අප ජන සමාජයේ බොහෝ දෙනෙකුට එදා සිට අදටත් ජ්‍යොතිෂය පිළිගත හැකි සත්‍යක්ද? නැතහොත් හුදු මිථ්‍යාවක්ද? යන්න ගැටලුවක් විය. හෙට දිනයේත් මෙය විසඳාගත නොහැකි බොහෝ දෙනෙක් මෙම පැනයම යළි යළිත් නගනු ඇත.
ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.
වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් වන බලපෑම් මොනවාද යන්න අත්දැකීම් තුලින් තේරුම් බේරුම් කර ගැනීමට සමත් විය. ඉන්පසුව සිකුරු සහ අඟහරුගෙන් වන බලපෑම්ද, සුළං වැසි වියලි ආදී කාලද, සෘතු විපර්යාසයන්ද සාමාන්‍ය මිනිස්සු ද අවභෝධ කර ගත්හ.
ඉර හඳ ඇතුළු ග්‍රහ තාරකා පිළිබඳව වැඩි දුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට එළැඹීමේ මෙම ක්‍රියාවලිය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ආරම්භය විය. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය ගැන කරුණු සොයා බැලීමේදී අනාවරණය වන කරුණු අතර ලෝකයේ පෙරදිග රටවලින් ආරම්භ වූ මෙම විෂය පසු කාලීනව ලොව බටහිර රටවලද ප්‍රචලිත වෙමින් විවිධ පර්යේෂණ හා සංස්කරණ මගින් තව දුරටත් දියුණුවට පත් වී ඇති බවත්, මෙලොව උපත ලබන ඕනෑම කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළින් ජන්මියාගේ ගතිගුණ ජීවන තත්වය සහ අනාගතය පිළිබඳ යම් අනාවැකි පැවසීමේ ඇති එකම ක්‍රමය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය බව තවදුරටත් සනාථ වීමයි.
ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය පිළිඳව යම් දැනීමක් නොමැතිව ඊට ගරහනු අටියෙන් විරුද්ධ වූ අයට විද්වතුන් පවසා ඇති හොඳම පිළිතුර නම් ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඉගෙන ගෙන ඉන් අනතුරුව ඊට විරුද්ධව ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ යුතු බවයි. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට බොරු කිරීමට මෙම ශ්‍රාස්ත්‍රය ඉගෙන ගත් බොහෝ උගත්තු අවසානයේ තමන් පෙර දැරූ මතය පිළිබඳ කනගාටු වූ අතර ඉන් පසුව ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට විශාල මෙහෙවරක්ද කලා වූ අය වූහ.
නවීන තාරකා විද්‍යාවේ ආරම්භය ලෙස සැළකෙන 15 වන සියවසේදී නිකුලස් කොපර්නිකස් විසින් හිරු වටා පෘථිවිය ඇතුළු සෙසු ග්‍රහ ලෝක ගමන් කරන බව සොයා ගත් අතර, අයිසෙක් නිව්ටන් (1642-1727) විසින් ගුරුත්වාකර්ශන සොයා ගැනීමත්, ක්‍රි.ව. 1960 දී ගැලීලියෝ ගැලිලි විසින් දුර දක්නය සොයා ගැනීමත් නවීන තාරකා විද්‍යාවේ ප්‍රභළ සංදධිස්ථානය විය. මෙම සොයා ගැනීම්වලින් අනතුරුව පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝක විශ්වයේ හැසිරෙන්නේ කෙසේද සහ ඒවායින් මිනිසුන්ට වන බලපෑම් මොනවාද යන්නත් විද්‍යාවෙන් පිළිතුරු සෙවීමට බටහිර උගත්තු උත්සුක වූහ.
එහෙත් මීට සියවස් ගණනාවකට පෙර ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය පිළිබඳ උනන්දු වූවන් විශ්වය යම්තාක් දුරට ජයගත් අතර, මෙලොව වාසය කරන්නන්ට ග්‍රහ තාරකාවන් බලපාන අයුරු ගැන යම් නිගමනයන්ටද එළැඹීමට සමත් විය. සූර්ය, කාශ්‍යප, පරාසර සහ යවන ආදී සෘෂිවරු මනස මුල් කරගත් අධ්‍යයාත්මික දැනුමෙන් ග්‍රහ තාරකාවන් හා මිනිසා අතර සම්බන්ධය සොයා ගත්හ. ලෝකෝත්තර මග පෙන්වා දුන් ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේද විශ්වය ගවේෂණය කලේ මෙම අද්විතීය අධ්‍යාත්මික ඟදානයෙනි.
ඉන්දියාවේ සහ අප රටේද උගතුන් විසින් පුරාණයේ සිටම ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය භාවිත කර තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරයි. විජයාගමනයට පෙර සිටම එනම්, රාවණා රජතුමාගේ පියා වන පුලස්ථි නම් සෘෂිවරයා ගැන ඉතිහාසයේ ඇති කරුනු අනුව ලංකාවේ ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඉතාමත් දියුණු වි තිබූ බවනම් ඉතාමත් පැහැදිලිය. එපමණක් නොව පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නගර නිර්මාණයේදීත්, කාවන්තිස්ස, පණ්ඩුකාභය, දුටුගැමුණු, යන රජවරු වෙහෙර විහාර ඉදි කිරීමේදීත් නැකැත් අනුව කටයුතු කර ඇති බවට මහාවංශය පැහැදිලිව සාක්ෂි දෙයි.
පරදේශීන්ගේ ආක්‍රමණයත් සමගම ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය යන මෙම මහඟු විෂය පමණක් නොව දේශීය වෙදකම, බලගතු යන්ත්‍ර මන්ත්‍ර, බුද්ධාගම, හෙළ සිරිත් විරිත් ඇතුළු මෙකී නොකී ලාංකීය අනන්‍යතාව ඇති අපගේ සංස්කෘතික වටිනාකම් හිතා මතාම අභාවයට යවන්නට කටයුතු කළේය. ඒ වෙනුවට ආත්මවාදී සංකල්ප ඔස්සේ පවත්වා ගෙන ගිය ඔවුන්ගේ ආගමත්, සමාජ රටාවත් සහ සිරිත් විරිත් මෙරට ප්‍රචලිත කරන්නට විය. අපගේ සියළු දෑ ඔවුන් විසින් නූගතුන්ගේ ක්‍රියාවන්යැයි ගරහන්නට විය.
ඔවුන් සමග ගණුදෙනු කරන ලද අප රටේ එවකට සිටි ඉංග්‍රීසි උගත් සමහර රදළයන් සහ ඉහළ මධ්‍යම පංතිකයන් විසින් එතෙක් පැවති අප සමාජ රටාව හා සංස්කෘතිඅය මායිම් නොකර සහ පාවා දී, පරදේශිකයන්ගේ මුදලට, ලබාදුන් තාන්න මාන්නවලට සහ ආකල්පවලට ගරු සරු දැක්වීය. ඔවුන් විසින් ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය නූගත් දුප්පතුන්ගේ විෂයක් බවට නිගරු කලේය.
එබැවින් ඉන්පසු උපදින ලද අප රට වැසියන්ට ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය ඇතුලු පුරානයේ තිබූ බොහෝ ශ්‍රාස්ත්‍රයන් ගැන නිවැරදි වැටහීමක් නොවූයෙන් මේවායේ සත්‍ය අසත්‍යතාවය සහ වටිනාකම තේරුම් ගැනීමට අපොහොසත් විය. එහෙත් ශ්‍රාස්ත්‍රයට ලැදි දුප්පතුන් අතරත්, උගත් සංඝයා වහන්සේලා නිසාත් මෙම මහඟු ශ්‍රාස්ත්‍රය ආරක්ෂා ආරක්ෂා විය.
ජ්‍යොතිෂය යනු කිසිම පදනමක් නැති, තම ආත්මශක්තිය පිළිබඳව විස්වාසයක් නැති අයගේ තේරුමක් නැති පුහු විශ්වාශයකි. සැතපුම් ලක්ෂ ගණන්, කෝටි ගණන් දුර සිටින ග්‍රහයන්ට අපේ චිත්ත ශක්තියට හෝ ජීවිතවලට කළ හැකි දේ කුමක්ද?, නූගතුන්ගේ විෂයයක් වන මේ වැඩකට නැති ජ්‍යොතිෂය දැන ගැනීමෙන් සහ විස්වාස කිරීමෙන් ඇති තේරුම මොකක්ද යන්නෙන් සිතන පිරිස එදා මෙන්ම අදත් සිටී.
ඒ අය දෙස් විදෙස්හි ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට මහගු සේවාවක් කල ලංකාවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, වීදාගම මෛත්‍රිය හිමියන් ඇතුළු උගතුන් ද ඉන්දියාවේ කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා, මහාචාර්ය සූර්ය නාරායන් රාවෝ යන උතුමන් නූගතුන්දැයි සිතා බැලීම වටි.
0 comments :
Post a Comment