.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label Sagittarius. Show all posts
Showing posts with label Sagittarius. Show all posts

Thursday, July 1, 2021

ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

ධනු ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති ගුරු 3 වැන්නේ - පියාට අපලයි. කුජ සිකුරු සංයෝගය 8 වැන්නේ කුජ නීචයි -, සිකුරු සතුරුයි - හදිසි අනතුරු කරදර බාධක.  ධනු උභය රාශියක් නිසා 7 බාධකයි. රවිට 7 බාධකයි - චිත්ත ශක්තිය පිරිහේ. බුධ රාහු - සතුරු ස්ථානය වූ 6 වැන්නේ සංයෝගය - අසනීප නොපෙනෙන සතුරු බලවේග. ශනි 2 ලග්න ඒරාෂ්ඨක - විවිධ කරදර)

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි සහ ක්ෂණික කෝපය මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට තරයේ සිතට ගතයුතු කාලයක්. ඒ වගේම මානසික හා සෞඛ්‍ය තත්වය පිරිහීමටත් පුලුවන්. චරිතයට හානි හා නීතිමය ගැටලු පැන නැගීමට ඉඩ තිබෙන බැවින් ඒ ගැන කල්පනාකාරීව එවැනි තත්වයන්ගෙන් මග හැරීම නුවණය හුරුයි. පියාට අපලයි. පියාගේ කරදර සහ අසනීප තත්වයන් උත්සන්න වන කාලයක්. මාසයේ අවසානය වන විට පහත කිිියන අශුභකාරී තත්වයන් බොහෝ දුරට සමනය වෙනු ඇත. 


ධනය

තැන්පත් ධනයට හානි වන අනවශ්‍ය වියදම් යෙදිය හැකි නිසා අරපරිස්සමෙන් අවශ්‍ය දේට පමණක් මුුුුුදල් වියදම් කරන්න. මාසයේ ලැබෙන ආදායම සකසුරුවම් කර ගැනීමට උනන්දු වෙන්න. මාසයේ අවසාන සතියෙන් පසුව ධනය ලැබීම් පිළිබඳව තරමක් බලාපොරොත්තු තැබීමට හැකි වේවි.


රැකියාව

රැකියාවන්හි නියුතු අයට විවිධ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වේ. තිබෙන රැකියාව ආරක්ෂා කර ගැනීමට ඉහළ නිළධාරීන්ගේ සහ ස්වාමියන්ගේ අවධානයට ලක් වෙන පරිදි උනන්දුවෙන් උත්සාහයෙන් කල්පනාවෙන් වැඩ කරන්න. නොපෙනෙන සතුරු කරදරවලින් ආරක්ෂා වීමට ඉහළ අයගේ අවධානය දිනා ගන්න. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයටද ඉහත සඳහන් තත්වයන් සමාන වන අතර ගැටලු සහ පිළියම්ද සමානය. වගා කටයුතුවල නිරත අය‌ට යහපත්ය. විදේශ රැකියාවල නියුතු අයටද තම රැකියාවේ තත්වය රැක ගැනීමටත් ආදායම් වර්ධනය කර ගැනීමටත් හැකියාවක් පවතී.  


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට තරමක් විශේෂ වෙනසක් නොමැතිව කර ගෙන යෑමට පුලුවන්. පොදුවේ ඇති වන මානසික තත්වය අවභෝධ කර කරමින් සහ උනන්දුවෙන් කල යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන් තමන්ගේ මානසික ස්වභාවයන් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බලපෑමක් නොවන ලෙස දරා ගත යුතුය.


ගෘහ ජීවිතය

ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න වැඩි ඉඩ කඩක් තිබෙන මාසයක්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඒද කටයුතුවලට බාධාවන් ඇති වීමටත් විවාහ කටයුතු ප්‍රමාද වීමටත් පුලුවන්. සහකරුවන් හා සහකාරියන් අතර අනවශ්‍ය ගැටලු  ඇති වීමටත් ඉඩ ඇති නිසා යුග දිවි ගත කරන අය දුර දිග බලා කටයුතු කිරීමට තරයේ සිතට ගන්න. එසේම ඇසුරු කරන්නන් අතර හා ව්‍යාපාර සහකරුවන් සමග මතභේද ඇති වීමටත් ඉඩ ඇති කාලයක් නිසා ඒ් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න.    

විදෙස් ගමන් සහ දුර බැහැර ගමන්වලදී හදිසි අනතුරුවලට මුහුණ පෑමට වැඩි ඉඩක් තිබෙන නිසා මේ කාලයේ එවන් කිසිදු ගමනක් යොදා ගැනීමෙන් වළකින්න. අත්‍යාවශ්‍ය ගමන් බිමන් වුවත් යන විට ඉතා කල්පනාකාරී විමට වග බලා ගන්න.   



සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට තරමක අයහපත් කාලයක්.  ලේ කෝප වීම්, උදරාබාධ සහ කොන්දේ අමාරු ඇති විය හැකි නිසා ඒ ගැන ගල්පනාකාරී වෙන්න. යම් අසනීපයක් ඇති වූ වහාම ගොඩ වෙදකම් නොකර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගන්න. වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන් නියමාකාරයෙන් ශරීර සෞඛ්‍යය රැක ගත හැකිය.






Monday, October 5, 2015

ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015

ධනු

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය. බුද්ධිමත් සමාජ ඇසුර, ඇසුරු කරන්නන්ගෙන් පැසසුම්. රැකියාවේ වර්ධනයක් සහ සොඳුරු මානසිකත්වයක්. නව විෂය ධාරාවන් ගැඹුරින් ඉගෙන ගැනීමට සුදුසු කාලයකි.


ධනු ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට ලැබෙන බව කිව හැකිය. ප්‍රධාන යෝගකාරකයන් වන රවි සහ බුධ රැකියාස්ථානය වූ දහවැන්නේත්, ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානය වන නවවැන්නේත් ගෝචරය වීම මෙයට හේතුවයි. මේ අනුව ධනු ලග්න හිමියන්ට මෙම මාසයේදීත් තම ගෙදර දොර කටයුතු සාමකාමීව සුහදව උදව් උපකාරැතිව සහ පරිත්‍යාගශීලීව යුතුකම් ලෙස  ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.  උසස් බුද්ධිමත් සමාජ ඇසුර සහ ඇසුරු කරන්නන් අතර කැපී පෙනෙන තත්වයක් ඇත. විවාහ අපේක්ෂකයන්ට යහපත් මංගල යෝජනා, විවාහකයන් අතර ප්‍රීතිමත් යුගදිවි සැපත සහ දරුවන් අපේක්ෂා කරන අයට යහපත් දරුවන් ලැබීමේ භාග්‍ය ද ඇත. 

රැකියා ස්ථානය වූ දසවැන්න සහ නව වැන්නේ උපරිම ග්‍රහ ශක්තිය ඇති බැවින් රැකියා සහ ව්‍යාපාර සම්බන්ධ සියළු කටයුතු ඉතා සාර්ථක ලෙස සිදුවන බව පැවසිය යුතුය. රැකියා ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම ව්‍යාපාරවල ජනප්‍රියත්වයද ඇති වේ. නව රැකියා සහ විදේශ රැකියා අපේක්ෂකයන්ට එම අවස්ථාවන් ලැබෙන බවත් තම දක්ෂතා සහ සුදුසුකම්වලට හිමි විහේෂ වැටුප් සහ වරප්‍රසාද ද හිමිය.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන සියලුම අංශවලදී දක්ෂතා පෙන්වීමට ධනු ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. තරඟ විභාගාදීය හොඳින් සමත්වීමට මෙන්ම,  ගැඹුරු විෂයයන් බුද්ධිමත්ව ඉගෙනීමටත්, තම දැනුම සහ කුසළතා එළීදැක්වීමටත් වාර්ථාගත ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත්, විදෙස් අධ්‍යාපනයත්  මෙය සුදුසු කාලයකි.  

පාදවල ආබාධ, ලේ දූෂ්‍ය වීම් සහ පපුවේ සෙම්ගති සහිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 5, 9
ශුභ දින -  සඳුදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ - කහ, රන්වන්, නිල්

Thursday, July 16, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය

ධනු - Sagittarius

මෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ ලග්නාධිපති වූ ගුරු නවවැන්න වූ භාග්‍යස්ථානයට පැමිණ ගමන් ඇරඹිම ධනු ලග්න හිමි ඔබට ඉතාමත් සුබදායකයි. ධනු ලග්න හිමියන්ට ගෝචර වන ගුරු පැමිණිය යුතු හොඳම තැනට මෙවර පැමිණ ඇත. ඒ අනුව පැවති පීඩාකාරී බව, අසහන, බාධා තුනී වී ඔබගේ සෘණ සිතුවිලි ධන සිතුවිලි බවට පරිවර්ථනය වේ.

ධනකාරක ගුරු භාග්‍යස්ථාන ගත හේතුවෙන් විවිධ ධන සම්පත් පෑදෙනු ඇත. අමතර ආදායම්, හදිසි ධන ලාභ, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලැබීමේ භාග්‍ය හිමිය. මෙතෙක් නැවතී තිබූ ආදායම් මාර්ග සක්‍රීය වේ.

රැකියාවේ හෝ ව්‍යාපාරයේ උසස් වීම්, දියුණුව, ආදායම් සහ වෘත්තීය තෘප්තිය, විදේශීය හිතවතෙකුගෙන් උදව් උපකාර හිමිය.

උසස් අධ්‍යාපනය නියෝජනය කරන නවවැන්නට පැමිණි ප්‍රඥාකාරක ගුරු පසුබැස තිබූ ඔබගේ අධ්‍යාපන කටයුතු නැවත උද්දීපනය කරයි. උසස් අධ්‍යාපනය හදාරන ධනු ලග්න හිමියන්ගේ ජය තහවුරු කරයි.

යහපත් මංගල යෝග යෙදේ. විවාහක අයගේ පවුලේ දියුණුව වර්ධනය වේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට යහපත් සහ වාසනාවන්ත දරුවන් ලැබේ. පුතුන් ලැබීමේ වැඩි ඉඩක් ඇත. දරුවන්ට සහ පියාට යහපත් කාලයක් වේ. ආගමික කටයුතුවල හා වන්දනා ගමන්වල නිරත වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ 
අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට ධනු ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ.

ධනු ලග්න හිමි ඔබගේ බලවත් යෝගකාරකයන් වන රවි - බුධ ඔබගේ කේන්ද්‍රෙය් නවවැන්නාධිපතිගේ සහ දහවැන්නාධිපතිගේ සංයෝගයකි. නවවැන්නාධිපති සහ දසවැන්නාධිපති එක්වීම බලවත් රාජයෝගයක් වූ ධර්ම කර්මාධිපති යෝගයයි. එහිදී ලබන සුභඵල දෙගුණ තෙගුණ කිරීමට යෝගකාරකයන් වීම හේතුවෙන් සිදු වේ.

ඊට අමතරය රැකියාස්ථානයේ රාහුගේ ගෝචරය රැකියාවෙන් ලබන දියුණුවත් අයස්ථානගත ස්වක්ෂේත්‍ර සිකුරුගෙන් යහපත් ආදායම් සහ යාන වාහන හිමි සුවපහසු ජීවිතයද ඔබගේ චිත්තප්‍රීතිය නොඅඩුව ලැබෙන ග්‍රහයෝගයක් බව තහවුරු කල හැකිය.

උසස් අධාපනය නියෝජනය වන සහ පෙර පිංබලය නියෝජනය වන නවවැන්නත් තම පෞරෂත්වය ශක්තිය උනන්දුව උත්සාහය ගෙනෙන ලග්න භාවවේ ආත්මකාරක ග්‍රහයා ලග්නයේ බලවත්වීම සහ පරිවර්ථනය වීම රවි- බුධ සංයෝගයේ බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය ඇතුළු ග්‍රහ බලය අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමුවීම තුලින් එහි දියුණුවත් එය රැකියාවේ මතු දියුණුවටත් අනාගත ඉහළ ආදායම්වල දියුණුව ඇතුළු ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ. මෙම ග්‍රහ බලය අනාගතයේ ලැබීමට නියමිත උසස් ආදායමත් දෙගුණ තෙගුණ වන නිසා ඒ ගැන උනන්දු වන ධනු ලග්න හිමියන්ට අනාගත ජීවිතය සතුටුදායක ලෙස ගොඩ නංවා ගැනීමට මහෝපකාරී වෙයි.

රවි, බුධ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.