.

Saturday, October 3, 2015

කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කටක

ආර්ථික වාසි සුවිශේෂී ජයග්‍රහණ. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වී ආර්ථිකය ශක්තිමත්ව තැන්පත් ධනය වර්ධනයට හිතකර තත්වයක්. රැකියාව සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන්. බාධක මැද අධ්‍යාපනය සාර්ථකත්වයට.


කටක ලග්න හිමියන්ට මෙම ග්‍රහචාරය අනුව ඔක්තෝබර් මස සුවිශේෂී ජයග්‍රහණ රැසක් භුක්ති විඳීමට ලැබෙන බව කිව හැකිය. යෝගකාරක කුජ ධනස්ථානය වූ දෙවැන්නේ ධනකාරක ගුරු සමගත්, දෙවැන්නාධිපති හෙවත් ධනස්ථානාධිපති රවි, වික්‍රමස්ථානය වූ තුන්වැන්නේ සිට විකුම් පාන අතර, ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්චව සිටිමින් අය මාර්ගය සරු කරයි. එබැවින් මෙම මාසය කටක ලග්න හිමියන්ගේ අාදායම් සහ තැන්පත් ධනය තර කරයි. එසේම කටක ලග්න හිමියන් මෙම ආර්ථිකය තුලින්ම තම අනාගතය සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය වැදගත් නිවැරදි තීන්දු තීරණ ගතහොත් පසුගිය කාලවල වූ අඟහිඟ සහිත කාලය යලි කිසිදා ඇති නොවන පරිදි ආර්ථික සංවර්ධනයක් කරා යා හැකි බව නියතය. එසේම කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සියලුම ග්‍රහයන් ත්‍රිකෝස්ථානයන්හි බලවත්ව ගෝචරය වීම ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණ සහ විවිධ වාසි රැසක් අත්පත් කර ගැනීමට සහ භුක්ති විඳීමට හේතු වෙයි.  යහපත් මංගල යෝග සහිත බැවින් මංගල යෝජනා සිට අතිනත ගැනීම දක්වා සියලු මංගල කටයුතුවලට යහපත්ය.

රැකියා කටයුතු සම්බන්දයෙන් සෑහීමකට පත්වෙන අතර රැකියා ක්ෂේත්‍රෙය් සියලු දෑ තමාට අනුව සිදුවනු ඇත. නව රැකියා සහ විදෙස් රැකියා සම්බන්ධ කටයුතු සඵල වන බව පැහැදිලිය. ව්‍යාපාර ක්ෂේත්‍රෙය් සිටින ඔබගේ ව්‍යාපාර සහ ජීවිතයේ නොමැකෙන වාසි සහ ජයග්‍රහණ රැසක් ළඟා කර දීමට මෙම ග්‍රහචාරය සමත් වේ.

අධ්‍යාපන කටයුතු්වල නියැලෙන්නන්ට යම් බාධක අවහිරතා ඇත. ඒවා ප්‍රභල නොවනු ඇත. ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බාධක ජය ගැනීමට සහ අධ්‍යාපනය තුලින් ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාව ඇත. විශේෂයෙන්ම ගුප්ත විද්‍යා හෝ ගැඹුරු ශ්‍රාස්ත්‍ර හදාරණ අය නිවැරදිව ඒවා හැදෑරීමටත්, උගත් දේ තම සැඟවුනු කුසළතා  සමග කැටිකොට උසස් ප්‍රතිඵල වශයෙන් විස්මිත ලෙස අන්‍යයන්ට විද්‍යාමාන කරවීමට අවශ්‍ය ග්‍රහ බලය විද්‍යාස්ථානයේ ගෝචරය වන ශනිත් නව වැන්නේ සරණ කේතුත් ලබා දෙයි.

උදරාබාධ සහ සෙම් ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 2, 9
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - සුදු, ක්‍රීම්, රෝස

0 comments :

Post a Comment