.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label මේෂ ලග්නය. Show all posts
Showing posts with label මේෂ ලග්නය. Show all posts

Tuesday, July 14, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නය

වෘෂභ - Taurus

වෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට ගුරුගේ සම්ප්‍රාප්තිය සුබදායකයි. මාතෘස්ථානය සහ ගෘහස්ථානය නියෝජනය කරන හතරවැන්නට ගුරු පැමීණීමෙන් ඊට අදාළ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. දෙමව්පිය උරුමයෙන් යම් දේපලක් ලැබීමට කටයුතු සැළසෙන හෝ මව් පාර්ශවය සම්බන්ධ දේපල ගැටළුවක් තමන්ට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වෙන කාලයකි. නිවාස මිලදී ගැනීමක්, වැඩිදියුණු කිරීමක්, මෙතෙක් ප්‍රමාද වූ හෝ තාවකාලිකව වැඩ නැවතුන නිවාස සම්බන්ධ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ඔබට සිතෙන සහ ඊට අනුබල ලැබෙන කාලයකි.

එසේම වාහන මිලදී ගැනීම විකිණීම ආදී කටයුතු සාර්ථකත්වයට පත් වෙන අතර, විකුණා ගැනීමට ප්‍රමාද වූ අළුත්වැඩියා කරන ලද වාහන විකුණා ගැනීමටද අවස්ථාව ලැබේ.

රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු ඉටුවී නව රැකියාවන් ලැබීමේ වැඩි ඉඩක් පවතී. මෙම ගුරු මාරුවත් සමග වෘෂභ ලග්න හිමියන්ගේ රැකියා සහ වෘත්තීය ක්ෂේත්‍රයේ දියුණුවට මග පෑදේ. ව්‍යාපාරිකයන් නව ව්‍යාපාර කෙරෙහි උනන්දු වන අතර ඒවා පාරිභෝගිකයන්ගේ දැන ගැනීම පිණිස ප්‍රවර්ධනය කිරීමට ද උනන්දුවන කාලයකි. එවන් ආයෝජන අනාගත ලාභ ලැබීමට හේතු වේ.


යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට වෘෂභ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

වෘෂභ ලග්නය හිමි ඔබගේ ශුභ ග්‍රහයෙකු වන රවි සහ හතරවැන්නේ සිටින ගුරු සමග පරිවර්ථනය වීමත්, සඳු ලග්නයේ උච්ච වීමත් හේතුවෙන් යම් අංශවල සුභඵල ගෙනදීමට හේතු වේ.

හතරවෙනි භාවයේ සිටින ගුරු සමග අට වැන්නට ගෝචරය වුන රවි අතර පරිවර්ථනය හේතුවෙන් මෙතෙක් පැවතියා වූ නිවාස සම්බන්ධ ගැටලු, සහ විසඳා ගැනීමට අපහසු වූ ප්‍රශ්න හෝ නඩු හබ ඔබේ වාසියට පෙරළෙයි. මව හෝ මව් පාර්ශවය සමග පැති දේපල උරුම හිමිකම් සමාදානයෙන් විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයකි. වාහන ලැභ ඇති කෙරේ. කපටි පුද්ගලයන්ගේ කතා බහට රැවටීමට ඉඩ ඇති නිසා ඒ පිළිපඳ හොඳ සිහියෙන් සිටීම වැදගත්ය.  ඔබේ ලග්නයේ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයේ අධිපති වූ සඳු ලග්නයේ උච්ච වීම මත බලවත් ආත්ම ශක්තියක් ගොඩ නැගෙන අතර සහෝදර සහෝදරියන් සමග කිට්ටු සබඳතා ඇති කර ගනී. ශාස්ත්‍රීය අංශයෙන් කීර්තියත් ප්‍රසිද්ධියත් ඇති වේ.

අධ්‍යාපනය ලබන දරුවන් තම බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට උත්සාහයෙන් උනන්දුවෙන් සහ කැපකිරීම් මගින් ජයග්‍රහණ උදාකර ගත යුතුය. කම්මැලිකම පසුබැසීම වහාම ඉවත් කර ගතහොත් තරඟ විභාදීන්ය මුහුණ දීමට කිසිසේතු අමාරු කාරියක් නොවේ.

රැකියා ලාභ සහ රැකියාවේ තත්වය දියුණු වනු ඇත. ව්‍යාපාර ක්‍ෙෂ්ත්‍රෙය් නියැලී සිටින අයට ස්ථිර දියුණුවක් ලැබේ. පවුලේ අයෙකුට හා තමනට විවිධ රෝගයන්ට ගොදුරු වීමට ඉඩ ඇති අතර සෙම් රෝග, අධිර රුධිර පීඩනය ලේ දූෂ්‍ය විම් ආදියට ඉඩ ඇත.

රවි, කුජ, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයක් වන අතර, ඔබගේ 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති සහ භාධක ග්‍රහයාගේ කාලයක් නොවේනම් ශුභඵල මධස්ථය. ඔබගේ ජන්ම පත්‍රයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය

මේෂ - Aries

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණීම සුබදායකයි. විද්‍යාස්ථානය ලෙස සැළකෙන පස්වැන්නේ ගුරු ග්‍රහයා පැමිණ ගෝචරය වන කාලය පුරාම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි සිසු සිසුවියන්ට ඉතාමත් සුභදායකයි. ඥාණකාරක ගුරු ඔබගේ නුවණැස වර්ධනයටත් ධාරණ ශක්තිය මනාව පවත්වා ගෙන යෑමටත් තරඟ විභාගාදියෙන් ජය ලැබීමටත් උදව් වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයටද මෙම ගුරු මාරුව තම කටයුතුවල දියුණුව දැකීමට ඉතාමත් යහපත් කාලයකි.

පත පොත ඇසුරු කරන අයගේ ලේඛන කලාවේ දියුණුවට අභිවෘද්ධියට මෙම කාලය හේතුවන අතර ඉන් මහත් ප්‍රසිද්ධියටත් සමාජයේ පිළිගැනීමටත් පත් වේ. වෘත්තීය ලේඛකයන්ගේ කුසළතා ඔප්නැංවෙන අතර හොඳ ආදායම්ද උරුමය.

දරුවන් බලාපොරොත්තුව සිටින මේෂ ලග්න හිමියන්ට වාසනාවන්ත දරුඵල ලැබෙන කාලයකි. පුතුන් ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතර දූවරු ලදහොත් ඔවුන් සමාජයේ කැපී පෙනෙන අභියෝග ජයගත හැකි දිරිමත් අය වනු ඇත.

මේෂ ලග්න හිමි ඔබගේ පෞරුෂය කා අතරත් කැපී පෙනෙන ලෙස වර්ධනය වන අතර මංගල යෝග රැකියා සහ ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැකි තම බලාපොරොත්තු බොහොමයක් සුභදායක ලෙස ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මේෂ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන රවි සහ ගුරු පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දෙවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය  හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් උසස් අධ්‍යාපනය ගැන කියවෙන නව වැන්නත් අතර රවි - ගුරු පරිවර්ථනය මීට හේතුවයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත. උච්ච සඳු වාග් හැකියාව ප්‍රදර්ශනය කරයි. ගුරු පහේ ගෝචරය මේෂ ලග්න හිමි ඔබට ඉගෙනීමෙන් දියුණුව ලබන, විශ්ව විද්‍යාල, ශිෂ්‍යත්ව, විදෙස් අධ්‍යාපනය හිමි බලවත් රාජ යෝගයකි. වෛද්‍ය විද්‍යාව, නීතිය, නව තාක්ෂණ, කෘෂි විද්‍යාව සහ ආගම ධර්මය පිලිබඳව ගැඹුරට හැදෑරීමේ බල මහිමය හා වාසනාව උදා වී ඇත.

දරුවන් සිටින මේෂ ලග්න වැඩිහිටියන්ගේ දියුණුවත් එසේමය. දරුවන් බලාපොරොත්තුව සිටින අයට පුත්‍ර ලාභ, වාසනාවන්ත දරු උපත් හිමිය. දෙමව්පියන්ට සළකන, ආදරය කරන, කීකරු දරුවන්ගේ මතු දියුණුවද දැකිය හැකි කාලයකි. පස්වැන්න පුත්‍ර ස්ථනය වන නිසාත් රවි - සඳු සුභ කර්තරී නිසාත් මෙම ඵල භුක්ති විඳීමට ලැබේ. කුටුම්භස්ථානය වන දෙවැන්නේ සිටින උච්ච සඳුත් විවාහස්ථානයේ සිටින ස්වක්ෂේත්‍ර සිකුරුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් සමත්ය. දෙවැන්න සහ හත්වැන්න බලවත් හේතුවෙන් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් හවුල් ව්‍යාපාරවල දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.