.

Friday, July 17, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය

මකර - Capricorn

මකර ලග්නය හිමි ඔබේ අටවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වේ. ගුරු අටවැන්නේ ගෝචරය සාමාන්‍යයෙන් සුබ නොවුනත් මකර ලග්න හිමියන්ට එය බල නොපායි. එයට හේතුව ගුරු දොළොස්වැන්නාධිපති වී අටවැන්නේ ගෝචරයෙන් විමල යෝගය උදාවීමයි. එමගින් අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන සහ වාසනාව පෑදෙයි. යම්තාක් දුරට ගුරුගේ අපල සමනය වේ.

ආදායම් තත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වන අතර හදිසි ධන ලාභ උරුමයි. පාරම්පරික දේපල ලැබීමක්, නිවාස, වාහන මිලදී ගැනීම, පවතින ගේදොර අළුත්වැඩියාවක් වැනි කිසියම් දේපළ වර්ධනයක් සඳහා සුදුසු පරිසරයක් සැකසේ. නඩු හබ තම වාසියට විසඳේ.

රැකී රක්ෂාවල කිසියම් පසු බෑමක්, රැකියා වෙනස් වීමක් හෝ දුර බැහැර ප්‍රෙද්ශයකට මාරු වීමක් ආදී රැකියාවේ විශේෂ වෙනසක් දැකිය හැකිය. ව්‍යාපාරික ස්ථානයේ විවිධ බාධක සහ අර්බුද මතුවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කිරීමට සිදුවේ.

ඉදිරියේදී ගැටළු ඇති විය හැකි පෙම් සබඳතා සහ විවාහ කටයුතු සිදුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් සහ බුද්ධයෙන් කටයුතු කිරීම මැනවි. යුගදිවි ගෙවන්නන් සහ පවුලේ වෙනත් අය සමග දැඩි ස්වරයෙන් වචන හුවමාරු සුදුසු නැත. දරුවන්ගේ කටයුතු යහපත් වන නිසා ඔවුන්ගේ අනාගතය ගැන වෙහෙසීම ඵලදායකය. පිටස්තර අය සමග සුහදශීලීව කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය තත්වය පිරීහීමට ඉඩ ඇති නිසා පරිස්සම වැදගත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මකර ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

මකර ලග්නය හිමි ඔබගේ යෝගකාරක වන සිකුරු දස වැන්නේ කේන්ද්‍රස්ථාන ගත වීමත්, රවි - ගුරු වැයස්ථානයේ සහ මෘත්‍යථානයේ / මාරකස්ථානයේ පරිවර්ථනය වෙද්දී සඳු පස්වැන්නේ උච්ච වීමත් ඔබට මධ්‍යම ඵල ගෙනදීමට හේතු වේ.

තම එදිනෙදා කටයුතු උනන්දුවෙන් යුතුව තම අභිමතය පරිදි කරගෙන යෑමට යම් වෙහෙසක් උනන්දුවක් කැපකිරීමක් කිරීමට සිදු වෙයි. හිතට කරදර ගෙනදෙන සිදු වීම් ඇති වුවත් වෙනදා පැවති යම් අසනීප තත්වයක් සමනය වීමෙන් සිතට සහනයක් ඇති වේ.

බලාපොරාත්තු කඩවීම්, කරන කියන කටයුතුවලින් එතරම් යහපතක් නොවන කාලයක් ගෙවී යවනාත් සමගම ඉගෙනීමට සහ උසස් අධ්‍යාපනයට ඇති හැකියාව සහ ග්‍රහ බලය නිසා අනාගතයේ සතුට සැනසුම පිණිස දිරිමත්ව වැඩ කිරීමට සිතට ගන්න. තම ගෞරවයට හානි සිදු වීමට ඉඩ ඇති බැවින් ඉතාම කල්පනාවෙන් තම එදිනෙදා කටයුතු කිරීමට සහ පැන නගින ගැටළුවලට මුහුණ දෙන්න.

රැකියාවේ ස්ථාවරය සහ රැකියා කරන ස්ථානයේ පරිසරය ඔබට සුවදායක පරිසරයක් කර ගැනීමට සිතට ගන්න. අනවශ්‍ය වගකීම් බැහැර කර තම යුතුකම් කොටස පමණක් ඉටු කරන්න. ආදායම් තත්වය පහළ ගියද ආත්මාර්ථයෙන් තොරව කටයුතු කිරීමෙන් යම් ස්තාවර තත්වයක් ගොඩනගා ගැවනීමට ඉඩක් ඇත. හවුල් ව්‍යාපාරවලින් ප්‍රෙයා්ජන ලැබීම අසීරුය. නව ව්‍යාපාර ආරම්භ කිරීම ගල් දමන්න.

පපුවේ දුර්වලතා බලවත්වීමට ඉඩ ඇති නිසා තෙල් සහිත ආහාරවලින් වැළකී, නිසි ව්‍යායාමාදියේ යෙදී සෞඛ්‍යය තත්වය යහපත්ව තබා ගැනීමට සිහියට ගන්න.

බුධ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.

0 comments :

Post a Comment