.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Wednesday, December 16, 2015

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!

වසර දොළහකට පසු ගුරු, රවි හිමි සිංහ රාශියේ ගෝචරය වේ.....
වසර දොළහකට පසු රවි, ගුරු හිමි ධනුවේ පරිවර්ථන යෝගයක්.....
වසර දොළහකට සඳු බලවත්ව ධන කුවේර යෝගයක්.....
රවි - බුධ එක්ව බුධ ආදිත්‍ය යෝගයක්.....

ඊට අමතරව එක් එක් රාශිවලට තවත් යෝග ගණනාවක්. විශේෂයෙන්ම වසර දොළහකට පසු රවි ගුරු පරිවර්ථනයත් තිබියදී දෙසැම්බර් මස 22 වෙනි දින රාත්‍රී 10.06 ට චන්ද්‍රයා වෘෂභ රාශියට විත් උච්ච වෙයි. ඒ සමගම සඳු, ගුරු, රවි ත්‍රිත්වයෙන් විශ්වයේ මහා ග්‍රහ බලයක්  නිර්මාණය වී ධන කුවේර යෝගය උදා වෙයි. එය සඳුට සම්බන්ධ යියළුම පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන අයට සහ දැනටමත් පවත්වා ගෙන යන ව්‍යවසායකයන්ට ධනය ගලා එන ඉතා බලවත් ග්‍රහ යෝගයකි. එසේම රවි - බුධ එක්වීමෙන් ඇති වන බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුණ යෝගය මගින් අධ්‍යාපනයේ නිරත දරු දැරියන්ගේ ඥාණ ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනයට රුකුල් දෙයි.

Thursday, December 10, 2015

ගුරු මාරුවේ දෙවන භූමිකාව......

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ. 

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් දළ වශයෙන් එක් රාශියක සිට තවත් රාශියක් කරා ගෝචරය වී වසරක පමණ කාලයක් ගත කරයි. මේ අනුව නැවත ගුරු එම රාශියටම එන්නේ වසර දොළහකට පසුවයි. පසුගිය ජූලි 14 දින ගුරු රවි හිමි සිංහ රාශියට සපැමිණ ගමන් ඇරඹීය.

මෙවර සිදුවන්නේ බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගමන් කරන සිංහ රාශියේ අධිපතියා වන රවි ගුරුට හිමි ධනු රාශියේ ගෝචරය වෙමින් රවි ගුරු පරිවර්ථන යෝගය උදා වීමයි. මෙයද සිදුවන්නේද වසර දොළහකට පසුවයි. මෙම පරිවර්ථනය ලග්න හතකට විශේෂ සුභඵලද, සෙසු ලග්නවලට පරිවර්ථන ඵල ප්‍රධානය කිරීමට සමත් වේ. මෙම රවි - ගුරු පරිවර්ථනය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන ගැනීම වැදගත්ය.

Friday, November 6, 2015

2015 දෙසැම්බර් ලග්න පලාපල

2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?

පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට එනම් දෙසැම්බර් 5 දින ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.

මේ අනුව රවි බුධ සහ ශනි වෘශ්චික රාශියේ ගමන් කරයි. සඳු කුජ සහ රාහු කන්‍යා රාශියේද, සිකුරු තුලාවේද, ගුරු සිංහයේ වන අතර කේතු මීනයේ ද, ගෝචරය වෙයි.

2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ලග්න රැසකට සුභ ඵල උදා කෙරේ. ඒක් එක් ලග්නයට මෙම ශුභාශුභ බලපාන්නේ කෙසේදැයි බලමු.

(මේය පොදු පලාපල විස්තරයකි. පලාපල.lk හි ලියාපදිංචි ඔබට සැළසෙන විශේෂ සේවා අතර සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.)

Tuesday, October 6, 2015

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

ඔක්තෝබර් මාසයේ ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද? පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රය මගින් ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය.

එය අනුව රවි , බුධ සහ රාහු කන්‍යා රාශියේද, කුජ, සිකුරු සහ ගුරු සිංහ රාශියේද, ශනි වෘශ්චික රාශියේද, කේතු මීන රාශියේද ගෝචරය වෙයි. සඳු මේෂයෙන් පටන්ගෙන දින දෙකහමාරකට වරක් සෙසු රාශි පුරා ගමනේ යෙදෙයි. 2015 ඔක්තෝබර් 18 දින රවි තුලා රාශි ගත වෙන අතර, වක්‍ර වන බුධ මේ සම 11 වෙනිදා නිවෘත ගමනේ යෙදෙමින් මේ මස අවසානයේ එනම් 30 වෙනිදා තුලා රෘශි ගත වීම හැරුණුකොට වෙනත් ග්‍රහ මාරුවක් නොමැත.

ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් සමගින් අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.

පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ඔක්තෝබර් මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.

මේෂ

ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට කැප වෙයි. රැකියාවේ වැඩකටයුතු බහුල තත්වයක්. සුදුසුකම් මත උසස් හෝ වරප්‍රසාද සහිත රැකියාවනට සහ සාර්ථක අධ්‍යාපනයක්. උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝග අවදානමක් ........  වැඩිදුර කියවන්න

වෘෂභ

බුද්ධිමත් වබ සහ උත්සාහය සමගින් තම කටයුතු සාර්ථකවට යා හැකි ග්‍රහ තත්වයක්. මංගල යෝජනා ඉදිරිපත් වේ. අභියෝග ජය ගැනීමට සමත් වෙයි. විදේශ රැකියා හෝ නව රැකියා. හිසේ සහ ඇස් රෝග අවදානමක් .......  වැඩිදුර කියවන්න

මිථුන

ආරම්භ කරන ලද කටයුත්තක් අතරමග නවතා දැමේ. විදේශගත මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ උපකාර ලැබේ. රැකියාවේ උදාසීන බව සහ මානසික නොසන්සුන්තාවය. රක්තවාත රෝග උත්සන්න වේ. ........  වැඩිදුර කියවන්න

කටක

ආර්ථික වාසි සුවිශේෂී ජයග්‍රහණ. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වී ආර්ථිකය ශක්තිමත්ව තැන්පත් ධනය වර්ධනයට හිතකර තත්වයක්. රැකියාව සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන්. බාධක මැද අධ්‍යාපනය සාර්ථකත්වයට.........  වැඩිදුර කියවන්න

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ........  වැඩිදුර කියවන්න

කන්‍යා

ආදායම් තත්වය සහ විදේශ සම්බන්ධ කටයුතු සාර්ථක වේ. විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගනී. රැකියාවේ පැවති බාධාකාරී තත්වයන් පහව යයි. නව රැකියා සඳහාද සිත යොමු වේ. .........  වැඩිදුර කියවන්න

තුලා

කල්පනාකාරීව අවධානම් කටයුතුවලින් මගහැරීම නුවණට හුරුය. බාධක අභියෝග මැඩ බොහෝ කටයුතු සපල වේ. හදිසි ධන ලාභ, භූමි ලාභ සහ වස්තු ලාභ හිමිය. හදිසි අනතුරු සහ අපත්‍යකාරක දෑ වලිවන් මගහරින්න. ........  වැඩිදුර කියවන්න

වෘශ්චික

ශුභපල අධිකව අත්පත් කර තැනීමට භාග්‍ය ඇත. ගෙදරදොර සාමය පවත්වා ගනී. විදේශ සම්බන්ධ කටයුතුවලට යොමුවීමට හෝ ඒවා දියුණුවට මග පෑදේ. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කැපී පෙනෙන දියුණුවක් අත්කර ගනී..........  වැඩිදුර කියවන්න

ධනු

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය. බුද්ධිමත් සමාජ ඇසුර, ඇසුරු කරන්නන්ගෙන් පැසසුම්. රැකියාවේ වර්ධනයක් සහ සොඳුරු මානසිකත්වයක්. නව විෂය ධාරාවන් ගැඹුරින් ඉගෙන ගැනීමට සුදුසු කාලයකි........  වැඩිදුර කියවන්න

මකර

තම කටයුතු සාර්ථක කර ගැනීමට කැපවීම උනන්දුව සහ උත්සාහය නොමදව අවැසිය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය පළුදුවීමට. රැකියාවේ ස්ථාන මාරුවීම්. අධ්‍යාපන සඵලත්වය. ලේ දූෂ්‍ය රෝග ඇති වේ..........  වැඩිදුර කියවන්න

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග ........  වැඩිදුර කියවන්න

මීන

නිවැරදි තීන්දු තීරණ සහ උනන්දුව උත්සාහය ඇති බැවින් බලාපොරොත්තු රැසක් සාර්ථක කර ගනියි. ව්‍යාපාර සහ රැකියා දියුණුවට පාරිභෝගික ප්‍රජාවගේ සහ රැකියා ප්‍රධානීන්ගේ ප්‍රසංශාව. අධ්‍යාපන කටයුතු සාර්ථකය.........  වැඩිදුර කියවන්න


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මීන

නිවැරදි තීන්දු තීරණ සහ උනන්දුව උත්සාහය ඇති බැවින් බලාපොරොත්තු රැසක් සාර්ථක කර ගනියි. ව්‍යාපාර සහ රැකියා දියුණුවට පාරිභෝගික ප්‍රජාවගේ සහ රැකියා ප්‍රධානීන්ගේ ප්‍රසංශාව. අධ්‍යාපන කටයුතු සාර්ථකය.


මීන ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට ලැබෙන බව කිව හැකිය. යෝගකාරක කුජ සහ ලග්නාධිපති ගුරු භාධක ස්ථානය වන හයවැන්නේත් වුවත් සිංහ රැසෙහි වීම මගින් බාධක මෙන්ම සතුරන් ජය ගැනීමට හේතු වේ. මේ අනුව මීන  ලග්න හිමියන්ට මෙම මාසයේදීත් තම ගෙදර දොර කටයුතු සාමකාමීව සුහදව උදව් උපකාරැතිව සහ පරිත්‍යාගශීලීව යුතුකම් ලෙස  ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.  උසස් බුද්ධිමත් සමාජ ඇසුර සහ ඇසුරු කරන්නන් අතර කැපී පෙනෙන තත්වයක් ඇත. විවාහ අපේක්ෂකයන්ට යහපත් මංගල යෝජනා, විවාහකයන් අතර ප්‍රීතිමත් යුගදිවි සැපත සහ දරුවන් අපේක්ෂා කරන අයට යහපත් දරුවන් ලැබීමේ භාග්‍ය ද ඇත. 

රැකියා ස්ථානය වූ දසවැන්න සහ නව වැන්නේ උපරිම ග්‍රහ ශක්තිය ඇති බැවින් රැකියා සහ ව්‍යාපාර සම්බන්ධ සියළු කටයුතු ඉතා සාර්ථක ලෙස සිදුවන බව පැවසිය යුතුය. රැකියා ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම ව්‍යාපාරවල ජනප්‍රියත්වයද ඇති වේ. නව රැකියා සහ විදේශ රැකියා අපේක්ෂකයන්ට එම අවස්ථාවන් ලැබෙන බවත් තම දක්ෂතා සහ සුදුසුකම්වලට හිමි විහේෂ වැටුප් සහ වරප්‍රසාද ද හිමිය.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන සියලුම අංශවලදී දක්ෂතා පෙන්වීමට ධනු ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. තරඟ විභාගාදීය හොඳින් සමත්වීමට මෙන්ම,  ගැඹුරු විෂයයන් බුද්ධිමත්ව ඉගෙනීමටත්, තම දැනුම සහ කුසළතා එළීදැක්වීමටත් වාර්ථාගත ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත්, විදෙස් අධ්‍යාපනයත්  මෙය සුදුසු කාලයකි.  

ඌෂ්ණ සහිත ලේ දූෂ්‍ය වීම් සහිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 2, 7
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - රෝස, ලා නිල්

කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග. 


කුම්භ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  යෝගකාරක සිකුරු සහ ශුභ ග්‍රහයෙකු වන කුජ හත්වැන්නේ ගෝචරය වීම ගෙදර දොර සහ පවුලේ සතුට සමාදානය රැක ගැනීමට හේතු වේ. නමුත් කිසියම් මානසික අසහනය සහ නොසන්සුන්තාවය විටින් විට මතු වෙන අතර එමගින් කටයුතු අවුල් වීමට පුලුවන. එබැවින් එවන් විටෙක මනස සන්සුන් කර ගැනීම සහ ආගම දහමට යොමු වීම බෙහෙවින් සහනදායක වෙයි. කුම්භ ලග්න හිමි තර්ණ තරුණියන්ට යහපත් මංගල යෝග උදා වෙන පරිසරයක් ඇත.  යහපත් යුග දිවියකට අවැසි සුදුසු අනාගත සහකරුවන් හඳුනාගැනීමට අවස්ථාව සැළසේ. ගමන් බිමන් හේතුවෙන් වියදම් අධික වෙනු ඇත.

රැකියා සහ ව්‍යාපාරවල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සුදු වේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්න හිමියන්ට වගකීම් රැසක් පැවරෙන කාලයකි. වෙනදාට වඩා ගත සිත දෙකම වෙහෙසට පත්වීම තුල කිසියම් අසහනකාරී තත්වයක්ද මතු විය හැකිය. යහපත් අයුරින් කරගෙන ගියදෑ යම් යම් විදියේ අවුල් සහගත තත්වයත් ඇති වේ. ඔබ විසින් ගන්නා තීන්දු තීරණ ගැටලු සහගත තත්වයක් නිර්මාණය විය හැකි නිසා හැමවිටම කල්පනාකාරී විය යුතුය. දැනට විදේශ සම්බන්ධ රැකියාවල නියුතු අයගේ ලාභාංශ ඉහළ යන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රචාරණය යහපත් ලෙස ඉබේම මෙන් සිදු වේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව උත්සාහය මත තම බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට අවස්ථාව ඇත. විවිධ පොත්පත් ඇසුරු කිරීමෙන් බොහෝ දැනුම ලබා ගන්නා කාලයකි. තරඟ විභාගාදීයට යෑමට ප්‍රථම බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් සහ කාරුණික ගුරු උපදේශයන් මගින් ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකිය. 

දන්ත, විදුරුමස් සහ චර්ම  රෝග උත්සන්න විය හැකි බැවින් කල්පනාකාරීව ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.  උපතේදී සඳු සිටින තැන අනුව මෙම ප්‍රථිපල අඩුවැඩි වන බව සැළකිය යුතුය.

ජය අංක - 3, 7
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - නිල් , සුදු

මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මකර

තම කටයුතු සාර්ථක කර ගැනීමට කැපවීම උනන්දුව සහ උත්සාහය නොමදව අවැසිය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය පළුදුවීමට. රැකියාවේ ස්ථාන මාරුවීම්. අධ්‍යාපන සඵලත්වය. ලේ දූෂ්‍ය රෝග ඇති වේ.


මකර ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු ඉටුකර ගැනීමට තරමක් වෙහෙස විය යුතු බව කිව හැකිය. මෙම ග්‍රහචාරය අනුව යෝගකාරක සිකුරු අටවැන්නේ විම මකර ලග්න හිමියන්ට බලවත් අවාසියකි. ලග්නාධිපති ශනි සතුරු ස්ථානගතය වුවත් අයස්ථානයේ සිටීම යෝග්‍යය වේ. භාග්‍යස්ථානාධිපති බුධ නවවැන්නේත් ස්වඋච්ච වන ගෝචරය යහපති. මේ අනුව මකර ලග්න හිමියන්ට මෙම මාසයේදීත් තම ගෙදර දොර කටයුතුවල සාමය සමාදානය පවත්වා ගැනීම වෙනුවෙන් උනන්දු විය යුතුය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසු හැකි වනු ඇත. තරුණ තරුණියන්ට මංගල යෝජනා මෙන්ම යහපත් අනාගත සහකරු හෝ සහකාරියක සොයා ගැනීමේ වාසනාව ඇත.

රැකියා කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි විය යුතු අතර බොහෝවිට මානසික සහනය අවම වනු ඇත. රැකියාවේ ස්ථාන මාරු අපේක්ෂා කල අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙන නමුත් මකර ලග්න හමියන්ට තම ව්‍යාපාර නව මාවතක් කරා ගෙන යාමට හැකිවේ. පොළොව ආශ්‍රිත ව්‍යාපාර කරන මකර ලග්න හිමියන්ගේ වයාපාර බොහෝ දියුනු වන අතර විශේෂ ලාභ ලැබීම්ද බලාපොරොත්තු විය හැකිය.

අධ්‍යාපනය කටයුතු තුලින් තමන්ගේ අනාගත ඉලක්ක සපුරාගත හැකි වන සේ කටයුතු කිරිමට ඉඩ සැළසේ. නව විෂය ධාරාවන් කෙරේ සිත් ඇදී යයි. පරිගණක, ඉංජිනේරු, නව තාක්ෂණික සහ උසස් කළමණාකාර අධ්‍යාපන හදාරන අයගේ දක්ෂතා ඉස්මතු වේ.

ලේ දූෂ්‍ය වීම් සහ පපුවේ සෙම්ගති සහිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 8
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - නිල්, දුඹුරු, 

Monday, October 5, 2015

ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015

ධනු

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය. බුද්ධිමත් සමාජ ඇසුර, ඇසුරු කරන්නන්ගෙන් පැසසුම්. රැකියාවේ වර්ධනයක් සහ සොඳුරු මානසිකත්වයක්. නව විෂය ධාරාවන් ගැඹුරින් ඉගෙන ගැනීමට සුදුසු කාලයකි.


ධනු ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට ලැබෙන බව කිව හැකිය. ප්‍රධාන යෝගකාරකයන් වන රවි සහ බුධ රැකියාස්ථානය වූ දහවැන්නේත්, ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානය වන නවවැන්නේත් ගෝචරය වීම මෙයට හේතුවයි. මේ අනුව ධනු ලග්න හිමියන්ට මෙම මාසයේදීත් තම ගෙදර දොර කටයුතු සාමකාමීව සුහදව උදව් උපකාරැතිව සහ පරිත්‍යාගශීලීව යුතුකම් ලෙස  ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.  උසස් බුද්ධිමත් සමාජ ඇසුර සහ ඇසුරු කරන්නන් අතර කැපී පෙනෙන තත්වයක් ඇත. විවාහ අපේක්ෂකයන්ට යහපත් මංගල යෝජනා, විවාහකයන් අතර ප්‍රීතිමත් යුගදිවි සැපත සහ දරුවන් අපේක්ෂා කරන අයට යහපත් දරුවන් ලැබීමේ භාග්‍ය ද ඇත. 

රැකියා ස්ථානය වූ දසවැන්න සහ නව වැන්නේ උපරිම ග්‍රහ ශක්තිය ඇති බැවින් රැකියා සහ ව්‍යාපාර සම්බන්ධ සියළු කටයුතු ඉතා සාර්ථක ලෙස සිදුවන බව පැවසිය යුතුය. රැකියා ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම ව්‍යාපාරවල ජනප්‍රියත්වයද ඇති වේ. නව රැකියා සහ විදේශ රැකියා අපේක්ෂකයන්ට එම අවස්ථාවන් ලැබෙන බවත් තම දක්ෂතා සහ සුදුසුකම්වලට හිමි විහේෂ වැටුප් සහ වරප්‍රසාද ද හිමිය.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන සියලුම අංශවලදී දක්ෂතා පෙන්වීමට ධනු ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. තරඟ විභාගාදීය හොඳින් සමත්වීමට මෙන්ම,  ගැඹුරු විෂයයන් බුද්ධිමත්ව ඉගෙනීමටත්, තම දැනුම සහ කුසළතා එළීදැක්වීමටත් වාර්ථාගත ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත්, විදෙස් අධ්‍යාපනයත්  මෙය සුදුසු කාලයකි.  

පාදවල ආබාධ, ලේ දූෂ්‍ය වීම් සහ පපුවේ සෙම්ගති සහිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 5, 9
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - කහ, රන්වන්, නිල්

Saturday, October 3, 2015

වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015

වෘශ්චික

ශුභපල අධිකව අත්පත් කර තැනීමට භාග්‍ය ඇත. ගෙදරදොර සාමය පවත්වා ගනී. විදේශ සම්බන්ධ කටයුතුවලට යොමුවීමට හෝ ඒවා දියුණුවට මග පෑදේ. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කැපී පෙනෙන දියුණුවක් අත්කර ගනී.


වෘශ්චික ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව ශුභ ඵල රැසක් ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරක ගුරු සහ සඳු කේන්ද්‍රස්ථානවලද, ශුභ ග්‍රහයෙකු වන රවි අයස්ථානය වූ එකොළොස්වැන්නේ ගෝචරය වීම මගින් සාර්ථක ප්‍රථිපල ලැබෙනු ඇත. අයස්ථානාධිපති බුධ ස්ව උච්චව අයස්ථානයේම සිටින අතර ධනස්ථානාධිපති ගුරු රැකියාස්ථානයේ සැරිසරයි. සඳු වෘෂභයේ උච්චව මාසය ආරම්භ වන අතර ගෙදරදොර කටයුතු පවුලේ සමගිය සහ දියුණුවට එය ශුභ ලකුණකි. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණ කරුණියන්ට යහපත් මංගල යෝජනා මෙන්ම උරුම දේපල වස්තුව හිමි සහකරුවෙකු සහකාරියෙකු ලැබීමේ භාග්‍ය හිමිය. මෙය වෘශ්චික ලග්න හිමියන්ට අධික ශුභඵල සහිත ග්‍රහ ගමනකි. 

රැකියා ස්ථානය හිතකර පරිසරයකි. තම උනන්දුව උත්සාහය නිතැතින්ම ඇති වී ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත්වී විවිධ වරප්‍රසාද සහ පැසසුම් ලැබීමට නියමිතය. ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යෙදී සිටින වෘශ්චික ලග්න හිමියන් තම ව්‍යාපාර කැපකිරීමෙන් යුතුව ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමත් හොඳ ආදායම් ලැබීමත් පෙන්නුම් කෙරේ. තැන්පත් ධනයේ වර්ධනයක් දැකිය හැකි අතර අත්‍යාවශ්‍ය දේවල් උදෙසා සහ නව ආයෝජන කෙරෙහි සිත යොමු කරනු ඇත.

අධ්‍යාපනය පිළිබඳව තම කටයුතු සැළසුම් කිරීමේදී බොහෝවිට කලබලකාරී බවක් පෙන්නුම් කරන අතර එය නිසියාකාරව කරතොත් අධ්‍යාපනයේද හොඳ පිම්මක් පැනීමට හැකි වන ග්‍රහ බලයක් ඇත.  නමුත් තීරණ ගැනීමේදී යම් දුර්වලතා ඇතිවන බැවින් නිවැරදි තීරණ ගැනීමත් බුද්ධිමත් සහ කාරුණික ගුරුවරුන්ගේ මග පෙන්වීම සහ අවවාද පිළිපැදීම මගින් ගැටලු අවම කරගැනීමට හැකි වේ.

උදරාබාධ සහ සෙම් ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 5, 7
ශුභ දින -  සිකුරාදා, බදාදා
ශුභ වර්ණ - නිල්, කහ

තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015

තුලා

කල්පනාකාරීව අවධානම් කටයුතුවලින් මගහැරීම නුවණට හුරුය. බාධක අභියෝග මැඩ බොහෝ කටයුතු සපල වේ. හදිසි ධන ලාභ, භූමි ලාභ සහ වස්තු ලාභ හිමිය. හදිසි අනතුරු සහ අපත්‍යකාරක දෑ වලිවන් මගහරින්න.

තුලා ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව උත්සාහයෙන් ශුභ ඵල නෙළාගත යුතු බව කිව හැකිය.  යෝගකාරක ශනි වෘශ්චිකයේ සතුරු රැසක වුවත් ධනස්ථානය වූ දෙවැන්නේ සිටීමත්, ලග්නාධිපති සිකුරු සිංහයේ සතුරු රැසක වුවත් අයස්ථානයේ සිටීමත්, අතිශය ශුභ ග්‍රහයෙකු වන බුධ වැයස්ථානය වූ දොළොස්වැන්නේ සිටීමත් මීට ප්‍රධාන හේතු කාරණා වේ.  තම වැඩ කටයුතු සම්බන්ධව අස්ථාවර බවක් දක්නට ලැබෙන මුත් උනන්දුව උත්සාහය මත යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමේ අවස්ථාව ඇත. ධනකාරක ගුරු අයස්ථානගතව ශක්තිමත් කුජ සහ ලග්නාධිපතිගේ අනියම් උදව්වෙන් ආදායම් මාර්ග ලබා ගත හැකිය.  යෝගකාරක ශනි ධනස්ථානයේ බැවින් හදිසි ධන ලාභද පෙන්නුම් කෙරේ. විදේශගත වීමට සිතුවේ නම් ඒ සඳහා අවකාශ ඇත. අවධානම් කටයුතුවලින් විවිධ දුෂ්කරතා පැන නගින බැවින් ඒවායින් ඈත් වීමට නිතර සිහි තබා ගත යුතුව ඇත. විවාහා අපේක්ෂකයන්ගේ අරමුණු මුදුන්පත් වේ. 

රැකියා සහ ව්‍යාපාරවල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සුදු වේ. යහපත් අයුරින් කරගෙන ගියදෑ යම් යම් අයගේ අයුතු බලපෑම් මධ්‍යයේ අවුල් සහගත තත්වයත් ඇති වේ. ඔබ විසින් ගන්නා තීන්දු තීරණ ගැටලු සහගත තත්වයක් නිර්මාණය විය හැකි නිසා හැමවිටම කල්පනාකාරී විය යුතුය. දැනට විදේශ සම්බන්ධ රැකියාවල නියුතු අයගේ ලාභාංශ ඉහළ යන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රචාරණය යහපත් ලෙස ඉබේම මෙන් සිදු වේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව උත්සාහය මත තම බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට අවස්ථාව ඇත. විවිධ පොත්පත් ඇසුරු කිරීමෙන් බොහෝ දැනුම ලබා ගන්නා කාලයකි. තරඟ විභාගාදීයට යෑමට ප්‍රථම බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් සහ කාරුණික ගුරු උපදේශයන් මගින් ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකිය. 

දන්ත, විදුරුමස් සහ චර්ම  රෝග උත්සන්න විය හැකි අතර හදිසි අනතුරුවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.  උපතේදී සඳු සිටින තැන අනුව මෙම ප්‍රථිපල අඩුවැඩි වන බව සැළකිය යුතුය.

ජය අංක - 3, 7
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - රතු, කහ

කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කන්‍යා

ආදායම් තත්වය, විදේශ සම්බන්ධ කටයුතු සාර්ථක වේ. විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගනී. රැකියාවේ පැවති බාධාකාරී තත්වයන් පහව යයි. නව රැකියා සඳහාද සිත යොමු වේ.

කන්‍යා ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බාධක අවහිරතා මධ්‍යයේ වුවද සාර්ථකත්වයක් කරා පියමං කිරීමට භාග්‍ය ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන යෝගකාරකයන් වූ බුධ සහ සිකුරු ලග්නයේත් සහ දොළොසේවැන්නේත් වීම මෙයට හේතුවයි. නිවෙස තුල සාමය සමගිය පවත්වා ගැනීමට තරමක් උනන්දු වීම් සහ කැපකිරීම් කිරීමට සිදුව ඇත. පවුලේ ඥාතියෙකුගෙන් විශේෂ උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නම් එය ඉටු කර ගැනීමට මෙය සුදුසු වාතාවරණයකි. විදෙස්ගත අයෙකුගේ උදව් උපකාරද හිමිවන අතර විදෙස් ගමන් බලාපොරොත්තු අයට තම අදහස් මුදුන් පමුනුවා ගැනීමට උනන්දු වීම මගින් ඊට අවස්ථාව සැල සේ. විවාහ වීමට අදහස් කරන තරුණ තරුණියන්ගේ මංගල කටයුතු සාර්ථක වන අතර ඔවුනට සුදුසු මංගල යෝජනා සහ තම අදහස් හා ගැළපෙන සහකරුවෙකු ලැබෙන යහපත් කාලයකි. නමුත් බොහෝ දේ සඳහා ඉක්මන් තීරණවලට එළැඹියත් මංගල කාරනා සඳහා තවදුරටත් උදාසීන භාවයක් දක්වනු පෙනේ. එය රාහු කේතුගෙු ගෝචරය නිසාය.

රැකියා ස්ථානය සහ රැකියා කටයුතු සතුටුදායක වන අතර පැවතියා වූ යම් යම් ගැටලුකාරී තත්වයන් පහව යනු ඇත. නව රැකියා ගැන උනන්දුවන අයට නව රැකියාත්, දැනටමත් රැකියා කරන අයට විවිධ වරප්‍රසාද උරුම අතර, ව්‍යාපාරිකයන්ගේ කටයුතු විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ජයග්‍රහණ කරා ගෙනයාමට අවශ්‍ය වාතාවරණයත් ඇත. උනන්දුව සහ කැපවීම මත තත්වය ඉහල දා ගත හැකිය. විදෙස් රැකියා හෝ විදෙස් ආදායම් වැඩිකර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් බැවින් ඒ සඳහා උනන්දු වන්න.

අධ්‍යාපනය කටයුතුවලට විවිධ අවහිරතා බාධක ඇතත් ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ඉහත බාධක ජය ගැනීමට හැකිය. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනටම මෙය පොදුය.

චර්ම රෝග, පිත්ත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 4, 7
ශුභ දින -  බදාදා, සිකුරාදා
ශුභ වර්ණ - නිල්, දුඹුරු

සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. රැතියාවේ වරප්‍රසාද හිමිකර ගනී. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. විදේශ හිතවතුන්ගෙන් ලාභ ප්‍රෙයා්ජන උරුමය. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ.  


සිංහ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව ශුභ ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන ශුභයෙකු සහ යෝගකාරක කුජ ලග්නයේය. එඩිතර සාජු ක්‍රියාමාර්ග ගනිමින් තම ස්ථාවරත්වය රඳදා ගැනීමට සමත් වේ. ලග්නාදිපති රවි දෙවැන්නේ බැවින් දක්ෂ කථාව අන්‍යයන් ඉදිරියේ කැපී පෙනේ. අනුන්ගේ සිත් රිදවන කථාවට ඉඩ ඇති බැවින් එය පාලනය කර ගැනීමට අවශ්‍යෙව්. සිකුරු ලග්නයේ සිටීමත් කේතු අටවැන්නේ සිටීමත් රහසින් පෙම් කිරීමට හේතු වේ. ඥාණකාරකයෙකු වූ කේතු අට වැන්නේ සිටීම සහ මාරක සිකුරු ලග්නයේ සිටීම අධ්‍යාපන කටයුතුවල නිරත අයට ප්‍රභල බාධාවකි.

රැකියා ස්ථානය වූ දසවැන්නේ දොළොස් වැන්න අධිපති සඳු තැන්පත්ව ඇති බැවින් විදෙස් හෝ දුරබැහැර රැකියා මෙන්ම සංචාරක රැකියා දියුණුවට මග පෑදේ. නව රැකියා සහ විදෙස් රැකියා බලාපො‍ෙරොත්තු වූවන්ගේ එම අදහස් සහ කටයුතු සඵල වන බව පෙනේ. එසේම රැකියා ස්ථානාධිපති සිකුරු ලග්නයේ සිටිමින් රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යම් ප්‍රගතියක් පෙන්නුම් කරයි.  නව අයෝජන මෙන්ම පවතින ව්‍යාපාරවල නව අංශවලට පුලුල් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිටින අයට මෙය සුදුසු කාලයකි. එසේම රැකියාවෙන් උපයන දෑ තැන්පත් ධනයක් ලෙස පවත්වාගෙන යෑමටත් ධනස්ථානයේ ස්ව උච්ච බුධ උපකාරී වනු ඇත.

අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නියෝජනය කරන ගුරු සහ කුජ ලග්නයේ සිටිමින් එම කලාප පෝෂණය කරන බැවින් අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපනය සාර්ථකත්වය සහ තරඟ විබාගාදී ජය තහවුරු කරනු ඇත. දැනුම බුද්ධිය වර්ධනය වන පොත පත පරිශීලනය උසස් බුද්ධිමත් අයගේ ඇසුර සහ ඔවුන් අනුව යමින් කරන කටයුතු ජීවිතයේ නොමැකෙන ජයග්‍රහණ කරා අනාගතය ඔසවා තැබීමට සමත් වේ.

සෙම් රෝග පෙණහලු අාශ්‍රිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 5
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - රතු, රෝස, තැඹිලි

කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කටක

ආර්ථික වාසි සුවිශේෂී ජයග්‍රහණ. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වී ආර්ථිකය ශක්තිමත්ව තැන්පත් ධනය වර්ධනයට හිතකර තත්වයක්. රැකියාව සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන්. බාධක මැද අධ්‍යාපනය සාර්ථකත්වයට.


කටක ලග්න හිමියන්ට මෙම ග්‍රහචාරය අනුව ඔක්තෝබර් මස සුවිශේෂී ජයග්‍රහණ රැසක් භුක්ති විඳීමට ලැබෙන බව කිව හැකිය. යෝගකාරක කුජ ධනස්ථානය වූ දෙවැන්නේ ධනකාරක ගුරු සමගත්, දෙවැන්නාධිපති හෙවත් ධනස්ථානාධිපති රවි, වික්‍රමස්ථානය වූ තුන්වැන්නේ සිට විකුම් පාන අතර, ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්චව සිටිමින් අය මාර්ගය සරු කරයි. එබැවින් මෙම මාසය කටක ලග්න හිමියන්ගේ අාදායම් සහ තැන්පත් ධනය තර කරයි. එසේම කටක ලග්න හිමියන් මෙම ආර්ථිකය තුලින්ම තම අනාගතය සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය වැදගත් නිවැරදි තීන්දු තීරණ ගතහොත් පසුගිය කාලවල වූ අඟහිඟ සහිත කාලය යලි කිසිදා ඇති නොවන පරිදි ආර්ථික සංවර්ධනයක් කරා යා හැකි බව නියතය. එසේම කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සියලුම ග්‍රහයන් ත්‍රිකෝස්ථානයන්හි බලවත්ව ගෝචරය වීම ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණ සහ විවිධ වාසි රැසක් අත්පත් කර ගැනීමට සහ භුක්ති විඳීමට හේතු වෙයි.  යහපත් මංගල යෝග සහිත බැවින් මංගල යෝජනා සිට අතිනත ගැනීම දක්වා සියලු මංගල කටයුතුවලට යහපත්ය.

රැකියා කටයුතු සම්බන්දයෙන් සෑහීමකට පත්වෙන අතර රැකියා ක්ෂේත්‍රෙය් සියලු දෑ තමාට අනුව සිදුවනු ඇත. නව රැකියා සහ විදෙස් රැකියා සම්බන්ධ කටයුතු සඵල වන බව පැහැදිලිය. ව්‍යාපාර ක්ෂේත්‍රෙය් සිටින ඔබගේ ව්‍යාපාර සහ ජීවිතයේ නොමැකෙන වාසි සහ ජයග්‍රහණ රැසක් ළඟා කර දීමට මෙම ග්‍රහචාරය සමත් වේ.

අධ්‍යාපන කටයුතු්වල නියැලෙන්නන්ට යම් බාධක අවහිරතා ඇත. ඒවා ප්‍රභල නොවනු ඇත. ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බාධක ජය ගැනීමට සහ අධ්‍යාපනය තුලින් ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාව ඇත. විශේෂයෙන්ම ගුප්ත විද්‍යා හෝ ගැඹුරු ශ්‍රාස්ත්‍ර හදාරණ අය නිවැරදිව ඒවා හැදෑරීමටත්, උගත් දේ තම සැඟවුනු කුසළතා  සමග කැටිකොට උසස් ප්‍රතිඵල වශයෙන් විස්මිත ලෙස අන්‍යයන්ට විද්‍යාමාන කරවීමට අවශ්‍ය ග්‍රහ බලය විද්‍යාස්ථානයේ ගෝචරය වන ශනිත් නව වැන්නේ සරණ කේතුත් ලබා දෙයි.

උදරාබාධ සහ සෙම් ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 2, 9
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - සුදු, ක්‍රීම්, රෝස

මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මිථුන

ආරම්භ කරන ලද කටයුත්තක් අතරමග නවතා දැමේ. විදේශගත මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ උපකාර ලැබේ. රැකියාවේ උදාසීන බව සහ මානසික නොසන්සුන්තාවය. රක්තවාත රෝග උත්සන්න වේ.

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ හතරවැන්නේ ස්වක්ෂේත්‍රව මෙන්ම වක්‍රව ගමන් ගනී. යෝගකාරක සිකුරු වික්‍රමස්ථානය හෙවත් තුන්වැන්නේද බලවත් ශුභයෙකු වූ ශනි හයවැන්න වූ බාධක ස්ථානයේද ගෝචරය වේ. මෙම ග්‍රහචාරය අනුව ගෙදරදොර පරිසරය බලාපොරොත්තු වන පරිදි හැසිරවීමට බලවත් වෙහෙසක් ගැනීමට සඅදු වනු ඇත. ආරම්බ කර තිබූ කටයුත්තක් අකරමග නවතා දැමීමට සිදුවනු ඇත. විදේශගත වීම් අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්තාව උදාවෙන අතර විදේශයක හෝ දුර බැහැර සිටින අයගෙන් විශේෂ උදව් උපකාරද අපේක්ෂා කල හැකිය.  විවාහ වීමට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට විවාහ ගිවිස ගැනීමේ අවස්ථාව උදාවන අතර, තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. මංගල යෝජනා සහ විවාහ කටයුතු අනාගතයට ශුභදායක වන සාර්ථක හා ස්ථිර සම්බන්ධතා ගොඩනැගීමට සමත් වේ.

දහවැන්නේ කේතු විසින් රැකියා ස්ථානයේ පැවතියා වූ උදාසීනත්වය තවදුරටත් එලෙසම පවතින අතර ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීමට උනන්දු විය යුතුය. සහවැන්නාධිපති සිකුරු විග්‍රමස්ථානයේ නිසා තම කුසලතා මගින් සහ මනා කැපකිරීම් තුලින් ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යෙදී සිටින ඔබට තම ව්‍යාපාර පුළුල් කර ගැනීමට බාධාවක් නොමැත. නව රැකියා අපේක්ෂා කරන අයට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබෙන කාලයකි.

බාධක අවහිරතා ඇතත් ඒවා මැඩ අනාගතය අධ්‍යාපනය තුලින් ජය ගැනීමට සහ ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ග්‍රහචාරය මගින් අවස්ථාව ඇත. තරඟ විභාගාදියෙන් සාර්ථක ප්‍රථිඵල  ලබා ගැනීමට භාග්‍ය ඇති බැවින් උනන්දුවෙන් සහ නිවැරදි මාර්ගය තෝරා ගැනිමෙන් ඉහළට යා හැකිය. උසස් අධ්‍යාපනයේ නියුතු වූවන් හට ඒ සඳහා සුදුසු වූ ලෙස පරිසරය සකස් වේ. විවිධ ක්ෂේත්‍රයන් තුලින් තම දක්ෂතා මතු කර ගැනීමට අධ්‍යාපනය ගැන උනන්දු වන මිථුන ලග්න හිමි කාහටත් මෙය මහගු අවස්ථාවකි.

රක්තාවාත සහ පෙණහලු ආශ්‍රිත රෝග ආදියට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 2
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - නිල්, කහ, තැඹිලි