.

Tuesday, July 14, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නය

වෘෂභ - Taurus

වෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට ගුරුගේ සම්ප්‍රාප්තිය සුබදායකයි. මාතෘස්ථානය සහ ගෘහස්ථානය නියෝජනය කරන හතරවැන්නට ගුරු පැමීණීමෙන් ඊට අදාළ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. දෙමව්පිය උරුමයෙන් යම් දේපලක් ලැබීමට කටයුතු සැළසෙන හෝ මව් පාර්ශවය සම්බන්ධ දේපල ගැටළුවක් තමන්ට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වෙන කාලයකි. නිවාස මිලදී ගැනීමක්, වැඩිදියුණු කිරීමක්, මෙතෙක් ප්‍රමාද වූ හෝ තාවකාලිකව වැඩ නැවතුන නිවාස සම්බන්ධ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ඔබට සිතෙන සහ ඊට අනුබල ලැබෙන කාලයකි.

එසේම වාහන මිලදී ගැනීම විකිණීම ආදී කටයුතු සාර්ථකත්වයට පත් වෙන අතර, විකුණා ගැනීමට ප්‍රමාද වූ අළුත්වැඩියා කරන ලද වාහන විකුණා ගැනීමටද අවස්ථාව ලැබේ.

රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු ඉටුවී නව රැකියාවන් ලැබීමේ වැඩි ඉඩක් පවතී. මෙම ගුරු මාරුවත් සමග වෘෂභ ලග්න හිමියන්ගේ රැකියා සහ වෘත්තීය ක්ෂේත්‍රයේ දියුණුවට මග පෑදේ. ව්‍යාපාරිකයන් නව ව්‍යාපාර කෙරෙහි උනන්දු වන අතර ඒවා පාරිභෝගිකයන්ගේ දැන ගැනීම පිණිස ප්‍රවර්ධනය කිරීමට ද උනන්දුවන කාලයකි. එවන් ආයෝජන අනාගත ලාභ ලැබීමට හේතු වේ.


යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට වෘෂභ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

වෘෂභ ලග්නය හිමි ඔබගේ ශුභ ග්‍රහයෙකු වන රවි සහ හතරවැන්නේ සිටින ගුරු සමග පරිවර්ථනය වීමත්, සඳු ලග්නයේ උච්ච වීමත් හේතුවෙන් යම් අංශවල සුභඵල ගෙනදීමට හේතු වේ.

හතරවෙනි භාවයේ සිටින ගුරු සමග අට වැන්නට ගෝචරය වුන රවි අතර පරිවර්ථනය හේතුවෙන් මෙතෙක් පැවතියා වූ නිවාස සම්බන්ධ ගැටලු, සහ විසඳා ගැනීමට අපහසු වූ ප්‍රශ්න හෝ නඩු හබ ඔබේ වාසියට පෙරළෙයි. මව හෝ මව් පාර්ශවය සමග පැති දේපල උරුම හිමිකම් සමාදානයෙන් විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයකි. වාහන ලැභ ඇති කෙරේ. කපටි පුද්ගලයන්ගේ කතා බහට රැවටීමට ඉඩ ඇති නිසා ඒ පිළිපඳ හොඳ සිහියෙන් සිටීම වැදගත්ය.  ඔබේ ලග්නයේ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයේ අධිපති වූ සඳු ලග්නයේ උච්ච වීම මත බලවත් ආත්ම ශක්තියක් ගොඩ නැගෙන අතර සහෝදර සහෝදරියන් සමග කිට්ටු සබඳතා ඇති කර ගනී. ශාස්ත්‍රීය අංශයෙන් කීර්තියත් ප්‍රසිද්ධියත් ඇති වේ.

අධ්‍යාපනය ලබන දරුවන් තම බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට උත්සාහයෙන් උනන්දුවෙන් සහ කැපකිරීම් මගින් ජයග්‍රහණ උදාකර ගත යුතුය. කම්මැලිකම පසුබැසීම වහාම ඉවත් කර ගතහොත් තරඟ විභාදීන්ය මුහුණ දීමට කිසිසේතු අමාරු කාරියක් නොවේ.

රැකියා ලාභ සහ රැකියාවේ තත්වය දියුණු වනු ඇත. ව්‍යාපාර ක්‍ෙෂ්ත්‍රෙය් නියැලී සිටින අයට ස්ථිර දියුණුවක් ලැබේ. පවුලේ අයෙකුට හා තමනට විවිධ රෝගයන්ට ගොදුරු වීමට ඉඩ ඇති අතර සෙම් රෝග, අධිර රුධිර පීඩනය ලේ දූෂ්‍ය විම් ආදියට ඉඩ ඇත.

රවි, කුජ, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයක් වන අතර, ඔබගේ 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති සහ භාධක ග්‍රහයාගේ කාලයක් නොවේනම් ශුභඵල මධස්ථය. ඔබගේ ජන්ම පත්‍රයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

0 comments :

Post a Comment