.

Wednesday, July 15, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - මිථුන ලග්නය

මිථුන - Gemini

මිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන් තුන්වැන්නේ ගුරු ගමන් අරඹයි. සුබ අසුබ ඵල මිශ්‍රව බුක්ති විඳීමට මෙය හේතුවක් වේ. තුන්වෙනි භාවය වික්‍රමස්ථානය ලෙස සහ සහෝදරස්ථානය වේ. වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමි කාලයකි. දුරස්ව සිටි සහෝදරාදීන් මෙන්ම මිතුරු මිතුරියන්ද වෙනදාට වඩා ළඟින් ඇසුරු කිරීමට පෙළඹේ.

උනන්දුව උත්සාහය වර්ධනය වීමෙන් තම එදිනෙදා කටයුතු කලට වේලාවට ඉටු කර ගනී. රැකියා ස්ථානයේ මෙතෙක් තිබූ පහසුකම් හා වරප්‍රසාද ක්‍රමයෙන් ගිලීහී යාමට එරෙහිව ඉහත කී උද්ද්‍යෝගය තුල සහ කල්පනාකාරී හා දූරදර්ශී ක්‍රියාවන් මගින් කිසියම් සාර්ථකත්වයක් දැකිය හැක. රැකියා මාරුවීම් අපේක්ෂා කරන අයට ඒවා ඉටුවන බව පෙනේ.

විවිධ ආර්ථික දුෂ්කරතා මතු විය හැකි අතර අත්‍යාවශ්‍ය දේ සඳහා බොහෝ විට ණය විමටද ඉඩ ඇති කාලයකි.

පවුලේ සාමාජිකයන් සමග පැවති සුළු මත භේද පවා දුරු වීමෙන් ඇති වන සමගිය මානසික තෘත්තිය වර්ධනය කරනු ඇත. තරුණ තරුණියන් අතර යහපත් ප්‍රේම සමබන්ධතා ඇති වෙන අතර විවාහයට සුදුසු සහකරු හෝ සහකාරිය තීරණය කිරීමටද පුලුවන් වේ. ගෙදර දොර පරිසරය සහ යුගදිවි ගෙවන්නන් අතර සුහදතාවය වර්ධනය වන කාලයකි. දරුවන් සිටින අය වැඩි කාලයක් ඔවුන් වෙනුවෙන් යොදවන අතර අනාගතයේදී එමගින් සතුටු විය හැකිය.

සතුරු කරදර ඇතිවිය හැකි වුවද බරපතල සෞඛ්‍ය ගැටලු පැන නොනඟින යහපත් කාලයකි.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. Bookmark සඳහා යතුරු පුවරුවේ  Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මිථුන ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මිථුන ලග්න හිමි ඔබට සමස්ථ ගුරු මාරුවම තරමක් අර්බුධකාරී තත්වයත ඇතත් ඉදිරියේදී නොසිතූ වාසි රැසක් අත්කර ගැනීමට හැකි වන ඔබතුල සැඟවුනු දක්ෂතා හෝ කලක් ඔබ විසින් වැඩගත් නමුත් දැනට අත්හැර දමා ඇති කටයුතු කෙරේ උනන්දු වීමට මෙය හොඳ කාලයකි.

ඥාණ ශක්තිය සහ ධාරණ ශක්තිය ඉහළ නිසා අධ්‍යාපනයේ නියෙලෙන අයට බලවත් අපහසුතාවයන් නොමැත. කෙසේ නමුත් බාහිර පරිසරයෙවන් ඈත්ව තම අධ්‍යාපන කටයුතු කෙරේ අවධානය යොමු කරන දරුවන්ට හා නව කාක්ෂණික විෂය ධාරාවන් හදාරණ අයට සුබයි. ආගම ධර්මයට සිත යොමු කිරීමත් කලබලකාරී ගතිය මගහැර ගැනීමත් සුදුසුය.

ඇසුරු කරන්නන්, විහාහකනම් බිරිඳ හෝ ස්වාමි පුරුෂයා සමග නොතේරුම්කමින් හෝ දුරදිග සිතා බැලීමකින් තොරව කරන කටයුතු අවුල් සහගත වීමේ තත්වයක් ඇති හැකි බැවින් ප්‍රෙව්ශමෙන් කටයුතු කරන්න. සිතේ සතුටට බාධා ගෙන දිමත්, ඔවුන් සමග අසමගිකම් වර්ධනය වීමටත් ඉඩ ඇත. විශේෂයෙන්ම ස්ත්‍රීන් සමග ආරවුල්, බොරු චෝදනාවන්ට ලක්වීමේ සහ නොයෙක් ආකාරයේ පාඩු සිදු වීමට ඉඩ තිබෙන කාලයකි.

රැකියා ස්ථානයේ සහ ප්‍රධානීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට අවශ්‍ය හා සුදුසු දෑ පමණක් තෝරා බේරා ගෙන කිරීමට උත්සාහ ගන්න. වෙහෙස නොබලා වැඩ කිරීම ලැබෙන හොඳ නරක එකසේ විඳ දරා ගැනීම හෙට දිනයේ ජය ගෙන එන මාවත බව සිතට ගන්න.

බරපතල සෞඛ්‍ය ගැටලු නැතත් නිතර රෝග පීඩාදියෙන් කරදර ඇති වීමට ඉඩ තිබේ. බුධ, සිකුරු, ශනි දසා අතුරු දසා ගෙවන අයට පවතින ගැටලු බොහොමයක් දුරු වීමට හේතු වේ. අශුභ ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් මධ්‍යම ඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.  


0 comments :

Post a Comment