.

Thursday, July 1, 2021

මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මිථුන ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති බුධ රාහු සමග 12 වැන්නේ - අසුභයි. කුජ සමග සිකුරු 2 වැන්නේ -  අසුභයි. කුජ නීචයි, සිකුරු සතුරුයි. ශනි 8 - අසුභයි. රැකියාව සුභයි. ගුරු 9 - සුභයි. රවි 1. මිථුන උභය රාශි 7 බාධකයි)

පොදු

මාසය ආරම්භයේ මානසික අසහනය හිතේ නොසන්සුන්තාවය නිසා පීඩාවට පත් වේ. මාසයේ අවසාන සතිය වන තෙක් මේ තත්වය පවතින නිසා සිත සන්සුන් වන අභ්‍යාසවල නිරත වීම යහපත්. විටින් විට ඇතිවන විවිධ කරදර බාධක නිසා සිත කළබලයට පත් වීම උත්සාහයෙන් මග හරවා ගන්න. කළකිරීම් හා බාධක හමුවේ ක්ෂණික තීරණ මෙන්ම දැඩි තීරණ ගැනීමද නුසුදුසුයි. සෙනසුරු මහ දසා අතුරු දසා ගත කරන අයට තත්වය තව දුරටත් බලවත් වන නිසා ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතට සහනයක් ගන්න.


ධනය

විවිධ ආකාරයේ වංචනිකයන්ට හසු වීමට තිබෙන ඉඩ කඩ වැඩි නිසා යම් මුදලක් වියදම් කරන්නේනම් බොහොම සැළකිල්ක් දැක්විය යුතු කාලයකි. මේවායින් බේරීමට එවන් වියදම් කල් දැමීම ඉතාම හොඳ ක්‍රමයති. නැතිහොත් තැන්පත් ධනයක් තිබේනම් එය වියදම් වීමට සහ නිකරුනේ නාස්ති වීමට ඉඩ තිබේ. ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා මුදල් ආයෝනයට නුසුදුසුය.


රැකියාව

රැකියා ස්ථානවල කරදර ප්‍රශ්න සහ රහස් සතුරු කරදර ඇති විය හැකි නිසා ළඟින් සිටින අය කෙරෙහිද වැඩි අවධානයකින් පසු විය යුතු කාලයකි. මන්දෝත්සාහී ගතිය වැඩ අධික වීම කළකිරීම් නිදි මැරීම ආදී නොයෙකුත් ගැටලු ඇති වීමට බොහෝ ඉඩක් පවතින ග්‍රහචාරයක් බව සිතට ගන්න. අනවශ්‍ය වගකීම් භාර ගැනීමෙන් වළකින්න. තමන්ට පැවරී ඇති කාර්යයන් පමණක් කෙසේ හෝ උනන්දුවෙන් උත්සාහයෙන් නිවැරදිව කරන්න. දුර බැහැර ගමන්වලින් ලාභ තිබෙන කාලයක් නිසා ඇවිදිමින් හා දුර බැහැර භාණ්ඩ බෙදා හරින ව්‍යාපාරිකයන්ගේ කටයුතු සාර්ථක වේ.  විදේශ රැකියාවන් බලාපොරොත්තු වන අය ඒ ගැන උනන්දුවීමට මෙය හොඳ කාලයක් වුවත් එක්වරම මුදල් ගෙවීම්වවලින් වළකින්න.  විදේශ ගතවීම්වලටද වාසනාව ඇත.  විදේශ රැකියාවල නියුතු අයගේ තත්වය යහපත් වේ.


අධ්‍යාපනය

අධ්‍යාපනයට බාධා ඇති කරන ග්‍රහචාරයක් බව සිතෙහි තබා ගෙන ඒ වෙනුවෙන් වැඩි පුර වෙහෙස වෙන්න. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන් දරුවන් කෙරේ වැඩි සැළකිල්ලක් දැක්විය යුතු කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයෙන් සිටිය යුතුය. ඒනමුත් දරුවන්ට නීති පැනවීම හෝ දඬුවම් දීම් නොකළ යුතුය.


ගෘහ ජීවිතය

දැනටමත් ප්‍රේම සම්බන්ධතා නොමැති තරුණ තරුණියන් ඒ ගැන සිතන එක කල් දැමිය යුතු කාලයකි. ප්‍රේම සබඳතා ඇති අය අතර විස්වාසය පලුදු වීමට හා ඒවා නතර කිරීමට හේතු ඇති විය හැකි කාලයකි. විවාහ කටයුතු සඳහා බාධාවීම් සහ කල් ගතවීම් ඇතිවේ. කොහොමටවත් විවාහ පිළිබඳ තීරණ ගැනීමට මේ කාලය සුදුසු නැත.    විවාහකයන් අතරද ප්‍රශ්න කරදර ඇතිවිය හැකි කාලයක් නිසා බොහොම ඉවසීමෙන් ක්‍රියා කල යුතුය. සිත් රිදවීම් ඇති වුන වහාම කිසිම වචනයක් ප්‍රකාශ නොකර නිශ්ශබ්දව සිටීම හොඳම විසඳුමකි. පදිංචිය වෙනසක් බලාපොරොත්තුව සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. සිකුරුගේ මහ දසා අතුරු දසා ගත කරන අයට යම් සහනයක් ඇති වුවත් සෙනසුරුගේ මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට අපල ගෙන දේ. උලතේදී සෙනසුරු සුභ ස්ථානයක හෝ සිකුරුගේ හෝ ගුරුගේ දෘෂ්ඨි ලදොත් මේ අපල තත්වය බිඳේ.

සෞඛ්‍යය

ඇස් ආබාධ, සෙම් අමාරු, හිසේ අමාරු ඇති විය හැකිය. උදරයේ කැක්කුම් සහ පහසුවෙන් සොයා ගත නොහැකි අසනීප තත්වයන්ද ඇති විය හැකි නීසා ආහාර පාන ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කල යුතුයි.




0 comments :

Post a Comment