.

Wednesday, July 15, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය

සිංහ - Leo

සිංහ ලග්නය හිමි ඔබගේ ලග්න භාවයට එනම් කේන්දරයේ පළමුවෙනි කොටුවට ගුරුගේ සම්ප්‍රාප්තිය සිදු විය. එය ඔබට සුබදායකයි. සාමාන්‍යෙයන් ගුරු ගෝචරයෙන් පළමු භාවයට පැමිණීම එතරම් අගය නොකරතත් ලග්නයේදී දික්බල වන ගුරු ඔබගේ පස්වැන්නාධිපති හෙවත් ත්‍රිකෝණාධිපති වීමේ ගුණය ඉස්මතු වීම නිසා ඔබට මෙම ගුරු ගෝචරය බොහෝ අඩු පාඩු සපිරෙන බලාපොරොත්තු ඉටුවෙන සුබදායක වසරකි. මෙම ගුරු ගෝචරය හේතුවෙන් ඔබ‍ෙගේ තිගුණ පෙනුම ශරීර ශක්තිය තත්වය මෙන්ම උසස් අයගේ ඇසුරට පත්වීම වාසනාවකි.

ධනය අතින් යහපත් වන අතර තැන්පත් ධනයේ වර්ධනයක් ලැබිය හැකි කාලයකි. හදිසි ධන ලාබ ද උරුමය. හවුල් ව්‍යාපාර සඳහා සිත යොමු වෙන අතර ඊට සුදුසු යහපත් ව්‍යාපාර සහ හවුල්කරුවන් ඉබේම මෙන් හමුවන බව පෙනේ. නමුත් ව්‍යාපාර සහ හවුල්කරුවන් තෝරාගැනීමේදී සහ ආයෝජනය කරන ආකාරය ගැන පුළුල්ව කල්පනා කර ක්‍රියා කළහොත් අනාගතයේදී එය ලාභ පිට ලාභ උපයන ධනෝපායන මාර්ගයක් වේ.

ගෘහාශ්‍රිත පරිසරය යහපත් වීමෙන් පවුලේ අය සමග සතුටින් සමගියෙන් කල් ගෙවිය හැක. අවිවාහකයන්ට මංගල යෝගද විවාහකයන්ගේ යුගසැපතද සරු හෙයින් ජීවිතය සාර්ථක ලෙස ගෙවිය හැකිය. දරුවන්ගේ දියුණුවද ඇසුරු කරන්නන් අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනයද සිදු වේ.

ලෙඩ දුක් පීඩා සමනය වන නිසා සුළු අසනීප හැරුනු කොට සෞඛ්‍ය තත්වයද ඉතා යහපත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට සිංහ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

සිංහ ලග්නය හිමි ඔබගේ යෝගකාරක කුජ ධන භාවයේ වීමත්, රවි සහ ගුරු ලග්නයේ සහ පස්වැන්නේ පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දහවැන්නේ උච්ච වීමත් හේතුවෙන් ඔබට සුභඵල රැසක භාග්‍යය ඇත.

සිංහ ලග්න හිමියන්ගේ ගුරු ලග්නයට දික්බලය. ලග්නාධිපති පරිවර්ථන යෝගයකි. ප්‍රසිද්ධිය සහ කීර්තිය ඉහළ යන අතර ඕනෑම දුෂ්කර කටයුත්තක් නිසියාකාරව කිරීමට සමත් වේ. එම නිසා රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ ඇගයීමට ලක් වේ ඇසුරු කරන්නන් අතර ජනප්‍රියත්වයට පත් වේ. ශනිගේ සත්වැනි දෘෂ්ඨිය රැකියාගේ දුෂ්කර තත්වයන්ට සහ නිතර ඇවිදිලිවලට භාජනය වේ. හදිසි අනතුරු මගහැර ගැනීමට සිත තබා ගත යුතුය. උච්ච සඳු වෙළඳාම, ඉඩකඩම් සම්බන්ධ සහ ප්‍රචාරක සේවා කරන අයගේ ව්‍යාපාර දියුණු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නියුතු අයට ශුභදායක වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් ලග්නයත් අතර රවි - ගුරු පරිවර්ථනය ඊට අවශ්‍ය ග්‍රහ තත්වය සපයයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත.

ගේ දොර පිළිබඳ ප්‍රශ්න ඇති වේ. දෙමාපිය නෑදෑයන්ගෙන් වෙන් වී සිටීමට සිදු වේ. ඥාතීන්ට කොතරම් උදව් උපකාර කළත් එයින් කිසිදු ලාබ ප්‍රෙයා්ජනයක් නොලැබෙන තත්වයක් ඇත.

රවි, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

0 comments :

Post a Comment