.

Tuesday, July 14, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය

මේෂ - Aries

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණීම සුබදායකයි. විද්‍යාස්ථානය ලෙස සැළකෙන පස්වැන්නේ ගුරු ග්‍රහයා පැමිණ ගෝචරය වන කාලය පුරාම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි සිසු සිසුවියන්ට ඉතාමත් සුභදායකයි. ඥාණකාරක ගුරු ඔබගේ නුවණැස වර්ධනයටත් ධාරණ ශක්තිය මනාව පවත්වා ගෙන යෑමටත් තරඟ විභාගාදියෙන් ජය ලැබීමටත් උදව් වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයටද මෙම ගුරු මාරුව තම කටයුතුවල දියුණුව දැකීමට ඉතාමත් යහපත් කාලයකි.

පත පොත ඇසුරු කරන අයගේ ලේඛන කලාවේ දියුණුවට අභිවෘද්ධියට මෙම කාලය හේතුවන අතර ඉන් මහත් ප්‍රසිද්ධියටත් සමාජයේ පිළිගැනීමටත් පත් වේ. වෘත්තීය ලේඛකයන්ගේ කුසළතා ඔප්නැංවෙන අතර හොඳ ආදායම්ද උරුමය.

දරුවන් බලාපොරොත්තුව සිටින මේෂ ලග්න හිමියන්ට වාසනාවන්ත දරුඵල ලැබෙන කාලයකි. පුතුන් ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතර දූවරු ලදහොත් ඔවුන් සමාජයේ කැපී පෙනෙන අභියෝග ජයගත හැකි දිරිමත් අය වනු ඇත.

මේෂ ලග්න හිමි ඔබගේ පෞරුෂය කා අතරත් කැපී පෙනෙන ලෙස වර්ධනය වන අතර මංගල යෝග රැකියා සහ ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැකි තම බලාපොරොත්තු බොහොමයක් සුභදායක ලෙස ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මේෂ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන රවි සහ ගුරු පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දෙවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය  හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් උසස් අධ්‍යාපනය ගැන කියවෙන නව වැන්නත් අතර රවි - ගුරු පරිවර්ථනය මීට හේතුවයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත. උච්ච සඳු වාග් හැකියාව ප්‍රදර්ශනය කරයි. ගුරු පහේ ගෝචරය මේෂ ලග්න හිමි ඔබට ඉගෙනීමෙන් දියුණුව ලබන, විශ්ව විද්‍යාල, ශිෂ්‍යත්ව, විදෙස් අධ්‍යාපනය හිමි බලවත් රාජ යෝගයකි. වෛද්‍ය විද්‍යාව, නීතිය, නව තාක්ෂණ, කෘෂි විද්‍යාව සහ ආගම ධර්මය පිලිබඳව ගැඹුරට හැදෑරීමේ බල මහිමය හා වාසනාව උදා වී ඇත.

දරුවන් සිටින මේෂ ලග්න වැඩිහිටියන්ගේ දියුණුවත් එසේමය. දරුවන් බලාපොරොත්තුව සිටින අයට පුත්‍ර ලාභ, වාසනාවන්ත දරු උපත් හිමිය. දෙමව්පියන්ට සළකන, ආදරය කරන, කීකරු දරුවන්ගේ මතු දියුණුවද දැකිය හැකි කාලයකි. පස්වැන්න පුත්‍ර ස්ථනය වන නිසාත් රවි - සඳු සුභ කර්තරී නිසාත් මෙම ඵල භුක්ති විඳීමට ලැබේ. කුටුම්භස්ථානය වන දෙවැන්නේ සිටින උච්ච සඳුත් විවාහස්ථානයේ සිටින ස්වක්ෂේත්‍ර සිකුරුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් සමත්ය. දෙවැන්න සහ හත්වැන්න බලවත් හේතුවෙන් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් හවුල් ව්‍යාපාරවල දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.


0 comments :

Post a Comment