.

Thursday, July 1, 2021

මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මීන ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති ගුරු 12  - අශුභයි. කුජ සිකුරු සංයෝගය 5 වැන්නේ කුජ නීචයි -, සිකුරු සතුරුයි - හදිසි අනතුරු කරදර බාධක.   බුධ රාහු - සහෝදර ස්ථානය වූ 3 වැන්නේ සංයෝගය - හොඳයි. ශනි 11 ස්වක්ෂේත්‍රයි- මහන්සි වී ආදායම්. මීන උභය රාශියක් නිසා 7 බාධකයි.) 

පොදු

මාසය ආරම්භයේ මානසික තත්වය ව්‍යාකූල වේ. ඒම ග්‍රහචාරය අවසාන සති දෙක තුල වෙනස් වීමෙන් තරමක හොඳ මානසිකත්වයක් ඇති වේ. වෙහෙසකර ගති නිසා හිතට අතෘප්තිකර ගති මතු වුවත් හිත කලබල කර ගැනීමෙන් වළකින්න. තනි තීරණ සහ ඉක්මන් කෝපය පාලනය කර ගන්න. උපතේදී සෙනසුරු සුභ ස්ථානයක සිටීම සහ සුභයන්ට පෙනීම වැනි  යහපත් ග්‍රහචාරයක් තිබුනේනම් කාර්යබහුලත්වය තුල වුවත් යහපත් මානසික තත්වයක් පවත්වා ගෙන යාමට ඒය හේතු වෙයි. රාහු 3 වන භාවයේ බලවත් වීම නිසා වස්තුව ලැබීමට හැකියාවන් ප්‍රකට වීමට සහ අරිටු යෝග භංග වීමට හේතුවක් වන බවත් සිතට ගෙන උනන්දුවෙන් හා උත්සාහයෙන් තම එදිනෙදා කටයුතුවල නිරත වීමෙන් බොහෝ අපහසුතා ජය ගත හැකිය.


ධනය

ආදායම් ලැබීමටත් ඉතිරි කර ගැනීමටත් ටිකක් අපහසු වන මේ කාලයේ කළමණාකරණය කර ගතහොත් මාසය පුරාවටම ආර්ථිකය පවත්වාගෙන යා හැකියි.


රැකියාව

රැකියා ස්ථානයේ ගැටලු සහ විවිධ දුෂ්කරතා ඇති වීමට ඉඩ ඇත. රැකියාවේ කාර්යය බහුලත්වය හේතුවෙන් මානසික පිඩාකාරී බව සහ ගතට කිසියම් විඩාවක් ගෙන දෙන කාලයකි. එසේම මෙම කාලය තුල රැකියා ව්‍යාපාර සඳහා මහන්සි වීමට සිදු වේ. මෙම තත්වය තේරුම් ගනිමින් රැකියව සඳහා වැඩි උත්සාහයක් දැරිය යුතු වේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ද මෙම ග්‍රහචාරය තුල ඉහත තත්වයම බලපාන බව සිතට ගන්න. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් වෙනස් වීමට නියමිතයි. උපතේදී ගුරු හොඳ ස්ථානයක සිටීම මෙම අපලකාරී තත්වයන් මදක් සමනය කර ගැනීමට හේතු වෙයි.

 

අධ්‍යාපනය

පළමු දෙසතියෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා යහපත් මානසිකත්වයක් ඇති වේ. බුද්ධිය මෙහෙයවීමට සුදසු පරිසරයක් ඉහළ දියුණුවක් සහ ජය හිමිවේ. එම කාලයේදී අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට තම දරුවන්ගේ දක්ෂතා නිසා ආඩම්බර විය හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත වෙන අයටනම් ඒ සඳහා වැඩි කැප කිරීමක් කළ යුතුය.



ගෘහ ජීවිතය

නොගැලපෙන පෙම් සබඳතාවයන් ඇතිවේ. හදීසියේ ඇති වන ප්‍රේම සම්බන්ධතා, විවාහ යෝජනා ස්ථිර කර ගැනීම් හෝ හදීසි විවාහ ගිවිස ගැනීම් මේ කාලයේ සිදු වීමට ඉඩ තිබේ. තම චරිතයට හානි ආත්ම ගරුත්වයට හානි ගෑනු ළමයෙක්නම් විශේෂයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමට සහ තීරණ ගැනීම වැදගත්. දෙමව්පියන්ගෙන් බලපෑම් වැඩි වේ. මවු පිය නෑදෑයන් අතර හොඳහිත පළුදු විමට හේතු යෙදේ. ගෙදර වාසය කිරීම හිතට අසහනකාරී බවක් ගෙන දේ. දුර බැහැර හෝ විදෙස් රටක වාසයට හිත දේ. පදිංචිය වෙනස් කිරීමට සිතන අයගේ අදහස් සපල වේ. ගැටලු සහ බාධක මැද වුවත් යුග දිවිය ගත කරන අයට පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.  දරුවන්ට තරමක් අපලයි අනතුරු අසනීප ඇති වීමට ඉඩ තිබේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර උනනන්දුව යෙදිය යුතුය. 


සෙෘඛ්‍යය

හදිසී ගමන් බිමන්වලදී අනතුරු ඇතිවිය හැකි නිසා පරිස්සම් වෙන්න. ශරීරයේ ලේ විස වීම්වලට ඉඩ ඇත. අධි රුධිර පීඩනය කෙලෙස්ටිරොල් ආරතරයිටීස් ඇති අයට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය වේ.






0 comments :

Post a Comment