.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label උභයචාරී යෝග. Show all posts
Showing posts with label උභයචාරී යෝග. Show all posts

Tuesday, June 16, 2015

ජූනි 15 සිට ජූලි 5 දින දක්වා බලවත් ග්‍රහ යෝගයක් ක්‍රියාත්මකයි...

රවි මිථුනයට....    බලවත් උභයචාරී යෝගයක්!    ලග්න හතරකට විශේෂ ශුභඵල...

ග්‍රහ ලොවේ රජු හෙවත් බලවතා ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සැපත් විය. එබැවින් බලවත් ග්‍රහ යෝගයක් වූ උභයචාරී යෝගය උදා විය. දෙපසින් සැරිසරන යන අදහස ඇති මෙම යෝගය වෙශී වොශී උභයචාරී යෝගය ලෙසද හඳුන්වයි.

සිකුරු සහ බ්‍රහස්පතී යන ග්‍රහයින් දෙදෙනා කටක රාශියේ සිටියදී, මෙතෙක් වෘෂභ රාශිගත රවි, බුධ, කුජ යන ග්‍රහයින් අතුරින් රවි ග්‍රහයා මිථුන රාශියට විත් බලවත් වූ ග්‍රහයන්ට මැදි වීමෙන් මෙම යෝගය සක්‍රීය විය. මෙම ශුභ කාලය 2015 ජූලි මස 5 වෙනිදා බුධ ග්‍රහයා මිථුන රාශියට සංක්‍රමණය වනතෙක්ම ක්‍රියාත්මකයි.

මේ අනුව මේෂ, මිථුන, සිංහ සහ ධනු ලග්න හිමියන්ට මෙම කාලයේදී විශේෂ ශුභඵල බලාපොරොත්තු විය හැකිය. එසේම මෙම කාලය තුල උපදින දරුවන්ටද උරුම වන මෙම යෝගයේ බල පරාක්‍රමය මගින් ඔවුනගේ අනාගතය දීප්තිමත් වනු ඇත.

මෙම වෙශී වොශී උභයචාරී යෝගය හේතුවෙන් පාන්ඩිත්ත්‍යයට, ධනයට, සෞභාග්‍යට කාරක බ්‍රහස්පතිගේ ගුණයත්, බුද්ධියට, ඥාණයට, අධ්‍යාපනයට කාරක බුධගේ ගුණයත්, ප්‍රීතියට, ආදරයට, සැපතට කාරක සිකුරුගේ ගුණයත් සංයෝග වී රවිගේ ශක්තිය කිහිප ගුණයකින් ඉහළ යනු ඇත.

මේෂ ලග්න හිමියන්ට තම වික්‍රමස්ථානයේදීත්, මිථුන ලග්න හිමියන්ට ලග්නයේදීත්, සිංහ ලග්න හිමියන්ට අයස්ථානයේදීත්, ධනු ලග්න හිමියන්ට කලත්‍රස්ථානය හෙවත් විවාහස්ථානයේදීත් මෙම යෝගය උදාවේ.

මෙමගින් ධනු ලග්න හිමියන්ට තවත් ශුභ යෝගයක් උදා වී ශුභඵල දෙතුන් ගුණයකින් තීර්ව වන ඇත. එසේ වෙන්නේ බුද, ගුරු, සිකුරු යන ශුභ ග්‍රහයන් තිදෙනා කේන්ද්‍රෙය් හය, හත, අට යන භාවයන් එකක, දෙකක, තුනේම කවාරාකාරයකින් හෝ සිටීම මගින් ලග්නාධියෝගය උදාවීමෙනි. මෙම ශුභ යෝගයද ධනු ලග්න හිමියන්ට උභයචාරී යෝගය පවතින තුරුම පවතී.

----------------