.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label Cancer. Show all posts
Showing posts with label Cancer. Show all posts

Thursday, July 1, 2021

කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

Cancer transits - 2021 Jully





ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කටක ලග්න පලාපල

(තර්ක: කුජ සිකුරු සංයෝගය ලග්නයේ. යෝගකාරක කුජ නීචයි -, සිකුරු සතුරුයි -. චර රාශි 11 බාධකයි, බුධ රාහු 11 වැන්නේ සංයෝගය - ආර්ථික දියුණුවට සැළසුම්. 7 ශනි දිග්බලයි - හවුල්, විවාහ ශක්තිමත්. ගු 8 සතුරු/අසනීම/පුණ්‍ය, ආර්ථික බාධා. රවි 12 වියදම් )

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි සහ ක්ෂණික කෝපය නිසා ඇසුරු කරන්නන් සමග විවිධ මත භේද ඇති වීමට වැඩි ඉඩක් තිබේ. මාසයේ මුල් සති දෙක බොහොම කල්පනාවෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට තරයේ සිතට ගන්න. මාසයේ අවසාන සතිය වන තෙක් මේ තත්වය පවතින නිසා සිත සන්සුන් වන අභ්‍යාසවල නිරත වීම යහපත්. සෙනසුරු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට තත්වය තව දුරටත් බලවත් වන නිසා ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතට සහනයක් ලැබේ. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් සමනය වෙනු ඇත.


ධනය

මාසයේ මුල් සති දෙක තුල තැන්පත් ධනයට හානි වන අනවශ්‍ය වියදම් යෙදිය හැකි නිසා අරපරිස්සමෙන් අවශ්‍ය දේට පමණක් මුුදල් වියදම් කරන්න. මාසයේ අවසාන සති දෙක තුල ධනස්ථානාධිපති වැයස්ථානයෙන් මිදී ලග්නයට ගෝචරය වීම නිසා  ලැබෙන ආදායම් සකසුරුවම් කර ගැනීමට හැකි වේ. 


රැකියාව

රැකියාවන්හි නියුතු අයගේ තත්වය යහපත් වන අතර අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වේ. උනන්දුවෙන් උත්සාහයෙන් කල්පනාවෙන් වැඩ කළොත් උසස්වීම් සඳහා ඉහළ නිළධාරීන්ගේ සහ ස්වාමියන්ගේ අවධානයට ලක් වෙන ග්‍රහචාරයක් පවතී. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ඒ්වායේ වර්ධනයට අවශ්‍ය සැළසුම් සකස් කිරීමට හොඳ කාලයකි. එමගින් ඔබ බලාපොරොත්තු වූ පරිදිම අනාගත දියුණුවක් හා ලාභයක් සාක්ෂාත් කර ගත හැකිවේ. වගා කටයුතුවල නිරත අය‌ට යහපත්ය. විදේශ රැකියාවල නියුතු අයටද තම රැකියාවේ තත්වය ඉහත කී ආකාරයටම වර්ධනය වේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත.  විදේශ රැකියාවල නියුතු අයගේ තත්වය යහපත් වේ.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් උදා වී ඇති නිසා ඒ් සඳහා විශේෂ අවධානයක් සහ උනන්දුවක් ඇති කර ගත යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන්ට ඒ් ගැන විශේෂ අවධානයක් යොමු කල යුතුය. දරුවන්ට දිරි දීම් සහ ඇගයීම් කල යුතු අතර කිසි විටෙකත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු  විවේචනය නොකිරීමෙන් දරුවන්ගේ මුරන්ඩු කම පාලනය කර ගත හැකිය.


ගෘහ ජීවිතය

විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ඇල්ම බැල්ම ඇති වීමටත්, සීමාවන් නොමැති පෙම් සබඳතාවයන් සඳහා සිත යොමු වේ. පවතින යහපත් පෙම් සබඳතාවයන් බිඳීමට ඉඩ කිබේ. විශේෂයෙන්ම චරිතයට හානි වන නොගැලපෙන සම්බන්ධතාවයන් නිසා සහකරුවන් හා සහකාරියන් අතරත් අනවශ්‍ය ගැටලු ඇති වීමටත් පුලුුුුවන්. ඒ් නිසා යුග දිවිය ගත කරන අයට එම තත්වයන් ඉවසීමෙන් මුහුණ දෙමින් හා දුර දිග බලා අනවශ්‍ය දේවල් මග හැර ගැනීමෙන් පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙන්න. ඒ් සඳහා අවශ්‍ය ශක්තිය ද මෙම ග්‍රහචාරය මගින්ම ලබා දී ඇත. මාසයේ අවසාන සති දෙක ප්‍රේම සබඳතා මෙන්ම යුග දිවියේ සතූට සමාදානය ද වර්ධනය වෙන සහ තහවුරු වෙන සුභවාදී ග්‍රහචාරයක් නිර්මාණය වෙනු ඇත. පවුලේ සමගිය වර්ධනය වෙනවා වගේම ගේ දොර අලංකරණයට වැඩි නැඹුරුවත් දක්වනු ඇත.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත්ය.  එනමුදු නිධන්ගත රෝග තිබෙන අය නිසි වෛද්‍ය ප්‍රථිකාර අනුගමනය කිරීමෙන් නියමාකාරයෙන් ශරීර සෞඛ්‍යය රැක ගත හැකිය.




Saturday, October 3, 2015

කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කටක

ආර්ථික වාසි සුවිශේෂී ජයග්‍රහණ. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වී ආර්ථිකය ශක්තිමත්ව තැන්පත් ධනය වර්ධනයට හිතකර තත්වයක්. රැකියාව සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන්. බාධක මැද අධ්‍යාපනය සාර්ථකත්වයට.


කටක ලග්න හිමියන්ට මෙම ග්‍රහචාරය අනුව ඔක්තෝබර් මස සුවිශේෂී ජයග්‍රහණ රැසක් භුක්ති විඳීමට ලැබෙන බව කිව හැකිය. යෝගකාරක කුජ ධනස්ථානය වූ දෙවැන්නේ ධනකාරක ගුරු සමගත්, දෙවැන්නාධිපති හෙවත් ධනස්ථානාධිපති රවි, වික්‍රමස්ථානය වූ තුන්වැන්නේ සිට විකුම් පාන අතර, ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්චව සිටිමින් අය මාර්ගය සරු කරයි. එබැවින් මෙම මාසය කටක ලග්න හිමියන්ගේ අාදායම් සහ තැන්පත් ධනය තර කරයි. එසේම කටක ලග්න හිමියන් මෙම ආර්ථිකය තුලින්ම තම අනාගතය සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය වැදගත් නිවැරදි තීන්දු තීරණ ගතහොත් පසුගිය කාලවල වූ අඟහිඟ සහිත කාලය යලි කිසිදා ඇති නොවන පරිදි ආර්ථික සංවර්ධනයක් කරා යා හැකි බව නියතය. එසේම කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සියලුම ග්‍රහයන් ත්‍රිකෝස්ථානයන්හි බලවත්ව ගෝචරය වීම ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණ සහ විවිධ වාසි රැසක් අත්පත් කර ගැනීමට සහ භුක්ති විඳීමට හේතු වෙයි.  යහපත් මංගල යෝග සහිත බැවින් මංගල යෝජනා සිට අතිනත ගැනීම දක්වා සියලු මංගල කටයුතුවලට යහපත්ය.

රැකියා කටයුතු සම්බන්දයෙන් සෑහීමකට පත්වෙන අතර රැකියා ක්ෂේත්‍රෙය් සියලු දෑ තමාට අනුව සිදුවනු ඇත. නව රැකියා සහ විදෙස් රැකියා සම්බන්ධ කටයුතු සඵල වන බව පැහැදිලිය. ව්‍යාපාර ක්ෂේත්‍රෙය් සිටින ඔබගේ ව්‍යාපාර සහ ජීවිතයේ නොමැකෙන වාසි සහ ජයග්‍රහණ රැසක් ළඟා කර දීමට මෙම ග්‍රහචාරය සමත් වේ.

අධ්‍යාපන කටයුතු්වල නියැලෙන්නන්ට යම් බාධක අවහිරතා ඇත. ඒවා ප්‍රභල නොවනු ඇත. ධෛර්ය සම්පන්නව උනන්දුවෙන් කැපවීමේන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බාධක ජය ගැනීමට සහ අධ්‍යාපනය තුලින් ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාව ඇත. විශේෂයෙන්ම ගුප්ත විද්‍යා හෝ ගැඹුරු ශ්‍රාස්ත්‍ර හදාරණ අය නිවැරදිව ඒවා හැදෑරීමටත්, උගත් දේ තම සැඟවුනු කුසළතා  සමග කැටිකොට උසස් ප්‍රතිඵල වශයෙන් විස්මිත ලෙස අන්‍යයන්ට විද්‍යාමාන කරවීමට අවශ්‍ය ග්‍රහ බලය විද්‍යාස්ථානයේ ගෝචරය වන ශනිත් නව වැන්නේ සරණ කේතුත් ලබා දෙයි.

උදරාබාධ සහ සෙම් ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 2, 9
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - සුදු, ක්‍රීම්, රෝස

Wednesday, July 15, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - කටක ලග්නය

කටක - Cancer

කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව බොහෝ අංශවලින් සුබදායකය. භාග්‍යස්ථානය අධිපති ගුරු ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ ධනභාවයේ ගෝචරය ආරම්භ කිරීම මෙයට හේතුවයි. ධනය ලැබීම අතින් ඉතාමත් යහපත් වන අතර අමතර ආදායම් මාර්ග ලොතරැයි ජය ආදී හදිසි ධන ලාබ හිමි වන කාලයකි.

රැකියාවේ උසස් වීම් පිට පිට ලබන රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් මෙන්ම සෙසු අයගෙන් කීර්ති ප්‍රශංසා හිමිව සතුටින් කලු ගෙවිමට හැකිය. ව්‍යාපාර කරන්නන්ගේ ව්‍යාපාර හවුල් ව්‍යාපාරාදිය දිනෙන් දින දියුණුවට පත් වේ.

යහපත් මංගල යෝග ප්‍රේම සම්බන්ධතා යුගදිවි සැපත නොමදව ලැබෙන අතර දූ දරුවන්ගේ ආදරය සහ සැළකිල්ල වැඩි වන කාලයකි. නිවසේ උත්සව මානසික සුවය වන්දනා ගමන් ඇති වෙන සුබ කාලයකි.

සෙම් ආශ්‍රිත හා උදරාශ්‍රිත සුළු රෝග ඇති විය හැකි අතර සෞඛ්‍ය තත්වය යහපත්ය.


යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට කටක ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

ධනකාරකයෙකු වන ගුරුත්, ධනස්ථානය හිමි රවිත් පරිවර්ථනය සහ ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්ච වීමත් හේතුවෙන් ඔබට ධනය අතින් සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

වාසනාව ඔබ සොයා එන ග්‍රහ බලයක් පවතින අතර විශාල ධන ලාභ, ඔට්ටු, සූදු, ලොතරැයි දිනුම් ආකාරයේ ධනයකට හේතු වේ. කටක ලග්නය හිමි ඔබගේ යෝගකාරක කුජ වික්‍රමස්ථානයේ සිටින බැවින් කරන කියන කටයුතුවලට දැඩි උත්සාහය සහ කැප කිරීම් නොඅඩුව ඇත. හතරවැන්න වූ නිවාසස්ථානයේ සිකුරුගේ ස්වක්ෂේත්‍ර වීම සහ රවි -ගුරු පරිවර්ථනය නිවාස මිලදී ගැනීමට, නිවාස ඉදිකිරීමට සහ අලුත්වැඩියාවට හෝ නිවසට අවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට අවශ්‍ය ග්‍රහ බලය විශ්වය විසින් සම්පාදනය කර ඇත. සුඛෝපභෝගී වාහනවල අයිතියද තමන් සතු කර ගැනීමට මෙම අවස්ථාවේ භාග්‍යය ලැබේ,

තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් ඉහළ ජයග්‍රහණ හිමි වේ. රැකියාවේ නිලතල උසස් වීම් සහ වැඩි වැටුප් ලැබීමේ හැකියාව සහ ව්‍යාපාරවල නියුතු අයගේ ව්‍යාපාර ජනප්‍රිය වී, දියුණු වී ආදායම් වැඩි දියුණු වනු ඇත. කටක හිමියන්ගේ අයස්ථානයේ ලග්නාධිපති සඳු උච්ච වීමෙන් ලැබෙන ධන කුවේර යෝගයේ නියමාකාර ප්‍රථිඵල භුකුති විඳීමට හැකි වනු ඇත.  

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

Saturday, July 4, 2015

කටක ලග්න පලාපල - ජූලි 2015


කටක

මාසයේ පළමු සති දෙකට වඩා අග සති දෙක සුවිශේෂී ජයග්‍රහණ උරුමය. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වේ. ඒවා සෙසු අය අතර ඇගයීමට ලක් වෙන අතර වරප්‍රසාද තනතුරු ලාභ සඳහාද භාග්‍යය ඇත.

මුල්‍ය සහ ආර්ථික තත්වය ක්‍රමයෙන් ස්ථාවර වේ. හදිසි ධන ලාභයක් ලැබීමේ භාග්‍යයද ඇත. ආර්ථික වාසි රැසක් සමග භූමි ලාභයකට උරුමකම් කියයි. මූල්‍ය සමාගම් සමග ගණුදෙනුවලින් විශේෂ වාසි හිමි වේ. මාසය අවසානයේදී මුදල් පාලනය ඉතා වැදගත් වේ.

රැකියාවේ ක්‍රමවත් දියුණුවක් දැකිය හැකිය. ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට ව්‍යාපාරවල දියුණුව දැකිය හැකිය. ස්වයංරැකියාවන්හි ලාභය ක්‍රමයෙන් වැඩි වේ. නව ව්‍යාපාර අවස්ථා පවතින අතර සතුරු කුමන්තුණද ඇති වාවිය හැකිය.

සාමාන්‍ය අධ්‍යාපනයට යම් බාධා ඇති වෙයි. ඒ සඳහා වැඩි උනන්දුවක් ගත යුතු මාසයකි.නමුත් විශේෂ වෘත්තීය අධ්‍යාපන ලබන අය දියුණු වෙයි. සාම්ප්‍රධායික රටාවෙන් වෙනත් මගක් ගත් නව අධ්‍යාපනික ධාරාවන්ට සිත ඇදී යයි. විදෙස් අධ්‍යාපනය බලාපොරොත්තු අයට තම අරමුණු ඉටු කර ගත හැක.

ගෘහ ජීවිතය සාමකාමී වෙයි. නිවෙස් අලංකරණයට ද සිත යොමු වේ. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා ලැබෙන මාසයකි. විවාහ ගිවිස ගැනීමට මෙන්ම අතිනත ගැනීමට ද බලාපොරොත්තු වන අයට අවසාන සති දෙක සුදුසුය. යුගදිවි ගෙවන්නන් අතර සතුට සමගිය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙස වීමට ද සිදු වෙයි

සෙම් රෝග, ඇඟ පතේ රුදාව, පපුවේ මහනසිය, හන්දිපත් ඉදිමුම යනාදියට ඉඩ ඇත

ජය වර්ණය සුදු, ක්‍රීම්
ජය අංක 1, 4, 8


Cancer monthly horoscope for July 2015