.

Thursday, December 10, 2015

ගුරු මාරුවේ දෙවන භූමිකාව......

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ. 

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් දළ වශයෙන් එක් රාශියක සිට තවත් රාශියක් කරා ගෝචරය වී වසරක පමණ කාලයක් ගත කරයි. මේ අනුව නැවත ගුරු එම රාශියටම එන්නේ වසර දොළහකට පසුවයි. පසුගිය ජූලි 14 දින ගුරු රවි හිමි සිංහ රාශියට සපැමිණ ගමන් ඇරඹීය.

මෙවර සිදුවන්නේ බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගමන් කරන සිංහ රාශියේ අධිපතියා වන රවි ගුරුට හිමි ධනු රාශියේ ගෝචරය වෙමින් රවි ගුරු පරිවර්ථන යෝගය උදා වීමයි. මෙයද සිදුවන්නේද වසර දොළහකට පසුවයි. මෙම පරිවර්ථනය ලග්න හතකට විශේෂ සුභඵලද, සෙසු ලග්නවලට පරිවර්ථන ඵල ප්‍රධානය කිරීමට සමත් වේ. මෙම රවි - ගුරු පරිවර්ථනය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන ගැනීම වැදගත්ය.

සැළකිය යුතුයි ......
මේ සඳහා වෙනමම ලින්ක් එකක් සපයා නැතත්, ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද? යන පෙර ඔබට සුපුරුදු ලින්ක් එකෙන්ම රවි - ගුරු පරිවර්ථනය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලා ගත හැකිය. එහි පහත සඳහන් වැකිය තිබෙනු ඔබ දැක ඇත. දැන් ඒ සඳහා කාලයයි.....

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. 

..................... දෙසැම්බර් 16 වෙනිදා බලාපොරොත්තු වන්න.


0 comments :

Post a Comment