.

Saturday, October 3, 2015

මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මේෂ

ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට කැප වෙයි. රැකියාවේ වැඩකටයුතු බහුල තත්වයක් ඇති වේ. සුදුසුකම් මත උසස් හෝ වරප්‍රසාද සහිත රැකියාවනට සිත යොමු වේ. සාර්ථක අධ්‍යාපනයක් කරා යොමු වේ. උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝග අවදානමක්.

මේෂ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරක රවි බාධක ස්ථානය වූ හය වැන්නේ සිට තුලාව වූ හත්වැන්නට මේ මස 18 වෙනිදා සම්ප්‍රාප්ත වී ලග්නය සහ දෙවැන්න පෝෂණය කරන තෙක් ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමට අපොහොසත් වීමත්, පවුලේ ඥාතීන් සමග සුහදතා පළුදු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී විය යුතුය. බලවත් මංගල යෝග නොවන නිසා විවාහ වීමට බලාපොරොත්තු වන අය තම අදහස් මදක් කල් දැමිය යුතුය. විවාහකයන් තම පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට සිතට ගත යුතුය. යෝග කාරක ගුරු සහ ලග්නාධිපති කුජ පස්වැන්නේ සිටිමින් ලග්නය සහ පුණ්‍ය ස්ථානය වු නවවැන්න දැකීම මහත් අස්වැසිල්ලක් සහිත ශුභ ගෝචරයකි. ඉන් ඔබට බාධක මැඩ කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාවද ඇති අතර, දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැප වීමෙන් ඔබට ඒවායින් සාර්ථක ප්‍රථිපල ලැබෙනු ඇත.

රැකියා ස්ථානය වූ දසවැන්න අධිපති සෙනසුරු අටවැන්නේ තවදුරටත් ගමන් කිරීම හේතුවෙන් සහ දසවැන්නට සහ චන්ද්‍රයාට දෘෂ්ඨි හෙළීම හේතුවෙන් මෙතෙක් පැවති වෘත්තීමය ගැටලු තවදුරටත් බලපානු ඇත.  වෘත්තීමය කටයුතු අධික වීම වැඩකටයුතු අවුල් වීම සහ මානසික නොසන්සුන්තාවය පැවතියත් බුද්ධිමත් ඔබට ශනිගේ එම දෘෂ්ඨියෙන්ම ලැබෙන වාසිද අත්පත් කර ගත හැකිය. නව රැකියා සහ විදෙස් රැකියා සම්බන්ධ කටයුතු සඵල වන බව ඉන් ඉඟි කෙරේ.

අධ්‍යාපනය නියෝජනය කරන පස්වැන්නාධිපති රවි හය වැන්න වූ බාධක ස්ථානයේ සිටිමින් රාජ්‍ය අංශයේ අධ්‍යාපන කටයුතු්වල නියැලෙන්නන්ට යම් බාධක අවහිරතා ඇතත් ඒවා ප්‍රභල නොවනු ඇත. හයවැන්නාධිපති බුධ එහිම ස්වක්ෂේත්‍රව සිටීම සහ අධ්‍යාපනයට කාරක වූ ගුරු විද්‍යස්ථානය වූ පස්වැන්නේ සිටිමින් අධ්‍යාපනය තුලින් ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාවද ඉන් උදාකර ඇත. ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ඉහත බාධක ජය ගැනීමට මෙමගින් අවස්ථාව ඇත.

උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 5
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - ලා දුඹුරු, අලු









0 comments :

Post a Comment