.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label Aries. Show all posts
Showing posts with label Aries. Show all posts

Thursday, July 1, 2021

මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මේෂ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති කුජ සිකුරු 4 වැන්නේ කේන්ද්‍රගතයි. කුජ නීචයි, සිකුරු සතුරුයි / දික්බලයි. සුභයි. ශනි 10 කේන්ද්‍රගතයි ස්වක්ෂේත්‍රයි. රැකියාව සුභයි. චර රාශි 11 බාධකයි, බුධ රාහු 2 වැන්නේ - තැන්පත් ධනය වියදම් / නිවාස අලංකරණය / යුග දිවි මත ගැටුම් සමථය. ගුරු 11 බාධා මධ්‍යයේ ආර්ථික දියුණුව. රවි 3 කැපී පෙනෙයි.)


පොදු

මාසය ආරම්භයේ සිටම සිතට කළබල ගතියක් දැනේවි. වැඩ රාජකාරි බහුල වීම නිසා ගතට අමතර විඩාවක් දැනේවි. මන්දෝත්සාහී වීම නිසා කලට වේලාවට වැඩ නිමා කිරීමේ නොහැකියාවෙන් සිතට අසහනයක් ගෙන දේවි. ඒම තත්වය පළමු සති දෙකෙන් පසුව යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වී ඇසුරු කරන්නන් අතරත් කැපී පෙනෙයි. මේ තත්වය තේරුම් ගෙන මාසයේ මුල සිටම ආයාසයෙන් කටයුතුවල නිරත වූවොත් ඔබට මුලු මාසය පුරාවටම ප්‍රයෝජනවත් ලෙස හා සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ.


ධනය

අදායම් තත්වය හොඳයි. තැන්පත් ධනය වියදම් වුවත් නාස්ති නොවේ. අවශ්‍ය දේවල් සඳහා වියදම් කරයි. දුර බැහැර ගමන්වලින් ලාභ ප්‍රයෝජන ලැබේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත. කතාවෙහි දක්ෂ ගුරුවරුන්ට, නීතිඥයට, බෝකර්වරුවරුන්ට සහ ව්‍යාපාරිකයන්ටත් මෙය ආදායම් ගලා එන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ ලැබේ. 


රැකියාව

රැකියාවල නියුතු අයට මහන්සිය නිසා කරදර ගැටලු ඇතිවේ. අමතර වැඩ හා නිදි මැරීම ආදිය නිසා වෙහෙස දැනේ. ඒහෙත් ඒ්වායින් ප්‍රථිපල තිබේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවන්හි නියුතු අයටද තම මහන්සියේ තරමට ප්‍රථිපල සහ ආදායම් ලැබේ. උනන්දුවෙන් කරන වගා කටයුතු, ගොඩනැගිලි දුව්‍ය හෝ භූමිය ආශ්‍රිත කරන කටයුතු සහ ව්‍යාපාරවලට මෙය ලාභ ප්‍රයෝජන ලැබිය හැකි හොඳ ග්‍රහචාරයකි. හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ලෙන යා හැකිය.


අධ්‍යාපනය

අධ්‍යපනය කටයුතුවලට ගැටලු බාධා ඇති නොවේ. වෙනත් බාහිර දේවලිිින් මිදී ඉගෙනුම ලබන අයට මෙය හොඳ කාලයකි. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන්ගේගේද අරමුණු ඉටුවේ. දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලද නිරත වේ. 


ගෘහ ජීවිතය

තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන, ප්‍රේම සම්බන්ධතා සහ විවාහ අපේක්ෂකයන්ට ඒ්වා ස්ථිර වීමට සුභ කාලයකි. විවාහක අයගේ අතර ආදරය සමගිය වර්ධනය වෙන හා ගෘහ ජීවිතය යහපත් වන පිංවත් දරුවන් ලබන ඉතා හොඳ කාලයකි. මොවුනොවුන් අතර කිසියම් මතභේද ඇති වුවත් ඒ්වා දුර දිග නොයවා සමගියෙන් විසීමට පවතින ග්‍රහචාරයේ අනුබලය ලැබේ. ගේ දොර නවීකරනයට, හා වතු පිටි අලංකරණයට වැඩි කාලයක් ගත කරමින් සතුටු වීමටද හැකියාව ඇත.


සෞඛ්‍යය

ඇස් ආබාධ, ස්නායු ආබාධ ඇති විය හැකිය. එම ආබාධ හා නිධන්ගත රෝග දැනටමත් තිබෙන අයට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් ඒ්වා උත්සන්න නොවේ.



Saturday, October 3, 2015

මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මේෂ

ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට කැප වෙයි. රැකියාවේ වැඩකටයුතු බහුල තත්වයක් ඇති වේ. සුදුසුකම් මත උසස් හෝ වරප්‍රසාද සහිත රැකියාවනට සිත යොමු වේ. සාර්ථක අධ්‍යාපනයක් කරා යොමු වේ. උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝග අවදානමක්.

මේෂ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරක රවි බාධක ස්ථානය වූ හය වැන්නේ සිට තුලාව වූ හත්වැන්නට මේ මස 18 වෙනිදා සම්ප්‍රාප්ත වී ලග්නය සහ දෙවැන්න පෝෂණය කරන තෙක් ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමට අපොහොසත් වීමත්, පවුලේ ඥාතීන් සමග සුහදතා පළුදු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී විය යුතුය. බලවත් මංගල යෝග නොවන නිසා විවාහ වීමට බලාපොරොත්තු වන අය තම අදහස් මදක් කල් දැමිය යුතුය. විවාහකයන් තම පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට සිතට ගත යුතුය. යෝග කාරක ගුරු සහ ලග්නාධිපති කුජ පස්වැන්නේ සිටිමින් ලග්නය සහ පුණ්‍ය ස්ථානය වු නවවැන්න දැකීම මහත් අස්වැසිල්ලක් සහිත ශුභ ගෝචරයකි. ඉන් ඔබට බාධක මැඩ කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාවද ඇති අතර, දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැප වීමෙන් ඔබට ඒවායින් සාර්ථක ප්‍රථිපල ලැබෙනු ඇත.

රැකියා ස්ථානය වූ දසවැන්න අධිපති සෙනසුරු අටවැන්නේ තවදුරටත් ගමන් කිරීම හේතුවෙන් සහ දසවැන්නට සහ චන්ද්‍රයාට දෘෂ්ඨි හෙළීම හේතුවෙන් මෙතෙක් පැවති වෘත්තීමය ගැටලු තවදුරටත් බලපානු ඇත.  වෘත්තීමය කටයුතු අධික වීම වැඩකටයුතු අවුල් වීම සහ මානසික නොසන්සුන්තාවය පැවතියත් බුද්ධිමත් ඔබට ශනිගේ එම දෘෂ්ඨියෙන්ම ලැබෙන වාසිද අත්පත් කර ගත හැකිය. නව රැකියා සහ විදෙස් රැකියා සම්බන්ධ කටයුතු සඵල වන බව ඉන් ඉඟි කෙරේ.

අධ්‍යාපනය නියෝජනය කරන පස්වැන්නාධිපති රවි හය වැන්න වූ බාධක ස්ථානයේ සිටිමින් රාජ්‍ය අංශයේ අධ්‍යාපන කටයුතු්වල නියැලෙන්නන්ට යම් බාධක අවහිරතා ඇතත් ඒවා ප්‍රභල නොවනු ඇත. හයවැන්නාධිපති බුධ එහිම ස්වක්ෂේත්‍රව සිටීම සහ අධ්‍යාපනයට කාරක වූ ගුරු විද්‍යස්ථානය වූ පස්වැන්නේ සිටිමින් අධ්‍යාපනය තුලින් ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාවද ඉන් උදාකර ඇත. ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ඉහත බාධක ජය ගැනීමට මෙමගින් අවස්ථාව ඇත.

උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 5
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - ලා දුඹුරු, අලු









Tuesday, July 14, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය

මේෂ - Aries

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණීම සුබදායකයි. විද්‍යාස්ථානය ලෙස සැළකෙන පස්වැන්නේ ගුරු ග්‍රහයා පැමිණ ගෝචරය වන කාලය පුරාම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි සිසු සිසුවියන්ට ඉතාමත් සුභදායකයි. ඥාණකාරක ගුරු ඔබගේ නුවණැස වර්ධනයටත් ධාරණ ශක්තිය මනාව පවත්වා ගෙන යෑමටත් තරඟ විභාගාදියෙන් ජය ලැබීමටත් උදව් වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයටද මෙම ගුරු මාරුව තම කටයුතුවල දියුණුව දැකීමට ඉතාමත් යහපත් කාලයකි.

පත පොත ඇසුරු කරන අයගේ ලේඛන කලාවේ දියුණුවට අභිවෘද්ධියට මෙම කාලය හේතුවන අතර ඉන් මහත් ප්‍රසිද්ධියටත් සමාජයේ පිළිගැනීමටත් පත් වේ. වෘත්තීය ලේඛකයන්ගේ කුසළතා ඔප්නැංවෙන අතර හොඳ ආදායම්ද උරුමය.

දරුවන් බලාපොරොත්තුව සිටින මේෂ ලග්න හිමියන්ට වාසනාවන්ත දරුඵල ලැබෙන කාලයකි. පුතුන් ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතර දූවරු ලදහොත් ඔවුන් සමාජයේ කැපී පෙනෙන අභියෝග ජයගත හැකි දිරිමත් අය වනු ඇත.

මේෂ ලග්න හිමි ඔබගේ පෞරුෂය කා අතරත් කැපී පෙනෙන ලෙස වර්ධනය වන අතර මංගල යෝග රැකියා සහ ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැකි තම බලාපොරොත්තු බොහොමයක් සුභදායක ලෙස ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මේෂ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන රවි සහ ගුරු පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දෙවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය  හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් උසස් අධ්‍යාපනය ගැන කියවෙන නව වැන්නත් අතර රවි - ගුරු පරිවර්ථනය මීට හේතුවයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත. උච්ච සඳු වාග් හැකියාව ප්‍රදර්ශනය කරයි. ගුරු පහේ ගෝචරය මේෂ ලග්න හිමි ඔබට ඉගෙනීමෙන් දියුණුව ලබන, විශ්ව විද්‍යාල, ශිෂ්‍යත්ව, විදෙස් අධ්‍යාපනය හිමි බලවත් රාජ යෝගයකි. වෛද්‍ය විද්‍යාව, නීතිය, නව තාක්ෂණ, කෘෂි විද්‍යාව සහ ආගම ධර්මය පිලිබඳව ගැඹුරට හැදෑරීමේ බල මහිමය හා වාසනාව උදා වී ඇත.

දරුවන් සිටින මේෂ ලග්න වැඩිහිටියන්ගේ දියුණුවත් එසේමය. දරුවන් බලාපොරොත්තුව සිටින අයට පුත්‍ර ලාභ, වාසනාවන්ත දරු උපත් හිමිය. දෙමව්පියන්ට සළකන, ආදරය කරන, කීකරු දරුවන්ගේ මතු දියුණුවද දැකිය හැකි කාලයකි. පස්වැන්න පුත්‍ර ස්ථනය වන නිසාත් රවි - සඳු සුභ කර්තරී නිසාත් මෙම ඵල භුක්ති විඳීමට ලැබේ. කුටුම්භස්ථානය වන දෙවැන්නේ සිටින උච්ච සඳුත් විවාහස්ථානයේ සිටින ස්වක්ෂේත්‍ර සිකුරුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් සමත්ය. දෙවැන්න සහ හත්වැන්න බලවත් හේතුවෙන් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් හවුල් ව්‍යාපාරවල දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.


Saturday, July 4, 2015

මේෂ ලග්න පලාපල - ජූලි 2015

මේෂ

තම එදිනෙදා කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව හිමිය. පවුලේ සෙසු අයගේ සහයෝගය නොමදව ලැබේ. දේපල සම්බන්ධ ආරවුල් පැන නැගීමට ඉඩ ඇත. ප්‍රශ්න දුරදිග යා නොදී ඉවසීම සහ තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කිරීමට අවශ්‍යයයි. යම් හෙයකින් නීතියෙන් පිහිටට ගියහොත් එය ඔබට අවාසිය.

විවිධ මාර්ග ඔස්සේ තමනට ලැබෙන ආදායම් තත්වය යහපත්ය. නමුත් ඒ හා සමානව වියදම් පක්ෂයද ඉහළ යන බැවින් එදිනෙදා කටයුතුවලට ණය වීමටද පුලුවන. හවුල් ව්‍යාපාර මෙන්ම ස්වයං රැකියා ද දියුණු වේ. නව ව්‍යාපාර සඳහා සිත යොමු වේ. රැකියාවල ගැටලුකාරී තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. ඒවා විසඳීමට ද කල් යයි. විදේශ රැකියා සඳහා සිත යොමු වේ.

අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ අයට යහපත් මාසයකි. තරඟ විභාගවලින් ඉහළින් සමත්වීමට අවශ්‍ය ග්‍රහ තත්වයක් පවතී. ක්‍රීඩා ක්ෂේත්‍රෙය් නියුතු වූවන්ය ජයග්‍රහණ හිමිය. වෘත්තීය අධ්‍යාපනය හදාරන අයගේ සැඟවුන දක්ෂතා ඉස්මතු කර පෙන්වයි.

තාරුණ වියේ අයට පෙම් සබඳතා ඇති වේ. විවාහක අයගේ යුගදිවි සැපත වර්ධනය වේ. අඹු සැමියන් අතර සහ දරුවන්ගේ හොඳ හිත ආදරය කරුණාව නොඅඩුව ලැබෙන මාසයකි. දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව මෙන්ම පවුලේ දියුණුව ඇති වේ.

රත්, පිත්, වාත සහ සෙම් රෝග ඇති විය හැකිය. බරපතල රෝගී තත්වයන් ඇති නොවේ.

ජය වර්ණය දම්
ජය අංක 2, 4, 5

Aries monthly horoscope for July 2015