.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label Leo. Show all posts
Showing posts with label Leo. Show all posts

Thursday, July 1, 2021

සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

සිංහ ලග්න පලාපල

(තර්ක: ප්‍රධාන යෝකාරක කුජ 12 - දියුණුවට බාධා. රාහු 10 වැන්නේ - රැකියා ගැටලු, පියාට අපලයි. කේතු 4 මව, දේපල - දුර්වලයි. සිංහය තිර රාශියක් නිසා 9 බාධකයි. ගුරු 7 කේන්ද්‍රගතයි - හවුල් ව්‍යාපාර, විවාහ මත ‌භේද - ආත්ම ගරුත්වය රැකේ. ලග්නාධිපති 11 බලවත් දෝෂ භංග යෝගයකි.)

පොදු

ජූලි මාසයේ ග්‍රහචාරය අනුව විවිධ මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි නිසා දුරදිග නොබලා ක්ෂණික තීරණ ගැනීමට පෙළඹේ. මෙය අනිවාර්යයෙන්ම පාලනය කර ගත යුතු තත්වයකි. සිතට ඇතිවන කළකිරීම් හා උදාසීන ගති මෙන්ම ගතට දැනෙන ශාරීරික අපහසුතාවයන් උනන්දුව උත්සාහය මත මග හැර ගත හැකිය.  මේ අනුව මාසයේ මුල් සති දෙක තුන බොහොම කල්පනාවෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමෙන් තත්වය සමනය වනු ඇත.


ධනය

මාසයේ මුල් සතියෙන් පසුව රැකියා ව්‍යාපාරවලින් හොඳ ආදායම් සහ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ‌වාසනාවන්ත ග්‍රහචාරයක් උදාවේ. විශේෂයෙන්ම ජන්ම කේන්දරයේ බුධ ශක්තිමත් අයට මෙන්ම බුධ මහ දසා, අතුරු දශා ගත කරන අයට සහ විදේශ රැකියාවන්හි නියුතු අයට වඩාත් ශුභපල ගෙන දේ. සෙසු අයට උනන්දුව හා උත්සාහය මත කිසියම් වූ හොඳ ආර්ථික තත්වයක් උදාකර ගැනීමට හැකි වේ. මව් පාර්ශවයෙන් උරුම දේපල සම්බන්ධ ගැටලු ඇති අය කාලයට ඉඩ දීම නුවණට හුරුය. නැතහොත් ඒවා උත්සන්න වීමෙන් නඩු හබවලටද පැටලීමට වුවද සිදුවේ. ඒ වගේම ඉඩම් දේපල යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය එම අදහස කල් දැමීම සුදුසුය. දේපල යාන වාහන මිලදී ගැනීමෙන් මෙම කාලයේ පාඩු සිදු වෙන අතර, මෙය තමන් සතු දේපල විකීණීමෙන් ලාභ ලැබිය හැකි කාලයකි.


රැකියාව

මාසයේ පළමු සතියේ රැකියා, ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට බාධක සහ පාඩු ඇතිවේ. එහෙත් දුර බැහැර සිට රැකියාවල නියුතු සහ ව්‍යාපාර කරන අයට යම් සහනයක් ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට බාධා ඇති කාලයක් නිසා ඒ් වෙනුවෙන් මුදල් යෙදවීමෙන් වළකින්න. මාසයේ මුල් සතියෙන් පසුව රැකියා ව්‍යාපාරවලින් හොඳ ආදායම් සහ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ‌වාසනාවන්ත ග්‍රහචාරයක් උදාවේ. විශේෂයෙන්ම ජන්ම කේන්දරයේ බුධ ශක්තිමත් අයට මෙන්ම බුධ මහ දසා, අතුරු දශා ගත කරන අයට සහ විදේශ රැකියාවන්හි නියුතු අයට වඩාත් ශුභපල ගෙන දේ. සෙසු අයට උනන්දුව හා උත්සාහය මත කිසියම් වූ හොඳ ආර්ථික තත්වයක් උදාකර ගැනීමට හැකි වේ.

අධ්‍යාපනය

මාසයේ අවසාන සතිය දක්වා අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් උදා වී ඇති නිසා ඒ් සඳහා විශේෂ අවධානයක් සහ උනන්දුවක් ඇති කර ගත යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන්ට ඒ් ගැන විශේෂ අවධානයක් යොමු කල යුතුය


ගෘහ ජීවිතය

මෙය ඔබේ මවට සහ පියාට තරමක් අපලදායක කාලයකි. මෙය ඔබගේ ග්‍රහචාරය අනුව සිදු වන දෙයක් නොවේ. එය ඔබගේ ග්‍රහචාරයෙන් පෙන්නුම් කරන දෙයකි. ප්‍රේම සබඳතා සහ විවාහ ස්ථිර කර ගැනීම් සඳහා ගැටලු මතු වෙන මතභේදාත්මක කාලයකි.  යුග දිවි ගෙවන අය පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට උනන්දු විය යුතුය. තත්වය සමනය වන තෙක් ඉවසිය යුතු සහ ආගමික අංශයට නැඹුරු විය යුතු කාලයකි.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය බාධා ඇති විය හැකිය.  නිධන්ගත රෝග තිබෙන අය නිසි වෛද්‍ය ප්‍රථිකාර නියමාකාරයෙන් අනුගමනය කර ගත යුතුය.




Wednesday, July 15, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය

සිංහ - Leo

සිංහ ලග්නය හිමි ඔබගේ ලග්න භාවයට එනම් කේන්දරයේ පළමුවෙනි කොටුවට ගුරුගේ සම්ප්‍රාප්තිය සිදු විය. එය ඔබට සුබදායකයි. සාමාන්‍යෙයන් ගුරු ගෝචරයෙන් පළමු භාවයට පැමිණීම එතරම් අගය නොකරතත් ලග්නයේදී දික්බල වන ගුරු ඔබගේ පස්වැන්නාධිපති හෙවත් ත්‍රිකෝණාධිපති වීමේ ගුණය ඉස්මතු වීම නිසා ඔබට මෙම ගුරු ගෝචරය බොහෝ අඩු පාඩු සපිරෙන බලාපොරොත්තු ඉටුවෙන සුබදායක වසරකි. මෙම ගුරු ගෝචරය හේතුවෙන් ඔබ‍ෙගේ තිගුණ පෙනුම ශරීර ශක්තිය තත්වය මෙන්ම උසස් අයගේ ඇසුරට පත්වීම වාසනාවකි.

ධනය අතින් යහපත් වන අතර තැන්පත් ධනයේ වර්ධනයක් ලැබිය හැකි කාලයකි. හදිසි ධන ලාබ ද උරුමය. හවුල් ව්‍යාපාර සඳහා සිත යොමු වෙන අතර ඊට සුදුසු යහපත් ව්‍යාපාර සහ හවුල්කරුවන් ඉබේම මෙන් හමුවන බව පෙනේ. නමුත් ව්‍යාපාර සහ හවුල්කරුවන් තෝරාගැනීමේදී සහ ආයෝජනය කරන ආකාරය ගැන පුළුල්ව කල්පනා කර ක්‍රියා කළහොත් අනාගතයේදී එය ලාභ පිට ලාභ උපයන ධනෝපායන මාර්ගයක් වේ.

ගෘහාශ්‍රිත පරිසරය යහපත් වීමෙන් පවුලේ අය සමග සතුටින් සමගියෙන් කල් ගෙවිය හැක. අවිවාහකයන්ට මංගල යෝගද විවාහකයන්ගේ යුගසැපතද සරු හෙයින් ජීවිතය සාර්ථක ලෙස ගෙවිය හැකිය. දරුවන්ගේ දියුණුවද ඇසුරු කරන්නන් අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනයද සිදු වේ.

ලෙඩ දුක් පීඩා සමනය වන නිසා සුළු අසනීප හැරුනු කොට සෞඛ්‍ය තත්වයද ඉතා යහපත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015

රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට සිංහ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

සිංහ ලග්නය හිමි ඔබගේ යෝගකාරක කුජ ධන භාවයේ වීමත්, රවි සහ ගුරු ලග්නයේ සහ පස්වැන්නේ පරිවර්ථනය වීමත් ශුභ ග්‍රහයෙකු වන සඳු දහවැන්නේ උච්ච වීමත් හේතුවෙන් ඔබට සුභඵල රැසක භාග්‍යය ඇත.

සිංහ ලග්න හිමියන්ගේ ගුරු ලග්නයට දික්බලය. ලග්නාධිපති පරිවර්ථන යෝගයකි. ප්‍රසිද්ධිය සහ කීර්තිය ඉහළ යන අතර ඕනෑම දුෂ්කර කටයුත්තක් නිසියාකාරව කිරීමට සමත් වේ. එම නිසා රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ ඇගයීමට ලක් වේ ඇසුරු කරන්නන් අතර ජනප්‍රියත්වයට පත් වේ. ශනිගේ සත්වැනි දෘෂ්ඨිය රැකියාගේ දුෂ්කර තත්වයන්ට සහ නිතර ඇවිදිලිවලට භාජනය වේ. හදිසි අනතුරු මගහැර ගැනීමට සිත තබා ගත යුතුය. උච්ච සඳු වෙළඳාම, ඉඩකඩම් සම්බන්ධ සහ ප්‍රචාරක සේවා කරන අයගේ ව්‍යාපාර දියුණු වේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නියුතු අයට ශුභදායක වන අතර, තරඟ විභාගාදියෙන් උසස් ලෙස ජය ලැබීමට මෙම ග්‍රහ ගෝචරය මහෝපකාරී වේ. විද්‍යාස්ථානය වන පස්වැන්නත් ලග්නයත් අතර රවි - ගුරු පරිවර්ථනය ඊට අවශ්‍ය ග්‍රහ තත්වය සපයයි. ඊට අමතරය රවි - බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුන යෝගය උදා වී ඇත.

ගේ දොර පිළිබඳ ප්‍රශ්න ඇති වේ. දෙමාපිය නෑදෑයන්ගෙන් වෙන් වී සිටීමට සිදු වේ. ඥාතීන්ට කොතරම් උදව් උපකාර කළත් එයින් කිසිදු ලාබ ප්‍රෙයා්ජනයක් නොලැබෙන තත්වයක් ඇත.

රවි, කුජ දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

Saturday, July 4, 2015

සිංහ ලග්න පලාපල - ජූලි 2015

සිංහ

අභියෝග භාධක සියල්ල මැඩ ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන මාසයකි. නිවැරදි යහපත් තීරණ ගැනීම ද, බුද්ධිමත්ව අන් අයගේ දුක්ගැනවිලිවලට ඇහුම්කම් දීම සහ පිහිට වීම දැකිය හැකිය. වැඩිහිටියන්ගෙන් සහ ආගමික නායකයන්ගෙන් පැසසුම් ලැබේ. යන එන තැන කැපී පෙනීම, සතුරන් මෙල්ල වීම තම අරමුණු ඉටු වීම යන කරුණු යෙදෙන ඉතා සුභ මාසයකි.

අතමිට සරු වන ලාභ සහ හදිසි ධන ලාභ ද ඇති කරන මෙම මාසයේදී සිංහ ලග්න හිමියන්ට යාන වාහන විකිණීමට මිලදී ගැනීමට යහපත්ය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව හෝ ගෘහාශ්‍රිත සංවර්ධනය දේපල මිලදී ගැනීම් ද ඒ අතර වේ.

රැකියා සරුය. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනියි. උසස්වීම් වරප්‍රසාද සහිතයි. ව්‍යාපාර සාර්ථක මගකට යොමු කර වීම, ආයෝජනවලින් අමතර ලාභ, විදේශ රැකියා සම්න්ධ ව්‍යාපාර දියුණුව දැකිය හැකි මාසයකි. විශේෂයෙන්ම විදේශයට අදාළ අන්තර්ජාල ආශ්‍රිත රැකියා සහ ස්වයං ව්‍යාපාර කරන අය ඒ සඳහා උනන්දු වීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගත හැකි කාලයකි.

අධ්‍යාපනයේදී තරමක උදාසීන බවක් දක්වන නමුත් පසුබෑමක් නැත. උසස් අධ්‍යාපනයේ දියුණුව විදෙස් අධ්‍යාපන යොමු වීම් තරඟ විභාග ජය අපේක්ෂා කළ හැකි මාසයකි.

ගෙදර පරිසරය සතුටුදායි වන අතර හැම කෙනාගෙන්ම උදව් ද, පවුලේ අයගේ සිත් දිනා ගැනීම් සහ ප්‍රධානත්වය ද, විදේශයක හෝ දුර බැහැර අයෙකුගෙන් උදව් ලැබෙන මාසයකි. මංගල යෝග සතුට දනවන ගමන් බිමන් වෙනදාට වඩායෙදිය හැකිය.

දන්ත රෝග, මුඛ රෝග, සම ආශ්‍රිත ඌෂ්න රෝග සෑදීමට ඉඩ ඇත.

ජය වර්ණය රතු
ජය අංක 2, 4

Leo monthly horoscope for July 2015