.

Thursday, July 1, 2021

වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

වෘශ්චික ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති කුජ සමග සිකුරු 9 වැන්නේ -  බාධා. කුජ නීචයි, සිකුරු සතුරුයි. බුධ රාහු සමග 7 වැන්නේ - සුභ අසුභ.  ශනි 3 - ස්වක්ෂේත්‍රයි-කුසලතා.  ගුරු 4 - සුභයි. රවි 8 - අසුබයි. බුධ සහ ගුරු කේන්ද්‍රගතයි - බලවත්. වෘශ්චික තිර රාශි 9 බාධකයි)

පොදු

බැලූ බැල්මට ඔබගේ ‌මේ මාසයේ ග්‍රහචාරය ‌බලවත් බව පෙනුනත් ඇත්තෙන්ම මෙම මාසය ඔබට මිශ්‍රපලයි. බාධක රැසක් සහ ජයග්‍රහණ රැසක් බුක්ති විඳීමට ලැබේ. මාසයේ මැද වන තුරු පවතින බාධා මාසයේ අග දෙසතියේ ඉවත් වේ. ආරම්භයේ මානසික අසහනය හිතේ නොසන්සුන්තාවය නිසා පීඩාවට පත් වේ. මාසයේ අවසාන සති දෙක වන විට මේ තත්වය පහව ගොස් කරන කියන කටයුතු සපල වීම නිසා සිතේ සතුට ඇතිවේ. රාහු කේතු සහ සෙනසුරු මහ දසා අතුරු දසා ගත කරන අයට අයහපත් තත්වය බලවත් වන නිසා ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතට සහනයක් ලැබේ.


ධනය

ආදායම සහ ධනය රැස් කිරීමේ වාසනාවනම් තිබෙන්නේ මාසයේ පළමු දෙසතිය තුලය. මේ කාලය තුල තැන්පත් ධනයත් තිබේනම් එය හානි නොවේ. ඉන් පසුව ආදායම් තත්වය යහපත්ය. අවසාන සති දෙකද බලවත් ආර්ථික දුෂ්කරතා ඇති නොවන නිසා සකසුරුවම් ලෙස ලැබෙන ආදායම් පරිහරනය කරන්නේ නම් තැන්පත් ධනය වර්ධනය කර ගත හැකිය.


රැකියාව

මාසයේ මුල් දෙසතිය රැකියා හා ව්‍යාපාර ස්ථානවල කරදර ප්‍රශ්න සහ රහස් සතුරු කරදර ඇති විය හැකි නිසා ඉවසීමෙන් සහ වැඩි උනන්දුවකින් රැකියා හා ව්‍යාපාරවල නියෙලෙන්න.  ඉන් පසුව ලබන සුභ කාලය රැකියා හා ව්‍යාපාරවල දියුණුවක් දක්නට ලැබේ. උනන්දුව උත්සාහය කැපකිරීම උපරිමයෙන්ම කළහොත් ඉදිරියේදී ගෙවන්නට සිදුවන අයහපත් කාලයේ හිත හදා ගත හැකිය. උපතේදී රාහු බලවත්ව සිටින අයට විදේශ රැකියා සඳහා උනන්දු අයට යහපත් වේ. ඒසේම විදේශ වෙළඳපොල ඉලක්ක කරමින් සේවා සපයන හා භාන්ඩ අලෙවි කරන තරුණ ව්‍යවසායකයන්ගේ ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ. එපමණක් නොව විදේශයන්හි සේවය කරන වෘශ්චික ලග්න හිමියන්ටත් සුභයි. මොනතරම් දුෂ්කර භාධක මධ්‍යයේ වුවද ඔවුනට හොඳ ආදායමක් ලැබේ.


අධ්‍යාපනය

අධ්‍යාපනයට බාධා ඇති නොවන ග්‍රහචාරයක් බව සිතෙහි තබා ගෙන ඒ වෙනුවෙන් වැඩි පුර කැප කිරීම් කළහොත් අනාගතයේදී ජයග්‍රහණ රැසක් භුක්ති විඳිය හැක. ඔබේ කැප කිරීම් ගැන දෙමව්පියන්ද ආඩම්බරයට සහ සතුටට පත් වේ. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන්ටද තම දරුවන් කෙරේ සතුටු විය හැකි කාලයකි. 


ගෘහ ජීවිතය

ඔබගේ මව වෙනුවෙන් ඔබට වියදම් කිරීමට ඇති හැකියාව නිසා  සතුටට පත්වේ. ඒසේම ඔබගේ අනාගතයට සහ සියලු කටයුතු සාර්ථකත්වයට එතුමියගේ ආශීර්වාදය ලැබේ. යුග දිවි ගත කරන අයගේ තත්වයනම් ටිකක් යහපත් නොවේ. සහකරුවන් සහකාරියන් අතර සුලු මත ගැටුම් ඇති වේ. ඒවාට ඉවසීමෙන් මුහුන ‌දීමෙන් සුහදතාවයන් පලුදුනොවී සිටිය හැකිය. නිශ්චල සහ චංචල දේපල ලැබීම් සහ නිවාස නවිකරණයට හා අලංකරණයට මෙම කාලය හොඳයි. ප්‍රේම සබඳතා බාධා ඇති වීමට විවාහ කටයුතු සඳහා බාධාවීම් සහ කල් ගතවීම් ඇතිවේ. උපතේදී රාහු බලවත්ව සිටින හා සෙනසුරු සුභ ස්ථානයක හෝ සිකුරුගේ හෝ ගුරුගේ දෘෂ්ඨි ලදොත් මේ අපල තත්වය බිඳේ.


සෞඛ්‍යය

තදබල සෞඛ්‍යය ගැටලු ඇති නොවන අතර නිදන්ගත රෝග ඇති අය සුපුරුදු ලෙස ඖෂධ සහ වෛද්‍ය උපදෙස් අනුගමනය කල යුතුය.





0 comments :

Post a Comment