බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2015 ජූලි මස 14 වෙනිදා සිට 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් රවිට අයිති සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.
ගුරු ග්‍රහයා කිසියම් ජන්ම කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක සිටීම සුබදායකය. එවිට අශුභ වන්නේ ගුරු 3, 6, 8, 12 සිටින විටදීය. ඉන් ධනු ලග්නයට පමණක් ගුරු 8 වැනි භාවයේ සිටීම අශුභ නොවේ. එයට හේතුව වන්නේ ධනු ලග්න හිමියාගේ 8 වෙනි භාවය කටක රාශිය වීමෙන් ගුරු එහිදී උච්ච වන බැවිනි. එසේම මකර ලග්න හිමියන්ටද ගුරු 8 වැන්නේ සිටීමේ දෝෂය අඩු වීමට හේතුවක් ඇත. එනම් මකර ලග්න හිමියාගේ 12 වෙනි භාවය ධනු ලග්නයයි. 12 වැන්නාධිපති 8 වැන්නේ සිටීමෙන් විමල යෝගය උදාවීම ඊට හේතුවයි. එසේම පරිවර්ථන යෝග මගින් ගුරු 8 වෙනි භාවයේ සිටීමේ දෝෂය අහෝසි වේ. එනම් කිසියම් කේන්ද්‍රය ගුරු 8 වැන්නේ සිටියදී එම අටවැන්න අයිති රාශ්‍යාධිපතියා ගුරුට අයිති භාවයක සිටීමයි. එසේම නීචභංග රාජ යෝගය මගින්ද 8 වෙනි භාවයේ ගුරු සිටීමේ දෝෂය කිසියම් සමනයකට පත් වේ.
කාරක අයිතීන් කිහිපයක් ගුරුට ඇත. ඒවා නම් ධර්මකාරක, ඥාණකාරක, ධනකාරක, පුත්‍රකාරක ආදී වශයෙනුයි. රාශි චක්‍ර යේ ගුරුට අයිති රාශි දෙකකි. ඒ ධනුව හා මීනයයි. මේ රාශි දෙකේදී ගුරු ස්වක්ෂේත්‍ර වේ. කටකය ගුරුගේ උච්ච රාශියයි. මකර රාශිය ගුරුට නීචය.
.ගුරු ග්‍රහයා පිළිබඳව මෙවන් කරුණු රැසකි. අපඅ ඒවා ඉදිරියේදී ජ්‍යෝතිෂ පාඩම් මගින් විමසා බලමු. මෙම ග්‍රහ මාරුව එක් එක් ලග්නවලට බලපාන අයුරු දැන් අපි බලමු.
ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නයමේෂ - Ariesමේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට...
ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නවෘෂභ - Taurusවෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මිථුන ලග්නයමිථුන - Geminiමිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන්...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කටක ලග්නයකටක - Cancerකටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව...
ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නසිංහ - Leo මෙවර ගුරු ග්‍රහයා සංහ ලග්නයෙන් ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නයකන්යා - Virgoමෙවර ගුරු ග්‍රහයා කන්‍යා ලග්න...
ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නයතුලා - Libraලග්නයෙන් එකොළොස්වැන්නේ ගුරු ගෝචරය වන ..
ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නයවෘශ්චික - Scorpioදෙවැන්න වූ ධනස්ථානය අධිපති...
ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නයධනු -Sagittariusමෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නයමකර - Capricornමකර ලග්නය හිමි ඔබේ අටවැන්නේ ගුරු...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නයකුම්භ - Aquariusකුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්න වූ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නයමීන - Piscesමීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන...














