.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label ඔබේ ලග්නයට. Show all posts
Showing posts with label ඔබේ ලග්නයට. Show all posts

Friday, July 17, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය

මීන - Pisces

මීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන හයවැන්නට ගුරු පැමිණීම යහපත් නොවේ. සතුරු කරදර සහ සෞඛ්‍ය ගැටලු ඇති වීමට මෙය හේතුවක් විය හැකි අතර ඒවාට බුද්ධිමත්ව මුහුණ දීමට ඇති හැකියාවද ඇත.

ධනකාරක ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් යුතුව ඔබගේ රැකියාස්ථානය දැකීම මගින් විවිධ බාධා ගැටලු මධ්‍යයේ වුවද ඔබගේ වෘත්තීය මට්ටම ආරක්ෂා වේ. එබැවින් සැළකිය යුතු ධෛර්යය සම්පන්න බවකින් රැකියාවෙන් සහ ව්‍යාපාරවලින් ආදායම් ලබා ගත හැකි වේ. එහෙත් මුදල් අඟහිඟතාවයන්ට මේ කාලයේ මුහුණ දීමටද සිදු වේ. විදෙස් ගමන් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වීමද උසස් මිතුරන්ගෙන් උදව් උපකාරද බලාපොරොත්තු විය හැකිය.

ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ගිවිස ගැනීම් ඉතා කල්පනාවෙන් කල යුතුය. යුගදිවි ගෙවන්නන් අතර සුළු සුළු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. දරුවන් ලැබීමට සිටින මව්වරුන් පැමිණෙන ගැටලු ගැන සිහිනුවණින් සිටිය යුතුය. ඉදිරි අනාගතය සුබ වන නිසා ඒ ගැන සිතා උපේක්ෂාවෙන් යුතුව සහ ධර්මානුකූලව කල් ගෙවිය යුතුය. නැතහොත් අධික රුධිර පීඩනය ආදී අනවශ්‍ය රෝගාබාදයන්ට ලක්විය හැකිය.

සෞඛ්‍ය තත්වය පිරිහීම මගින් ශාරීරික දුබලතාවයන් අැති වීමට ඉඩ ඇති කලයකි. එබැවින් හොඳ මානසිකත්වයකින් සහ අපේක්ෂාවෙන් යුතුව මෙම කෙටි කාලයට මුහුණ දීම සුදුසුය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මීන ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

යෝගකාරක කුජ හත්වැන්නේය ගුරු බාධක ස්ථනයේය. රවි රැකියා ස්ථානයේය.  සඳු වික්‍රමස්ථානයේ උච්ච වීමත් හේතුවෙන් ඔබට කිසියම් ලෙසක සුභඵල ගෙනදීමට හේතුවකි.

මෙම කාලය ඉතාමක් කාර්යය බහුල ලෙස ගෙවී යයි. ගෙදර දොර තත්වය හිත මිතුරන් නෑදෑයන් ගැන සිතීමට කාලයක් නැත. උත්සාහය උනන්දුව කැපකිරීම නොඅඩුව ඇති වන බැවින් රැකියාවේ කටයුතු කලට වේලාවට කරමින් උසස් අයගේන් කීර්ති ප්‍රසශංසා නිබදව ලැබේ. රැකියාවේ උසස් වීම් සහ වගකීම් බහුල වන බවක් පෙනේ. විදේශ සංචාර හිමි වේ. සතුරන් පරාජයට පත් වේ. ව්‍යාපාරාදියෙන් ලාභ මෙන්ම දියුණුවද ඇති වේ. වයාපාර සම්බන්ධව මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලැබේ. අනාගත ව්‍යාපාර ඉලක්ක වෙනුවෙන් දැන්ම සිට ප්‍රචාරණ කටයුතු කිරීමට සුදුසු කාලයකි.

පියාගෙන් හෝ පිය පක්ෂයේ දේපල උරුම වන කාලයකි. පියාට සුබය. පියාගේ පැවති රෝගාබාධ සමනය වේ.  සහෝදරයන්ට අසුබයි. කෙටි ගමන් වැඩිවන අතර අමතර වැය පක්ෂයද ඉහළ යයි. හදිසි අනතුරු සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇති හෙයින් ඉතාමත් කල්පනාවෙන් ගමන් බිමන් යෑම අනිවාර්යයි.

සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය

මකර - Capricorn

මකර ලග්නය හිමි ඔබේ අටවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වේ. ගුරු අටවැන්නේ ගෝචරය සාමාන්‍යයෙන් සුබ නොවුනත් මකර ලග්න හිමියන්ට එය බල නොපායි. එයට හේතුව ගුරු දොළොස්වැන්නාධිපති වී අටවැන්නේ ගෝචරයෙන් විමල යෝගය උදාවීමයි. එමගින් අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන සහ වාසනාව පෑදෙයි. යම්තාක් දුරට ගුරුගේ අපල සමනය වේ.

ආදායම් තත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වන අතර හදිසි ධන ලාභ උරුමයි. පාරම්පරික දේපල ලැබීමක්, නිවාස, වාහන මිලදී ගැනීම, පවතින ගේදොර අළුත්වැඩියාවක් වැනි කිසියම් දේපළ වර්ධනයක් සඳහා සුදුසු පරිසරයක් සැකසේ. නඩු හබ තම වාසියට විසඳේ.

රැකී රක්ෂාවල කිසියම් පසු බෑමක්, රැකියා වෙනස් වීමක් හෝ දුර බැහැර ප්‍රෙද්ශයකට මාරු වීමක් ආදී රැකියාවේ විශේෂ වෙනසක් දැකිය හැකිය. ව්‍යාපාරික ස්ථානයේ විවිධ බාධක සහ අර්බුද මතුවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කිරීමට සිදුවේ.

ඉදිරියේදී ගැටළු ඇති විය හැකි පෙම් සබඳතා සහ විවාහ කටයුතු සිදුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් සහ බුද්ධයෙන් කටයුතු කිරීම මැනවි. යුගදිවි ගෙවන්නන් සහ පවුලේ වෙනත් අය සමග දැඩි ස්වරයෙන් වචන හුවමාරු සුදුසු නැත. දරුවන්ගේ කටයුතු යහපත් වන නිසා ඔවුන්ගේ අනාගතය ගැන වෙහෙසීම ඵලදායකය. පිටස්තර අය සමග සුහදශීලීව කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය තත්වය පිරීහීමට ඉඩ ඇති නිසා පරිස්සම වැදගත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මකර ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මකර ලග්නය හිමි ඔබගේ යෝගකාරක වන සිකුරු දස වැන්නේ කේන්ද්‍රස්ථාන ගත වීමත්, රවි - ගුරු වැයස්ථානයේ සහ මෘත්‍යථානයේ / මාරකස්ථානයේ පරිවර්ථනය වෙද්දී සඳු පස්වැන්නේ උච්ච වීමත් ඔබට මධ්‍යම ඵල ගෙනදීමට හේතු වේ.

තම එදිනෙදා කටයුතු උනන්දුවෙන් යුතුව තම අභිමතය පරිදි කරගෙන යෑමට යම් වෙහෙසක් උනන්දුවක් කැපකිරීමක් කිරීමට සිදු වෙයි. හිතට කරදර ගෙනදෙන සිදු වීම් ඇති වුවත් වෙනදා පැවති යම් අසනීප තත්වයක් සමනය වීමෙන් සිතට සහනයක් ඇති වේ.

බලාපොරාත්තු කඩවීම්, කරන කියන කටයුතුවලින් එතරම් යහපතක් නොවන කාලයක් ගෙවී යවනාත් සමගම ඉගෙනීමට සහ උසස් අධ්‍යාපනයට ඇති හැකියාව සහ ග්‍රහ බලය නිසා අනාගතයේ සතුට සැනසුම පිණිස දිරිමත්ව වැඩ කිරීමට සිතට ගන්න. තම ගෞරවයට හානි සිදු වීමට ඉඩ ඇති බැවින් ඉතාම කල්පනාවෙන් තම එදිනෙදා කටයුතු කිරීමට සහ පැන නගින ගැටළුවලට මුහුණ දෙන්න.

රැකියාවේ ස්ථාවරය සහ රැකියා කරන ස්ථානයේ පරිසරය ඔබට සුවදායක පරිසරයක් කර ගැනීමට සිතට ගන්න. අනවශ්‍ය වගකීම් බැහැර කර තම යුතුකම් කොටස පමණක් ඉටු කරන්න. ආදායම් තත්වය පහළ ගියද ආත්මාර්ථයෙන් තොරව කටයුතු කිරීමෙන් යම් ස්තාවර තත්වයක් ගොඩනගා ගැවනීමට ඉඩක් ඇත. හවුල් ව්‍යාපාරවලින් ප්‍රෙයා්ජන ලැබීම අසීරුය. නව ව්‍යාපාර ආරම්භ කිරීම ගල් දමන්න.

පපුවේ දුර්වලතා බලවත්වීමට ඉඩ ඇති නිසා තෙල් සහිත ආහාරවලින් වැළකී, නිසි ව්‍යායාමාදියේ යෙදී සෞඛ්‍යය තත්වය යහපත්ව තබා ගැනීමට සිහියට ගන්න.

බුධ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

Thursday, July 16, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය

ධනු - Sagittarius

මෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ ලග්නාධිපති වූ ගුරු නවවැන්න වූ භාග්‍යස්ථානයට පැමිණ ගමන් ඇරඹිම ධනු ලග්න හිමි ඔබට ඉතාමත් සුබදායකයි. ධනු ලග්න හිමියන්ට ගෝචර වන ගුරු පැමිණිය යුතු හොඳම තැනට මෙවර පැමිණ ඇත. ඒ අනුව පැවති පීඩාකාරී බව, අසහන, බාධා තුනී වී ඔබගේ සෘණ සිතුවිලි ධන සිතුවිලි බවට පරිවර්ථනය වේ.

ධනකාරක ගුරු භාග්‍යස්ථාන ගත හේතුවෙන් විවිධ ධන සම්පත් පෑදෙනු ඇත. අමතර ආදායම්, හදිසි ධන ලාභ, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලැබීමේ භාග්‍ය හිමිය. මෙතෙක් නැවතී තිබූ ආදායම් මාර්ග සක්‍රීය වේ.

රැකියාවේ හෝ ව්‍යාපාරයේ උසස් වීම්, දියුණුව, ආදායම් සහ වෘත්තීය තෘප්තිය, විදේශීය හිතවතෙකුගෙන් උදව් උපකාර හිමිය.

උසස් අධ්‍යාපනය නියෝජනය කරන නවවැන්නට පැමිණි ප්‍රඥාකාරක ගුරු පසුබැස තිබූ ඔබගේ අධ්‍යාපන කටයුතු නැවත උද්දීපනය කරයි. උසස් අධ්‍යාපනය හදාරන ධනු ලග්න හිමියන්ගේ ජය තහවුරු කරයි.

යහපත් මංගල යෝග යෙදේ. විවාහක අයගේ පවුලේ දියුණුව වර්ධනය වේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට යහපත් සහ වාසනාවන්ත දරුවන් ලැබේ. පුතුන් ලැබීමේ වැඩි ඉඩක් ඇත. දරුවන්ට සහ පියාට යහපත් කාලයක් වේ. ආගමික කටයුතුවල හා වන්දනා ගමන්වල නිරත වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ 
අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට ධනු ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ.

ධනු ලග්න හිමි ඔබගේ බලවත් යෝගකාරකයන් වන රවි - බුධ ඔබගේ කේන්ද්‍රෙය් නවවැන්නාධිපතිගේ සහ දහවැන්නාධිපතිගේ සංයෝගයකි. නවවැන්නාධිපති සහ දසවැන්නාධිපති එක්වීම බලවත් රාජයෝගයක් වූ ධර්ම කර්මාධිපති යෝගයයි. එහිදී ලබන සුභඵල දෙගුණ තෙගුණ කිරීමට යෝගකාරකයන් වීම හේතුවෙන් සිදු වේ.

ඊට අමතරය රැකියාස්ථානයේ රාහුගේ ගෝචරය රැකියාවෙන් ලබන දියුණුවත් අයස්ථානගත ස්වක්ෂේත්‍ර සිකුරුගෙන් යහපත් ආදායම් සහ යාන වාහන හිමි සුවපහසු ජීවිතයද ඔබගේ චිත්තප්‍රීතිය නොඅඩුව ලැබෙන ග්‍රහයෝගයක් බව තහවුරු කල හැකිය.

උසස් අධාපනය නියෝජනය වන සහ පෙර පිංබලය නියෝජනය වන නවවැන්නත් තම පෞරෂත්වය ශක්තිය උනන්දුව උත්සාහය ගෙනෙන ලග්න භාවවේ ආත්මකාරක ග්‍රහයා ලග්නයේ බලවත්වීම සහ පරිවර්ථනය වීම රවි- බුධ සංයෝගයේ බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය ඇතුළු ග්‍රහ බලය අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමුවීම තුලින් එහි දියුණුවත් එය රැකියාවේ මතු දියුණුවටත් අනාගත ඉහළ ආදායම්වල දියුණුව ඇතුළු ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ. මෙම ග්‍රහ බලය අනාගතයේ ලැබීමට නියමිත උසස් ආදායමත් දෙගුණ තෙගුණ වන නිසා ඒ ගැන උනන්දු වන ධනු ලග්න හිමියන්ට අනාගත ජීවිතය සතුටුදායක ලෙස ගොඩ නංවා ගැනීමට මහෝපකාරී වෙයි.

රවි, බුධ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය

වෘශ්චික  - Scorpio

දෙවැන්න වූ ධනස්ථානය අධිපති ධනකාරක ගුරු වෘශ්චික ලග්න හිමියන්ගේ දසවැන්න වූ රැකියාස්ථනයේ ගමන් ඇරඹීම රැකියා ව්‍යාපාර සහ වෘත්තීය අංශවල දියුණුවට හේතු වේ. රැකියා උසස්වීම්, ප්‍රධානීන්ගෙන් පැසසුම් සහා වයාපාරයේ ප්‍රගතිය සහ ලාබ අපේක්ෂා කල හැකිය.

ධනය සම්බන්ධව සැළකීමේදී ඉතිරි කර ගැනීමට අපහසුකම, අමතර වියදම් ඇති ීමට ඉඩ ඇත. නිසි කළමණාකාරයක් නොමැති වුවහොත් ණය වීමටද ඉඩ තිබෙන කාලයකි. නිවාස අලුත්වැඩියාවන් වාහන මිලදී ගැනීම් ආදියටද හත යොමු වේ.

ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට සහ විවාහ කටයුතු සිදු වීමටද පුුවන. නමුත් ඒවා ගැන නිසි ඇගයීමට ලක් නොවීම හේතුවෙන් ඉදිරියේදී යම් ගැටලු නිර්මාණය වීමක්ද ඇති බැවින් ඒ ගැන අවබෝදයෙන් යුතුව කටයුතු කල යුතුය. දැනට යුගදිවි ගෙවන්නන් අතර යම් මත භේද පැන නගින අතර ඒවා විසඳ ගැනීමට පුලුවන. දරුවන්ගේ කටයුතුවලට මැදිහත් වීමෙන් ඔවුනගේ අනාගතය සාර්ථක කල හැකිය.

සෞඛ්‍ය සම්බන්ධයෙන්ද යම් පීඩජාකාරී බවක් ඇත. කල්පවතින රෝග ඇති අය නිසි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත්ය. වෘශ්චික ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරුව සුබ අසුබ ඵල මිශ්‍රව ලැබෙන කාලයකි.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට වෘෂ්චික ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ.

දෙවැන්න වූ ධනස්ථානයේ සහ දසවැන්න වූ රැකියාස්ථානයේ රවි - ගුරු පරිවර්ථනය සහ හත්වැන්න වූ විවාහස්ථානයේ චන්ද්‍රයා උච්ච වීමද, ඔබගේ ලග්නාධිපති වූ කුජ අයස්තානය වූ එකොළොස්වැන්නේ ගෝචරයද ඇතුළු ග්‍රහ බලය අනුව ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

විශේෂයෙන්ම රැකියාව තැන්පත් ධනය හවුල් කටයුතු ගෙදර දොර පරිසරය යහපත්ව ඔබට මෙම වසරේ උදාවන දීප්තිමත්ම කාලය මෙයයි.

මෙම ගුහ බලය කෙටියෙන් විස්තර කලහොත් එය මෙසේය. දෙවැන්න වූ කුටුම්භස්ථානෙයේ සිටින රවිත් සහ හත්වැන්න වූ කලත්‍රස්ථානයේ සිටින උච්ච සඳුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් උදව් වේ. ඊට අමතරව දෙවැන්න ධනස්ථානය වන නිසාත් සහ හත්වැන්නෙන් හවුල් ව්‍යාපාර ගැන කියවෙන නිසාත් ඒ භාවයන් බලවත් වීම හේතුවෙන් හවුල් ව්‍යාපාරවල වර්ධනයටත්  දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි - බුධ ධනස්ථායේ සහ රැකියාස්ථානය වූ දසවැන්නත් අතර පරිවර්ථනයත් අයස්ථානයේ ලග්නාධිපති කුජ උච්චව ඇති නිසාත් රැකියා සහ ව්‍යාපාරවල දියුණුවත් ඉන් ලබන උසස් ආදායමත් දෙගුණ තෙගුණ වන ග්‍රහ බලයක් ඇති නිසා වෘෂ්චික ලග්න හිමියන්ට අනාගත ජීවිතය සතුටුදායක ලෙස ගොඩ බංවා ගැනීමට මහෝපකාරී වෙයි.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

Tuesday, July 14, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නය

වෘෂභ - Taurus

වෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට ගුරුගේ සම්ප්‍රාප්තිය සුබදායකයි. මාතෘස්ථානය සහ ගෘහස්ථානය නියෝජනය කරන හතරවැන්නට ගුරු පැමීණීමෙන් ඊට අදාළ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. දෙමව්පිය උරුමයෙන් යම් දේපලක් ලැබීමට කටයුතු සැළසෙන හෝ මව් පාර්ශවය සම්බන්ධ දේපල ගැටළුවක් තමන්ට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වෙන කාලයකි. නිවාස මිලදී ගැනීමක්, වැඩිදියුණු කිරීමක්, මෙතෙක් ප්‍රමාද වූ හෝ තාවකාලිකව වැඩ නැවතුන නිවාස සම්බන්ධ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ඔබට සිතෙන සහ ඊට අනුබල ලැබෙන කාලයකි.

එසේම වාහන මිලදී ගැනීම විකිණීම ආදී කටයුතු සාර්ථකත්වයට පත් වෙන අතර, විකුණා ගැනීමට ප්‍රමාද වූ අළුත්වැඩියා කරන ලද වාහන විකුණා ගැනීමටද අවස්ථාව ලැබේ.

රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු ඉටුවී නව රැකියාවන් ලැබීමේ වැඩි ඉඩක් පවතී. මෙම ගුරු මාරුවත් සමග වෘෂභ ලග්න හිමියන්ගේ රැකියා සහ වෘත්තීය ක්ෂේත්‍රයේ දියුණුවට මග පෑදේ. ව්‍යාපාරිකයන් නව ව්‍යාපාර කෙරෙහි උනන්දු වන අතර ඒවා පාරිභෝගිකයන්ගේ දැන ගැනීම පිණිස ප්‍රවර්ධනය කිරීමට ද උනන්දුවන කාලයකි. එවන් ආයෝජන අනාගත ලාභ ලැබීමට හේතු වේ.


යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට වෘෂභ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

වෘෂභ ලග්නය හිමි ඔබගේ ශුභ ග්‍රහයෙකු වන රවි සහ හතරවැන්නේ සිටින ගුරු සමග පරිවර්ථනය වීමත්, සඳු ලග්නයේ උච්ච වීමත් හේතුවෙන් යම් අංශවල සුභඵල ගෙනදීමට හේතු වේ.

හතරවෙනි භාවයේ සිටින ගුරු සමග අට වැන්නට ගෝචරය වුන රවි අතර පරිවර්ථනය හේතුවෙන් මෙතෙක් පැවතියා වූ නිවාස සම්බන්ධ ගැටලු, සහ විසඳා ගැනීමට අපහසු වූ ප්‍රශ්න හෝ නඩු හබ ඔබේ වාසියට පෙරළෙයි. මව හෝ මව් පාර්ශවය සමග පැති දේපල උරුම හිමිකම් සමාදානයෙන් විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයකි. වාහන ලැභ ඇති කෙරේ. කපටි පුද්ගලයන්ගේ කතා බහට රැවටීමට ඉඩ ඇති නිසා ඒ පිළිපඳ හොඳ සිහියෙන් සිටීම වැදගත්ය.  ඔබේ ලග්නයේ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයේ අධිපති වූ සඳු ලග්නයේ උච්ච වීම මත බලවත් ආත්ම ශක්තියක් ගොඩ නැගෙන අතර සහෝදර සහෝදරියන් සමග කිට්ටු සබඳතා ඇති කර ගනී. ශාස්ත්‍රීය අංශයෙන් කීර්තියත් ප්‍රසිද්ධියත් ඇති වේ.

අධ්‍යාපනය ලබන දරුවන් තම බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට උත්සාහයෙන් උනන්දුවෙන් සහ කැපකිරීම් මගින් ජයග්‍රහණ උදාකර ගත යුතුය. කම්මැලිකම පසුබැසීම වහාම ඉවත් කර ගතහොත් තරඟ විභාදීන්ය මුහුණ දීමට කිසිසේතු අමාරු කාරියක් නොවේ.

රැකියා ලාභ සහ රැකියාවේ තත්වය දියුණු වනු ඇත. ව්‍යාපාර ක්‍ෙෂ්ත්‍රෙය් නියැලී සිටින අයට ස්ථිර දියුණුවක් ලැබේ. පවුලේ අයෙකුට හා තමනට විවිධ රෝගයන්ට ගොදුරු වීමට ඉඩ ඇති අතර සෙම් රෝග, අධිර රුධිර පීඩනය ලේ දූෂ්‍ය විම් ආදියට ඉඩ ඇත.

රවි, කුජ, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයක් වන අතර, ඔබගේ 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති සහ භාධක ග්‍රහයාගේ කාලයක් නොවේනම් ශුභඵල මධස්ථය. ඔබගේ ජන්ම පත්‍රයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය

මේෂ - Aries

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණීම සුබදායකයි. විද්‍යාස්ථානය ලෙස සැළකෙන පස්වැන්නේ ගුරු ග්‍රහයා පැමිණ ගෝචරය වන කාලය පුරාම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි සිසු සිසුවියන්ට ඉතාමත් සුභදායකයි. ඥාණකාරක ගුරු ඔබගේ නුවණැස වර්ධනයටත් ධාරණ ශක්තිය මනාව පවත්වා ගෙන යෑමටත් තරඟ විභාගාදියෙන් ජය ලැබීමටත් උදව් වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයටද මෙම ගුරු මාරුව තම කටයුතුවල දියුණුව දැකීමට ඉතාමත් යහපත් කාලයකි.

පත පොත ඇසුරු කරන අයගේ ලේඛන කලාවේ දියුණුවට අභිවෘද්ධියට මෙම කාලය හේතුවන අතර ඉන් මහත් ප්‍රසිද්ධියටත් සමාජයේ පිළිගැනීමටත් පත් වේ. වෘත්තීය ලේඛකයන්ගේ කුසළතා ඔප්නැංවෙන අතර හොඳ ආදායම්ද උරුමය.

දරුවන් බලාපොරොත්තුව සිටින මේෂ ලග්න හිමියන්ට වාසනාවන්ත දරුඵල ලැබෙන කාලයකි. පුතුන් ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතර දූවරු ලදහොත් ඔවුන් සමාජයේ කැපී පෙනෙන අභියෝග ජයගත හැකි දිරිමත් අය වනු ඇත.

මේෂ ලග්න හිමි ඔබගේ පෞරුෂය කා අතරත් කැපී පෙනෙන ලෙස වර්ධනය වන අතර මංගල යෝග රැකියා සහ ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැකි තම බලාපොරොත්තු බොහොමයක් සුභදායක ලෙස ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් වේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මේෂ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන රවි සහ ගුරු පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දෙවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල රැසක් ගෙනදීමට හේතු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය  හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් උසස් අධ්‍යාපනය ගැන කියවෙන නව වැන්නත් අතර රවි - ගුරු පරිවර්ථනය මීට හේතුවයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත. උච්ච සඳු වාග් හැකියාව ප්‍රදර්ශනය කරයි. ගුරු පහේ ගෝචරය මේෂ ලග්න හිමි ඔබට ඉගෙනීමෙන් දියුණුව ලබන, විශ්ව විද්‍යාල, ශිෂ්‍යත්ව, විදෙස් අධ්‍යාපනය හිමි බලවත් රාජ යෝගයකි. වෛද්‍ය විද්‍යාව, නීතිය, නව තාක්ෂණ, කෘෂි විද්‍යාව සහ ආගම ධර්මය පිලිබඳව ගැඹුරට හැදෑරීමේ බල මහිමය හා වාසනාව උදා වී ඇත.

දරුවන් සිටින මේෂ ලග්න වැඩිහිටියන්ගේ දියුණුවත් එසේමය. දරුවන් බලාපොරොත්තුව සිටින අයට පුත්‍ර ලාභ, වාසනාවන්ත දරු උපත් හිමිය. දෙමව්පියන්ට සළකන, ආදරය කරන, කීකරු දරුවන්ගේ මතු දියුණුවද දැකිය හැකි කාලයකි. පස්වැන්න පුත්‍ර ස්ථනය වන නිසාත් රවි - සඳු සුභ කර්තරී නිසාත් මෙම ඵල භුක්ති විඳීමට ලැබේ. කුටුම්භස්ථානය වන දෙවැන්නේ සිටින උච්ච සඳුත් විවාහස්ථානයේ සිටින ස්වක්ෂේත්‍ර සිකුරුත් යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය ගෙනඒමට මෙන්ම ගෙදර දොර පරිසරය සුවදායක එකක් කර ගැනීමටත් සමත්ය. දෙවැන්න සහ හත්වැන්න බලවත් හේතුවෙන් ඇසුරු කරන්නන් අතර සුහදත්වය වර්ධනයටත් හවුල් ව්‍යාපාරවල දියුණුව ගෙන දීමටත් තැන්පත් ධනය වර්ධනය වීමටත් හේතු වේ.

රවි, සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.