.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label astrology. Show all posts
Showing posts with label astrology. Show all posts

Friday, May 24, 2019

ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?

අප ජන සමාජයේ බොහෝ දෙනෙකුට එදා සිට අදටත් ජ්‍යොතිෂය පිළිගත හැකි සත්‍යක්ද? නැතහොත් හුදු මිථ්‍යාවක්ද? යන්න ගැටලුවක් විය. හෙට දිනයේත් මෙය විසඳාගත නොහැකි බොහෝ දෙනෙක් මෙම පැනයම යළි යළිත් නගනු ඇත.

ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.

වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් වන බලපෑම් මොනවාද යන්න අත්දැකීම් තුලින් තේරුම් බේරුම් කර ගැනීමට සමත් විය. ඉන්පසුව සිකුරු සහ අඟහරුගෙන් වන බලපෑම්ද, සුළං වැසි වියලි ආදී කාලද, සෘතු විපර්යාසයන්ද සාමාන්‍ය මිනිස්සු ද අවභෝධ කර ගත්හ.

ඉර හඳ ඇතුළු ග්‍රහ තාරකා පිළිබඳව වැඩි දුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට එළැඹීමේ මෙම ක්‍රියාවලිය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ආරම්භය විය. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය ගැන කරුණු සොයා බැලීමේදී අනාවරණය වන කරුණු අතර ලෝකයේ පෙරදිග රටවලින් ආරම්භ වූ මෙම විෂය පසු කාලීනව ලොව බටහිර රටවලද ප්‍රචලිත වෙමින් විවිධ පර්යේෂණ හා සංස්කරණ මගින් තව දුරටත් දියුණුවට පත් වී ඇති බවත්, මෙලොව උපත ලබන ඕනෑම කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළින් ජන්මියාගේ ගතිගුණ ජීවන තත්වය සහ අනාගතය පිළිබඳ යම් අනාවැකි පැවසීමේ ඇති එකම ක්‍රමය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය බව තවදුරටත් සනාථ වීමයි.

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය පිළිඳව යම් දැනීමක් නොමැතිව ඊට ගරහනු අටියෙන් විරුද්ධ වූ අයට විද්වතුන් පවසා ඇති හොඳම පිළිතුර නම් ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඉගෙන ගෙන ඉන් අනතුරුව ඊට විරුද්ධව ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ යුතු බවයි. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට බොරු කිරීමට මෙම ශ්‍රාස්ත්‍රය ඉගෙන ගත් බොහෝ උගත්තු අවසානයේ තමන් පෙර දැරූ මතය පිළිබඳ කනගාටු වූ අතර ඉන් පසුව ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට විශාල මෙහෙවරක්ද කලා වූ අය වූහ.
නවීන තාරකා විද්‍යාවේ ආරම්භය ලෙස සැළකෙන 15 වන සියවසේදී නිකුලස් කොපර්නිකස් විසින් හිරු වටා පෘථිවිය ඇතුළු සෙසු ග්‍රහ ලෝක ගමන් කරන බව සොයා ගත් අතර, අයිසෙක් නිව්ටන් (1642-1727) විසින් ගුරුත්වාකර්ශන සොයා ගැනීමත්, ක්‍රි.ව. 1960 දී ගැලීලියෝ ගැලිලි විසින් දුර දක්නය සොයා ගැනීමත් නවීන තාරකා විද්‍යාවේ ප්‍රභළ සංදධිස්ථානය විය. මෙම සොයා ගැනීම්වලින් අනතුරුව පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝක විශ්වයේ හැසිරෙන්නේ කෙසේද සහ ඒවායින් මිනිසුන්ට වන බලපෑම් මොනවාද යන්නත් විද්‍යාවෙන් පිළිතුරු සෙවීමට බටහිර උගත්තු උත්සුක වූහ.

එහෙත් මීට සියවස් ගණනාවකට පෙර ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය පිළිබඳ උනන්දු වූවන් විශ්වය යම්තාක් දුරට ජයගත් අතර, මෙලොව වාසය කරන්නන්ට ග්‍රහ තාරකාවන් බලපාන අයුරු ගැන යම් නිගමනයන්ටද එළැඹීමට සමත් විය. සූර්ය, කාශ්‍යප, පරාසර සහ යවන ආදී සෘෂිවරු මනස මුල් කරගත් අධ්‍යයාත්මික දැනුමෙන් ග්‍රහ තාරකාවන් හා මිනිසා අතර සම්බන්ධය සොයා ගත්හ. ලෝකෝත්තර මග පෙන්වා දුන් ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේද විශ්වය ගවේෂණය කලේ මෙම අද්විතීය අධ්‍යාත්මික ඟදානයෙනි.

ඉන්දියාවේ සහ අප රටේද උගතුන් විසින් පුරාණයේ සිටම ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය භාවිත කර තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරයි. විජයාගමනයට පෙර සිටම එනම්, රාවණා රජතුමාගේ පියා වන පුලස්ථි නම් සෘෂිවරයා ගැන ඉතිහාසයේ ඇති කරුනු අනුව ලංකාවේ ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඉතාමත් දියුණු වි තිබූ බවනම් ඉතාමත් පැහැදිලිය. එපමණක් නොව පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නගර නිර්මාණයේදීත්, කාවන්තිස්ස, පණ්ඩුකාභය, දුටුගැමුණු, යන රජවරු වෙහෙර විහාර ඉදි කිරීමේදීත් නැකැත් අනුව කටයුතු කර ඇති බවට මහාවංශය පැහැදිලිව සාක්ෂි දෙයි.

පරදේශීන්ගේ ආක්‍රමණයත් සමගම ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය යන මෙම මහඟු විෂය පමණක් නොව දේශීය වෙදකම, බලගතු යන්ත්‍ර මන්ත්‍ර, බුද්ධාගම, හෙළ සිරිත් විරිත් ඇතුළු මෙකී නොකී ලාංකීය අනන්‍යතාව ඇති අපගේ සංස්කෘතික වටිනාකම් හිතා මතාම අභාවයට යවන්නට කටයුතු කළේය. ඒ වෙනුවට ආත්මවාදී සංකල්ප ඔස්සේ පවත්වා ගෙන ගිය ඔවුන්ගේ ආගමත්, සමාජ රටාවත් සහ සිරිත් විරිත් මෙරට ප්‍රචලිත කරන්නට විය. අපගේ සියළු දෑ ඔවුන් විසින් නූගතුන්ගේ ක්‍රියාවන්යැයි ගරහන්නට විය.

ඔවුන් සමග ගණුදෙනු කරන ලද අප රටේ එවකට සිටි ඉංග්‍රීසි උගත් සමහර රදළයන් සහ ඉහළ මධ්‍යම පංතිකයන් විසින් එතෙක් පැවති අප සමාජ රටාව හා සංස්කෘතිඅය මායිම් නොකර සහ පාවා දී, පරදේශිකයන්ගේ මුදලට, ලබාදුන් තාන්න මාන්නවලට සහ ආකල්පවලට ගරු සරු දැක්වීය. ඔවුන් විසින් ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය නූගත් දුප්පතුන්ගේ විෂයක් බවට නිගරු කලේය.

එබැවින් ඉන්පසු උපදින ලද අප රට වැසියන්ට ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඇතුලු පුරානයේ තිබූ බොහෝ ශ්‍රාස්ත්‍රයන් ගැන නිවැරදි වැටහීමක් නොවූයෙන් මේවායේ සත්‍ය අසත්‍යතාවය සහ වටිනාකම තේරුම් ගැනීමට අපොහොසත් විය. එහෙත් ශ්‍රාස්ත්‍රයට ලැදි දුප්පතුන් අතරත්, උගත් සංඝයා වහන්සේලා නිසාත් මෙම මහඟු ශ්‍රාස්ත්‍රය ආරක්ෂා ආරක්ෂා විය.

ජ්‍යොතිෂය යනු කිසිම පදනමක් නැති, තම ආත්මශක්තිය පිළිබඳව විස්වාසයක් නැති අයගේ තේරුමක් නැති පුහු විශ්වාශයකි. සැතපුම් ලක්ෂ ගණන්, කෝටි ගණන් දුර සිටින ග්‍රහයන්ට අපේ චිත්ත ශක්තියට හෝ ජීවිතවලට කළ හැකි දේ කුමක්ද?, නූගතුන්ගේ විෂයයක් වන මේ වැඩකට නැති ජ්‍යොතිෂය දැන ගැනීමෙන් සහ විස්වාස කිරීමෙන් ඇති තේරුම මොකක්ද යන්නෙන් සිතන පිරිස එදා මෙන්ම අදත් සිටී.

ඒ අය දෙස් විදෙස්හි ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට මහගු සේවාවක් කල ලංකාවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, වීදාගම මෛත්‍රිය හිමියන් ඇතුළු උගතුන් ද ඉන්දියාවේ කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා, මහාචාර්ය සූර්ය නාරායන් රාවෝ යන උතුමන් නූගතුන්දැයි සිතා බැලීම වටි.

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය

අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහා ගතහැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ඉරහඳ පමණක් නොව සෙසු ග්‍රහ තාරකාවනුත් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබදව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන් ගත්හ.

Sunday, June 28, 2015

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය


මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. නමුත් ඔබ බොහෝ දෙනාහට ජන්ම පත්‍රයක් නිවසේ වැදගත් ලිපිගොනු අතර ඇතුවාට සැක නැත. මොනවා නැතැත් ලග්නය හෝ මතක ඇතැයි සිතමි.  

එම නිසා  බොහෝ දෙනා සති‍ පතා පුවත් පත්වල පලවන ලග්න පලාපල පිටුවේ තමන්ගේ ලග්නයට කි‍යා ඇත්තේ මොනවාද කියා යන්තමින් හෝ කියවා බැලීමට අමතක ‍නොකරයි. නමුත් කනගාටුදායක කරුණ නම් ඒවායේ පලකර තිබෙන්නේ පොදු ලග්න පලාපලයැයි නොසිතන එකය. ඒවා තමන්ගේ උප්පත්ති ග්‍රහ පිහිටීම්වලට අනුව කොතෙක් දුරට ගැලපේද නැද්ද නොසිතන එකය. ඉන් පසුව මේවා ඔක්කොම බොරුය යන්න කියන එකය. එය සත්‍යයකි. තම උපන් කේන්ද්‍රයට නොගළපන ඒ සියල්ල බොරු විය හැකි බව අපිත් කියන්නෙමු.

මෙම හිදැස පිරවීමට දිනපතා, සතිපතා පුවත්පතකට හෝ මාසික සඟරාවකට නොහැකිය. ඒ එම මාධ්‍යයන්හි පවතින සීමාවන් හේතුවෙනි. අන්තර්ජාල මාධ්‍යයන් තුලද එවන් සීමාවන් තිබෙනමුත් එම සීමාවන් අතික්‍රමණය කරමින් වැඩි ප්‍රතිශතයකින් යුතුව නිවැරදි පලාපල විස්තරයක් ගෙන ඒමට පලාපල.lk සමත්ය. ඒ පරිගණක වැඩ සටහනක් සාදා ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාව නිසාය. එමගින් යමෙකුගේ ජන්ම තොරතුරු නිවැරදිව සැකසීමට හැකිය. එවිට ඊට අනුකූළව පොදු ලග්න පලාපල වෙනුවට තමන්ටම අනන්‍ය වූ පලාපල ඉදිරිපත් කල හැකිය.

පලාපල.lk විසින් ඔබගේ ජන්ම තොරතුරු අනුව ලග්නය, එහි ග්‍රහයන් තැන්පත්ව ඇති අයුරු, නිවැරදි ග්‍රහස්ථුඨ, ශුභ අසුභ ග්‍රහයන්, යෝගකාරක, 22 වෙනි දෙර්කාණාධිපති, 64 වෙනි නවාංශකාධිපති, ආත්මකාරක ග්‍රහයා, උපතෙහි ඇති සමහර යෝග, නවාංශකය, වර්ග කේන්දර, ජන්ම නැකත, දශා ශේෂයන්, දැනට ගත කරන මහා දසාව සහ අතුරු දශාව ආදී නිවැරදි පලාපල කථනයකට අවශ්‍ය සියලු තොරතුරු ඔබට විවිධ පැකේජ මගින් ඉදිරිපත් කරනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම පරිගණක වැඩ සටහන නිර්මාණයට වසර දෙකකට ආසන්න කාලයක් ගත විය. මෙය තව දුරටත් සංවර්ධනය කරමින් පවතී. එය ඔබට නිවැරදි පලාපල විස්තරයක් ගෙන ඒම සඳහාය. ස්වයංක්‍රීය දත්ත සැකසීමට වේගවත් සර්වර්වල ක්‍රියාත්මක කර ඇත. විශේෂ සේවා සඳහාඉතාම සාධාරණ දායක ගාස්තුවක් අය කරනුයේ මෙය පවත්වාගෙන යෑමටය.

එහෙත් පලාපල.lk මගින් ඔබගේ ජන්ම කේන්ද්‍රයට අනුව සැකසුන නොමිලේ ලබාදෙන සේවාවන්ගෙන්ද ප්‍රයෝජන ගන්නේ පොදු ලග්න පලාපල බලන අයගෙන් සීයයට ඉතාමත් අඩු ප්‍රතිශතයකි.

මෙම කෙටි ලිපිය ගැන, පලාපල.lk සේවාවන් ගැන හෝ ජ්‍යොතිෂය ගැන ඔබේ අදහස් පහත කොමෙන්ට් බොක්ස් එක භාවිතා කර පැවසන්න. එය මෙම සේවාව තවදුරටත් ඔබ වෙනුවෙන් සංවර්ධනය කිරීමට අපට මහත් රුකුළකි.