.

Sunday, June 28, 2015

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය


මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. නමුත් ඔබ බොහෝ දෙනාහට ජන්ම පත්‍රයක් නිවසේ වැදගත් ලිපිගොනු අතර ඇතුවාට සැක නැත. මොනවා නැතැත් ලග්නය හෝ මතක ඇතැයි සිතමි.  

එම නිසා  බොහෝ දෙනා සති‍ පතා පුවත් පත්වල පලවන ලග්න පලාපල පිටුවේ තමන්ගේ ලග්නයට කි‍යා ඇත්තේ මොනවාද කියා යන්තමින් හෝ කියවා බැලීමට අමතක ‍නොකරයි. නමුත් කනගාටුදායක කරුණ නම් ඒවායේ පලකර තිබෙන්නේ පොදු ලග්න පලාපලයැයි නොසිතන එකය. ඒවා තමන්ගේ උප්පත්ති ග්‍රහ පිහිටීම්වලට අනුව කොතෙක් දුරට ගැලපේද නැද්ද නොසිතන එකය. ඉන් පසුව මේවා ඔක්කොම බොරුය යන්න කියන එකය. එය සත්‍යයකි. තම උපන් කේන්ද්‍රයට නොගළපන ඒ සියල්ල බොරු විය හැකි බව අපිත් කියන්නෙමු.

මෙම හිදැස පිරවීමට දිනපතා, සතිපතා පුවත්පතකට හෝ මාසික සඟරාවකට නොහැකිය. ඒ එම මාධ්‍යයන්හි පවතින සීමාවන් හේතුවෙනි. අන්තර්ජාල මාධ්‍යයන් තුලද එවන් සීමාවන් තිබෙනමුත් එම සීමාවන් අතික්‍රමණය කරමින් වැඩි ප්‍රතිශතයකින් යුතුව නිවැරදි පලාපල විස්තරයක් ගෙන ඒමට පලාපල.lk සමත්ය. ඒ පරිගණක වැඩ සටහනක් සාදා ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාව නිසාය. එමගින් යමෙකුගේ ජන්ම තොරතුරු නිවැරදිව සැකසීමට හැකිය. එවිට ඊට අනුකූළව පොදු ලග්න පලාපල වෙනුවට තමන්ටම අනන්‍ය වූ පලාපල ඉදිරිපත් කල හැකිය.

පලාපල.lk විසින් ඔබගේ ජන්ම තොරතුරු අනුව ලග්නය, එහි ග්‍රහයන් තැන්පත්ව ඇති අයුරු, නිවැරදි ග්‍රහස්ථුඨ, ශුභ අසුභ ග්‍රහයන්, යෝගකාරක, 22 වෙනි දෙර්කාණාධිපති, 64 වෙනි නවාංශකාධිපති, ආත්මකාරක ග්‍රහයා, උපතෙහි ඇති සමහර යෝග, නවාංශකය, වර්ග කේන්දර, ජන්ම නැකත, දශා ශේෂයන්, දැනට ගත කරන මහා දසාව සහ අතුරු දශාව ආදී නිවැරදි පලාපල කථනයකට අවශ්‍ය සියලු තොරතුරු ඔබට විවිධ පැකේජ මගින් ඉදිරිපත් කරනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම පරිගණක වැඩ සටහන නිර්මාණයට වසර දෙකකට ආසන්න කාලයක් ගත විය. මෙය තව දුරටත් සංවර්ධනය කරමින් පවතී. එය ඔබට නිවැරදි පලාපල විස්තරයක් ගෙන ඒම සඳහාය. ස්වයංක්‍රීය දත්ත සැකසීමට වේගවත් සර්වර්වල ක්‍රියාත්මක කර ඇත. විශේෂ සේවා සඳහාඉතාම සාධාරණ දායක ගාස්තුවක් අය කරනුයේ මෙය පවත්වාගෙන යෑමටය.

එහෙත් පලාපල.lk මගින් ඔබගේ ජන්ම කේන්ද්‍රයට අනුව සැකසුන නොමිලේ ලබාදෙන සේවාවන්ගෙන්ද ප්‍රයෝජන ගන්නේ පොදු ලග්න පලාපල බලන අයගෙන් සීයයට ඉතාමත් අඩු ප්‍රතිශතයකි.

මෙම කෙටි ලිපිය ගැන, පලාපල.lk සේවාවන් ගැන හෝ ජ්‍යොතිෂය ගැන ඔබේ අදහස් පහත කොමෙන්ට් බොක්ස් එක භාවිතා කර පැවසන්න. එය මෙම සේවාව තවදුරටත් ඔබ වෙනුවෙන් සංවර්ධනය කිරීමට අපට මහත් රුකුළකි.

0 comments :

Post a Comment