.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Friday, July 17, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2015 ජූලි මස 14 ‍වෙනිදා සිට 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් රවිට අයිති සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. රවි හිමි සිංහ රාශිය  ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

ගුරු ග්‍රහයා කිසියම් ජන්ම කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක සිටීම සුබදායකය. එවිට අශුභ වන්නේ ගුරු 3, 6, 8, 12 සිටින විටදීය. ඉන් ධනු ලග්නයට පමණක් ගුරු 8 වැනි භාවයේ සිටීම අශුභ නොවේ. එයට හේතුව වන්නේ ධනු ලග්න හිමියාගේ 8 වෙනි භාවය කටක රාශිය වීමෙන් ගුරු එහිදී උච්ච වන බැවිනි. එසේම මකර ලග්න හිමියන්ටද ගුරු 8 වැන්නේ සිටීමේ දෝෂය අඩු වීමට හේතුවක් ඇත. එනම් මකර ලග්න හිමියාගේ 12 වෙනි භාවය ධනු ලග්නයයි. 12 වැන්නාධිපති 8 වැන්නේ සිටීමෙන් විමල යෝගය උදාවීම ඊට හේතුවයි. එසේම පරිවර්ථන යෝග මගින් ගුරු 8 වෙනි භාවයේ සිටීමේ දෝෂය අහෝසි වේ. එනම් කිසියම් කේන්ද්‍රය ගුරු 8 වැන්නේ සිටියදී එම අටවැන්න අයිති රාශ්‍යාධිපතියා ගුරුට අයිති භාවයක සිටීමයි. එසේම නීචභංග රාජ යෝගය මගින්ද 8 වෙනි භාවයේ ගුරු සිටීමේ දෝෂය කිසියම් සමනයකට පත් වේ.

කාරක අයිතීන් කිහිපයක් ගුරුට ඇත. ඒවා නම් ධර්මකාරක, ඥාණකාරක, ධනකාරක, පුත්‍රකාරක ආදී වශයෙනුයි. රාශි චක්‍ර යේ ගුරුට අයිති රාශි දෙකකි. ඒ ධනුව හා මීනයයි. මේ රාශි දෙකේදී ගුරු ස්වක්ෂේත්‍ර වේ. කටකය ගුරුගේ උච්ච රාශියයි. මකර රාශිය ගුරුට නීචය.

.ගුරු ග්‍රහයා පිළිබඳව මෙවන් කරුණු රැසකි. අපඅ ඒවා ඉදිරියේදී ජ්‍යෝතිෂ පාඩම් මගින් විමසා බලමු. මෙම ග්‍රහ මාරුව එක් එක් ලග්නවලට බලපාන අයුරු දැන් අපි බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය
මේෂ - Ariesමේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට...

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්න
වෘෂභ - Taurusවෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මිථුන ලග්නය
මිථුන - Geminiමිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන්...

ගුරු මාරුව ඔබේ ලග්නයට - කටක ලග්නය
කටක - Cancerකටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්න
සිංහ - Leo මෙවර ගුරු ග්‍රහයා සංහ ලග්නයෙන් ...

ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය
කන්‍යා - Virgoමෙවර ගුරු ග්‍රහයා කන්‍යා ලග්න...

ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය
තුලා - Libraලග්නයෙන් එකොළොස්වැන්නේ ගුරු ගෝචරය වන ..

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය
වෘශ්චික - Scorpioදෙවැන්න වූ ධනස්ථානය අධිපති...

ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය
ධනු -Sagittariusමෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය
මකර - Capricornමකර ලග්නය හිමි ඔබේ අටවැන්නේ ගුරු...

ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය

කුම්භ - Aquariusකුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්න වූ...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය
මීන - Piscesමීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය

මීන - Pisces

මීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන හයවැන්නට ගුරු පැමිණීම යහපත් නොවේ. සතුරු කරදර සහ සෞඛ්‍ය ගැටලු ඇති වීමට මෙය හේතුවක් විය හැකි අතර ඒවාට බුද්ධිමත්ව මුහුණ දීමට ඇති හැකියාවද ඇත.

ධනකාරක ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් යුතුව ඔබගේ රැකියාස්ථානය දැකීම මගින් විවිධ බාධා ගැටලු මධ්‍යයේ වුවද ඔබගේ වෘත්තීය මට්ටම ආරක්ෂා වේ. එබැවින් සැළකිය යුතු ධෛර්යය සම්පන්න බවකින් රැකියාවෙන් සහ ව්‍යාපාරවලින් ආදායම් ලබා ගත හැකි වේ. එහෙත් මුදල් අඟහිඟතාවයන්ට මේ කාලයේ මුහුණ දීමටද සිදු වේ. විදෙස් ගමන් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වීමද උසස් මිතුරන්ගෙන් උදව් උපකාරද බලාපොරොත්තු විය හැකිය.

ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ගිවිස ගැනීම් ඉතා කල්පනාවෙන් කල යුතුය. යුගදිවි ගෙවන්නන් අතර සුළු සුළු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. දරුවන් ලැබීමට සිටින මව්වරුන් පැමිණෙන ගැටලු ගැන සිහිනුවණින් සිටිය යුතුය. ඉදිරි අනාගතය සුබ වන නිසා ඒ ගැන සිතා උපේක්ෂාවෙන් යුතුව සහ ධර්මානුකූලව කල් ගෙවිය යුතුය. නැතහොත් අධික රුධිර පීඩනය ආදී අනවශ්‍ය රෝගාබාදයන්ට ලක්විය හැකිය.

සෞඛ්‍ය තත්වය පිරිහීම මගින් ශාරීරික දුබලතාවයන් අැති වීමට ඉඩ ඇති කලයකි. එබැවින් හොඳ මානසිකත්වයකින් සහ අපේක්ෂාවෙන් යුතුව මෙම කෙටි කාලයට මුහුණ දීම සුදුසුය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මීන ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

යෝගකාරක කුජ හත්වැන්නේය ගුරු බාධක ස්ථනයේය. රවි රැකියා ස්ථානයේය.  සඳු වික්‍රමස්ථානයේ උච්ච වීමත් හේතුවෙන් ඔබට කිසියම් ලෙසක සුභඵල ගෙනදීමට හේතුවකි.

මෙම කාලය ඉතාමක් කාර්යය බහුල ලෙස ගෙවී යයි. ගෙදර දොර තත්වය හිත මිතුරන් නෑදෑයන් ගැන සිතීමට කාලයක් නැත. උත්සාහය උනන්දුව කැපකිරීම නොඅඩුව ඇති වන බැවින් රැකියාවේ කටයුතු කලට වේලාවට කරමින් උසස් අයගේන් කීර්ති ප්‍රසශංසා නිබදව ලැබේ. රැකියාවේ උසස් වීම් සහ වගකීම් බහුල වන බවක් පෙනේ. විදේශ සංචාර හිමි වේ. සතුරන් පරාජයට පත් වේ. ව්‍යාපාරාදියෙන් ලාභ මෙන්ම දියුණුවද ඇති වේ. වයාපාර සම්බන්ධව මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලැබේ. අනාගත ව්‍යාපාර ඉලක්ක වෙනුවෙන් දැන්ම සිට ප්‍රචාරණ කටයුතු කිරීමට සුදුසු කාලයකි.

පියාගෙන් හෝ පිය පක්ෂයේ දේපල උරුම වන කාලයකි. පියාට සුබය. පියාගේ පැවති රෝගාබාධ සමනය වේ.  සහෝදරයන්ට අසුබයි. කෙටි ගමන් වැඩිවන අතර අමතර වැය පක්ෂයද ඉහළ යයි. හදිසි අනතුරු සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇති හෙයින් ඉතාමත් කල්පනාවෙන් ගමන් බිමන් යෑම අනිවාර්යයි.

සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය

කුම්භ - Aquarius

කුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්න වූ ධනස්ථානය සහ එකොළොස්වැන්න වූ අයස්ථානය යන භාවයන් දෙකේම අධිපති ග්‍රහයා ගුරු මෙවර ග්‍රහ මාරුවක් සමග විවාහස්ථානය වන සත්වැන්නට සැපත්වීම සුබයි. මෙතෙක් පැවතියා වූ බොහොමයක් දොස් සමනය වන අතර ආර්ථික සංවර්ධනය සුබවාදී ලෙස වර්ධනය වේ.

ධනය සම්බන්ධයෙන් සුබයි. පසු ගිය කාලය පුරාවට ඔබව වෙලා ගත් ආර්ථික ගැටළු ක්‍රමයෙන් මග හැරී ආර්ථිකය ස්ථාවර වෙනු ඇත. රැකියා ව්‍යාපාරවලින් ආදායම් මෙන්ම අමතර ආදියම් සහ අනපේක්ෂිත හදිසි ධන ලාභ ද හිමි වේ.

රැකියා සහ ව්‍යාපාර දිනෙන් දින වර්ධනය වේ. රැකියා සහ ව්‍යාපාරික ස්ථානයන්හි පරිසරය ඔබගේ වෙහෙස නිවා දමා තෘප්තිය දනවන්නකි. හවුල් ව්‍යාපාරවල නියැළෙන අයගේ ව්‍යාපාරවල විශේෂ දියුණුවක් දැකිය හැකි අතර හවුල්කරුවන් අතර සුහදත්වයද වර්ධනය වේ.

තරුණ තරුණියන්ට මංගල යෝග විවාහ අපේක්ෂකයන්ගේ විවාහයන් තීරණය වීම හෝ විවාහ ගිවිස ගැනීම් යුගදිවි ගෙවන්නන්ගේ පවුලේ සතුට මෙන්ම දූ දරුවන්ගේ දියුණුවද ලැබෙන වාසනාවන්ත කාලයකි.

සෞඛ්‍ය තත්වයට තරමක් හොඳ මදි නිසා ඒ ගැන කල්පනාවෙන් සිටිම වැදගත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට කුම්භ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

කුම්භ ලග්න හිමි ඔබගේ යෝගකාරක සිකුරු දසවැන්න වූ රැකියාස්ථානයේය. ධනකාරක සහ ධනස්ථානාධිපති ගුරු කලත්‍රස්ථානය හෙවත් විවාහ ස්ථානයේය. ගුරුත්, විවාහ ස්ථානය හිමි රවි බුධ සමග අයස්ථානයේය. සඳු ගේ දොර ගැන කියන හතරවැන්නේ උච්ච වීමත් හේතුවෙන් ඔබට සුභඵල රැසක් ගෙනදීමට මෙම ග්‍රහචාරය හේතු වේ.

ඔබගේ ගෘහ ජීවිතය සහ ගෙදර දොර පරිසරය සාමකාමීව හැමෝගෙන්ම උදව් උපකාර ඇතිව ගත කිරීමට ලැබෙන වාසනාවන්ත කාලයක් ලෙස මෙම ග්‍රහචාරය පරිවර්ථනය වී ඇත. දේපල සම්බන්ධව ගැටලු මෙතෙක් පැවතියා නම් ඒවා විසඳෙන නඩු හබවලින් ජය ගෙන අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැසක් ඇති වන කාලයකි. නව නිවාස තැනීම අලුත්වැඩියාවට මූල්‍ය ආයතනවලින් ණය ලැබෙන කාලයකි.

රැකියාවේ තත්වය උසස් වී ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත් වෙන වැඩි වැටුල් අතිකාල ලැබේ. නව රැකියා බලාපොරොත්තු වූ අයගේ අදහස් සපල වේ. ස්වයං රැකියා සහ හවුල් වයාපාරාදියෙන් ආදායම් ලැබේ. ඔබගේ ජනප්‍රියතාවය ඉහළ යන නිසා වයාපාරාදියේ ප්‍රචාරණ කටයුතුවලට නොමියව මුදල් වැය කරන්න. අනාගත ආයෝජනවලින් වාසි අත්වෙන ග්‍රහ බලයකි.

හිතවතුන්ගෙන් ගරු බුහුමන් තෑගි භෝග සැප පහසු ගෘහ උපකරණ යාන වාහන සිහින සැබෑ කර ගත හැකිය.

කුජ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය

මකර - Capricorn

මකර ලග්නය හිමි ඔබේ අටවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වේ. ගුරු අටවැන්නේ ගෝචරය සාමාන්‍යයෙන් සුබ නොවුනත් මකර ලග්න හිමියන්ට එය බල නොපායි. එයට හේතුව ගුරු දොළොස්වැන්නාධිපති වී අටවැන්නේ ගෝචරයෙන් විමල යෝගය උදාවීමයි. එමගින් අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන සහ වාසනාව පෑදෙයි. යම්තාක් දුරට ගුරුගේ අපල සමනය වේ.

ආදායම් තත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වන අතර හදිසි ධන ලාභ උරුමයි. පාරම්පරික දේපල ලැබීමක්, නිවාස, වාහන මිලදී ගැනීම, පවතින ගේදොර අළුත්වැඩියාවක් වැනි කිසියම් දේපළ වර්ධනයක් සඳහා සුදුසු පරිසරයක් සැකසේ. නඩු හබ තම වාසියට විසඳේ.

රැකී රක්ෂාවල කිසියම් පසු බෑමක්, රැකියා වෙනස් වීමක් හෝ දුර බැහැර ප්‍රෙද්ශයකට මාරු වීමක් ආදී රැකියාවේ විශේෂ වෙනසක් දැකිය හැකිය. ව්‍යාපාරික ස්ථානයේ විවිධ බාධක සහ අර්බුද මතුවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කිරීමට සිදුවේ.

ඉදිරියේදී ගැටළු ඇති විය හැකි පෙම් සබඳතා සහ විවාහ කටයුතු සිදුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් සහ බුද්ධයෙන් කටයුතු කිරීම මැනවි. යුගදිවි ගෙවන්නන් සහ පවුලේ වෙනත් අය සමග දැඩි ස්වරයෙන් වචන හුවමාරු සුදුසු නැත. දරුවන්ගේ කටයුතු යහපත් වන නිසා ඔවුන්ගේ අනාගතය ගැන වෙහෙසීම ඵලදායකය. පිටස්තර අය සමග සුහදශීලීව කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය තත්වය පිරීහීමට ඉඩ ඇති නිසා පරිස්සම වැදගත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මකර ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මකර ලග්නය හිමි ඔබගේ යෝගකාරක වන සිකුරු දස වැන්නේ කේන්ද්‍රස්ථාන ගත වීමත්, රවි - ගුරු වැයස්ථානයේ සහ මෘත්‍යථානයේ / මාරකස්ථානයේ පරිවර්ථනය වෙද්දී සඳු පස්වැන්නේ උච්ච වීමත් ඔබට මධ්‍යම ඵල ගෙනදීමට හේතු වේ.

තම එදිනෙදා කටයුතු උනන්දුවෙන් යුතුව තම අභිමතය පරිදි කරගෙන යෑමට යම් වෙහෙසක් උනන්දුවක් කැපකිරීමක් කිරීමට සිදු වෙයි. හිතට කරදර ගෙනදෙන සිදු වීම් ඇති වුවත් වෙනදා පැවති යම් අසනීප තත්වයක් සමනය වීමෙන් සිතට සහනයක් ඇති වේ.

බලාපොරාත්තු කඩවීම්, කරන කියන කටයුතුවලින් එතරම් යහපතක් නොවන කාලයක් ගෙවී යවනාත් සමගම ඉගෙනීමට සහ උසස් අධ්‍යාපනයට ඇති හැකියාව සහ ග්‍රහ බලය නිසා අනාගතයේ සතුට සැනසුම පිණිස දිරිමත්ව වැඩ කිරීමට සිතට ගන්න. තම ගෞරවයට හානි සිදු වීමට ඉඩ ඇති බැවින් ඉතාම කල්පනාවෙන් තම එදිනෙදා කටයුතු කිරීමට සහ පැන නගින ගැටළුවලට මුහුණ දෙන්න.

රැකියාවේ ස්ථාවරය සහ රැකියා කරන ස්ථානයේ පරිසරය ඔබට සුවදායක පරිසරයක් කර ගැනීමට සිතට ගන්න. අනවශ්‍ය වගකීම් බැහැර කර තම යුතුකම් කොටස පමණක් ඉටු කරන්න. ආදායම් තත්වය පහළ ගියද ආත්මාර්ථයෙන් තොරව කටයුතු කිරීමෙන් යම් ස්තාවර තත්වයක් ගොඩනගා ගැවනීමට ඉඩක් ඇත. හවුල් ව්‍යාපාරවලින් ප්‍රෙයා්ජන ලැබීම අසීරුය. නව ව්‍යාපාර ආරම්භ කිරීම ගල් දමන්න.

පපුවේ දුර්වලතා බලවත්වීමට ඉඩ ඇති නිසා තෙල් සහිත ආහාරවලින් වැළකී, නිසි ව්‍යායාමාදියේ යෙදී සෞඛ්‍යය තත්වය යහපත්ව තබා ගැනීමට සිහියට ගන්න.

බුධ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

Thursday, July 16, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය

ධනු - Sagittarius

මෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ ලග්නාධිපති වූ ගුරු නවවැන්න වූ භාග්‍යස්ථානයට පැමිණ ගමන් ඇරඹිම ධනු ලග්න හිමි ඔබට ඉතාමත් සුබදායකයි. ධනු ලග්න හිමියන්ට ගෝචර වන ගුරු පැමිණිය යුතු හොඳම තැනට මෙවර පැමිණ ඇත. ඒ අනුව පැවති පීඩාකාරී බව, අසහන, බාධා තුනී වී ඔබගේ සෘණ සිතුවිලි ධන සිතුවිලි බවට පරිවර්ථනය වේ.

ධනකාරක ගුරු භාග්‍යස්ථාන ගත හේතුවෙන් විවිධ ධන සම්පත් පෑදෙනු ඇත. අමතර ආදායම්, හදිසි ධන ලාභ, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලැබීමේ භාග්‍ය හිමිය. මෙතෙක් නැවතී තිබූ ආදායම් මාර්ග සක්‍රීය වේ.

රැකියාවේ හෝ ව්‍යාපාරයේ උසස් වීම්, දියුණුව, ආදායම් සහ වෘත්තීය තෘප්තිය, විදේශීය හිතවතෙකුගෙන් උදව් උපකාර හිමිය.

උසස් අධ්‍යාපනය නියෝජනය කරන නවවැන්නට පැමිණි ප්‍රඥාකාරක ගුරු පසුබැස තිබූ ඔබගේ අධ්‍යාපන කටයුතු නැවත උද්දීපනය කරයි. උසස් අධ්‍යාපනය හදාරන ධනු ලග්න හිමියන්ගේ ජය තහවුරු කරයි.

යහපත් මංගල යෝග යෙදේ. විවාහක අයගේ පවුලේ දියුණුව වර්ධනය වේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට යහපත් සහ වාසනාවන්ත දරුවන් ලැබේ. පුතුන් ලැබීමේ වැඩි ඉඩක් ඇත. දරුවන්ට සහ පියාට යහපත් කාලයක් වේ. ආගමික කටයුතුවල හා වන්දනා ගමන්වල නිරත වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ 
අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට ධනු ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ.

ධනු ලග්න හිමි ඔබගේ බලවත් යෝගකාරකයන් වන රවි - බුධ ඔබගේ කේන්ද්‍රෙය් නවවැන්නාධිපතිගේ සහ දහවැන්නාධිපතිගේ සංයෝගයකි. නවවැන්නාධිපති සහ දසවැන්නාධිපති එක්වීම බලවත් රාජයෝගයක් වූ ධර්ම කර්මාධිපති යෝගයයි. එහිදී ලබන සුභඵල දෙගුණ තෙගුණ කිරීමට යෝගකාරකයන් වීම හේතුවෙන් සිදු වේ.

ඊට අමතරය රැකියාස්ථානයේ රාහුගේ ගෝචරය රැකියාවෙන් ලබන දියුණුවත් අයස්ථානගත ස්වක්ෂේත්‍ර සිකුරුගෙන් යහපත් ආදායම් සහ යාන වාහන හිමි සුවපහසු ජීවිතයද ඔබගේ චිත්තප්‍රීතිය නොඅඩුව ලැබෙන ග්‍රහයෝගයක් බව තහවුරු කල හැකිය.

උසස් අධාපනය නියෝජනය වන සහ පෙර පිංබලය නියෝජනය වන නවවැන්නත් තම පෞරෂත්වය ශක්තිය උනන්දුව උත්සාහය ගෙනෙන ලග්න භාවවේ ආත්මකාරක ග්‍රහයා ලග්නයේ බලවත්වීම සහ පරිවර්ථනය වීම රවි- බුධ සංයෝගයේ බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය ඇතුළු ග්‍රහ බලය අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමුවීම තුලින් එහි දියුණුවත් එය රැකියාවේ මතු දියුණුවටත් අනාගත ඉහළ ආදායම්වල දියුණුව ඇතුළු ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ. මෙම ග්‍රහ බලය අනාගතයේ ලැබීමට නියමිත උසස් ආදායමත් දෙගුණ තෙගුණ වන නිසා ඒ ගැන උනන්දු වන ධනු ලග්න හිමියන්ට අනාගත ජීවිතය සතුටුදායක ලෙස ගොඩ නංවා ගැනීමට මහෝපකාරී වෙයි.

රවි, බුධ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය

තුලා - Libra

ලග්නයෙන් එකොළොස්වැන්නේ ගුරු ගෝචරය වන නිසා මෙම ග්‍රහ මාරුව තුලා ලග්න හිමියන්ට සුබදායකයි. ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සපල කර ගත හැකි කාල වකවානුවකි. සමාජයේ යන එන තැන ප්‍රධානත්වය හිමිවන කැපී පෙනෙන ග්‍රහ පිහිටීමකි. සමාජයෙන් ගෞරව සහ බුහුමන් ලැබෙනු ඇත.

ධනය සම්බන්දයෙන් සැළකීමේදී ධනකාරක ගුරු අයස්ථානයට පැමිණීම ආදායම් ලැබීම් අතින් යහපත් බවක් පෙන්වයි. රැකී රක්ෂා මගින් සහ වෙළඳ ව්‍යාපාරවලින් සැළකියයුතු ආදායමක් ලැබේ නව උසස් රැකියා සහ රැකියාවේ උසස් වීම් ලැබෙන කාලයකි. රැකියා ස්ථානයේ සහ  ව්‍යාපාර ස්ථානයේ තෘත්තිමත් බව නොමදව ගෙන දෙන කාලලයකි.

අධ්‍යාපනය ලබන වයසේ සිටින අයගේ මිතුරු ඇසුර වැඩි වනු ඇත. උසස් ගතිගුණ ඇති මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. එහෙත් අහිතකර ආශ්‍රයන් හේතුවෙන් ඉගෙනීමේ කටයුතුවලට බාධා එල්ලවිය හැක.

විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු කල් යයි. විවාහකයන් අතර දරුවන් සමග වන තම පවුලේ සාමාජිකයන් අතර සමගිය සතුට ඇති කරවයි. එහෙත් සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතා ඈත් වීමට ඉඩ තිබේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට තුලා ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

තුලා ලග්නය හිමි ඔබගේ රවි සහ ගුරු පරිවර්ථනය තුන්වැන්නේ සහ එකොළොස්වැන්නේ ගෝචරය වෙයි. ලග්නාධිපති ලග්නයේ ස්වක්ෂේත්‍ර වේ. සඳු අටවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල ගෙනදීමට හේතු වේ.

ලග්න ගත සිකුරුගෙන් මාලවී යෝගය යෙදේ. අන් අය සමග සුහදව කටයුතු කරයි. බලවත් කරදර බාධක නැත. ඇතිවන කරදර බාධක ගනන් නොගනී. උසස් අයගෙන් සහ ප්‍රභූන්ගෙන් උදව් උපකාර හිමි වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට හැකි වේ. ලොකරැයි දිණුම් වැනි ක්ෂණික ධන ලාභවලටද භාග්‍යය ඇත.

ගෘහ ජීවිතය සතුටුදායක සහ වාසනාවන්ත වෙයි. පවුලේ සමගිය සමාදානය හැකි හැම විටම ආර්ක්ෂා කර ගනී. විවාහකයන් අතර සුහදත්වය වර්ධනය වේ. හවුල් කරුවන් සමග කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත් වේ. සමාජයේ කැපී පෙනෙන අතර අසල් වාසීන්ගෙන් යම් යම් බාධා ඇති වීමට ඉඩ තිබේ.

රැකියා සහ ව්‍යාපාරවලින් ආදායම් සරු වේ. සුව පහසුව සහ ලස්සන ඇඳුම් පැළඳුම් වෙනුවෙන් විනෝදය වෙනුවෙන් වියදම්ද අධික වේ. පැවති අසනීප තත්වයන් පහව යයි. නිරෝගී සුවය අත්වේ.

ශනි, බුධ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය

වෘශ්චික  - Scorpio

දෙවැන්න වූ ධනස්ථානය අධිපති ධනකාරක ගුරු වෘශ්චික ලග්න හිමියන්ගේ දසවැන්න වූ රැකියාස්ථනයේ ගමන් ඇරඹීම රැකියා ව්‍යාපාර සහ වෘත්තීය අංශවල දියුණුවට හේතු වේ. රැකියා උසස්වීම්, ප්‍රධානීන්ගෙන් පැසසුම් සහා වයාපාරයේ ප්‍රගතිය සහ ලාබ අපේක්ෂා කල හැකිය.

ධනය සම්බන්ධව සැළකීමේදී ඉතිරි කර ගැනීමට අපහසුකම, අමතර වියදම් ඇති ීමට ඉඩ ඇත. නිසි කළමණාකාරයක් නොමැති වුවහොත් ණය වීමටද ඉඩ තිබෙන කාලයකි. නිවාස අලුත්වැඩියාවන් වාහන මිලදී ගැනීම් ආදියටද හත යොමු වේ.

ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට සහ විවාහ කටයුතු සිදු වීමටද පුුවන. නමුත් ඒවා ගැන නිසි ඇගයීමට ලක් නොවීම හේතුවෙන් ඉදිරියේදී යම් ගැටලු නිර්මාණය වීමක්ද ඇති බැවින් ඒ ගැන අවබෝදයෙන් යුතුව කටයුතු කල යුතුය. දැනට යුගදිවි ගෙවන්නන් අතර යම් මත භේද පැන නගින අතර ඒවා විසඳ ගැනීමට පුලුවන. දරුවන්ගේ කටයුතුවලට මැදිහත් වීමෙන් ඔවුනගේ අනාගතය සාර්ථක කල හැකිය.

සෞඛ්‍ය සම්බන්ධයෙන්ද යම් පීඩජාකාරී බවක් ඇත. කල්පවතින රෝග ඇති අය නිසි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත්ය. වෘශ්චික ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරුව සුබ අසුබ ඵල මිශ්‍රව ලැබෙන කාලයකි.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට වෘෂ්චික ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ.

දෙවැන්න වූ ධනස්ථානයේ සහ දසවැන්න වූ රැකියාස්ථානයේ රවි - ගුරු පරිවර්ථනය සහ හත්වැන්න වූ විවාහස්ථානයේ චන්ද්‍රයා උච්ච වීමද, ඔබගේ ලග්නාධිපති වූ කුජ අයස්තානය වූ එකොළොස්වැන්නේ ගෝචරයද ඇතුළු ග්‍රහ බලය අනුව ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

විශේෂයෙන්ම රැකියාව තැන්පත් ධනය හවුල් කටයුතු ගෙදර දොර පරිසරය යහපත්ව ඔබට මෙම වසරේ උදාවන දීප්තිමත්ම කාලය මෙයයි.

මෙම ගුහ බලය කෙටියෙන් විස්තර කලහොත් එය මෙසේය. දෙවැන්න වූ කුටුම්භස්ථානෙයේ සිටින රවිත් සහ හත්වැන්න වූ කලත්‍රස්ථානයේ සිටින උච්ච සඳුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් උදව් වේ. ඊට අමතරව දෙවැන්න ධනස්ථානය වන නිසාත් සහ හත්වැන්නෙන් හවුල් ව්‍යාපාර ගැන කියවෙන නිසාත් ඒ භාවයන් බලවත් වීම හේතුවෙන් හවුල් ව්‍යාපාරවල වර්ධනයටත්  දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි - බුධ ධනස්ථායේ සහ රැකියාස්ථානය වූ දසවැන්නත් අතර පරිවර්ථනයත් අයස්ථානයේ ලග්නාධිපති කුජ උච්චව ඇති නිසාත් රැකියා සහ ව්‍යාපාරවල දියුණුවත් ඉන් ලබන උසස් ආදායමත් දෙගුණ තෙගුණ වන ග්‍රහ බලයක් ඇති නිසා වෘෂ්චික ලග්න හිමියන්ට අනාගත ජීවිතය සතුටුදායක ලෙස ගොඩ බංවා ගැනීමට මහෝපකාරී වෙයි.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

Wednesday, July 15, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය

කන්‍යා - Virgo

මෙවර ගුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්ගේ වැයස්ථානය වූ දොළොස්වැන්නෙන් ගමන් ඇරඹීම එතරම් සුබදායක බවක් නොපෙන්වයි. එබැවින් මනා සිහි නුවනින් සහ ඉවසීමෙන් කල් ගත කර යුතු බව අවධාරණය කිරීමට සිදු වේ. එදිනෙදා කටයුතු කිරීමේදී ඇති විය හැකි බලවත් බාධක සහ අවහිරතා ලිහිල් කර ගැනීමට දැඩි උත්සාහයෙන් සහ කැපකිරීමෙන් යුතුව ක්‍රියා කිරීමට සිදුවේ.

තැන්පත් ධනය වර්ධනය නොවන අතර අමතර ආදායම් නතරවීමේ තත්වයක් පෙන්නුම් කෙරේ. අනවශ්‍ය වියදම් සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් පාලනය කිරීමට තදින් සිතට ගත යුතුය. නැතහොත් එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය වියදම්වලට පවා ණය වීමට සිදු වේ.

රැකියාවේ සහ ව්‍යාපාරවල තත්වය පහත වැටීමට ඉඩ ඇත. ලැබූ ලාභ ක්‍රමයෙන් අඩුවී අලාභ තත්වයට පෙරලීමට බොහෝ දුරට ඉඩ ඇත. පවතින අශුභ ග්‍රහ තත්වය පහව යන තෙක් නව ව්‍යාපාරාදියට මුදල් නොයෙදීම සහ පවතින ව්‍යාපාර සිහි නුවණින් යුතුව ආරක්ෂා කර ගැනීම සේවකයන් වුවත් සැඟවුන සතුරන් ක්‍රමයෙන් හඳුනාගෙන ව්‍යාපාරයෙන් ඈත් කර තැබීම ආදී සැළසුම් ක්‍රියාත්මක කිරීමට උත්සුක වන්න.

ගෙදර දොර පරිසරය සහ සාමය ආරක්ෂා කර ගැනීමට මහත් වෑයමක් දැරීමට සිදු වනු ඇත. නව ප්‍රේම සම්බන්ධතා ඇතිකර නොගැනීම විවාහයන් කල් දැමීම යුගදිවි ගෙවන්නන් සාකච්ඡා මගින් සමගිය ආරක්ෂා කර ගැනීම සුදුසුය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට කන්‍යා ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

කන්‍යා ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන බුධ සහ සිකුරු කේන්ද්‍රස්ථාන ගත වීමත්, රවි - ගුරු නිවාසස්ථානයේ සහ වැයස්ථානයේ පරිවර්ථනය වෙද්දී සඳු නවවැන්නේ උච්ච වීමත් ඔබට අශුභ ඵලවලට වඩා සුභඵල ගෙනදීමට හේතු වේ.

තම එදිනෙදා කටයුතු උනන්දුවෙන් යුතුව තම අභිමතය පරිදි කටයුතු කරයි. කඩිසරකම විටෙක හදිස්සියක් දක්වා වර්ධනය වේ. වැඩිදුර සිතීමට නොපෙළඹෙන අවස්ථාද ඇත. එය මග හැර ගැනීම වැදගත්ය. උපායෙන් අන් අයගේ සිත් දිනා ගැනීමටත් උපායෙන්ම සතුරන් මෙල්ල කිරීමටත් හැකි වේ. අන් අයගේ අඩු පාඩු හොඳින් පෙනේ. පවුලේ අයට වඩා පිටස්තර අය ඇසුරට පෙළඹේ. විවාහකයන් අතර මතභේද, අසතුට, මත භේධ වර්ධනය වේ.

පොත් පත් කියවීමට කැමති දූ දරුවන්ට අධ්‍යාපනය හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට හේතු වේ. අධ්‍යාපනය ඇසුරු කරගෙන කරන රැකියා කටයුතුවල දියුණු වේ.

රැකියාවේ උසස්වීම් මෙන්ම වෙනස්වීම්වලටද මුහුණ දීමට සිදු වේ. ස්ථාවර ආදායම් තත්වයක් වෙනුවට වෙනස් වන ආදායම්ද ව්‍යාපාර කරන අයගේ ආදායම්ද නිතර ඉහළ පහළ යන තත්වයක් ඇත. හවුල් ව්‍යාපාරවලින් ප්‍රෙයා්ජන ලැබීම අසීරුය.

පපුවේ දුර්වලතා බලවත්වීමට ඉඩ ඇති නිසා තෙල් සහිත ආහාරවලින් වැළකී, නිසි ව්‍යායාමාදියේ යෙදී සෞඛ්‍යය තත්වය යහපත්ව තබා ගැනීමට සිහියට ගන්න.

බුධ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය

සිංහ - Leo

සිංහ ලග්නය හිමි ඔබගේ ලග්න භාවයට එනම් කේන්දරයේ පළමුවෙනි කොටුවට ගුරුගේ සම්ප්‍රාප්තිය සිදු විය. එය ඔබට සුබදායකයි. සාමාන්‍යෙයන් ගුරු ගෝචරයෙන් පළමු භාවයට පැමිණීම එතරම් අගය නොකරතත් ලග්නයේදී දික්බල වන ගුරු ඔබගේ පස්වැන්නාධිපති හෙවත් ත්‍රිකෝණාධිපති වීමේ ගුණය ඉස්මතු වීම නිසා ඔබට මෙම ගුරු ගෝචරය බොහෝ අඩු පාඩු සපිරෙන බලාපොරොත්තු ඉටුවෙන සුබදායක වසරකි. මෙම ගුරු ගෝචරය හේතුවෙන් ඔබ‍ෙගේ තිගුණ පෙනුම ශරීර ශක්තිය තත්වය මෙන්ම උසස් අයගේ ඇසුරට පත්වීම වාසනාවකි.

ධනය අතින් යහපත් වන අතර තැන්පත් ධනයේ වර්ධනයක් ලැබිය හැකි කාලයකි. හදිසි ධන ලාබ ද උරුමය. හවුල් ව්‍යාපාර සඳහා සිත යොමු වෙන අතර ඊට සුදුසු යහපත් ව්‍යාපාර සහ හවුල්කරුවන් ඉබේම මෙන් හමුවන බව පෙනේ. නමුත් ව්‍යාපාර සහ හවුල්කරුවන් තෝරාගැනීමේදී සහ ආයෝජනය කරන ආකාරය ගැන පුළුල්ව කල්පනා කර ක්‍රියා කළහොත් අනාගතයේදී එය ලාභ පිට ලාභ උපයන ධනෝපායන මාර්ගයක් වේ.

ගෘහාශ්‍රිත පරිසරය යහපත් වීමෙන් පවුලේ අය සමග සතුටින් සමගියෙන් කල් ගෙවිය හැක. අවිවාහකයන්ට මංගල යෝගද විවාහකයන්ගේ යුගසැපතද සරු හෙයින් ජීවිතය සාර්ථක ලෙස ගෙවිය හැකිය. දරුවන්ගේ දියුණුවද ඇසුරු කරන්නන් අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනයද සිදු වේ.

ලෙඩ දුක් පීඩා සමනය වන නිසා සුළු අසනීප හැරුනු කොට සෞඛ්‍ය තත්වයද ඉතා යහපත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට සිංහ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

සිංහ ලග්නය හිමි ඔබගේ යෝගකාරක කුජ ධන භාවයේ වීමත්, රවි සහ ගුරු ලග්නයේ සහ පස්වැන්නේ පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දහවැන්නේ උච්ච වීමත් හේතුවෙන් ඔබට සුභඵල රැසක භාග්‍යය ඇත.

සිංහ ලග්න හිමියන්ගේ ගුරු ලග්නයට දික්බලය. ලග්නාධිපති පරිවර්ථන යෝගයකි. ප්‍රසිද්ධිය සහ කීර්තිය ඉහළ යන අතර ඕනෑම දුෂ්කර කටයුත්තක් නිසියාකාරව කිරීමට සමත් වේ. එම නිසා රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ ඇගයීමට ලක් වේ ඇසුරු කරන්නන් අතර ජනප්‍රියත්වයට පත් වේ. ශනිගේ සත්වැනි දෘෂ්ඨිය රැකියාගේ දුෂ්කර තත්වයන්ට සහ නිතර ඇවිදිලිවලට භාජනය වේ. හදිසි අනතුරු මගහැර ගැනීමට සිත තබා ගත යුතුය. උච්ච සඳු වෙළඳාම, ඉඩකඩම් සම්බන්ධ සහ ප්‍රචාරක සේවා කරන අයගේ ව්‍යාපාර දියුණු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නියුතු අයට ශුභදායක වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් ලග්නයත් අතර රවි - ගුරු පරිවර්ථනය ඊට අවශ්‍ය ග්‍රහ තත්වය සපයයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත.

ගේ දොර පිළිබඳ ප්‍රශ්න ඇති වේ. දෙමාපිය නෑදෑයන්ගෙන් වෙන් වී සිටීමට සිදු වේ. ඥාතීන්ට කොතරම් උදව් උපකාර කළත් එයින් කිසිදු ලාබ ප්‍රෙයා්ජනයක් නොලැබෙන තත්වයක් ඇත.

රවි, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - කටක ලග්නය

කටක - Cancer

කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව බොහෝ අංශවලින් සුබදායකය. භාග්‍යස්ථානය අධිපති ගුරු ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ ධනභාවයේ ගෝචරය ආරම්භ කිරීම මෙයට හේතුවයි. ධනය ලැබීම අතින් ඉතාමත් යහපත් වන අතර අමතර ආදායම් මාර්ග ලොතරැයි ජය ආදී හදිසි ධන ලාබ හිමි වන කාලයකි.

රැකියාවේ උසස් වීම් පිට පිට ලබන රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් මෙන්ම සෙසු අයගෙන් කීර්ති ප්‍රශංසා හිමිව සතුටින් කලු ගෙවිමට හැකිය. ව්‍යාපාර කරන්නන්ගේ ව්‍යාපාර හවුල් ව්‍යාපාරාදිය දිනෙන් දින දියුණුවට පත් වේ.

යහපත් මංගල යෝග ප්‍රේම සම්බන්ධතා යුගදිවි සැපත නොමදව ලැබෙන අතර දූ දරුවන්ගේ ආදරය සහ සැළකිල්ල වැඩි වන කාලයකි. නිවසේ උත්සව මානසික සුවය වන්දනා ගමන් ඇති වෙන සුබ කාලයකි.

සෙම් ආශ්‍රිත හා උදරාශ්‍රිත සුළු රෝග ඇති විය හැකි අතර සෞඛ්‍ය තත්වය යහපත්ය.


යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට කටක ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

ධනකාරකයෙකු වන ගුරුත්, ධනස්ථානය හිමි රවිත් පරිවර්ථනය සහ ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්ච වීමත් හේතුවෙන් ඔබට ධනය අතින් සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

වාසනාව ඔබ සොයා එන ග්‍රහ බලයක් පවතින අතර විශාල ධන ලාභ, ඔට්ටු, සූදු, ලොතරැයි දිනුම් ආකාරයේ ධනයකට හේතු වේ. කටක ලග්නය හිමි ඔබගේ යෝගකාරක කුජ වික්‍රමස්ථානයේ සිටින බැවින් කරන කියන කටයුතුවලට දැඩි උත්සාහය සහ කැප කිරීම් නොඅඩුව ඇත. හතරවැන්න වූ නිවාසස්ථානයේ සිකුරුගේ ස්වක්ෂේත්‍ර වීම සහ රවි -ගුරු පරිවර්ථනය නිවාස මිලදී ගැනීමට, නිවාස ඉදිකිරීමට සහ අලුත්වැඩියාවට හෝ නිවසට අවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට අවශ්‍ය ග්‍රහ බලය විශ්වය විසින් සම්පාදනය කර ඇත. සුඛෝපභෝගී වාහනවල අයිතියද තමන් සතු කර ගැනීමට මෙම අවස්ථාවේ භාග්‍යය ලැබේ,

තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් ඉහළ ජයග්‍රහණ හිමි වේ. රැකියාවේ නිලතල උසස් වීම් සහ වැඩි වැටුප් ලැබීමේ හැකියාව සහ ව්‍යාපාරවල නියුතු අයගේ ව්‍යාපාර ජනප්‍රිය වී, දියුණු වී ආදායම් වැඩි දියුණු වනු ඇත. කටක හිමියන්ගේ අයස්ථානයේ ලග්නාධිපති සඳු උච්ච වීමෙන් ලැබෙන ධන කුවේර යෝගයේ නියමාකාර ප්‍රථිඵල භුකුති විඳීමට හැකි වනු ඇත.  

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මිථුන ලග්නය

මිථුන - Gemini

මිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන් තුන්වැන්නේ ගුරු ගමන් අරඹයි. සුබ අසුබ ඵල මිශ්‍රව බුක්ති විඳීමට මෙය හේතුවක් වේ. තුන්වෙනි භාවය වික්‍රමස්ථානය ලෙස සහ සහෝදරස්ථානය වේ. වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමි කාලයකි. දුරස්ව සිටි සහෝදරාදීන් මෙන්ම මිතුරු මිතුරියන්ද වෙනදාට වඩා ළඟින් ඇසුරු කිරීමට පෙළඹේ.

උනන්දුව උත්සාහය වර්ධනය වීමෙන් තම එදිනෙදා කටයුතු කලට වේලාවට ඉටු කර ගනී. රැකියා ස්ථානයේ මෙතෙක් තිබූ පහසුකම් හා වරප්‍රසාද ක්‍රමයෙන් ගිලීහී යාමට එරෙහිව ඉහත කී උද්ද්‍යෝගය තුල සහ කල්පනාකාරී හා දූරදර්ශී ක්‍රියාවන් මගින් කිසියම් සාර්ථකත්වයක් දැකිය හැක. රැකියා මාරුවීම් අපේක්ෂා කරන අයට ඒවා ඉටුවන බව පෙනේ.

විවිධ ආර්ථික දුෂ්කරතා මතු විය හැකි අතර අත්‍යාවශ්‍ය දේ සඳහා බොහෝ විට ණය විමටද ඉඩ ඇති කාලයකි.

පවුලේ සාමාජිකයන් සමග පැවති සුළු මත භේද පවා දුරු වීමෙන් ඇති වන සමගිය මානසික තෘත්තිය වර්ධනය කරනු ඇත. තරුණ තරුණියන් අතර යහපත් ප්‍රේම සමබන්ධතා ඇති වෙන අතර විවාහයට සුදුසු සහකරු හෝ සහකාරිය තීරණය කිරීමටද පුලුවන් වේ. ගෙදර දොර පරිසරය සහ යුගදිවි ගෙවන්නන් අතර සුහදතාවය වර්ධනය වන කාලයකි. දරුවන් සිටින අය වැඩි කාලයක් ඔවුන් වෙනුවෙන් යොදවන අතර අනාගතයේදී එමගින් සතුටු විය හැකිය.

සතුරු කරදර ඇතිවිය හැකි වුවද බරපතල සෞඛ්‍ය ගැටලු පැන නොනඟින යහපත් කාලයකි.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. Bookmark සඳහා යතුරු පුවරුවේ  Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මිථුන ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මිථුන ලග්න හිමි ඔබට සමස්ථ ගුරු මාරුවම තරමක් අර්බුධකාරී තත්වයත ඇතත් ඉදිරියේදී නොසිතූ වාසි රැසක් අත්කර ගැනීමට හැකි වන ඔබතුල සැඟවුනු දක්ෂතා හෝ කලක් ඔබ විසින් වැඩගත් නමුත් දැනට අත්හැර දමා ඇති කටයුතු කෙරේ උනන්දු වීමට මෙය හොඳ කාලයකි.

ඥාණ ශක්තිය සහ ධාරණ ශක්තිය ඉහළ නිසා අධ්‍යාපනයේ නියෙලෙන අයට බලවත් අපහසුතාවයන් නොමැත. කෙසේ නමුත් බාහිර පරිසරයෙවන් ඈත්ව තම අධ්‍යාපන කටයුතු කෙරේ අවධානය යොමු කරන දරුවන්ට හා නව කාක්ෂණික විෂය ධාරාවන් හදාරණ අයට සුබයි. ආගම ධර්මයට සිත යොමු කිරීමත් කලබලකාරී ගතිය මගහැර ගැනීමත් සුදුසුය.

ඇසුරු කරන්නන්, විහාහකනම් බිරිඳ හෝ ස්වාමි පුරුෂයා සමග නොතේරුම්කමින් හෝ දුරදිග සිතා බැලීමකින් තොරව කරන කටයුතු අවුල් සහගත වීමේ තත්වයක් ඇති හැකි බැවින් ප්‍රෙව්ශමෙන් කටයුතු කරන්න. සිතේ සතුටට බාධා ගෙන දිමත්, ඔවුන් සමග අසමගිකම් වර්ධනය වීමටත් ඉඩ ඇත. විශේෂයෙන්ම ස්ත්‍රීන් සමග ආරවුල්, බොරු චෝදනාවන්ට ලක්වීමේ සහ නොයෙක් ආකාරයේ පාඩු සිදු වීමට ඉඩ තිබෙන කාලයකි.

රැකියා ස්ථානයේ සහ ප්‍රධානීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට අවශ්‍ය හා සුදුසු දෑ පමණක් තෝරා බේරා ගෙන කිරීමට උත්සාහ ගන්න. වෙහෙස නොබලා වැඩ කිරීම ලැබෙන හොඳ නරක එකසේ විඳ දරා ගැනීම හෙට දිනයේ ජය ගෙන එන මාවත බව සිතට ගන්න.

බරපතල සෞඛ්‍ය ගැටලු නැතත් නිතර රෝග පීඩාදියෙන් කරදර ඇති වීමට ඉඩ තිබේ. බුධ, සිකුරු, ශනි දසා අතුරු දසා ගෙවන අයට පවතින ගැටලු බොහොමයක් දුරු වීමට හේතු වේ. අශුභ ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් මධ්‍යම ඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.  


Tuesday, July 14, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නය

වෘෂභ - Taurus

වෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට ගුරුගේ සම්ප්‍රාප්තිය සුබදායකයි. මාතෘස්ථානය සහ ගෘහස්ථානය නියෝජනය කරන හතරවැන්නට ගුරු පැමීණීමෙන් ඊට අදාළ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. දෙමව්පිය උරුමයෙන් යම් දේපලක් ලැබීමට කටයුතු සැළසෙන හෝ මව් පාර්ශවය සම්බන්ධ දේපල ගැටළුවක් තමන්ට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වෙන කාලයකි. නිවාස මිලදී ගැනීමක්, වැඩිදියුණු කිරීමක්, මෙතෙක් ප්‍රමාද වූ හෝ තාවකාලිකව වැඩ නැවතුන නිවාස සම්බන්ධ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ඔබට සිතෙන සහ ඊට අනුබල ලැබෙන කාලයකි.

එසේම වාහන මිලදී ගැනීම විකිණීම ආදී කටයුතු සාර්ථකත්වයට පත් වෙන අතර, විකුණා ගැනීමට ප්‍රමාද වූ අළුත්වැඩියා කරන ලද වාහන විකුණා ගැනීමටද අවස්ථාව ලැබේ.

රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු ඉටුවී නව රැකියාවන් ලැබීමේ වැඩි ඉඩක් පවතී. මෙම ගුරු මාරුවත් සමග වෘෂභ ලග්න හිමියන්ගේ රැකියා සහ වෘත්තීය ක්ෂේත්‍රයේ දියුණුවට මග පෑදේ. ව්‍යාපාරිකයන් නව ව්‍යාපාර කෙරෙහි උනන්දු වන අතර ඒවා පාරිභෝගිකයන්ගේ දැන ගැනීම පිණිස ප්‍රවර්ධනය කිරීමට ද උනන්දුවන කාලයකි. එවන් ආයෝජන අනාගත ලාභ ලැබීමට හේතු වේ.


යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට වෘෂභ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

වෘෂභ ලග්නය හිමි ඔබගේ ශුභ ග්‍රහයෙකු වන රවි සහ හතරවැන්නේ සිටින ගුරු සමග පරිවර්ථනය වීමත්, සඳු ලග්නයේ උච්ච වීමත් හේතුවෙන් යම් අංශවල සුභඵල ගෙනදීමට හේතු වේ.

හතරවෙනි භාවයේ සිටින ගුරු සමග අට වැන්නට ගෝචරය වුන රවි අතර පරිවර්ථනය හේතුවෙන් මෙතෙක් පැවතියා වූ නිවාස සම්බන්ධ ගැටලු, සහ විසඳා ගැනීමට අපහසු වූ ප්‍රශ්න හෝ නඩු හබ ඔබේ වාසියට පෙරළෙයි. මව හෝ මව් පාර්ශවය සමග පැති දේපල උරුම හිමිකම් සමාදානයෙන් විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයකි. වාහන ලැභ ඇති කෙරේ. කපටි පුද්ගලයන්ගේ කතා බහට රැවටීමට ඉඩ ඇති නිසා ඒ පිළිපඳ හොඳ සිහියෙන් සිටීම වැදගත්ය.  ඔබේ ලග්නයේ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයේ අධිපති වූ සඳු ලග්නයේ උච්ච වීම මත බලවත් ආත්ම ශක්තියක් ගොඩ නැගෙන අතර සහෝදර සහෝදරියන් සමග කිට්ටු සබඳතා ඇති කර ගනී. ශාස්ත්‍රීය අංශයෙන් කීර්තියත් ප්‍රසිද්ධියත් ඇති වේ.

අධ්‍යාපනය ලබන දරුවන් තම බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට උත්සාහයෙන් උනන්දුවෙන් සහ කැපකිරීම් මගින් ජයග්‍රහණ උදාකර ගත යුතුය. කම්මැලිකම පසුබැසීම වහාම ඉවත් කර ගතහොත් තරඟ විභාදීන්ය මුහුණ දීමට කිසිසේතු අමාරු කාරියක් නොවේ.

රැකියා ලාභ සහ රැකියාවේ තත්වය දියුණු වනු ඇත. ව්‍යාපාර ක්‍ෙෂ්ත්‍රෙය් නියැලී සිටින අයට ස්ථිර දියුණුවක් ලැබේ. පවුලේ අයෙකුට හා තමනට විවිධ රෝගයන්ට ගොදුරු වීමට ඉඩ ඇති අතර සෙම් රෝග, අධිර රුධිර පීඩනය ලේ දූෂ්‍ය විම් ආදියට ඉඩ ඇත.

රවි, කුජ, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයක් වන අතර, ඔබගේ 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති සහ භාධක ග්‍රහයාගේ කාලයක් නොවේනම් ශුභඵල මධස්ථය. ඔබගේ ජන්ම පත්‍රයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය

මේෂ - Aries

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණීම සුබදායකයි. විද්‍යාස්ථානය ලෙස සැළකෙන පස්වැන්නේ ගුරු ග්‍රහයා පැමිණ ගෝචරය වන කාලය පුරාම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි සිසු සිසුවියන්ට ඉතාමත් සුභදායකයි. ඥාණකාරක ගුරු ඔබගේ නුවණැස වර්ධනයටත් ධාරණ ශක්තිය මනාව පවත්වා ගෙන යෑමටත් තරඟ විභාගාදියෙන් ජය ලැබීමටත් උදව් වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයටද මෙම ගුරු මාරුව තම කටයුතුවල දියුණුව දැකීමට ඉතාමත් යහපත් කාලයකි.

පත පොත ඇසුරු කරන අයගේ ලේඛන කලාවේ දියුණුවට අභිවෘද්ධියට මෙම කාලය හේතුවන අතර ඉන් මහත් ප්‍රසිද්ධියටත් සමාජයේ පිළිගැනීමටත් පත් වේ. වෘත්තීය ලේඛකයන්ගේ කුසළතා ඔප්නැංවෙන අතර හොඳ ආදායම්ද උරුමය.

දරුවන් බලාපොරොත්තුව සිටින මේෂ ලග්න හිමියන්ට වාසනාවන්ත දරුඵල ලැබෙන කාලයකි. පුතුන් ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතර දූවරු ලදහොත් ඔවුන් සමාජයේ කැපී පෙනෙන අභියෝග ජයගත හැකි දිරිමත් අය වනු ඇත.

මේෂ ලග්න හිමි ඔබගේ පෞරුෂය කා අතරත් කැපී පෙනෙන ලෙස වර්ධනය වන අතර මංගල යෝග රැකියා සහ ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැකි තම බලාපොරොත්තු බොහොමයක් සුභදායක ලෙස ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මේෂ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන රවි සහ ගුරු පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දෙවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය  හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් උසස් අධ්‍යාපනය ගැන කියවෙන නව වැන්නත් අතර රවි - ගුරු පරිවර්ථනය මීට හේතුවයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත. උච්ච සඳු වාග් හැකියාව ප්‍රදර්ශනය කරයි. ගුරු පහේ ගෝචරය මේෂ ලග්න හිමි ඔබට ඉගෙනීමෙන් දියුණුව ලබන, විශ්ව විද්‍යාල, ශිෂ්‍යත්ව, විදෙස් අධ්‍යාපනය හිමි බලවත් රාජ යෝගයකි. වෛද්‍ය විද්‍යාව, නීතිය, නව තාක්ෂණ, කෘෂි විද්‍යාව සහ ආගම ධර්මය පිලිබඳව ගැඹුරට හැදෑරීමේ බල මහිමය හා වාසනාව උදා වී ඇත.

දරුවන් සිටින මේෂ ලග්න වැඩිහිටියන්ගේ දියුණුවත් එසේමය. දරුවන් බලාපොරොත්තුව සිටින අයට පුත්‍ර ලාභ, වාසනාවන්ත දරු උපත් හිමිය. දෙමව්පියන්ට සළකන, ආදරය කරන, කීකරු දරුවන්ගේ මතු දියුණුවද දැකිය හැකි කාලයකි. පස්වැන්න පුත්‍ර ස්ථනය වන නිසාත් රවි - සඳු සුභ කර්තරී නිසාත් මෙම ඵල භුක්ති විඳීමට ලැබේ. කුටුම්භස්ථානය වන දෙවැන්නේ සිටින උච්ච සඳුත් විවාහස්ථානයේ සිටින ස්වක්ෂේත්‍ර සිකුරුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් සමත්ය. දෙවැන්න සහ හත්වැන්න බලවත් හේතුවෙන් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් හවුල් ව්‍යාපාරවල දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.


මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

බ්‍රහස්පති සිංහ රාශියට පිවිසෙයි.

දොළොස් වසරකට පසු එනම් 2015 ජූලි 14 වෙනි අඟහරුවාදා (අද) පෙ.ව. 6.20ට මෙතෙක් සිය උච්ච භවන වූ කටක රාශියේ සිටි බ්‍රහස්පති ග්‍රහයා සිය මිත්‍ර රාශියක් වන සිංහ රාශියට පිවිසෙයි. ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

මීට පෙර අවසන් වරට ගුරු සිංහ රාශිගත වූයේ 2003 ජූලි මස 30 ‍වෙනිදාය. මෙවර ගුරු ග්‍රහයා 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. මේ කාල සීමාව තුල රටට සහ අපට සුවිශේෂී අත්දැකීම් සමුදායක් ප්‍රධානය කිරීමට මෙම ග්‍රහ මාරුව ඉවහල් වනු ඇත.

ගුරු මාරුව මගින් එකිනෙක ලග්නවලට එය බලපාන අයුරු ඉදිරිපත් කිරීමට පෙර ගුරු ග්‍රහයාගේ ස්වභාවය සහ ගුරු ග්‍රහයා ගෝචරය වන සිංහ රාශිය පිළිබඳව විමසීම එය වටහා ගැනීමට වඩාත් පහසු වනු ඇත.

තාරකා විද්‍යාවට අනුව අප ග්‍රහ මණ්ඩලයේ සිටින සූර්යාට පමණක් දෙවෙනි වන විශාලතම ග්‍රහයා බ්‍රහස්පතිය. බ්‍රහස්පති ග්‍රහයා උසට වඩා මහත ස්වරූපයකින් යුක්ත වන අතර බඳ මැදින් පිටතට පමණට වඩා නෙරා ගිය පෙනුමක් ගනී. එසේම බ්‍රහස්පති ගුරුත්වයෙන් සහ ස්කන්ධයෙන් වැඩි ග්‍රහයෙකුද වේ.

අප වෙසන පෘථිවියට එපිටින් එනම් සූර්යාගෙන් අනෙක් පසට සිටින අපට ආසන්නම ග්‍රහයා අඟහරු වන අතර ඉන්පසු බ්‍රහස්පති කක්ෂ ගත වේ. අඟහරු සහ බ්‍රහස්පති අතර විශාල ග්‍රහක වළල්ලක් ඇත. මෙම ග්‍රහක වළල්ලෙන් සහ අභ්‍යවකාශයේ අන් තැනක ගුරුත්වයකින් මිදී එන විවිධ ප්‍රමාණයේ ග්‍රහක කැබලි බ්‍රහස්පතිගේ අධික ගුරුත්වය නිසා ඒ මතට ඇද ගනී. ඒ අතර විෂ වායු අඟහරු විසින් උකහා ගනී. මේ හේතුවෙන් පෘථිවි වාසීන් වන අපට මෙම ග්‍රහයන් දෙපොළගෙන් විශාල සේවාවක් ඉටු වේ. මේ අනුව ග්‍රහ මණ්ඩලය අතරින් වෙනත් ග්‍රහයන් වෙත ග්‍රහකවලින් වෙන විනාසයෙන් බේරා දීමට බ්‍රහස්පති සමත් වේ.

මෙම තාරකා විද්‍යානුකූළ සත්‍යයය ජ්‍යොතිෂයේදීද බ්‍රහස්පතිට ආරෝපණය කර ඇත. එනම් බ්‍රහස්පති හෙවත් ගුරු පරහිතකාමීය. ලෝකෝත්තර ගුණයෙන් අනූනය යන්නයි. මේ අයුරින් ජ්‍යොතිෂයේදී ග්‍රහයන් පිළිබඳව සහ ඒ ඒ ග්‍රහ තාරකාවන්ගෙන් ඉටුවන සේවය වඩාත් තේරුම් ගැනීමට පහසු වන ලෙස විවිධ උපකල්පනයන් භාවිතා වේ. පුද්ගල චරිතවලට සමාන කර තිබීමෙන් මෙය තව දුරටත් පහසු වෙයි.

ඒ අනුව බ්‍රහස්පති හෙවත් ගුරු සෞම්‍ය ගති ඇති පුරුෂ ග්‍රහයෙකි. ලෝකෝත්තර ඉෂ්ට ගති ඇති හේ බ්‍රාහ්මණ වංශයට අයත්ය. අධ්‍යාපනයටද කාරකත්වක් ඇති ඥාණකාරක ගුරුට ධනකාරකත්වය සහ පුත්‍රකාරකත්වයද හිමිය. පරාර්ථකාමීත්වය, විශ්වාසී වූ ගුණ යහපත්කම, ගෞරවාන්ත බව සහ අනුනට ගෞරව කිරීමේ ලැදිකම, උගත්කම, ඥාණවත්තකම, තාර්කිකත්වය, උපදේශකත්වය, නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව, සිත එකඟ කර ගැනීම, භාවනාව, නිරෝගීකම, ඇතුළු බොහොමයක් ශුභ චර්යාවන් ගුරු සතුය. ශක්‍ර දෙවියන්ටත් අධිපති වූ නිසා සුරගුරු ලෙසද හඳුන්වයි. සුරගුරු, දේවගුරු, බ්‍රහස්පති, ප්‍රශාන්ත, චන්ද්‍ය, අංගාරා, අංගීරස, ජීව, රිජ්‍ය, ආර්යය, වාගීශ, දෛවේෂ, වාචාංපති හා මන්ත්‍රී යන පර්යාය නාමයන්ගෙන්ද ගුරු ග්‍රහයා හඳුන්වයි.

ගුරු බලවත් වූ කෙනෙක්, බ්‍රහස්පති ග්‍රහයා සේම උසේ තරමට වඩා මහතින් වැඩි, පළල් වූ නළල් තලයක් ඇති හොඳින් වැඩුනු දත් ඇති දිගටි දෑස් හිමි ඉදිරියට නෙරා ආ පපුව සහ උදරය සහිත ගාම්භීර කටහඬක් හිමි පෙනුමකින් යුක්තය.

ගුරු ග්‍රහයාගේ ගති ස්වභාවය දැන් ඔබට වටහා ගත හැකිය. මෙම ගුරු ග්‍රහයා අද සිට වසරකට වැඩි කාලයක් ගෝචරය වෙන්නේ සිංහ රාශියේය. කෙනෙකුගේ ගති පැවතුම් තමා සිටින පරිසරය අනුව හැඩ ගැසෙනවා වෙනස් වනවා සේ ගුරු ග්‍රහයාගේ ගති පැවතුම් ද සිංහ රාශියට අනුව හැඩ ගැසේ. ඒ අනුව කුමක් සිදුවේද යන්න විමසීමට පළමුව සිංහ රාශිය ගැන වටහා ගැනීම අවශ්‍ය වේ.

මෙතෙක් කල් මෘදු මොළොක් යහපත් වූ පහන් සිතිවිලි සහ චංචල ගති සහිත මව නියෝජනය කරන ලද ලග්නාධිපති සඳු වූ කටක රාශියේ සිටි ගුරු ග්‍රහයා අද දින සිට නව ගමනක් යෑමට පියාගේ නිවස වෙත පා තබා ඇත.

රාශි චක්‍රයේ පස්වැනි රාශිය සිංහ රාශියයි. සිංහයෙකුගේ රූපයෙන් හඳුන්වයි. නක්ෂත්‍රයට අනුව සිංහය පුරුෂ රාශියකි. උත්තර රාශියකි. තේජෝ ගුණැති ගිනි රාශියකි. තිර රාශියකි. දීර්ඝ රාශියකි. වඳ රාශියකි. කෘෘර රාශියකි. සිංහ රාශියේ ලග්නාධිපතියා රවිය.

සිංහ රාශියේ අධිපති වූ රවි ග්‍රහ මඩුල්ලේ පියා ලෙස සැළකේ. රවි ජ්‍යොතිෂයේදී කෘෘර ගති ඇති පුරුෂ ග්‍රහයෙකි. දකුණු දිශාවට සහ දිවා කාලයට බලවත් අග්නි දේවතාවට සහ තේජෝ භූතයට අයත්ය. තඹ වර්ණයට හිමිකම් කියන රවි ක්ෂත්‍රිය වංශයට අයත්ය. රවිට සිංහයේ මුල් අංශක 20 මූල ත්‍රිකෝණ වන අතර අග අංශක 10 ස්වක්ෂේත්‍ර වේ.


ජ්‍යොතිෂයට අනුව රවිගේ ගති ස්වභාවය මෙසේය. පළල් උරහිස් ඇති හිසේ කෙස් අඩු ශරීරයේ රෝම අඩු පැණි පැහැති දෑස් හිමි උසින් අඩු ශක්තිමත් සිරුරක් ඇති මැදි වයසේ අයෙකි. මනා පෞරුෂත්වයකින් හෙබි ධාර්මිෂ්ඨ තියුණු බුද්ධිය සහිත උද්යෝගීමත් මෙන්ම දැඩි ආත්ම ශක්තියක් ඇති නියමිත වෙලාවට වැඩකරන අනුන්ගෙන් සැළකිලි ලබන අඩුවෙන් නමුත් ඇත්ත කතා කරන නීති ගරුක අයෙකි. රවිට එක තැනක වැඩි කාලයක් එක තැනක සිටීමේ හැකියාව නැත.

දැන් අපි ගුරු ග්‍රහයාගේ ගති ස්වභාවයත් ගුරු ගෝචරය වන සිංහ රාශිය ගැනත් සිංහයේ අධිපතිකම දරණ රවිගේ ස්වභාවයත් විමසා හමාරය. ඉන් පසු මේ ත්‍රිත්වය එකට කලතා එහි ඵලය එක් එක් ලග්න හිමියන්ගේ සිංහ රාශිය අදාළ භාවය සැළකිල්ලට ගෙන පලාපල විමසිය යුතුය.

එහිදී සිංහ ලග්න හිමියන්ගේ 1 කොටුව වන ලග්න භාවයේත්, කටක ලග්නයට 2 වෙනි භාවය වූ ධනස්ථානයේත්, මිථුන ලග්න හිමියන්ගේ 3 වැන්න වූ වික්‍රමස්ථානයේත්, වෘෂභ ලග්න හිමියන්ගේ 4 හිමි නිවාසස්ථානයේත්, මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපනය නියෝජනය විද්‍යාස්ථානය සහ පුත්‍රස්ථානය වන 5 වැන්නේත්, මීන ලග්න හිමියන්ගේ රෝගස්ථානය සහ සතුරු ස්ථානය වශයෙන් සැළකෙන 6 වැන්නේත් මෙවර ගුරු ග්‍රහයා ගෝචරය වේ.

කලත්‍රස්තානය හෙවත් විවාහස්ථානය වූ 7 වෙනි භාවයේ කුම්භ ලග්න හිමියන්ට සහ 8 වැන්න වූ මෘත්‍යස්ථානයේ මකර හිමියන්ට මෙම ගුරු මාරුවේ ප්‍රතිපල ලැබේ. ධනු ලග්න හිමියන්ගේ පුණ්‍යස්ථානය වූ 9 වෙනි භාවයේත්, රැකියාස්ථානය වූ 10 වෙනි භාවයේ වෘශ්චිකයටත්, අයස්ථානය වූ 11 වෙනි භාවයේ තුලා ලග්න හිමියන්ටත් ගුරු ගෝචරය ශුභ ඵල හිමිය. කන්‍යා ලග්න හිමියන්ගේ වැයස්ථානය වූ 12 වෙනි භාවයේ මෙවර ගුරු වර්ෂයකට අධික කාලයක් ගෝචරය වේ.

පියවරෙන් පියවර කරන ලද මෙම පැහැදිලි කිරීම් අනුව තම ලග්නයට ගුරුගේ සම්ප්‍රාප්තිය අනුව ප්‍රතිපල කේසේද යන්න ඉඟියක් දැනටමත් ඔබට ලැබී ඇතැයි සිතමි.

මේ එක් එක් භාවයේදී විවිධ කාරක ගුණයෙන් යුතුව සැරිසරන ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේද යන්න මී ළඟට සළකා බලමු.


Sunday, July 5, 2015

2015 ජූලි මාසය ඔබේ ලග්නයට කොහොමද?


2015 ජූලි මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?. 


ප්‍රථමව ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද යන්න විමසිය යුතුය. පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.

එය අනුව රවි සහ කුජ මිථුන රාශියේ ගමන් කරයි. බුධ වෘෂභ රාශියේද, සිකුරු සහ ගුරු කටක රාශියේද, ශනි වෘශ්චික රාශියේද, රාහු කන්‍යා රාශියේද, කේතු මීන රාශියේද ගමන් කරයි. ( ගෝචරය වෙයි. )

මාසය ආරම්භයේ මෙසේ වුවත් ජූලි 05 වෙනිදා බුධ මිථුන රාශි ගත වෙන අතර සිකුරු සිංහ රාශි ගත වෙයි. ජූලි 14 වෙනිදා ගුරු ද සිංහ රාශි ගත වීම මේ වසරේ සිදුවන වැදගත්ම ග්‍රහ මාරුවයි. ජූලි 17 වෙනිදා රවි මිථුනයට යන අතර 25 වෙනිදා සිකුරු වක්‍ර වෙයි. කුජ කටක රාශි ගත වෙනුයේ මේ මස අවසන් දින වන ජූලි 31 වැනිදාය.

ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් රාශියකි. අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.

පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ජූලි මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.

මීන ලග්න පලාපල - ජූලි 2015

මීන

ඔබ ගන්නා තීන්දු තීරණ නිවැරදි වීමෙන් ඇති විය හැකි බොහෝ බාහිර කරදරවලින් මිදීමට ඔබට හැකියාව ඇත. කටයුතුවල නිරත වීමේදී උනන්දුව උත්සාහය ඇති බැවින් සාර්ථක අනාගතයට මග පෑදෙයි.

නොයෙක් මාර්ගවලින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන අතර අනාගත සුභ සිද්ධිය උදෙසා ඒවා නිසි ආයෝජනයන්ට යොදවනු ඇත. ගෘහ කටයුතු සඳහා මේ අවස්ථාවේ මුදල් වියදම් වීම වළක්වා ගත යුතුය. නැතහොත් මේ මාසය අගදී බොහෝ ආර්ථික අපහසුතා පැන නගිනු ඇත

හදිසි තීරණ සහ කළබලකාරී බව මෙම මස ඔබට රැකියාවේ පවතින එකම බාධාව වේ. ඒ ගැන අවධානයෙන් සිටියහොත් රැකියා ස්ථානයේ කරදර අවම වී රැකි රක්ෂා කටයුතුවල දියුණුවක් දැකිය හැකිය.  ප්‍රධානීන්ගේ අවධානයට යොමු වේ. ස්වයං රැකියා සහ කුඩා ව්‍යාපාරවල තත්වයට සහ දියුණුවට මෙම මාසය අවසානයේ ටිකක් අසුභය. හවුල් ව්‍යාපාරාදිය දියුණුවට පත් වේ.

අධ්‍යාපනයේ යෙදෙන අයට තම කටයුතු සාර්ථකත්වයක් කරා ගෙන යා හැකිය. මාසය අවසානයේ කිසියම් පීඩාකාරී බවක් දැනුනත් උනන්දුව උත්සාහය කිසිසේත් අත නොහැරිය යුතුය. ඉන්පසු කාළය හොඳ අතට හැරෙනු ඇත. මනා කැප කිරීම මගින් තරඟ විභාග ඉලක්කයන් සපුරා ගත හැකිය. උසස් අධ්‍යානයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන අයට කිසිදු බාධකයක් නැත.

තරුණයන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගුනද බාධක ඇත. පවතින සබඳතා කෙළවර වී යා නොදීමට කතාව සහ හැසිරීම පාලනය කර ගත යුතුය. යුගදිවි ගෙවන්නන්ට සුළු ගැටළු පැන නැගුනත් ක්ෂණයෙන් ඒවා සමතයකට පත් වෙන බැවින් කතා බව දිග්ගැසීම වළකා ගත යුතුය. දරුවන් සිටින අය ඔවුනගේ ඉගැනීමේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උනන්දු වනු ඇත.

සෙම් රෝග, වෛරස් රෝගවලට ඉඩ ඇත. ඇති නිසා අපත්‍යකාරක දෙයින් වැළකීම සුදුසුය

ජය වර්ණය රෝස
ජය අංක 2, 3, 5

Pisces monthly horoscope for July 2015

කුම්භ ලග්න පලාපල - ජූලි 2015

කුම්භ

අශුභ ඵලවලට වඩා සුභ ඵල ලබා ගත හැකි වන බැවින් කුම්භ ලග්න හිමියන්ට මෙය සුභ මාසයක් ලෙස නම් කිරීම වැරදි නොවේ. උනන්දුව උත්සාහය සහ කැපකීරීම අමතක කලා සේ සිටී. ඉන් මිදී ග්‍රහ ගමන අභිබවා යන ලෙස උනන්දුව උත්සාහය කැපකිරීම සහිත ක්‍රියා කරන කුම්භ ලග්න හිමියන්ට මේ ග්‍රහ බලයේම අැති සැඟවුන ලැබීම් නෙළා ගත හැකිය.

මුදල් අතින් අඟහිඟකම් යෙදුනත් මහන්සි වී කරන රැකියා හෝ අමතර වැඩ මගින් එදිනෙදා අවශ්‍යතාවන්ට සරිලන මුදල් සොයා ගැනීමට අපහසු නොවේ. මේ මාසයේ ඔබට ලැබෙන මුදල මනා සකසුරුවමින් වියදම් කළ යුතුය. මෙම මාසය අවසානයේදී තත්වය ශුභ අතට පෙරළෙනු ඇත.

රැකියා ප්‍රධානීන්ගෙන් සහ උසස් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවන කිසිවක් නොකළ යුතුය. ඔබ විසින් යෝජනා හෝ අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමෙන් රැකියා ස්ථානයේ ඔබ සමග කටයුතු කරන අයගේ සිත් දිනා ගත හැකිය. වෙනදාට වඩා රැකියාවේ වෙහෙසකර බවක් දැනුනත් ඉවසීමෙන් යුතුව තම රාජකාරී නිසියාකාරව කිරීම ඔබට වාසියකි. මහන්සියෙන් කරන රැකියාවල නියුතු අයට හොඳ ආදායම් ලැබේ. නව ව්‍යාපාර දියත් කිරීම ටික දිනකට කල් දැමීම සුදුසුයි. පවතින ව්‍යාපාරවලට රහස් සතුරු කරදර ගැන කල්පනාවෙන් සිටිය යුතුය.

අධ්‍යාපන ලබන දූ දරුවන් ඒ පිළිබඳව තැකීමක් නොකර සිටිය හැක. අධ්‍යාපනයෙන් දියුණු වූ පිටස්තර පුද්ගලයන් ගැන කරුණු වටහා දීමට දෙමව්පියන් උනන්දු විය යුතුය. සහජ දක්ෂතා ඔප්නංවා ගැනීම මගින් අධ්‍යාපන අංශයේ විවිධ ඉසව් ජය ගැනීමට උපකාරී වේ.

ගෙදර දොර පරිසරය යහපත්වපවත්වා ගෙන යෑමට තමා තුළ ඇති ශක්තිය සහ ධෛර්යය උපයෝගී කර ගන්න. උදව් ලබා ගත හැකි හෝ උදව් කරන අයට වඩාත් ලෙන්ගතු වන්න. ඔවුනට අගය වැඩි ඔබට ශ්‍රමයෙන් කළ හැකි යමක් වෙතොත් නොපමාව එය කරන්න. නිවාස අළුත් වැඩියා, මංගල කටයුතු, ගෙදරට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් ලබන මාසය වන තෙක් කල් දාන්න. අදහන ආගමට අනුව දැහැමින් හා ඉවසීමෙන් කල් ගෙවන්න. දුසිරිතෙන් තොර වෙන්න. අද නගින කන්ද හෙට සිට පල්ලමක් වන බව වටහා ගන්න. එවිට කුම්භ ලග්න හිමියන්ට මහත් වූ ජයග්‍රහණ හිමි වනු නියතය.

වෙන වෙනම කීමට අවශ්‍ය නොවන නිසා මෙසේ සඳහන් කළ හැකිය. පවතින රෝගාබාධවලට වෛද්‍ය උපදෙස් මත කල් නොහැර බෙහෙත් ගන්න. අත් බේත් නොකරන්න. නොඉවසිලිමත්කම අවධානම් වැඩ දුරලා හදිසි අනතුරුවලින් මිදෙන්න.

ජය වර්ණය කොළ
ජය අංක 2, 5, 7


Aquarius monthly horoscope for July 2015




මකර ලග්න පලාපල - ජූලි 2015

මකර

මෙම මාසයේ බලාපොරොත්තු වූ වැඩ රාජකාරී රැසක්ම නිම කර ගනියි. නිතර ධෛර්යය සම්පන්නව කටයුතු කරයි. උනන්දුව සහ උත්සාහය නොමදව ඇති වේ. පවුලේ සහ පිටස්තර තැන්වල ප්‍රමුකත්වය ගෙන ක්‍රියා කිරීමට පෙළඹේ.

ආදායම යහපත් වෙයි. වියදම බොහෝ දුරට පාලනය කර ගත හැකි අතර තැන්පත් ධනයේ වර්ධනයක් ද බලාපොරොත්තු විය හැකිය. ගණු දෙනුවලින් වාසි ලැබේ.

රැකියා ස්ථානය යහපත්ය. එහි පරිසරය සහ සෙසු අය තමාගේ අදහස්වලට ඇහුන්කන් දීමට සහ ගරු කිරීමමට පෙළඹේ. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනී. විදේශ ශිෂ්ශත්ව හෝ එවන් වරප්‍රසාදවලට ඉඩ ඇත. විදේශ රැකියා අපේක්ෂකයින්ට තම අදහස් මුදුන්පත කර ගත හැකි විදේශ රැකියා ලැබේ. ව්‍යාපාර කරන අයට සුභයි. බැංකු සහ මූල්‍ය ආයතනවල සහාය ලැබේ.

අධ්‍යාපනය හදාරණ දූ දරුවන්ගේ ඥාණය සහ කුසළතා වර්ධනය වේ. උසස් අධ්‍යාන සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන්නන්හට තරඟ විභාග ජය සහ විශේෂ වරප්‍රසාද හිමිය. විදෙස් අධ්‍යාපනයට මෙම මාසයේ අවසානය සුදුසු වාතාවරණයක් සැළසේ.

පවුලේ කටයුතු නිසියකාරව ඉටු කිරීමට නොහැකි විය හැකිය. පවුලේ සමගියටද යම් බාධා ඇකිවේ. ගණදෙවි ඥාණය පහළ වූවාක් සේ කරුණු කාරනා පැහැදිලි කරදීම් තුලින් සහ ඔවුනට ආදරය කරුණාව දැක්වීම මගින් පවුලේ අයගේ සිත් දිනා ගැනීමට උත්සාහ කලොත් එය නොවරදී.

උගුරේ හෝ බෙල්ලේ ආශ්‍රිත රෝගී තත්වයන් වෙතොත් ඒවා වර්ධනය වෙයි. හන්දිපත් වේදනාවන්ට ද ඉඩ ඇත.

ජය වර්ණය දම්
ජය අංක 2, 5, 7



Capricorn monthly horoscope for July 2015



Saturday, July 4, 2015

ධනු ලග්න පලාපල - ජූලි 2015

ධනු

මෙම මාසයේ පළමු සති දෙකට වඩා වෙනස් ප්‍රථිපල අවසාන සති දෙකේදී ධනු ලග්න හිමියන්ට ලැබේ. ඒ අනුව මාසය මුල සිට ඔබ වඩාත් කාර්ය බහුලය. වැඩ කටයුතු අවුල්වීම නිසා මානසික නොසන්සුන්තවයට හේතු වේ. මින් මිදීමට සුදුසු වැඩපිළිවෙලක් ඔබ විසින් සකසා ගත යුතුය. යන එන තැන්වල කෑපී පෙනෙන බව සහ සමාජයේ සෑම තැන්හිදීම පිළිගැනීමට ලක් වේ.

ආදායම සරු වන අතර රැකියා ස්ථානයේ අධික වැඩ කොටසක් කිරීමට සිදු වීම හේතුවෙන් තම පෞද්ලික කටයුතු බොහොමයක් අත පසු වෙි. රැකියාවේ කාර්ය බහුලත්වය විටෙක මානසික තෘප්තිය ද බිඳ දමයි. ස්වයං රැකියා හෝ තම නිෂ්පාදන ඉදිරිගත් කරන අයට ක්ෂේත්‍රය තුල තම ව්‍යාපාරවල සුවිශේෂී වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. රැකියා ස්ථාන මාරු සහ තත්වයේ උස් පහත්කම් සිදුවනු ඇත.

උත්සාහයේ තරමටම ආදායම් තත්වය ඉහළ නොයයි. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදෙයි. අමතර ආදායම් ලැබුනත් අය වැය කළමණාකරණය කර ගැනීමට අපහසුතා ඇති වේ. මාසයේ අග සති දෙක තරමක් දුරට යහපත් වේ. වෘත්තීය සහ කුලී රථ රියදුරන්ගේ ආදායම යහපත්ය.

අධ්‍යාපන තත්වය හොඳ වන අතර මාසයේ මැද සිට උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයට සුබ වාතාවරණයක් ඇති වේ. එහිදී උසස් පිළිගැනීම් සහ ජයග්‍රහණ උරුම වේ.

පවුලේ දියුණුව වෙනුවෙන් දක්වන උනන්දුව මද වන අතර, විශේෂයෙන්ම මෙම මාසයේ පවුලේ විශ්වාසය පලුදු වීමට කරුනු යෙදිය හැක. විවාහ වීමට අපේක්ෂා කරන අයට මංගල යෝග තිබුනද විවාහ ගිවිස ගැනීම් කල් ගත වන බව කිව හැකිය. පදිංචිය වෙනස් කිරීමට ද සිත් පහළ වේ. පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට හැකි වේ. සතුරු කරදර චිත්ත පීඩා ගෙන දිය හැකිය.

මානසික ව්‍යාකූලතා, සෙම් රෝ, වාත වේදනා සහ පපුව ආශ්‍රිත වේදනාවන්ට ඉඩ ඇත.

ජය වර්ණය රතු
ජය අංක 1, 2, 6

Sagittarius monthly horoscope for July 2015


වෘශ්චික ලග්න පලාපල - ජූලි 2015

වෘශ්චික

මෙම මාසය ඔබට සුභ අශුබ මිශ්‍රව ලැබෙන කාලයකි. එනමුත් බාධකවලට වඩා කටයුතු සඵල වීම් වැඩි නිසා සතුටු විය හැකි මාසයකි. මෙතෙක් මනසේ පැවති නොසන්සුන්කම ක්‍රමයෙන් පහව යන අතර විනෝදයෙන් කාලය ගෙවීමට අවස්ථා ලැබෙන බැවින් මනස සැහැල්ලු වේ.

තැන්පත්  ධනය වර්ධනය වන අතර තමන් නොසිතූ අයුරින් රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් අමතර ආදායම් ලැබේ. අතමිට මුදල් ගැවසෙන අතර අනවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් රැසක් ජනිත වන මාසයකි. වියදම් කළමනාකරණය නොකළහොත් ණය වීමට හෝ පසු තැවීමට ඉඩ තිබේ.

රැකියා ක්ෂේත්‍රෙය්දී කාර්ය බහුල තත්වයක් ඇතිවන අතර බොහෝ වගකීම් දැරීමටද සිදු වේ. ඔබගේ උත්සාහය සහ කැපකීරීම තම දියුණුවේ රහස බව සිතන ඔබට රැකියාව හෝ ව්‍යාපාරය සතුටින් කරන අතර එහිදී දැනෙන විඩාව නොසළකා හරී. තමා තුළ තිබෙන විවිධ කුසලතාවයන් ඉස්මතු වන අතර ඒවායින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට ද උනන්දු වන කාලයකි.

පෙම් සබඳතා ස්ථිර වෙන අතර වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබෙනු ඇත. අවිවාහකයන්ට මංගල යෝග ද අනාගතයට සුදුසු සහකරුවා හෝ සහකාරීය තෝරා ගැනීමට සිත යෙදෙන කාලයකි. එය සුබවාදී වෙයි. යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය වර්ධනය වන අතර ඉදිරි දියුණුව සඳහා දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹේ.

සෞඛ්‍ය අතින් යම් ගැටලු ඇති විය හැකි අතර, ඉක්මන්කාරීකම හේතුවෙන් හෝ පරිසම් නැතිකම ගැන අවධානයට ගත යුතුය. මාසයේ මැද තරමක් අගුණය. වැටීම් තැලීම් අස්ථි බිඳීම් ලේ ගැලීම් යනාදියට ඉඩ ඇත.

ජය වර්ණය නිල්
ජය අංක 3, 5, 8

Scorpio monthly horoscope for July 2015


තුලා ලග්න පලාපල - ජූලි 2015

තුලා

ඔබගේ උත්සාහය සහ ක්‍රියාශ්‍රීලිත්වය මගින් බොහෝ කටයුතු සපල කර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි. වෙනදාට වඩා ප්‍රබෝධයෙන් උනන්දුවෙන් එදිනෙදා වැඩ කටයුතුවල නිරත වන බවක් පෙනේ. පවුලේ අයට මෙන්ම පිටස්තර අයට උදව් උපකාර කිරීමට සිත් දේ. සමාජයෙන් පැසසුම් ලැබෙන ආ ගිය තැන කැපී පෙනෙන ලෙස හැසිරේ.

ආදායම් යහපත්ය ඉදිරි දියුණුවට කටයුතු කරයි. මුල්‍ය ආයතනවලින් ගත් කල්පසු වූ ණය පිළිබඳ ගැටලු ඔබට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවස්ථා ලැබෙන මාසයකි. විනෝදාස්වාදයට සහ නොයෙකුත් බඩු භාන්ඩ මිලදී ගැනීමට යම් වියදමක් දැරීමටද සිදු වේ. මාසයේ අවසාන භාගයේ අනපේක්ෂිත වියදම් ඇත.

රැකියා ස්ථානය තුළ සැහැල්ලුවෙන් සහ අන්‍යයන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි. රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ සිට සුළු සේවකාදීන්ගේත් සිත් දිනා ගනී. ස්වයං රැකියා හෝ තනි පුද්ගල ව්‍යාපාර ජනප්‍රිය කිරීමට හෝ දියුණු කිරිමට අවශ්‍ය පරිසරය සකස් වෙයි. කලාත්මක අංශයේ රැකියා සහ වෘත්තීන් දියුණුවට පත් වේ. විදේශ රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු සපලවේ. දුරපලාත්වල රැකියාවන්හි යෙදෙන අයට ද සුභ වේ.

අධ්‍යාපන සඳහා උගත් බුද්ධිමත් අයගේ ඇසුර සහ උදව් උපකාර හිමිය. ඔබගේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන කටයුතු කිසියම් ඉලක්කයක් කරා මෙහෙයවීමට අවශ්‍ය සියලු ග්‍රහ බලය පවතින මාසයකි.

අවිවාහකයන්ට මංගල යෝජනාද, තාරුණ අයට තම අනාගත සහකරු සහකාරිය තම හිතවතෙකු මාර්ගයෙන් හඳුනා ගැනීමට ලැබේ. යුග දිවි ගෙවන්නන් අතර ආදරය වඩාත් හොදින් වර්ධනය වේ.

දන්ත සහ විදුරුමස් ආශ්‍රිත රෝග චර්ම රෝග ආදිය ඇති වීමට ඉඩ ඇති අතර පවතින රෝගී තත්වයන්ට නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගී තත්වයන් පාලනය වේ

ජය වර්ණය රෝස
ජය අංක 3, 5, 8


Libra monthly horoscope for July 2015



කන්‍යා ලග්න පලාපල - ජූලි 2015

කන්‍යා

විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගැනීමට හැකිවේ. අනවශ්‍ය කලබලකාරී බව නිසා වැඩකටයුතු අවුල් වන සහ වෙනත් ගැටලු නිර්මාණය වන තත්වයක් පෙනේ.

ආදායම් වැඩි වී මිල මුදල් අතින් යහපත් වුවද වියදම් පක්ෂය බොහෝ සෙයින් ඉහළ යනු ඇත. ගෙදරදොර අලංකාරය සහ භාණ්ඩ මිලදී ගැනිම සඳහා වියදම් වේ. අලුතින් ණය වීම සහ පැවතියා වූ පැරණි ණය ගනු දෙනු විසඳා ගැනීමට අවස්ථාවක් ද සැළසේ. මූල්‍ය ආයතන සමග කරන ගණුදෙනු මගින් සහන හෝ ලාභ ලැබෙන මාසයකි.

රැකීරක්ෂා ක්ෂේත්‍රෙය් නව මුහුණුවරක් ගනී උනන්දුව උත්සාහය වැඩි වෙයි. ප්‍රධානීන්ගේ අවධානයට පාත්‍ර වේ. සතුරු කරදර රහසේ වර්ධනය වෙයි. ව්‍යාපාර හිමියන්ගේ උනන්දුව සහ කැප කිරීම නිසාම ඉන් ලබන ආදායම වැඩි වේ. ඉන් උදම් වුවහොත් අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභොගී දෑ සදහා වියදම් වැඩි වේ.

අධ්‍යාපනයේ නිරත වෙන්නන්ගේ උනන්දුව සහ උත්සාහය වැඩි වේ. විභාග සහ සම්මුඛ පරික්ෂණවලින් ජය ලැබේ. සන්සුන්කම සහ බුද්ධිමත්කම නොවුනහොත් කටයුතු අවුල් විය හැක. බාහිර කටයුතුවලින් ඈත් වීම නුවණට හුරුය.

නිවසේ පවතින අඩු ලුහුඩුකම් විසදා ගැනීමෙන් සතුටට පත් වේ. පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු වේ. මත ගැටුම් මතු වුවත් ඒවා දුරදිග නොගොස් පවුලේ සාමාජිකයන් හා සමගිය සමාදානය පවතී. මංගල යෝග ඇත. විවාහ උත්සව කඩිනම් වීම හෝ ස්ථිර වීමක් පෙනේ.

වාත සහ රත් පිත් රෝග ඇති අය නිසි බේත් හේත් කල යුතුය. සාමාන්‍යයෙන් බරපතල රෝගී තත්වයන් අලුතෙන් ඇති නොවේ.

ජය වර්ණය කොළ
ජය අංක 1, 2, 9

Virgo monthly horoscope for July 2015