.

Friday, May 24, 2019

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය

අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහා ගතහැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ඉරහඳ පමණක් නොව සෙසු ග්‍රහ තාරකාවනුත් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබදව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන් ගත්හ.


ඉර හඳ ඇතුළු ග්‍රහ තාරකා පිළිබඳව වැඩි දුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට එළැඹීමේ මෙම ක්‍රියාවලිය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ආරම්භය විය.

ක්‍රි.පූ. 5000 කට පමණ පෙර ජ්‍යෝතිෂ්ශ්‍රාස්ත්‍රය නම් මෙම විෂය බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ තිබූ බවටත්, මෙම කාල වකවානුවේ ඊජිප්තු ශිෂ්ඨාචාරයේ මෙම විෂය දියුණු වෙමින් තිබූ බවටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති නටඹුන් ඊට සාක්ෂි දරණ බව විද්වතුන්ගේ මතයයි.

පෙරදිග රටවල දියුනුවට පත් රාජ්‍යයන් ජ්‍යෝතිෂයෙන් වැඩගත් අයුරු ඉතිහාසයෙන් පෙනේ. වීනය, සියම, බුරුමය ආදී රජවරු රාජ්‍ය නිළධාරීන් ලෙස ජ්‍යොතිස්ශ්‍රාස්ත්‍රඟදයන් පත් කර තිබූ බවටද, ඔවුනගේ වැරදි අනාගත කියමන් දඩුවන් කලහැකි අපරාධ ලෙසටද ගණන් ගෙන තිබේ. අරාබි මිසර ජාතිකයන් තරු ගැන පරීක්ෂණ පවත්වද්දී ග්‍රීසිවරු වනචාරී මනුෂ්‍ය පිරිසක් බව පොත්පත්වලින් පෙනේ. ක්‍රි.පූ. 13 වෙනි ශත වර්ෂයේදී ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය පර්සියන්වරුන් විසින් ග්‍රීසියට ගෙන ගිය බවට ඉතිහාසය සාක්ෂි දරයි.

එසේම ක්‍රි.පූ. 13 වෙනි සියවස ග්‍රීසියේ ජ්‍යේතිෂ ගණිතය තුළින් ග්‍රහ ලෝකවල චලිතයන් පිළිබඳව නිශ්චිත විග්‍රහයන් ඉදිරිපත් කල හෙයින් ලග්නය සහ ලග්න උදාව පිළිබඳ නිවැරදිව ගණනය කිරිමට හැකිව තිබේ. ග්‍රීසිය දියුුණු වූ පසු ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය තව තවත් දියුණු වූ අතර මෙය ඔවුන්ගේ ශ්‍රාස්ත්‍රයක් හැටියට පසු කාලවල රටවල්වල ප්‍රචලිත කර තිබේ.

එනමුත් ග්‍රීක සංස්කෘතීන්යත් පෙර සිටම තාරතා ශ්‍රාස්ත්‍රය හා ගණිත ක්‍රම සහිත ජ්‍යොතීර්විද්‍යා දැනුම් සම්භාරයක් පුරාණ භාරතයේ පැවති බවටත් සාක්ෂි ඇත

0 comments :

Post a Comment