.

Thursday, July 16, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය

තුලා - Libra

ලග්නයෙන් එකොළොස්වැන්නේ ගුරු ගෝචරය වන නිසා මෙම ග්‍රහ මාරුව තුලා ලග්න හිමියන්ට සුබදායකයි. ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සපල කර ගත හැකි කාල වකවානුවකි. සමාජයේ යන එන තැන ප්‍රධානත්වය හිමිවන කැපී පෙනෙන ග්‍රහ පිහිටීමකි. සමාජයෙන් ගෞරව සහ බුහුමන් ලැබෙනු ඇත.

ධනය සම්බන්දයෙන් සැළකීමේදී ධනකාරක ගුරු අයස්ථානයට පැමිණීම ආදායම් ලැබීම් අතින් යහපත් බවක් පෙන්වයි. රැකී රක්ෂා මගින් සහ වෙළඳ ව්‍යාපාරවලින් සැළකියයුතු ආදායමක් ලැබේ නව උසස් රැකියා සහ රැකියාවේ උසස් වීම් ලැබෙන කාලයකි. රැකියා ස්ථානයේ සහ  ව්‍යාපාර ස්ථානයේ තෘත්තිමත් බව නොමදව ගෙන දෙන කාලලයකි.

අධ්‍යාපනය ලබන වයසේ සිටින අයගේ මිතුරු ඇසුර වැඩි වනු ඇත. උසස් ගතිගුණ ඇති මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. එහෙත් අහිතකර ආශ්‍රයන් හේතුවෙන් ඉගෙනීමේ කටයුතුවලට බාධා එල්ලවිය හැක.

විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු කල් යයි. විවාහකයන් අතර දරුවන් සමග වන තම පවුලේ සාමාජිකයන් අතර සමගිය සතුට ඇති කරවයි. එහෙත් සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතා ඈත් වීමට ඉඩ තිබේ.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට තුලා ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

තුලා ලග්නය හිමි ඔබගේ රවි සහ ගුරු පරිවර්ථනය තුන්වැන්නේ සහ එකොළොස්වැන්නේ ගෝචරය වෙයි. ලග්නාධිපති ලග්නයේ ස්වක්ෂේත්‍ර වේ. සඳු අටවැන්නේ උච්ච වීමත් ඔබට සුභඵල ගෙනදීමට හේතු වේ.

ලග්න ගත සිකුරුගෙන් මාලවී යෝගය යෙදේ. අන් අය සමග සුහදව කටයුතු කරයි. බලවත් කරදර බාධක නැත. ඇතිවන කරදර බාධක ගනන් නොගනී. උසස් අයගෙන් සහ ප්‍රභූන්ගෙන් උදව් උපකාර හිමි වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට හැකි වේ. ලොකරැයි දිණුම් වැනි ක්ෂණික ධන ලාභවලටද භාග්‍යය ඇත.

ගෘහ ජීවිතය සතුටුදායක සහ වාසනාවන්ත වෙයි. පවුලේ සමගිය සමාදානය හැකි හැම විටම ආර්ක්ෂා කර ගනී. විවාහකයන් අතර සුහදත්වය වර්ධනය වේ. හවුල් කරුවන් සමග කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත් වේ. සමාජයේ කැපී පෙනෙන අතර අසල් වාසීන්ගෙන් යම් යම් බාධා ඇති වීමට ඉඩ තිබේ.

රැකියා සහ ව්‍යාපාරවලින් ආදායම් සරු වේ. සුව පහසුව සහ ලස්සන ඇඳුම් පැළඳුම් වෙනුවෙන් විනෝදය වෙනුවෙන් වියදම්ද අධික වේ. පැවති අසනීප තත්වයන් පහව යයි. නිරෝගී සුවය අත්වේ.

ශනි, බුධ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

0 comments :

Post a Comment