.

Saturday, October 3, 2015

සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. රැතියාවේ වරප්‍රසාද හිමිකර ගනී. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. විදේශ හිතවතුන්ගෙන් ලාභ ප්‍රෙයා්ජන උරුමය. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ.  


සිංහ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව ශුභ ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන ශුභයෙකු සහ යෝගකාරක කුජ ලග්නයේය. එඩිතර සාජු ක්‍රියාමාර්ග ගනිමින් තම ස්ථාවරත්වය රඳදා ගැනීමට සමත් වේ. ලග්නාදිපති රවි දෙවැන්නේ බැවින් දක්ෂ කථාව අන්‍යයන් ඉදිරියේ කැපී පෙනේ. අනුන්ගේ සිත් රිදවන කථාවට ඉඩ ඇති බැවින් එය පාලනය කර ගැනීමට අවශ්‍යෙව්. සිකුරු ලග්නයේ සිටීමත් කේතු අටවැන්නේ සිටීමත් රහසින් පෙම් කිරීමට හේතු වේ. ඥාණකාරකයෙකු වූ කේතු අට වැන්නේ සිටීම සහ මාරක සිකුරු ලග්නයේ සිටීම අධ්‍යාපන කටයුතුවල නිරත අයට ප්‍රභල බාධාවකි.

රැකියා ස්ථානය වූ දසවැන්නේ දොළොස් වැන්න අධිපති සඳු තැන්පත්ව ඇති බැවින් විදෙස් හෝ දුරබැහැර රැකියා මෙන්ම සංචාරක රැකියා දියුණුවට මග පෑදේ. නව රැකියා සහ විදෙස් රැකියා බලාපො‍ෙරොත්තු වූවන්ගේ එම අදහස් සහ කටයුතු සඵල වන බව පෙනේ. එසේම රැකියා ස්ථානාධිපති සිකුරු ලග්නයේ සිටිමින් රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යම් ප්‍රගතියක් පෙන්නුම් කරයි.  නව අයෝජන මෙන්ම පවතින ව්‍යාපාරවල නව අංශවලට පුලුල් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිටින අයට මෙය සුදුසු කාලයකි. එසේම රැකියාවෙන් උපයන දෑ තැන්පත් ධනයක් ලෙස පවත්වාගෙන යෑමටත් ධනස්ථානයේ ස්ව උච්ච බුධ උපකාරී වනු ඇත.

අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නියෝජනය කරන ගුරු සහ කුජ ලග්නයේ සිටිමින් එම කලාප පෝෂණය කරන බැවින් අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපනය සාර්ථකත්වය සහ තරඟ විබාගාදී ජය තහවුරු කරනු ඇත. දැනුම බුද්ධිය වර්ධනය වන පොත පත පරිශීලනය උසස් බුද්ධිමත් අයගේ ඇසුර සහ ඔවුන් අනුව යමින් කරන කටයුතු ජීවිතයේ නොමැකෙන ජයග්‍රහණ කරා අනාගතය ඔසවා තැබීමට සමත් වේ.

සෙම් රෝග පෙණහලු අාශ්‍රිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 5
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - රතු, රෝස, තැඹිලි

0 comments :

Post a Comment