.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label October. Show all posts
Showing posts with label October. Show all posts

Tuesday, October 6, 2015

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

ඔක්තෝබර් මාසයේ ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද? පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රය මගින් ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය.

එය අනුව රවි , බුධ සහ රාහු කන්‍යා රාශියේද, කුජ, සිකුරු සහ ගුරු සිංහ රාශියේද, ශනි වෘශ්චික රාශියේද, කේතු මීන රාශියේද ගෝචරය වෙයි. සඳු මේෂයෙන් පටන්ගෙන දින දෙකහමාරකට වරක් සෙසු රාශි පුරා ගමනේ යෙදෙයි. 2015 ඔක්තෝබර් 18 දින රවි තුලා රාශි ගත වෙන අතර, වක්‍ර වන බුධ මේ සම 11 වෙනිදා නිවෘත ගමනේ යෙදෙමින් මේ මස අවසානයේ එනම් 30 වෙනිදා තුලා රෘශි ගත වීම හැරුණුකොට වෙනත් ග්‍රහ මාරුවක් නොමැත.

ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් සමගින් අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.

පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ඔක්තෝබර් මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.

මේෂ

ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට කැප වෙයි. රැකියාවේ වැඩකටයුතු බහුල තත්වයක්. සුදුසුකම් මත උසස් හෝ වරප්‍රසාද සහිත රැකියාවනට සහ සාර්ථක අධ්‍යාපනයක්. උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝග අවදානමක් ........  වැඩිදුර කියවන්න

වෘෂභ

බුද්ධිමත් වබ සහ උත්සාහය සමගින් තම කටයුතු සාර්ථකවට යා හැකි ග්‍රහ තත්වයක්. මංගල යෝජනා ඉදිරිපත් වේ. අභියෝග ජය ගැනීමට සමත් වෙයි. විදේශ රැකියා හෝ නව රැකියා. හිසේ සහ ඇස් රෝග අවදානමක් .......  වැඩිදුර කියවන්න

මිථුන

ආරම්භ කරන ලද කටයුත්තක් අතරමග නවතා දැමේ. විදේශගත මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ උපකාර ලැබේ. රැකියාවේ උදාසීන බව සහ මානසික නොසන්සුන්තාවය. රක්තවාත රෝග උත්සන්න වේ. ........  වැඩිදුර කියවන්න

කටක

ආර්ථික වාසි සුවිශේෂී ජයග්‍රහණ. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වී ආර්ථිකය ශක්තිමත්ව තැන්පත් ධනය වර්ධනයට හිතකර තත්වයක්. රැකියාව සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන්. බාධක මැද අධ්‍යාපනය සාර්ථකත්වයට.........  වැඩිදුර කියවන්න

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ........  වැඩිදුර කියවන්න

කන්‍යා

ආදායම් තත්වය සහ විදේශ සම්බන්ධ කටයුතු සාර්ථක වේ. විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගනී. රැකියාවේ පැවති බාධාකාරී තත්වයන් පහව යයි. නව රැකියා සඳහාද සිත යොමු වේ. .........  වැඩිදුර කියවන්න

තුලා

කල්පනාකාරීව අවධානම් කටයුතුවලින් මගහැරීම නුවණට හුරුය. බාධක අභියෝග මැඩ බොහෝ කටයුතු සපල වේ. හදිසි ධන ලාභ, භූමි ලාභ සහ වස්තු ලාභ හිමිය. හදිසි අනතුරු සහ අපත්‍යකාරක දෑ වලිවන් මගහරින්න. ........  වැඩිදුර කියවන්න

වෘශ්චික

ශුභපල අධිකව අත්පත් කර තැනීමට භාග්‍ය ඇත. ගෙදරදොර සාමය පවත්වා ගනී. විදේශ සම්බන්ධ කටයුතුවලට යොමුවීමට හෝ ඒවා දියුණුවට මග පෑදේ. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කැපී පෙනෙන දියුණුවක් අත්කර ගනී..........  වැඩිදුර කියවන්න

ධනු

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය. බුද්ධිමත් සමාජ ඇසුර, ඇසුරු කරන්නන්ගෙන් පැසසුම්. රැකියාවේ වර්ධනයක් සහ සොඳුරු මානසිකත්වයක්. නව විෂය ධාරාවන් ගැඹුරින් ඉගෙන ගැනීමට සුදුසු කාලයකි........  වැඩිදුර කියවන්න

මකර

තම කටයුතු සාර්ථක කර ගැනීමට කැපවීම උනන්දුව සහ උත්සාහය නොමදව අවැසිය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය පළුදුවීමට. රැකියාවේ ස්ථාන මාරුවීම්. අධ්‍යාපන සඵලත්වය. ලේ දූෂ්‍ය රෝග ඇති වේ..........  වැඩිදුර කියවන්න

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග ........  වැඩිදුර කියවන්න

මීන

නිවැරදි තීන්දු තීරණ සහ උනන්දුව උත්සාහය ඇති බැවින් බලාපොරොත්තු රැසක් සාර්ථක කර ගනියි. ව්‍යාපාර සහ රැකියා දියුණුවට පාරිභෝගික ප්‍රජාවගේ සහ රැකියා ප්‍රධානීන්ගේ ප්‍රසංශාව. අධ්‍යාපන කටයුතු සාර්ථකය.........  වැඩිදුර කියවන්න


Saturday, October 3, 2015

සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. රැතියාවේ වරප්‍රසාද හිමිකර ගනී. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. විදේශ හිතවතුන්ගෙන් ලාභ ප්‍රෙයා්ජන උරුමය. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ.  


සිංහ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව ශුභ ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන ශුභයෙකු සහ යෝගකාරක කුජ ලග්නයේය. එඩිතර සාජු ක්‍රියාමාර්ග ගනිමින් තම ස්ථාවරත්වය රඳදා ගැනීමට සමත් වේ. ලග්නාදිපති රවි දෙවැන්නේ බැවින් දක්ෂ කථාව අන්‍යයන් ඉදිරියේ කැපී පෙනේ. අනුන්ගේ සිත් රිදවන කථාවට ඉඩ ඇති බැවින් එය පාලනය කර ගැනීමට අවශ්‍යෙව්. සිකුරු ලග්නයේ සිටීමත් කේතු අටවැන්නේ සිටීමත් රහසින් පෙම් කිරීමට හේතු වේ. ඥාණකාරකයෙකු වූ කේතු අට වැන්නේ සිටීම සහ මාරක සිකුරු ලග්නයේ සිටීම අධ්‍යාපන කටයුතුවල නිරත අයට ප්‍රභල බාධාවකි.

රැකියා ස්ථානය වූ දසවැන්නේ දොළොස් වැන්න අධිපති සඳු තැන්පත්ව ඇති බැවින් විදෙස් හෝ දුරබැහැර රැකියා මෙන්ම සංචාරක රැකියා දියුණුවට මග පෑදේ. නව රැකියා සහ විදෙස් රැකියා බලාපො‍ෙරොත්තු වූවන්ගේ එම අදහස් සහ කටයුතු සඵල වන බව පෙනේ. එසේම රැකියා ස්ථානාධිපති සිකුරු ලග්නයේ සිටිමින් රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යම් ප්‍රගතියක් පෙන්නුම් කරයි.  නව අයෝජන මෙන්ම පවතින ව්‍යාපාරවල නව අංශවලට පුලුල් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිටින අයට මෙය සුදුසු කාලයකි. එසේම රැකියාවෙන් උපයන දෑ තැන්පත් ධනයක් ලෙස පවත්වාගෙන යෑමටත් ධනස්ථානයේ ස්ව උච්ච බුධ උපකාරී වනු ඇත.

අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නියෝජනය කරන ගුරු සහ කුජ ලග්නයේ සිටිමින් එම කලාප පෝෂණය කරන බැවින් අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපනය සාර්ථකත්වය සහ තරඟ විබාගාදී ජය තහවුරු කරනු ඇත. දැනුම බුද්ධිය වර්ධනය වන පොත පත පරිශීලනය උසස් බුද්ධිමත් අයගේ ඇසුර සහ ඔවුන් අනුව යමින් කරන කටයුතු ජීවිතයේ නොමැකෙන ජයග්‍රහණ කරා අනාගතය ඔසවා තැබීමට සමත් වේ.

සෙම් රෝග පෙණහලු අාශ්‍රිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 5
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - රතු, රෝස, තැඹිලි

මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මිථුන

ආරම්භ කරන ලද කටයුත්තක් අතරමග නවතා දැමේ. විදේශගත මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ උපකාර ලැබේ. රැකියාවේ උදාසීන බව සහ මානසික නොසන්සුන්තාවය. රක්තවාත රෝග උත්සන්න වේ.

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ හතරවැන්නේ ස්වක්ෂේත්‍රව මෙන්ම වක්‍රව ගමන් ගනී. යෝගකාරක සිකුරු වික්‍රමස්ථානය හෙවත් තුන්වැන්නේද බලවත් ශුභයෙකු වූ ශනි හයවැන්න වූ බාධක ස්ථානයේද ගෝචරය වේ. මෙම ග්‍රහචාරය අනුව ගෙදරදොර පරිසරය බලාපොරොත්තු වන පරිදි හැසිරවීමට බලවත් වෙහෙසක් ගැනීමට සඅදු වනු ඇත. ආරම්බ කර තිබූ කටයුත්තක් අකරමග නවතා දැමීමට සිදුවනු ඇත. විදේශගත වීම් අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්තාව උදාවෙන අතර විදේශයක හෝ දුර බැහැර සිටින අයගෙන් විශේෂ උදව් උපකාරද අපේක්ෂා කල හැකිය.  විවාහ වීමට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට විවාහ ගිවිස ගැනීමේ අවස්ථාව උදාවන අතර, තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. මංගල යෝජනා සහ විවාහ කටයුතු අනාගතයට ශුභදායක වන සාර්ථක හා ස්ථිර සම්බන්ධතා ගොඩනැගීමට සමත් වේ.

දහවැන්නේ කේතු විසින් රැකියා ස්ථානයේ පැවතියා වූ උදාසීනත්වය තවදුරටත් එලෙසම පවතින අතර ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීමට උනන්දු විය යුතුය. සහවැන්නාධිපති සිකුරු විග්‍රමස්ථානයේ නිසා තම කුසලතා මගින් සහ මනා කැපකිරීම් තුලින් ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යෙදී සිටින ඔබට තම ව්‍යාපාර පුළුල් කර ගැනීමට බාධාවක් නොමැත. නව රැකියා අපේක්ෂා කරන අයට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබෙන කාලයකි.

බාධක අවහිරතා ඇතත් ඒවා මැඩ අනාගතය අධ්‍යාපනය තුලින් ජය ගැනීමට සහ ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ග්‍රහචාරය මගින් අවස්ථාව ඇත. තරඟ විභාගාදියෙන් සාර්ථක ප්‍රථිඵල  ලබා ගැනීමට භාග්‍ය ඇති බැවින් උනන්දුවෙන් සහ නිවැරදි මාර්ගය තෝරා ගැනිමෙන් ඉහළට යා හැකිය. උසස් අධ්‍යාපනයේ නියුතු වූවන් හට ඒ සඳහා සුදුසු වූ ලෙස පරිසරය සකස් වේ. විවිධ ක්ෂේත්‍රයන් තුලින් තම දක්ෂතා මතු කර ගැනීමට අධ්‍යාපනය ගැන උනන්දු වන මිථුන ලග්න හිමි කාහටත් මෙය මහගු අවස්ථාවකි.

රක්තාවාත සහ පෙණහලු ආශ්‍රිත රෝග ආදියට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 2
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - නිල්, කහ, තැඹිලි

මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මේෂ

ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට කැප වෙයි. රැකියාවේ වැඩකටයුතු බහුල තත්වයක් ඇති වේ. සුදුසුකම් මත උසස් හෝ වරප්‍රසාද සහිත රැකියාවනට සිත යොමු වේ. සාර්ථක අධ්‍යාපනයක් කරා යොමු වේ. උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝග අවදානමක්.

මේෂ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරක රවි බාධක ස්ථානය වූ හය වැන්නේ සිට තුලාව වූ හත්වැන්නට මේ මස 18 වෙනිදා සම්ප්‍රාප්ත වී ලග්නය සහ දෙවැන්න පෝෂණය කරන තෙක් ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමට අපොහොසත් වීමත්, පවුලේ ඥාතීන් සමග සුහදතා පළුදු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී විය යුතුය. බලවත් මංගල යෝග නොවන නිසා විවාහ වීමට බලාපොරොත්තු වන අය තම අදහස් මදක් කල් දැමිය යුතුය. විවාහකයන් තම පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට සිතට ගත යුතුය. යෝග කාරක ගුරු සහ ලග්නාධිපති කුජ පස්වැන්නේ සිටිමින් ලග්නය සහ පුණ්‍ය ස්ථානය වු නවවැන්න දැකීම මහත් අස්වැසිල්ලක් සහිත ශුභ ගෝචරයකි. ඉන් ඔබට බාධක මැඩ කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාවද ඇති අතර, දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැප වීමෙන් ඔබට ඒවායින් සාර්ථක ප්‍රථිපල ලැබෙනු ඇත.

රැකියා ස්ථානය වූ දසවැන්න අධිපති සෙනසුරු අටවැන්නේ තවදුරටත් ගමන් කිරීම හේතුවෙන් සහ දසවැන්නට සහ චන්ද්‍රයාට දෘෂ්ඨි හෙළීම හේතුවෙන් මෙතෙක් පැවති වෘත්තීමය ගැටලු තවදුරටත් බලපානු ඇත.  වෘත්තීමය කටයුතු අධික වීම වැඩකටයුතු අවුල් වීම සහ මානසික නොසන්සුන්තාවය පැවතියත් බුද්ධිමත් ඔබට ශනිගේ එම දෘෂ්ඨියෙන්ම ලැබෙන වාසිද අත්පත් කර ගත හැකිය. නව රැකියා සහ විදෙස් රැකියා සම්බන්ධ කටයුතු සඵල වන බව ඉන් ඉඟි කෙරේ.

අධ්‍යාපනය නියෝජනය කරන පස්වැන්නාධිපති රවි හය වැන්න වූ බාධක ස්ථානයේ සිටිමින් රාජ්‍ය අංශයේ අධ්‍යාපන කටයුතු්වල නියැලෙන්නන්ට යම් බාධක අවහිරතා ඇතත් ඒවා ප්‍රභල නොවනු ඇත. හයවැන්නාධිපති බුධ එහිම ස්වක්ෂේත්‍රව සිටීම සහ අධ්‍යාපනයට කාරක වූ ගුරු විද්‍යස්ථානය වූ පස්වැන්නේ සිටිමින් අධ්‍යාපනය තුලින් ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාවද ඉන් උදාකර ඇත. ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ඉහත බාධක ජය ගැනීමට මෙමගින් අවස්ථාව ඇත.

උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 5
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - ලා දුඹුරු, අලු