.

Wednesday, December 16, 2015

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!

වසර දොළහකට පසු ගුරු, රවි හිමි සිංහ රාශියේ ගෝචරය වේ.....
වසර දොළහකට පසු රවි, ගුරු හිමි ධනුවේ පරිවර්ථන යෝගයක්.....
වසර දොළහකට සඳු බලවත්ව ධන කුවේර යෝගයක්.....
රවි - බුධ එක්ව බුධ ආදිත්‍ය යෝගයක්.....

ඊට අමතරව එක් එක් රාශිවලට තවත් යෝග ගණනාවක්. විශේෂයෙන්ම වසර දොළහකට පසු රවි ගුරු පරිවර්ථනයත් තිබියදී දෙසැම්බර් මස 22 වෙනි දින රාත්‍රී 10.06 ට චන්ද්‍රයා වෘෂභ රාශියට විත් උච්ච වෙයි. ඒ සමගම සඳු, ගුරු, රවි ත්‍රිත්වයෙන් විශ්වයේ මහා ග්‍රහ බලයක්  නිර්මාණය වී ධන කුවේර යෝගය උදා වෙයි. එය සඳුට සම්බන්ධ යියළුම පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන අයට සහ දැනටමත් පවත්වා ගෙන යන ව්‍යවසායකයන්ට ධනය ගලා එන ඉතා බලවත් ග්‍රහ යෝගයකි. එසේම රවි - බුධ එක්වීමෙන් ඇති වන බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුණ යෝගය මගින් අධ්‍යාපනයේ නිරත දරු දැරියන්ගේ ඥාණ ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනයට රුකුල් දෙයි.

සඳුට අමතරව රාහු - කේතු උච්චවද, සිකුරු ස්වක්ෂේත්‍රවද, කුජ සහ ශනිගේ රාශිගත වීම්ද සමහර ලග්නවලට ඉහත ග්‍රහ බලයන්ට ඉනිමං බැන්දා සේය. එක් එක් ලග්නවලට මෙම ග්‍රහයන් අතුරින් යෝගකාරක ග්‍රහයන් සහ ශුභඵල දෙන ග්‍රහයන්ද, අශුභ සහ මාරක ග්‍රහයන් කවුරුන්ද යන්න දන්නා අයට තම කටයුතු සැළසුම් කර ගැනීමට වඩාත් පහසු වේවි.  Palapala.lk මගින් සළසා ඇති ජන්ම පත්‍රය නිවැරදිද යන ස්වයංක්‍රීය සේවාවෙන් ලබා දෙන විස්තරයෙන් ඔබට මෙය බලා ගත හැකිය. ඒ සඳහා වැඩි විස්තර අවශ්‍යනම් මෙම ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද?Is your horoscope accurate? ලින්ක් එකට ක්ලික් කරන්න.

මේ දිනවල පවතින මෙම ප්‍රභල ශුභ යෝග ඇතුළුව සියළුම ශුභ යෝග ග්‍රහ ශක්තීන්ගේ යෝජනාවන්ය. ඒවා ස්ථිර කිරීම සිදුවන්නේ දැනට ඔබ ගත කරන මහා දශාව, අන්තර් දශාව සහ විදසාවන්ය. ඔබ දැනට ගත කරන දශා, අන්තර් දශා ඇතුළු ඔබට සම්බන්ද බොහොමයක් දෑ ඔබටම බලා ගැනීමට Palapala.lk මගින් සළසා තිබෙන ජන්ම පලාපල විස්තරාත්මකවGeneral Horoscope Readings යන ලින්ක් එකට ක්ලික්  කරන්න.

 ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද? සහ රවි - ගුරු පරිවර්ථනය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද බැලීම වටී. දැන් ඒ සඳහා කාලයයි.....



ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය
මේෂ - Aries - මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා නව වැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නය
වෘෂභ - Taurus - වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් හතරවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා අටවැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මිථුන ලග්නය
මිථුන - Gemini - මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් තුන්වැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා හත්වැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - කටක ලග්නය
කටක - Cancer - කටක ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා හයවැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය
සිංහ - Leo - සිංහ ලග්නය හිමි ඔබගේ ලග්නයේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා පස්වැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය
කන්‍යා - Virgo - කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි හතරවැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය
තුලා - Libra - තුලා ලග්නය හිමි ඔබගේ එකොළොස්වැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා තුන්වැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය
වෘශ්චික - Scorpio - වෘශ්චික ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් දසවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා දෙවැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය
ධනු -Sagittarius - ධනු ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් නවවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා ලග්නයට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය
මකර - Capricorn - මකර ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් අටවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා දොළොස්වැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය
කුම්භ - Aquarius - කුම්භ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් හත්වැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා එකොළොස්වැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය
මීන - Pisces - මීන ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් හයවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන අතර, රවි ග්‍රහයා දසවැන්නට පැමිණ පරිවර්ථන යෝගය උදාකරමින් ගෝචරය අරඹයි. ඒ අනුව...

1 comments :

The king casino - CommunityKhabar
The king casino · 1. Poker and Casino · 2. Gaming · 3. Poker · 4. bet365 Casino · 5. Play. bk8 Poker · 6. Online Poker · 7. Poker. Rating: 5 더킹카지노 · ‎9 votes

Post a Comment