රවි මිථුනයට.... බලවත් උභයචාරී යෝගයක්! ලග්න හතරකට විශේෂ ශුභඵල...
ග්‍රහ ලොවේ රජු හෙවත් බලවතා ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සැපත් විය. එබැවින් බලවත් ග්‍රහ යෝගයක් වූ උභයචාරී යෝගය උදා විය. දෙපසින් සැරිසරන යන අදහස ඇති මෙම යෝගය වෙශී වොශී උභයචාරී යෝගය ලෙසද හඳුන්වයි.සිකුරු සහ බ්‍රහස්පතී යන ග්‍රහයින් දෙදෙනා කටක රාශියේ සිටියදී, මෙතෙක් වෘෂභ රාශිගත රවි, බුධ, කුජ යන ග්‍රහයින් අතුරින් රවි ග්‍රහයා මිථුන රාශියට විත් බලවත් වූ ග්‍රහයන්ට මැදි වීමෙන් මෙම යෝගය සක්‍රීය විය. මෙම ශුභ කාලය 2015 ජූලි මස 5 වෙනිදා බුධ ග්‍රහයා මිථුන රාශියට සංක්‍රමණය වනතෙක්ම ක්‍රියාත්මකයි.
මේ අනුව මේෂ, මිථුන, සිංහ සහ ධනු ලග්න හිමියන්ට මෙම කාලයේදී විශේෂ ශුභඵල බලාපොරොත්තු විය හැකිය. එසේම මෙම කාලය තුල උපදින දරුවන්ටද උරුම වන මෙම යෝගයේ බල පරාක්‍රමය මගින් ඔවුනගේ අනාගතය දීප්තිමත් වනු ඇත.
මෙම වෙශී වොශී උභයචාරී යෝගය හේතුවෙන් පාන්ඩිත්ත්‍යයට, ධනයට, සෞභාග්‍යට කාරක බ්‍රහස්පතිගේ ගුණයත්, බුද්ධියට, ඥාණයට, අධ්‍යාපනයට කාරක බුධගේ ගුණයත්, ප්‍රීතියට, ආදරයට, සැපතට කාරක සිකුරුගේ ගුණයත් සංයෝග වී රවිගේ ශක්තිය කිහිප ගුණයකින් ඉහළ යනු ඇත.
මේෂ ලග්න හිමියන්ට තම වික්‍රමස්ථානයේදීත්, මිථුන ලග්න හිමියන්ට ලග්නයේදීත්, සිංහ ලග්න හිමියන්ට අයස්ථානයේදීත්, ධනු ලග්න හිමියන්ට කලත්‍රස්ථානය හෙවත් විවාහස්ථානයේදීත් මෙම යෝගය උදාවේ.
මෙමගින් ධනු ලග්න හිමියන්ට තවත් ශුභ යෝගයක් උදා වී ශුභඵල දෙතුන් ගුණයකින් තීර්ව වන ඇත. එසේ වෙන්නේ බුද, ගුරු, සිකුරු යන ශුභ ග්‍රහයන් තිදෙනා කේන්ද්‍රෙය් හය, හත, අට යන භාවයන් එකක, දෙකක, තුනේම කවාරාකාරයකින් හෝ සිටීම මගින් ලග්නාධියෝගය උදාවීමෙනි. මෙම ශුභ යෝගයද ධනු ලග්න හිමියන්ට උභයචාරී යෝගය පවතින තුරුම පවතී.
----------------
- මෙවන් යෝග සහ ප්‍රතිඵල කල් තියා දැන ගැනීමට "ඔබේ පලාපල ඔබම බලාගන්න" හෝ "ජන්ම පලාපල විස්තරාත්මකව" පලාපල.lk පැකේජයන් ලබා ගෙන ඇති අයට හැකියාව ඇත.
- කුජ මාරුව ගැන සහ එමගින් ඇතිවන බලපෑම් සහිතව ඔබේ ලග්න ප්‍රතිඵල ....... හෙට බලාපොරොත්තු වන්න.
1 comments :
KIRILL-KOKONG KIRILL - KIRILL-KONG KIRILL
KIRILL - KIRILL-KOKONG KIRILL - 우리카지노 KIRILL-KOKONG KIRILL - KIRILL-KOKONG KIRILL - KIRILL, KIRILL-KOKILL – KIRILL, KIRILL, KIRILL, KIRILL. kirill-kondrashin
Post a Comment