුවන කාලයකි. තමාට අවනත වූ පිරිස්‌ බලය ලබයි. අන්‍යයන් අතර කැපී පෙනෙන අතර කීර්තිය ප්‍රශංසාව නොඅඩුව ලබමින් ප්‍රධානත්වය හිමි වේ. නතරව තිබූ නිවාස කටයුතු ඇරඹීමට හොඳ කාලයකි. දේපල ඉඩකඩම් ලැබීමේ භාග්‍ය පවතී. අවශ්‍යනම් නිවසක්‌ ඉදිකර ගැනීමට බැංකු ණයක් ගැනීමටද සුදුසුය. රැකියා සහ ව්‍යාපාර අංශවල දියුණුවක් ගෙන දේ. යාන්ත්‍රික, ගෘහ නිර්මාණ සහ පොළොව සම්බන්ධව කටයුතුවල යෙදී සිටින අයට වාසි අත් වේ. ආදායම් මාර්ග සරු වේ. පවතින රෝගාබාධ සුවවන අතර සෞඛ්‍යය අතින් පීඩාවට පත් නොවේ. එබැවින් කායික සහ මානසික තත්වය යහපත් වේ.

   මේ ගැන ඔබේ අදහස හෝ ඔබට යම් ගැටලුවක් නම් අපිට කියන්න. අමතක නොකර කොමෙන්ට් කර්න්න.   

Thursday, June 18, 2015

ග්‍රහ ලොව නව පෙරැළිය - රවි පසුපසින් කුජත් මිථුනයට

ග්‍රහ ලොවේ රජු වූ රවි ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට මිථුන රාශිගතවිය. ඊට පැය කිහිපයකට පසු එනම් ජුනි 16 වෙනිදා පෙරවරු 1.08 ට ග්‍රහ ලොව මැරවරයා බඳු වූ කුජත් මිථුන රාශියේ රවි සමග සන්ධාන ගතවිය. මේ රවි කුජ හවුල සියලුම කේන්ද්‍ර හිමියන්ට යමක් දැනෙන්නට කරන්න සමත් වේ. එසේම රවි ගොඩ වැදුනු මිථුනය සිය සතුරු රාශියකි. කුජ යනු නිසැක පාපියායි. එහි සංයෝග වූ මේ දෙදෙනාගේ ක්‍රියා කලාපය වැඩි දෙනෙකුගේ සිත් නොගනී. දුරදිග බැලීමකින් තොරව දෙනු ලබන රජුගේ විධානත් අවිචාරවත් සටන්කාමී ක්‍රියාවන්ට පෙළඹෙන සෙන්පතියාත් යන චරිත රවි සහ කුජ මෙහිදී නිරූපණය කරයි.

රවි ග්‍රහයා රශ්මියෙන් වැඩි ග්‍රහයායි. කුජ ග්‍රහයා ලෙයට කාරක ග්‍රහයායි. එසේම හෘදය වස්තුව නියෝජනය කරන ග්‍රහයා ද වේ. එබැවින් රවි කුජ සංයෝගය ශාරීරික සෞඛ්‍යයට නම් හිතකර නැත. කේන්ද්‍ර සටහනේ හතරවැන්නෙන් නියෝජනය වෙන්නේ පපුවයි, හෘදයයි. හයවැන්න රෝගස්ථානය වන අතර අටවැන්න මෘත්‍යය ස්ථානයයි. මේ අනුව රවි කුජ යෝගය කේන්ද්‍රයේ හතර, හය සහ අට යන ස්ථානවල පිහිටීම ජන්මියා හෘද රෝගවලට ගොදුරුවීමේ ඉඩ වැඩි බව දක්වන පෙරනිමිත්තකි. තවෙකකි. රවි පියකාරකයි. එසේ පියා නියෝජනය වන රවි කුජගෙන් පීඩා වීම පියාට ශුභ නොවේ.

මෙය කියවන මීන, මකර සහ වෘශ්චික ලග්න හිමියන් දැන් තිගැස්සෙනු නොඅනුමානයි. එයට හේතුව මීන ලග්න හිමියන්ගේ හතරේත්, මකර ලග්න හිමියන්ගේ හයේත්, වෘශ්චික ලග්න හිමියන්ගේ අටවැන්නේත් මෙම රවි කුජ යෝගය ඇති බැවිනි. නමුත් එසේ බිය නොවන්න. ජ්‍යොතිෂය යනු ග්‍රහයන් දෙදෙනෙකු සංයෝග වූ පමණින් යමක් එසේම සිදුවෙනවාය කියැවෙන පටු ශ්‍රාස්ත්‍රයක් නොවේ. මෙවන් ග්‍රහයන් ගෝචරය වන ස්ථාන වගේම මෙම ග්‍රහයන් විසින් දකින ග්‍රහයන් ද, චිත්තකාරක සඳුගේ ක්‍රියාකාරිත්වය ඇතුලු තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව ඇතිවන ප්‍රථිපල කුමක්දැයි නිශ්චය කරගත යුතු විෂයකි. 

කේන්ද්‍ර යේ සිටින්නේ රවි සහ කුජ පමණක්ම නොවේ. එබැවින් මීට පෙර ලිපියෙන් කියැවුනු වෙශී වොශී උභයචාරී යෝගයද මෙම රවි බුධ සංයෝගයේ ඉහත කී ප්‍රතිපල වෙනස් කිරීමට, උද්දීපනය කිරීමට බෙහෙවින්ම බලපානු ලබයි. මෙහිදී ගුරු, බුධ සහ සිකුරු රවි සඳහා දෙන දායකත්වය කෙටියෙන් දක්වන ලදී. මෙම ග්‍රහයන් සමග කුජ ගණුදෙනු කිරීම තවත් ආකාරයක් ගනී. කුජ නිසැඟ පාපියෙකු වුවත් කුජ විවිධ ලග්න අනුව විවිධ ප්‍රථිපල ප්‍රධානය කරනු ලබයි. කුජ සටන්කාමික්වය මෙන්ම වේගවත් බව සහ ඊට අදාළ දේ විසුරුවන ග්‍රහයායි. ඒ අනුව කුජට ගුරුගේ දෘෂ්ඨිය යහපත් එකකි. දක්ෂ කතිකයන්, නීතිඥයන්, ගණිතඥයන් බිහිවීමට මෙම සංයෝගය බලපායි. කුජ බුධ සමග සංයෝගයෙන් හෝ දෘෂ්ඨියෙන් වේගවත් ඉගෙනීම් සදහා මග පාදයි. පරිගණක, ඉංජනේරු, වෛද්‍ය යන විෂයයන්ට මෙම සංයෝගය දිරි දෙයි. කුජ සිකුරු සමග මිශ්‍රෙයන් සිය සැඩපරුෂ ගතිය තුනී වෙයි. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වර්ධනය කරන මෙම යෝගය හේතුවෙන් ලෞකික දියුණුවට අදාළ ගේදොර, යාන වාහන දියුණුවද ළඟා කරයි.

එසේ නම් රවි කුජ මිථුනයට යෑම විග්‍රහ කිරිමේදී ඉහත කී උභයචාරී යෝගයද සැළකිල්ලට ගත යුතුමය. ඒ සියලු ග්‍රහ සංයෝග ගැන ද අවධානය යොමු කරමින් මෙම රවි කුජ මිථුනයට සංක්‍රමණය විම ඔබේ ලග්නයට කෙසේදැයි ඉන්පසු විමසා බලමු.

කියවන්න - රවි + කුජ හවුල ඔබේ ලග්නයට කෙසේද?

   මේ ගැන ඔබේ අදහස හෝ ඔබට යම් ගැටලුවක් නම් අපිට කියන්න. අමතක නොකර කොමෙන්ට් කරන්න.   

Tuesday, June 16, 2015

ජූනි 15 සිට ජූලි 5 දින දක්වා බලවත් ග්‍රහ යෝගයක් ක්‍රියාත්මකයි...

රවි මිථුනයට....    බලවත් උභයචාරී යෝගයක්!    ලග්න හතරකට විශේෂ ශුභඵල...

ග්‍රහ ලොවේ රජු හෙවත් බලවතා ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සැපත් විය. එබැවින් බලවත් ග්‍රහ යෝගයක් වූ උභයචාරී යෝගය උදා විය. දෙපසින් සැරිසරන යන අදහස ඇති මෙම යෝගය වෙශී වොශී උභයචාරී යෝගය ලෙසද හඳුන්වයි.

සිකුරු සහ බ්‍රහස්පතී යන ග්‍රහයින් දෙදෙනා කටක රාශියේ සිටියදී, මෙතෙක් වෘෂභ රාශිගත රවි, බුධ, කුජ යන ග්‍රහයින් අතුරින් රවි ග්‍රහයා මිථුන රාශියට විත් බලවත් වූ ග්‍රහයන්ට මැදි වීමෙන් මෙම යෝගය සක්‍රීය විය. මෙම ශුභ කාලය 2015 ජූලි මස 5 වෙනිදා බුධ ග්‍රහයා මිථුන රාශියට සංක්‍රමණය වනතෙක්ම ක්‍රියාත්මකයි.

මේ අනුව මේෂ, මිථුන, සිංහ සහ ධනු ලග්න හිමියන්ට මෙම කාලයේදී විශේෂ ශුභඵල බලාපොරොත්තු විය හැකිය. එසේම මෙම කාලය තුල උපදින දරුවන්ටද උරුම වන මෙම යෝගයේ බල පරාක්‍රමය මගින් ඔවුනගේ අනාගතය දීප්තිමත් වනු ඇත.

මෙම වෙශී වොශී උභයචාරී යෝගය හේතුවෙන් පාන්ඩිත්ත්‍යයට, ධනයට, සෞභාග්‍යට කාරක බ්‍රහස්පතිගේ ගුණයත්, බුද්ධියට, ඥාණයට, අධ්‍යාපනයට කාරක බුධගේ ගුණයත්, ප්‍රීතියට, ආදරයට, සැපතට කාරක සිකුරුගේ ගුණයත් සංයෝග වී රවිගේ ශක්තිය කිහිප ගුණයකින් ඉහළ යනු ඇත.

මේෂ ලග්න හිමියන්ට තම වික්‍රමස්ථානයේදීත්, මිථුන ලග්න හිමියන්ට ලග්නයේදීත්, සිංහ ලග්න හිමියන්ට අයස්ථානයේදීත්, ධනු ලග්න හිමියන්ට කලත්‍රස්ථානය හෙවත් විවාහස්ථානයේදීත් මෙම යෝගය උදාවේ.

මෙමගින් ධනු ලග්න හිමියන්ට තවත් ශුභ යෝගයක් උදා වී ශුභඵල දෙතුන් ගුණයකින් තීර්ව වන ඇත. එසේ වෙන්නේ බුද, ගුරු, සිකුරු යන ශුභ ග්‍රහයන් තිදෙනා කේන්ද්‍රෙය් හය, හත, අට යන භාවයන් එකක, දෙකක, තුනේම කවාරාකාරයකින් හෝ සිටීම මගින් ලග්නාධියෝගය උදාවීමෙනි. මෙම ශුභ යෝගයද ධනු ලග්න හිමියන්ට උභයචාරී යෝගය පවතින තුරුම පවතී.

---------------- 

Sunday, June 7, 2015

ගෝචර පලාපල විස්තරාත්මකව

Detailed Transit Horoscope - ගෝචර පලාපල විස්තරාත්මකව යනු නොනැවතී ගෝචරය වන ග්‍රහයන් විසින් ඔබට ඇති කරන බලපෑම් මොනවාද යන්න පලාපල.lk මගින් ජ්‍යොතිෂ්‍යානුකූව විස්තරාත්මකව විග්‍රහ කරන විශේෂ සේවාවකි.

මෙහිදී ඔබේ උපන් වේලාවේ තිබූ කේන්දරයට සාපේක්ෂව වත්මන් ග්‍රහ ගෝචරය විශ්ලේශනය කරන අතර, මෙම සේවාව ඔබ ලබාගත් දිනයේ සිට පුරා වසරක් තුල සෑම ග්‍රහ ඉගිලුමක් සහ නව තත්වය යටතේ ඔබට කෙසේද යන්න අනාගත ගෝචර සටහන් ද සාදමින් ඒවා වැඩිදුරටත් විග්‍රහ කරමින් ඔබට පැහැදිලි කරනු ඇත. ඒ අනුව එලැඹෙන ශුභ කාලයන්හි ඉන් උපරිම ඵල නෙළා ගැනීමටද, යම් අශුභ තත්වයකදී ඒවා කල් තියා දැනගෙන ඊට පිළියම් යෙදීමද කළ හැකිය. දීර්ඝ අශුභ කාලවලදී වුවද කිසියම් කෙටි ශුභ කාලයක් එළැඹීමෙන් ඉන් හොඳ ප්‍රථිපල භුක්ති විඳිය හැක.

එම වසරට අමතරව ඉදිරි වසරවලදී ශුභ අශුභ කාලයන් ද ජන්ම පත්‍රයේ තිබෙන සියලුම යෝග ද මනාව පරික්ෂා කරනු ලබයි.

උපන් කේන්දරයක කොතරම් යෝග තිබුනත් ඒ සියල්ල යෝජනාවන් මෙනි. යෝජනාවන් යෝජනාවන් වශයෙන්ම තිබෙන තාක් කල් ඉන් ප්‍රතිපලයක් නොමැත. ඒවා ස්ථිර විය යුතුය. ස්ථිර විමට නම් ඊට සුදුසු කාලයක් සහ ග්‍රහ තත්වයක් උදා විය යුතුමය. ඒ අනුව ඔබේ ශුභ යෝග ඵල දෙන්නේ කුමන කාලයේද යන්නත් කිසියම් වැටහීමක් ඔබට ලැබීමට අවශ්‍ය වන මහා දශා සහ ඒවායෙහි අන්තර් දශාදිය දින වශයෙන් ඔබට ඉදිරිපත් කරනු ලැබේ. එබැවින් ගෝචර පලාපල විස්තරාත්මකව යන පලාපල.lk විශේෂ සේවාව ඔබට ප්‍රතිඵලදායක වනු ඇත.


පලාපල.lk සපයන සෙසු සේවා
අනාගත ලග්න පලාපල
Personalized Future Horoscope
ඔබේ පලාපල ඔබම බලාගන්න
Analyze Your Horoscope Yourself

ජන්ම පලාපල විස්තරාත්මකව -
Detailed Birth Horoscope
ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද?
Is your horoscope accurate?

ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද?

Is your horoscope accurate? - ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද? මෙය දැන ගැනීම ඉතාම වැදගත්ය. වසර ගණනාවක අපේ අත්දැකීම් අනුව කිව හැකි දෙයක් නම් ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජන්ම පත්‍ර නිවැරදි නොවන බවයි. විශේෂයෙන්ම අසූවේ දශකයෙන් ඉහත මෙම ප්‍රවනතාවය වැඩි වශයෙන් දක්නට ලැබේ.  මේ අතර ලග්නය නිවැරදි වුවත් නවාංශකය වැරදි ලෙස ඇති ජන්ම පත්‍ර බොහෝය.

ඊට හේතුව ලෙස දැක තිබෙන කරුණු අනුව සමහර ජ්‍යොතීර්වේදීන් විසින් ගැහැණු පිරිමි බව සළකා නවාංශකය සකසා ඇති බවය. පලාපල.lk අපි මෙය කිසිසේත්ම අනුමත නොකරයි. අපගේ අදහස අනුව ජන්මියාගේ නිවැරදි නවාංශකය ඔහුට හෝ ඇයට හිමි විය යුතුය යන්නයි. අනික ජ්‍යොතීර්වේදියා විසින් ගැහැණු පිරිමි බව සළකා මෙසේ නවාංශකය වෙනස් කිරීම ජන්මියාට කරන බලවත් අසාධාරණයක් ලෙසද පෙන්විය හැකිය.

නවාංශකය වෙනස් වූ පසු ජන්ම පත්‍රයේ ඇති නැකත, දශා ශේෂයන් ඇතුළු බලවත් සුවිශේෂී කරුණු ඒ සමගම වෙනස් වෙනු ඇත. එබැවින් ජන්මියා තම උපතේ සිට විශේෂ අවස්ථාවලදී යොදාගන්නා ශුභ නැකත් ගැනීම, විවාහ කටයුතු සඳහා නවාංශකය භාවිතා කිරීම, ලග්නයේ යෝග ගැන සැළකීමේදී නවාශකය සැසඳීම, නවාංශකය ඇසුරෙන් සුවිශේෂී ලෙස පලාපල විග්‍රහ කිරීම, ජන්ම රාශිය / ලග්නය ඇසුරෙන් විග්‍රහ කරන ගෝචර පලාපල යනාදී මේ සියල්ලම නිෂ්ඵල වනු ඇත.

මේ අනුව ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද? යන්න ජන්ම පත්‍ර පරීක්ෂා කරන සියලු දෙනාම ප්‍රථමයෙන්ම දැනගත යුතුය.  පලාපල.lk මේ සඳහා ඔබට පහසුකම් සපයා ඇත. මෙහිදී ඔබගේ උපතේ තොරතුරු නිවේශනය කළ වහාම ක්ෂණිකව ඔබේ නිවැරදි ජන්ම පත්‍රය පලාපල.lk විසින් සකසා දෙනු ඇත.

මෙහිදී නිවැරදි ග්‍රහස්ථුට සමගින් ලග්නය, නවාංශකය පමණක් නොව භාව, දෙර්කාණ, ද්වා දසාංශ සහ ත්‍රිංසාංස යන වර්ග කේන්දරත් නැකතට අදාළ සියළු තොරතුරුත් විංශෝත්තරී මහා දශවේ දශා ශේෂයත් ලැබේ. ඊට අමතරව ග්‍රහ දෘෂ්ඨි, රාශි දෘෂ්ඨි, ශුභ-අශුභ ග්‍රහයෝ, චරකාරකත්වය, 22 වෙනි දෙර්කාණාධිපති, 64 වෙනි නවාංශකාධිපති ඇතුළු සියුම් ලෙස සහ පූර්ණ පලාපල විග්‍රහයකට අවශ්‍ය සියළු කරුණු ඔබට ක්ෂණිකව
පලාපල.lk මගින් ලබා ගත හැකිය. මෙම විස්තරය මුද්‍රණය කර තබා ගැනීමෙන් අවශ්‍ය විටෙකදී ඔබගේ පවුලේ ජ්‍යොතිෂවේදියාට මෙය ඉදිරිපත් කළ හැකි වෙයි.

මෙය විශේෂ සේවාවක් ලෙස පලාපල.lk මගින් ඔබට රුපියල් 250 ක් වැනි ඉතාම සාධාරණ ගාස්තුවක් ගෙවා ලබා ගත හැකිය. එය පහත ඇති ආදර්ශ ජන්ම පත්‍රය සේ ඔබේ ජන්මපත හා සම්බන්ධ නිවැරදි සහ වැදගත් තොරතුරු රැසකින් සමන්විත වේ.

ඔබේ ගිණුමේ වම්පස පහතින් තිබෙන ලින්ක් එක මගින් ඔබට මෙම සේවාව ඇණවුම් කිරීමට පුළුවන.

නියම ප්‍රමාණයෙන් බැලීමට මෙතනට ක්ලික් කර නැවත ක්ලික් කරන්න.




ජන්ම පලාපල විස්තරාත්මකව

පලාපල.lk මගින් ඔබට ලබා දෙන පැකේජ තුනෙන් අවසාන පැකේජය මෙයයි. "ඔබේ පලාපල ඔබම බලාගන්න" යන සියළු විශේෂාංග සහිත අපගේ මීට පෙර පැකේජයේ මෙන් වර්ෂයක පැකේජයකි. පෙර පැකේජයේ මෙන් නොව මෙහිදී සීමා නොමැති කාලයක් ඉදිරි පලාපල ගවේශනයට අවස්ථාව ලැබේ.

පෙර පැකේජයේ විස්තර මෙතැනින් බලන්න. මෙම පැකේජයට අදාළ ගාස්තු මෙතැනින්....

පැකේජවලට අමතරව පලාපල.lk සපයන විශේෂ සේවා


ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද? Is your horoscope accurate?
ගෝචර පලාපල විස්තරාත්මකව Detailed Transit Horoscope

ගෝචර සහ ජන්ම පලාපල

ගෝචර සහ ජන්ම පලාපල යන සියළු විශේෂාංග සහිත පැකේජය ඔබට පරිශීලනය කිරීමට ලැබෙන්නේ අපගේ වාර්ෂික දායකත්වය ලබා ගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා වසරකට ඔබ ගෙවන සුළු මුදල සඳහා ඉතාම වටිනාකමින් යුතු සේවා රැසක් වසරක් යනතුරුම ලබා දේ.

පෙර පැකේජයේ සේවාවන්ට අමතරව දවසේ ලග්න පලාපල පැකේජ කාලයට අමතරව තවත් වසරක් ඉදිරියට බලා ගැනීමේ හැකියාව ඇත. නවාංශක කේන්දර සටහන සහ ඊට අදාළ රාශි සහ ග්‍රහස්ථුට, භාව ආරම්භයේ සහ භාව මධ්‍යයේ සිට සැකසූ භාව කේන්දර, ග්‍රහ තත්ව, යෝග, මහා දශා සහ අන්තර් දශා යන නිවැරදි පලාපලයක් බැලීම සඳහා අවශ්‍ය සියළු කරුණු පලාපල.lk මගින් ඔබට බලා දේ.

ග්‍රහයන්ගේ රාශි පලාපල, රාශීන්ගේ භාව පලාපල, රාශි අධිපතීන්ගේ භාව පලාපල වෙන වෙනම සහ ඒ කොටස් තුනේම සම්මිශ්‍රණයක්ද ඉදිරිපත් කරයි. එපමණක් නොවේ, ඔබගේ ජන්ම කේන්දරය හා සසැඳුනු පොදු, ධනය, රැකියාව, අධ්‍යාපනය, ගෘහ ජීවිතය, සෞඛ්‍ය තත්වය සහ ශුභ දවස්, ශුභ අංක සහ ශුභ වර්ණවල තොරතුරුද ඊට ඇතුලත්ය.


Saturday, June 6, 2015

අනාගත ලග්න පලාපල

අනාගත ලග්න පලාපල බලා ගන්න වෙබ් අඩවියක් මීට පෙර ඔබ දැක තිබෙනවාද? අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.

අද පමණක් නොව හෙට, අනිද්දා, ලබන සතියේ, ලබන මාසේ, ලබන වසරේ හෝ ඔබට අවශ්‍ය වන ඕනෑම විශේෂ දිනකට අදාළ ලග්න පලාපල බලා ගැනීමට තිබෙන පහසු, හොඳම සහ එකම මාර්ගය පලාපල.lk බව ඔබටත් සිතේවි. මෙහි සේවය ලබා ගත් සෑම දෙනාගේම අදහස එයයි.

නමුත් එම පහසුකම ලැබෙන්නේ ඉතා සුළු මුදලක් ගෙවා අපේ දායකත්වය ලබා ගත් අයට පමණයි.




පෞද්ගලික ලග්න පලාපල

අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.

පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද,  ග්‍රහයන්ගේ ග්‍රහස්තුඨ අංශක කලා විකලා වශයෙන්ද ජ්‍යොතිෂානුකූළව ඉතාමත් නිවැරදිව සොයා ගනී. මේ අතරින් දවසේ පෞද්ගලික ලග්න පලාපල ප්‍රකාශනයට අවශ්‍ය දෑ තෝරාගෙන සත්‍ය වූ සහ ඔබටම අදාළ වූ නිවැරදි දවසේ පලාපල ඉදිරිපත් කිරීමට පලාපල.lk සමත් වෙයි.

මෙම සේවාව ඔබ වෙත සැපයෙන්නේ නොමිලේය. මීට අමතරව ඔබට ඔබේ ජන්ම තොරතුරු සහ ඔබ පවුලේ සහ හිතවතුන්ගේ ජන්ම තොරතුරු සුරැකීම සඳහා ඔබටම පෞද්ගලික වූ ගිණුමක් සාදා ගැනීමට පලාපල.lk ඔබට පහසුකම් සපයයි. ඉන්පසු නැවත නැවතත් ජන්ම තොරතුරු ඇතුළත් කිරීමකින් තොරව ඔබේ ගිණුමේ ඇති ඕනෑම අයෙකුගේ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න ඔබට පුලුවන්.

පලාපල.lk මගින් මේ සියල්ලම ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයේ.

එපමණක් නොවේ පලාපල.lk මගින් අනාගත පලාපල බලාගැනීමටත් ඔබට පුලුවන්. ඒ ගැන වැඩිදුර විස්තර මෙතෙනින්.....  



Friday, June 5, 2015

වාර්ෂික ලග්න පලාපල




දිනපතා, සතිපතා, මාස්පතා සහ වාර්ෂික ලග්න පලාපල මුද්‍රිත මාධ්‍යයන් මගින් සහ අන්තර්ජාලය මගින් ඉදිරිපත් කරනවා. මෙසේ ලග්න පලාපල ඉදිරිපත් කිරිමේදී එහි ආරම්භක දිනයේ පැවති ග්‍රහ ගෝචරය පාදක කර ගෙන ලග්න පලාපල ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. එනම් වාර්ෂික ලග්න පලාපල ප්‍රකාශනයකදී වර්ෂය ආරම්භ වන දිනයේ තිබූ ග්‍රහ ගමනට සාපේක්ෂව මුලු වසරේම ලග්න පලාපල විග්‍රහ කරනවා. ඒ් අතරතුර යම් ග්‍රහයෙකු වෙනත් රාශියක් කරා ගෝචරය වීමේදී ඊට අදාලවද පලාපල ග්‍රකාශනය කිරීම සාමාන්‍ය ස්වභාවයයි.

මෙපරිද්දෙන් වාර්ෂික පලාපල ඉදිරිපත් කිරීමක් පලාපල.lk මගින් ද ඔබට කිසිදු මුදලක් නොගෙවා නොමිලේ ලබා ගත හැකියි. මෙහිදී අප විසින්ද ඉදිරිපත් කරන්නේ පොදු ලග්න පලාපලයි. පොදු ලග්න පලාපල කියන්නේ යම් ලග්නයක් එදා පැවතියාවූ ග්‍රහ තත්වය ජ්‍යොතිෂානුකූලව විග්‍රහ කිරීමයි. මෙහිදී එක ලග්නය තිබෙන සෑම අයෙකුටම එක හා සමාන ප්‍රථිඵලයකුයි ලැබෙන්නේ.

එසේනම් පොදු ලග්න පලාපල මගින් කිසියම් ලග්නයක් හිමි පුද්ගලයෙකුගේ පුද්ගලික ජන්ම තොරතුරු අනුව පලාපල ප්‍රකාශනයක් ලැබෙන්නේ නැහැ. නමුත් පලාපල.lk මීට විසඳුමක් ලබාදී තිබෙනවා. නමුත් එම පහසුකම ලැබෙන්නේ ඉතා සුළු මුදලක් ගෙවා අපේ දායකත්වය ලබා ගත් අයට පමණයි.

එහිදී තම ජන්ම කේන්දරයට අනුව සැකසුන, තමන්ටම ආවේනික පලාපල ප්‍රථිපල ලබා ගැනීමට පලාපල.lk මගින් අවස්ථාව ලැබෙනු ඇති.  දැනට එය අප විසින් නම් කර තිබෙන්නේ කෙටි කාලීන ගෝචර පලාපල සහ දිගු කාලීන ගෝචර පලාපල යනුවෙනුයි. සතියේ සිට මාසයක පමණ කාලයක පලාපලයක් කෙටිකාලීන ගෝචරවලට ඇතුළත් වන අතර, වසරක පමණ ප්‍රථිඵලයක් දිගුකාලීන ගෝචර පලාපලයෙන් ඔබට ලබා ගැනීමට හැකි වෙනවා.

මෙහිදී අසවල් දිනයේදී යම් ග්‍රහයෙකු අසවල් රාශියට යනවායැයි ද ඒ අනුව ප්‍රථිඵල මෙසේය යනුවෙන් දක්වනවා වෙනුවට, එදිනෙදා සිදු වෙන ග්‍රහ ගමන සැළකිල්ලට ගනිමින් ඊට අදාළ ප්‍රථිඵල එවෙලේම නිකුත් කිරීමට පලාපල.lk සමත් වෙනවා. එසේම එම පැකේජයේදී අනාගත දිනක පලාපල සමගම අනාගත ග්‍රහ ගමනද කල්තියා බලා ගැනීමේ හැකියාව ඔබට හිමි වෙනවා.

මෙම තිර පිටපත අප ලබා ගත්තේ 2015 ජූනි මස 6 වෙනිදා අපර භාග 9.15 ටය. එනම් ඒ අවස්ථාවේ (දැන්) කෙටිකාලීන ගෝචර ලග්න පලාපල බැලීමටයි.

මෙම තිර පිටපත අප ලබා ගත්තේ 2015 ජූනි මස 6 වෙනිදාය. එහිදී 2016 ජූනි 15 අනාගත දිනට  අදාල කෙටිකාලීන ගෝචර ලග්න පලාපල බැලීම සඳහා දිනය වෙනස් කර ඇත. පලාපල.lk ඔබට අනාගත ලග්න පලාපල ද බලා ගත හැකිය.


දවසේ ලග්න පලාපල

Daily Horoscope

දවසේ ලග්න පලාපල - Daily Horoscope"දවසේ ලග්න පලාපල" යන වැකිය දුටු පමණින් හෝ ඇසූ පමණින් ඔබ අප සියළු දෙනාටම එහි අදහස් කරන දේ තේරුම් යනවා. දිනපතා පුවත්පත්වලින්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාධ්‍යයක් මගින් එක් එක් ලග්නයට අදාළ පලාපල විස්තරයක් ගෙන එනු ලබනවා. මෙය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය අංගයක්.

මෙසේ ඉදිරිපත් කරන ලග්න පලාපල නිවැරදිද? එසේ නැතිනම් සියයට කීයක් පමණ නිවැරදිද? යම් ලග්නයකට කියවෙන පලාපලයට හාත්පසින්ම වෙනස් ප්‍රථිපලයක් යම් කෙනෙකුට ලැබෙනවානම් ඒ කෙසේද? මෙතන යම් ප්‍රශ්නයක් ඇති බැවින් ඒ ගැන මදක් විමසා බැලිය යුතුයි නේද?

දිනපතා ලග්න පලාපල හෝ සතිපතා, මාසික, වාර්ෂික හෝ විශේෂ ග්‍රහ මාරුවීම්වලදී වුවද පලාපල ඉදිරිපත් කිරීමේදී  ජ්‍යොතීර්වේදියා විසින් සළකා බලන විශේෂ සහ වැදගත් කරුණක් තිබෙනවා. එය ඒ මොහොතේ පවතින ග්‍රහයින්ගේ ගමන නැතහොත් ග්‍රහ ගෝචරයයි.

දීර්ඝ කාලයක පලාපල කථනයකදී සෙනසුරු, බ්‍රහස්පති ඇතුළු සෙමින් ගමන් කරන ග්‍රහයින් පිළිබඳවද සැළකිලිමත් වෙන අතර මාසික පලාපල කථනයකදී අඟහරු, සිකුරු සහ හිරුගේ ගෝචරය ගැන විමසීම අත්‍යාවශ්‍ය වෙනවා. එසේම සතිපතා සහ දිනපතා පලාපල ඉදිරිපත් කරන විටකදී දින දෙකහමාරක් වැනි කෙටි කාලයකදී රාශියක් පසුකරන සඳුගේ ගෝචරය ගැන විමසීම වැදගත් වෙනවා. ඊට අමතරව ලග්නාධිපති හෝ සුභ ග්‍රහයන් ගෝචරය වන රාශීන් සහ භාවයන්ද, සඳු හෙවත් චන්ද්‍රයා ගමන් කරන නැකත, පුරද අවද යන වග මෙන්ම තිථි ගැනද පූර්ණ අවභෝධයකින් ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි පලාපල ඉදිරිපත් කල හැකි වෙනවා.

"සමහර මාධ්‍යවල ඉදිරිපත් කරන දිනපතා පලාපල නම් ඉහත කිසිවක් විමසා බලා නොමැති බව ජ්‍යොතිෂය හදාරන නවකයෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. අප කතා කරන්නේ මේ ඔවුන්ගේ නිවැරදි නොවන පලාපල ගැන නොවේ."

ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි පලාපල ඉදිරිපත් කරන ජ්‍යොතීර්වේදීන්ට සැමදා ස්තුතිවන්ත වෙමින් පලාපල.lk මගින් ද කිසිදු මුදලක් අය නොකර "දවසේ ලග්න පලාපල" සේවාව ඔබ වෙත නොමිලේ ඉදිරිපත්  කරනවා. පහත රූපයේ පරිදි ඔබේ ලග්නයට අදාළ සංකේතය මත ක්ලික් කිරීමෙන් ඔබට පලාපල.lk ඉදිරිපත් කරන දවසේ ලග්න පලාපල බලාගන්න පුලුවන්. 

අපි ඉහතින් ඇසූ පැනයම යළිත් අසමු.

මෙසේ ඉදිරිපත් කරන ලග්න පලාපල නිවැරදිද? එසේ නැතිනම් සියයට කීයක් පමණ නිවැරදිද?

මෙය නිවැරදි නොවේ.

ඉහත රූප සටහන පරිදි පලාපල.lk මගින් 2015 ජුනි මස 5 වෙනි සිකුරාදා අපර භාග 7.30 ට පැවතියා වූ ග්‍රහ ගෝචරය සැළකිල්ලට ගනිමින් ධනු ලග්නයට ජ්‍යොතිෂයට අනුව නිවැරදි පලාපලයක් ඉදිරිපත් කර තිබෙනවා.  එනමුත් එය සෑම ධනු ලග්න හිමියෙකුටම නොපෑහේ. එනම් මෙය පොදු පලාපලයක් නිසා. මෙහි දී ජන්මියා උපදින විට තිබූ ග්‍රහයන්ගේ ගමන, උපන් නැකත ආදී කිසිවක් නොදත් නිසා පොදු පලාපල මගින් නිරවද්‍යතාවයේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නේ නැහැ.

මේ අනුව කුමන මාධ්‍යයකදී වුවද ඉදිරිපත් කරන දවසේ ලග්න පලාපල පොදු පලාපල වීම හේතුවෙන් එය සියයට ප්‍රතිශතයක් වශයෙන් ගන්නේ පහළ අගයක්.

පලාපල.lk මගින් සෙසු මාධ්‍ය මෙන් පොදුවේ දවසේ ලග්න පලාපල ඉදිරිපත් කරනවාට අමතරව, සුවිශේෂ සේවාවක් ඔබට නොමිලේම සපයයි. එනම් ඔබේ ජන්ම තොරතුරු පදනම් කරගෙන ඊට අනුකූළව දවසේ ලග්න පලාපල ඉදිරිපත් කිරීමයි. පලාපල.lk අද්විතීය සහ අපූර්ව වෙන්නේ එනිසාය.

ඒ ගැන වැඩිදුර විස්තර මෙතැනින්