.

Saturday, October 3, 2015

මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මිථුන

ආරම්භ කරන ලද කටයුත්තක් අතරමග නවතා දැමේ. විදේශගත මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ උපකාර ලැබේ. රැකියාවේ උදාසීන බව සහ මානසික නොසන්සුන්තාවය. රක්තවාත රෝග උත්සන්න වේ.

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ හතරවැන්නේ ස්වක්ෂේත්‍රව මෙන්ම වක්‍රව ගමන් ගනී. යෝගකාරක සිකුරු වික්‍රමස්ථානය හෙවත් තුන්වැන්නේද බලවත් ශුභයෙකු වූ ශනි හයවැන්න වූ බාධක ස්ථානයේද ගෝචරය වේ. මෙම ග්‍රහචාරය අනුව ගෙදරදොර පරිසරය බලාපොරොත්තු වන පරිදි හැසිරවීමට බලවත් වෙහෙසක් ගැනීමට සඅදු වනු ඇත. ආරම්බ කර තිබූ කටයුත්තක් අකරමග නවතා දැමීමට සිදුවනු ඇත. විදේශගත වීම් අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්තාව උදාවෙන අතර විදේශයක හෝ දුර බැහැර සිටින අයගෙන් විශේෂ උදව් උපකාරද අපේක්ෂා කල හැකිය.  විවාහ වීමට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට විවාහ ගිවිස ගැනීමේ අවස්ථාව උදාවන අතර, තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. මංගල යෝජනා සහ විවාහ කටයුතු අනාගතයට ශුභදායක වන සාර්ථක හා ස්ථිර සම්බන්ධතා ගොඩනැගීමට සමත් වේ.

දහවැන්නේ කේතු විසින් රැකියා ස්ථානයේ පැවතියා වූ උදාසීනත්වය තවදුරටත් එලෙසම පවතින අතර ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීමට උනන්දු විය යුතුය. සහවැන්නාධිපති සිකුරු විග්‍රමස්ථානයේ නිසා තම කුසලතා මගින් සහ මනා කැපකිරීම් තුලින් ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යෙදී සිටින ඔබට තම ව්‍යාපාර පුළුල් කර ගැනීමට බාධාවක් නොමැත. නව රැකියා අපේක්ෂා කරන අයට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබෙන කාලයකි.

බාධක අවහිරතා ඇතත් ඒවා මැඩ අනාගතය අධ්‍යාපනය තුලින් ජය ගැනීමට සහ ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ග්‍රහචාරය මගින් අවස්ථාව ඇත. තරඟ විභාගාදියෙන් සාර්ථක ප්‍රථිඵල  ලබා ගැනීමට භාග්‍ය ඇති බැවින් උනන්දුවෙන් සහ නිවැරදි මාර්ගය තෝරා ගැනිමෙන් ඉහළට යා හැකිය. උසස් අධ්‍යාපනයේ නියුතු වූවන් හට ඒ සඳහා සුදුසු වූ ලෙස පරිසරය සකස් වේ. විවිධ ක්ෂේත්‍රයන් තුලින් තම දක්ෂතා මතු කර ගැනීමට අධ්‍යාපනය ගැන උනන්දු වන මිථුන ලග්න හිමි කාහටත් මෙය මහගු අවස්ථාවකි.

රක්තාවාත සහ පෙණහලු ආශ්‍රිත රෝග ආදියට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 2
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - නිල්, කහ, තැඹිලි

0 comments :

Post a Comment