.

Thursday, July 16, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය

ධනු - Sagittarius

මෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ ලග්නාධිපති වූ ගුරු නවවැන්න වූ භාග්‍යස්ථානයට පැමිණ ගමන් ඇරඹිම ධනු ලග්න හිමි ඔබට ඉතාමත් සුබදායකයි. ධනු ලග්න හිමියන්ට ගෝචර වන ගුරු පැමිණිය යුතු හොඳම තැනට මෙවර පැමිණ ඇත. ඒ අනුව පැවති පීඩාකාරී බව, අසහන, බාධා තුනී වී ඔබගේ සෘණ සිතුවිලි ධන සිතුවිලි බවට පරිවර්ථනය වේ.

ධනකාරක ගුරු භාග්‍යස්ථාන ගත හේතුවෙන් විවිධ ධන සම්පත් පෑදෙනු ඇත. අමතර ආදායම්, හදිසි ධන ලාභ, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලැබීමේ භාග්‍ය හිමිය. මෙතෙක් නැවතී තිබූ ආදායම් මාර්ග සක්‍රීය වේ.

රැකියාවේ හෝ ව්‍යාපාරයේ උසස් වීම්, දියුණුව, ආදායම් සහ වෘත්තීය තෘප්තිය, විදේශීය හිතවතෙකුගෙන් උදව් උපකාර හිමිය.

උසස් අධ්‍යාපනය නියෝජනය කරන නවවැන්නට පැමිණි ප්‍රඥාකාරක ගුරු පසුබැස තිබූ ඔබගේ අධ්‍යාපන කටයුතු නැවත උද්දීපනය කරයි. උසස් අධ්‍යාපනය හදාරන ධනු ලග්න හිමියන්ගේ ජය තහවුරු කරයි.

යහපත් මංගල යෝග යෙදේ. විවාහක අයගේ පවුලේ දියුණුව වර්ධනය වේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට යහපත් සහ වාසනාවන්ත දරුවන් ලැබේ. පුතුන් ලැබීමේ වැඩි ඉඩක් ඇත. දරුවන්ට සහ පියාට යහපත් කාලයක් වේ. ආගමික කටයුතුවල හා වන්දනා ගමන්වල නිරත වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ 
අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට ධනු ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ.

ධනු ලග්න හිමි ඔබගේ බලවත් යෝගකාරකයන් වන රවි - බුධ ඔබගේ කේන්ද්‍රෙය් නවවැන්නාධිපතිගේ සහ දහවැන්නාධිපතිගේ සංයෝගයකි. නවවැන්නාධිපති සහ දසවැන්නාධිපති එක්වීම බලවත් රාජයෝගයක් වූ ධර්ම කර්මාධිපති යෝගයයි. එහිදී ලබන සුභඵල දෙගුණ තෙගුණ කිරීමට යෝගකාරකයන් වීම හේතුවෙන් සිදු වේ.

ඊට අමතරය රැකියාස්ථානයේ රාහුගේ ගෝචරය රැකියාවෙන් ලබන දියුණුවත් අයස්ථානගත ස්වක්ෂේත්‍ර සිකුරුගෙන් යහපත් ආදායම් සහ යාන වාහන හිමි සුවපහසු ජීවිතයද ඔබගේ චිත්තප්‍රීතිය නොඅඩුව ලැබෙන ග්‍රහයෝගයක් බව තහවුරු කල හැකිය.

උසස් අධාපනය නියෝජනය වන සහ පෙර පිංබලය නියෝජනය වන නවවැන්නත් තම පෞරෂත්වය ශක්තිය උනන්දුව උත්සාහය ගෙනෙන ලග්න භාවවේ ආත්මකාරක ග්‍රහයා ලග්නයේ බලවත්වීම සහ පරිවර්ථනය වීම රවි- බුධ සංයෝගයේ බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය ඇතුළු ග්‍රහ බලය අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමුවීම තුලින් එහි දියුණුවත් එය රැකියාවේ මතු දියුණුවටත් අනාගත ඉහළ ආදායම්වල දියුණුව ඇතුළු ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ. මෙම ග්‍රහ බලය අනාගතයේ ලැබීමට නියමිත උසස් ආදායමත් දෙගුණ තෙගුණ වන නිසා ඒ ගැන උනන්දු වන ධනු ලග්න හිමියන්ට අනාගත ජීවිතය සතුටුදායක ලෙස ගොඩ නංවා ගැනීමට මහෝපකාරී වෙයි.

රවි, බුධ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

0 comments :

Post a Comment