.

Wednesday, July 15, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය

කන්‍යා - Virgo

මෙවර ගුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්ගේ වැයස්ථානය වූ දොළොස්වැන්නෙන් ගමන් ඇරඹීම එතරම් සුබදායක බවක් නොපෙන්වයි. එබැවින් මනා සිහි නුවනින් සහ ඉවසීමෙන් කල් ගත කර යුතු බව අවධාරණය කිරීමට සිදු වේ. එදිනෙදා කටයුතු කිරීමේදී ඇති විය හැකි බලවත් බාධක සහ අවහිරතා ලිහිල් කර ගැනීමට දැඩි උත්සාහයෙන් සහ කැපකිරීමෙන් යුතුව ක්‍රියා කිරීමට සිදුවේ.

තැන්පත් ධනය වර්ධනය නොවන අතර අමතර ආදායම් නතරවීමේ තත්වයක් පෙන්නුම් කෙරේ. අනවශ්‍ය වියදම් සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් පාලනය කිරීමට තදින් සිතට ගත යුතුය. නැතහොත් එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය වියදම්වලට පවා ණය වීමට සිදු වේ.

රැකියාවේ සහ ව්‍යාපාරවල තත්වය පහත වැටීමට ඉඩ ඇත. ලැබූ ලාභ ක්‍රමයෙන් අඩුවී අලාභ තත්වයට පෙරලීමට බොහෝ දුරට ඉඩ ඇත. පවතින අශුභ ග්‍රහ තත්වය පහව යන තෙක් නව ව්‍යාපාරාදියට මුදල් නොයෙදීම සහ පවතින ව්‍යාපාර සිහි නුවණින් යුතුව ආරක්ෂා කර ගැනීම සේවකයන් වුවත් සැඟවුන සතුරන් ක්‍රමයෙන් හඳුනාගෙන ව්‍යාපාරයෙන් ඈත් කර තැබීම ආදී සැළසුම් ක්‍රියාත්මක කිරීමට උත්සුක වන්න.

ගෙදර දොර පරිසරය සහ සාමය ආරක්ෂා කර ගැනීමට මහත් වෑයමක් දැරීමට සිදු වනු ඇත. නව ප්‍රේම සම්බන්ධතා ඇතිකර නොගැනීම විවාහයන් කල් දැමීම යුගදිවි ගෙවන්නන් සාකච්ඡා මගින් සමගිය ආරක්ෂා කර ගැනීම සුදුසුය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට කන්‍යා ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

කන්‍යා ලග්නය හිමි ඔබගේ යෝගකාරකයන් දෙදෙනා වන බුධ සහ සිකුරු කේන්ද්‍රස්ථාන ගත වීමත්, රවි - ගුරු නිවාසස්ථානයේ සහ වැයස්ථානයේ පරිවර්ථනය වෙද්දී සඳු නවවැන්නේ උච්ච වීමත් ඔබට අශුභ ඵලවලට වඩා සුභඵල ගෙනදීමට හේතු වේ.

තම එදිනෙදා කටයුතු උනන්දුවෙන් යුතුව තම අභිමතය පරිදි කටයුතු කරයි. කඩිසරකම විටෙක හදිස්සියක් දක්වා වර්ධනය වේ. වැඩිදුර සිතීමට නොපෙළඹෙන අවස්ථාද ඇත. එය මග හැර ගැනීම වැදගත්ය. උපායෙන් අන් අයගේ සිත් දිනා ගැනීමටත් උපායෙන්ම සතුරන් මෙල්ල කිරීමටත් හැකි වේ. අන් අයගේ අඩු පාඩු හොඳින් පෙනේ. පවුලේ අයට වඩා පිටස්තර අය ඇසුරට පෙළඹේ. විවාහකයන් අතර මතභේද, අසතුට, මත භේධ වර්ධනය වේ.

පොත් පත් කියවීමට කැමති දූ දරුවන්ට අධ්‍යාපනය හදාරණ දරු දැරියන්ට ඥාණ ශක්තිය හා මතක ශක්තිය වර්ධනය වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට හේතු වේ. අධ්‍යාපනය ඇසුරු කරගෙන කරන රැකියා කටයුතුවල දියුණු වේ.

රැකියාවේ උසස්වීම් මෙන්ම වෙනස්වීම්වලටද මුහුණ දීමට සිදු වේ. ස්ථාවර ආදායම් තත්වයක් වෙනුවට වෙනස් වන ආදායම්ද ව්‍යාපාර කරන අයගේ ආදායම්ද නිතර ඉහළ පහළ යන තත්වයක් ඇත. හවුල් ව්‍යාපාරවලින් ප්‍රෙයා්ජන ලැබීම අසීරුය.

පපුවේ දුර්වලතා බලවත්වීමට ඉඩ ඇති නිසා තෙල් සහිත ආහාරවලින් වැළකී, නිසි ව්‍යායාමාදියේ යෙදී සෞඛ්‍යය තත්වය යහපත්ව තබා ගැනීමට සිහියට ගන්න.

බුධ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

0 comments :

Post a Comment