.

Thursday, July 1, 2021

මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මකර ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති ශනි ලග්නයේ ස්වක්ෂේත්‍රයි - ඉතාමත් යහපත් උත්සාහවන්ත වේ. කුජ සිකුරු සංයෝගය 7 - විවාහ ගැටලු.  බුධ රාහු 5 ත්‍රිකෝණ බලයෙනි - තාක්ෂණික අධ්‍යාපනයට හොඳයි දරුවන්ට අපලයි. රවි 6 - සමතුරන් මර්ධනය වේ. රාහු 5 - අසුභයි. කේතු 11 - සුභයි රැකියා යහපත්. චර රාහියකි 11 බාධකයි.)

පොදු

මාසය පුරාවට තිබෙන ග්‍රහචාරය අනුව යහපත් සහ අයහපත් යන කරුණු යෙදී ඇති අතර ධෛර්යය සහ ශක්තිය මත මාසය පුරාවටම සතුටින් උත්සාහ ගත යුතුය.  මාසයේ අග සති දෙක අශුභ තත්වයක් උද්ගත වුවද ග්‍රහචාරය කලින් දැන ගැනීමේ වාසිය අවභෝධය ඉවසීම මගින් තම දියුණුව  කරා ගොඩ නැගීමට උත්සුක වන්න. අවසාන සති දෙක තුල ඇති වන මානසික නොසන්සුන්තාවය මග හැර ගැනීමට සිත සතුටු වන අභ්‍යාසවල යෙදෙන්න. මෙම මාසය මකර ලග්න හිමි ඔබට තරමටක් අසුභ පල කාලයක් වුවත් ඔබගේ උත්සාහයට හොඳ වටිනාකමක් තිබෙන කාලයකි. ඔබගේ ආත්මාර්ථකාමී ගති උත්සන්න වෙන කාලයකි. උපතේදී ශනි සුභ ග්‍රයන්ට පෙනීම සහ හොඳ තැනක සිටීනම් ඉතා සුභයි.


ධනය

මාසයේ මුල් සති දෙක තුල සහ අග සති දෙක තුල ආදායම් තත්වයේ පැහැදිලි වෙනසක් ඇති වෙන නිසා අනවශ්‍ය වියදම් පාලනය කරමින් අවශ්‍ය දේට පමණක් වියදම් කරන්න. ඒවිට  ලැබෙන ආදායම් සකසුරුවම් කර ගැනීමට සහ ආදායම් වියදම් සමබර කර ගත හැකි වේ. ‌ණය වීමට හෝ ණය දීමට සුදුසු නැත.


රැකියාව

මාසයේ පළමු සති දෙකට වඩා කාර්යය බහුල තත්වයක් අවසාන සතිවල ගොඩ නැගේ. ව්‍යාපාරවල නියුතු අයට වැඩියෙන් මහන්සි වී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට සිදු වේ. පවතින රැකියා කොතරම් අපහසු වූවත් අල්ලා ගෙන සිටීම වැදගත් වේ. කෙසේ වෙතත් අනුන් ගැන නොසිතා තමන් ගැන පමණක් සිතමින් කෙසේ හෝ ජය අපේක්ෂා කරන මෙම කාලය ලෞකික සුභ සිද්ධියට යහපත් නමුත් අන් අය ගැන නොසිතා හෝ හිතා මතාම හිත් රිදවීමෙන් වළකින්න. ඉතා හෙමින් ආදායම් ලැබේ. ඇසුරු කරන්නන්ගේ විරුද්ධ මත සහ රහස් සතුරු කරදර ඔබට ඒරෙහිව රැකියා ස්ථානයේ ඇති වෙන අතර ඉවසීමෙන් හා උත්සාහයෙන් අන් අය අතර හොඳ හිත දිනා ගත හැකිවේ. විදේශ රැකියා අපේක්ෂා කරන අයට මෙන්ම දැනටමත් විදේශයන්හි රැකියා කරන අයට සුභයි.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට කරන අයටද යහපත් මානසිකත්වයක් නැත. අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට තම දරුවන්ගේ මුරන්ඩු කම නිසා ආඩම්බර විය නොහැකිය. නමුත්ඔවුන් සමග පෙරටත් වඩා මිත්‍ර වීමෙන් සහ ආදරයෙන් කරුනු අවභෝධ කර දීමෙන් තත්වය පාලනය වේ. වෘත්තීය අධ්‍යාපයේ නියැලෙන දරුවන් තම දක්ෂතා මගින් ඉහළට යන අතර දීප්තිමත් අනාගතයකටද අත්තිවාරම දමා ගනී. පරිගණක ආශ්‍රිත රැකියා අරමුණින් කරන අ්‍ධ්‍යාපනික අංශයේ දක්සතා පෙන්විය හැකිය. සැඟවුනු කුසලතාවයන් ඉස්මතු වීමට පටන් ගනී. ඒ් සඳහා සැළකිය යුතු කාලයක් මිඩංගු කිරීමෙන් හා උත්සාහවන්ත වීමෙන් ලබන ජයග්‍රහණ ජීවිතයේ හැමදාටම ඉතා ප්‍රයෝජනවත් ආදායම් සරු කරන මාර්ගයක් වෙනු නියතය.



ගෘහ ජීවිතය

පෙම් සබඳතාවයන් බිඳ වැටීමට පුලුවන්. චරිතයට හානි වීමට වැඩි ඉඩක් තිබේ. විවාහ ගිවිස ගැනීමට සුදුසු නොවන අතර ඒවා කල් දැමීම හොඳයි. යුග දිවිය ගත කරන අයට පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට ඉවසීමෙන් හා අවභෝධයෙන්කි යුතුව කටයුතු කිරීමට සිදු වේ. දරුවන් තරමක් මුරන්ඩු ස්වභාවයෙන් හැසිරීම ගැන ඉවසීමෙන් හා හොඳ නරක කියා දීමෙන් අවනත කර ගත යුතුය. ගෙදර දොර බාහිර අලංකරණයට මෙන්ම භූමිය සැකසීමට හිතයොමු කිරීම සහ වගා කටයුතුවල නිරත වීමට මෙය ‌සුදුසු කාලයකි. මෙම අයහපත් තත්වය මදක් සමනය වන තෙක් ඉවසීම සහ ඒදිනෙදා ආගමික කටයුතුවල නිරත වීම හොඳ මානසික අස්වැසිල්ලකි. 


සෙෘඛ්‍යය

ආමාශ ආශ්‍රිත රෝග හා අර්ශස් රෝග ඇති වීමටහා උත්සන්න වීමට පුලුවන. දැනටමත් ප්‍රතිකාර ගන්නා යම් රෝගී තත්වයක් වේ නම් ඒවාට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය වේ.






0 comments :

Post a Comment