.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label ලග්න පලාපල. Show all posts
Showing posts with label ලග්න පලාපල. Show all posts

Tuesday, September 17, 2019

Your personalized daily horoscope

ඔබේ පෞද්ගලික පලාපල ඔබම බලාගන්න




අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.

පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද,  ග්‍රහයන්ගේ ග්‍රහස්තුඨ අංශක කලා විකලා වශයෙන්ද ජ්‍යොතිෂානුකූළව ඉතාමත් නිවැරදිව සොයා ගනී. මේ අතරින් දවසේ පෞද්ගලික ලග්න පලාපල ප්‍රකාශනයට අවශ්‍ය දෑ තෝරාගෙන සත්‍ය වූ සහ ඔබටම අදාළ වූ නිවැරදි දවසේ පලාපල ඉදිරිපත් කිරීමට පලාපල.lk සමත් වෙයි.



Saturday, October 3, 2015

සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. රැතියාවේ වරප්‍රසාද හිමිකර ගනී. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. විදේශ හිතවතුන්ගෙන් ලාභ ප්‍රෙයා්ජන උරුමය. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ.  


සිංහ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව ශුභ ඵල ලැබෙන බව කිව හැකිය.  ප්‍රධාන ශුභයෙකු සහ යෝගකාරක කුජ ලග්නයේය. එඩිතර සාජු ක්‍රියාමාර්ග ගනිමින් තම ස්ථාවරත්වය රඳදා ගැනීමට සමත් වේ. ලග්නාදිපති රවි දෙවැන්නේ බැවින් දක්ෂ කථාව අන්‍යයන් ඉදිරියේ කැපී පෙනේ. අනුන්ගේ සිත් රිදවන කථාවට ඉඩ ඇති බැවින් එය පාලනය කර ගැනීමට අවශ්‍යෙව්. සිකුරු ලග්නයේ සිටීමත් කේතු අටවැන්නේ සිටීමත් රහසින් පෙම් කිරීමට හේතු වේ. ඥාණකාරකයෙකු වූ කේතු අට වැන්නේ සිටීම සහ මාරක සිකුරු ලග්නයේ සිටීම අධ්‍යාපන කටයුතුවල නිරත අයට ප්‍රභල බාධාවකි.

රැකියා ස්ථානය වූ දසවැන්නේ දොළොස් වැන්න අධිපති සඳු තැන්පත්ව ඇති බැවින් විදෙස් හෝ දුරබැහැර රැකියා මෙන්ම සංචාරක රැකියා දියුණුවට මග පෑදේ. නව රැකියා සහ විදෙස් රැකියා බලාපො‍ෙරොත්තු වූවන්ගේ එම අදහස් සහ කටයුතු සඵල වන බව පෙනේ. එසේම රැකියා ස්ථානාධිපති සිකුරු ලග්නයේ සිටිමින් රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් යම් ප්‍රගතියක් පෙන්නුම් කරයි.  නව අයෝජන මෙන්ම පවතින ව්‍යාපාරවල නව අංශවලට පුලුල් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිටින අයට මෙය සුදුසු කාලයකි. එසේම රැකියාවෙන් උපයන දෑ තැන්පත් ධනයක් ලෙස පවත්වාගෙන යෑමටත් ධනස්ථානයේ ස්ව උච්ච බුධ උපකාරී වනු ඇත.

අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නියෝජනය කරන ගුරු සහ කුජ ලග්නයේ සිටිමින් එම කලාප පෝෂණය කරන බැවින් අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපනය සාර්ථකත්වය සහ තරඟ විබාගාදී ජය තහවුරු කරනු ඇත. දැනුම බුද්ධිය වර්ධනය වන පොත පත පරිශීලනය උසස් බුද්ධිමත් අයගේ ඇසුර සහ ඔවුන් අනුව යමින් කරන කටයුතු ජීවිතයේ නොමැකෙන ජයග්‍රහණ කරා අනාගතය ඔසවා තැබීමට සමත් වේ.

සෙම් රෝග පෙණහලු අාශ්‍රිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 5
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - රතු, රෝස, තැඹිලි

Sunday, July 5, 2015

2015 ජූලි මාසය ඔබේ ලග්නයට කොහොමද?


2015 ජූලි මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?. 


ප්‍රථමව ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද යන්න විමසිය යුතුය. පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.

එය අනුව රවි සහ කුජ මිථුන රාශියේ ගමන් කරයි. බුධ වෘෂභ රාශියේද, සිකුරු සහ ගුරු කටක රාශියේද, ශනි වෘශ්චික රාශියේද, රාහු කන්‍යා රාශියේද, කේතු මීන රාශියේද ගමන් කරයි. ( ගෝචරය වෙයි. )

මාසය ආරම්භයේ මෙසේ වුවත් ජූලි 05 වෙනිදා බුධ මිථුන රාශි ගත වෙන අතර සිකුරු සිංහ රාශි ගත වෙයි. ජූලි 14 වෙනිදා ගුරු ද සිංහ රාශි ගත වීම මේ වසරේ සිදුවන වැදගත්ම ග්‍රහ මාරුවයි. ජූලි 17 වෙනිදා රවි මිථුනයට යන අතර 25 වෙනිදා සිකුරු වක්‍ර වෙයි. කුජ කටක රාශි ගත වෙනුයේ මේ මස අවසන් දින වන ජූලි 31 වැනිදාය.

ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් රාශියකි. අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.

පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ජූලි මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.

Saturday, July 4, 2015

කටක ලග්න පලාපල - ජූලි 2015


කටක

මාසයේ පළමු සති දෙකට වඩා අග සති දෙක සුවිශේෂී ජයග්‍රහණ උරුමය. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වේ. ඒවා සෙසු අය අතර ඇගයීමට ලක් වෙන අතර වරප්‍රසාද තනතුරු ලාභ සඳහාද භාග්‍යය ඇත.

මුල්‍ය සහ ආර්ථික තත්වය ක්‍රමයෙන් ස්ථාවර වේ. හදිසි ධන ලාභයක් ලැබීමේ භාග්‍යයද ඇත. ආර්ථික වාසි රැසක් සමග භූමි ලාභයකට උරුමකම් කියයි. මූල්‍ය සමාගම් සමග ගණුදෙනුවලින් විශේෂ වාසි හිමි වේ. මාසය අවසානයේදී මුදල් පාලනය ඉතා වැදගත් වේ.

රැකියාවේ ක්‍රමවත් දියුණුවක් දැකිය හැකිය. ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට ව්‍යාපාරවල දියුණුව දැකිය හැකිය. ස්වයංරැකියාවන්හි ලාභය ක්‍රමයෙන් වැඩි වේ. නව ව්‍යාපාර අවස්ථා පවතින අතර සතුරු කුමන්තුණද ඇති වාවිය හැකිය.

සාමාන්‍ය අධ්‍යාපනයට යම් බාධා ඇති වෙයි. ඒ සඳහා වැඩි උනන්දුවක් ගත යුතු මාසයකි.නමුත් විශේෂ වෘත්තීය අධ්‍යාපන ලබන අය දියුණු වෙයි. සාම්ප්‍රධායික රටාවෙන් වෙනත් මගක් ගත් නව අධ්‍යාපනික ධාරාවන්ට සිත ඇදී යයි. විදෙස් අධ්‍යාපනය බලාපොරොත්තු අයට තම අරමුණු ඉටු කර ගත හැක.

ගෘහ ජීවිතය සාමකාමී වෙයි. නිවෙස් අලංකරණයට ද සිත යොමු වේ. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා ලැබෙන මාසයකි. විවාහ ගිවිස ගැනීමට මෙන්ම අතිනත ගැනීමට ද බලාපොරොත්තු වන අයට අවසාන සති දෙක සුදුසුය. යුගදිවි ගෙවන්නන් අතර සතුට සමගිය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙස වීමට ද සිදු වෙයි

සෙම් රෝග, ඇඟ පතේ රුදාව, පපුවේ මහනසිය, හන්දිපත් ඉදිමුම යනාදියට ඉඩ ඇත

ජය වර්ණය සුදු, ක්‍රීම්
ජය අංක 1, 4, 8


Cancer monthly horoscope for July 2015

මේෂ ලග්න පලාපල - ජූලි 2015

මේෂ

තම එදිනෙදා කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව හිමිය. පවුලේ සෙසු අයගේ සහයෝගය නොමදව ලැබේ. දේපල සම්බන්ධ ආරවුල් පැන නැගීමට ඉඩ ඇත. ප්‍රශ්න දුරදිග යා නොදී ඉවසීම සහ තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කිරීමට අවශ්‍යයයි. යම් හෙයකින් නීතියෙන් පිහිටට ගියහොත් එය ඔබට අවාසිය.

විවිධ මාර්ග ඔස්සේ තමනට ලැබෙන ආදායම් තත්වය යහපත්ය. නමුත් ඒ හා සමානව වියදම් පක්ෂයද ඉහළ යන බැවින් එදිනෙදා කටයුතුවලට ණය වීමටද පුලුවන. හවුල් ව්‍යාපාර මෙන්ම ස්වයං රැකියා ද දියුණු වේ. නව ව්‍යාපාර සඳහා සිත යොමු වේ. රැකියාවල ගැටලුකාරී තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. ඒවා විසඳීමට ද කල් යයි. විදේශ රැකියා සඳහා සිත යොමු වේ.

අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ අයට යහපත් මාසයකි. තරඟ විභාගවලින් ඉහළින් සමත්වීමට අවශ්‍ය ග්‍රහ තත්වයක් පවතී. ක්‍රීඩා ක්ෂේත්‍රෙය් නියුතු වූවන්ය ජයග්‍රහණ හිමිය. වෘත්තීය අධ්‍යාපනය හදාරන අයගේ සැඟවුන දක්ෂතා ඉස්මතු කර පෙන්වයි.

තාරුණ වියේ අයට පෙම් සබඳතා ඇති වේ. විවාහක අයගේ යුගදිවි සැපත වර්ධනය වේ. අඹු සැමියන් අතර සහ දරුවන්ගේ හොඳ හිත ආදරය කරුණාව නොඅඩුව ලැබෙන මාසයකි. දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව මෙන්ම පවුලේ දියුණුව ඇති වේ.

රත්, පිත්, වාත සහ සෙම් රෝග ඇති විය හැකිය. බරපතල රෝගී තත්වයන් ඇති නොවේ.

ජය වර්ණය දම්
ජය අංක 2, 4, 5

Aries monthly horoscope for July 2015