එය අනුව රවි , බුධ සහ රාහු කන්යා රාශියේද, කුජ, සිකුරු සහ ගුරු සිංහ රාශියේද, ශනි වෘශ්චික රාශියේද, කේතු මීන රාශියේද ගෝචරය වෙයි. සඳු මේෂයෙන් පටන්ගෙන දින දෙකහමාරකට වරක් සෙසු රාශි පුරා ගමනේ යෙදෙයි. 2015 ඔක්තෝබර් 18 දින රවි තුලා රාශි ගත වෙන අතර, වක්ර වන බුධ මේ සම 11 වෙනිදා නිවෘත ගමනේ යෙදෙමින් මේ මස අවසානයේ එනම් 30 වෙනිදා තුලා රෘශි ගත වීම හැරුණුකොට වෙනත් ග්රහ මාරුවක් නොමැත.
ඒ අනුව මෙම මාසයේ ග්රහ ගමන් සමගින් අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.
පවතින ග්රහ තත්වයන් අනුව 2015 වසරේ ඔක්තෝබර් මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.