.

Thursday, July 1, 2021

වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

වෘෂභ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති සිකුරු සමග කුජ 3 වැන්නේ. කුජ නීචයි, සිකුරු සතුරුයි. සුභයි. බුධ රාහු ලග්නයේ - හොඳයි. ගුරු 10 කේන්ද්‍රගතයි ආදායම් දියුණුව. රවි 2 තැන්පත් ධනය. ශනි 9 ස්වක්ෂේත්‍රයි. තිර රාශි 9 බාධකයි.)

පොදු

මාසය ආරම්භයේ සිටම සිතට යම් සහනයක් දැනේවි. වැඩ රාජකාරි බහුල වුවත් විඩාවක් නොමැතිව ඒ්වායෙහි නිරත වීමට හැකියාව ඇති වේ.  පළමු සති දෙකෙන් පසුව තත්වය තව තවත් යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වී ඇසුරු කරන්නන් අතරත් කැපී පෙනෙයි. මේ තත්වය තේරුම් ගෙන තම කටයුතුවල නිරත වූවොත් ඔබට සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ. දේශපාලන සහ සමාජ කටයුතුවල නිරත අයට සහ රජයේ උසස් තනතුරු හොබවන අයගේ කීම් සමාජය පිළි ගන්නා කාළයකි. ඒහෙත් චරිතය හා පෞර්ශත්වය පිරිසිදුව තබා ගැනීමට නිබඳව උනන්දු විය යුතුය.


ධනය

රැකියාවලින් සහ ව්‍යාපාරවලින් ලැබෙන අදායම් තත්වය හොඳයි. තැන්පත් ධනයක් ඇති කර ගැනීමටත් පුලුවන් කාලයකි.  කතාවෙහි දක්ෂකම මෙන්ම යහපත් චරිතයක් හා පෞර්ශත්වයක් ගොඩ නගා ගෙන තිබෙන ගුරුවරුන්ට මෙය ආදායම් ගලා එන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ ලැබේ. 


රැකියාව

රැකියාවල නියුතු අයට උසස් වීම් හා වගකීම් පැවරෙනවා. ව්‍යාපාර හා ස්වයං රැකියාවන්හි නියුතු අයටද ප්‍රථිපල සහ ආදායම් ලැබේ. හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ලෙන යා හැකිය. ප්‍රකාශන අංශයේ ව්‍යාපාර කරන අය ජනප්‍රිය වීමට සහ දියුණුවට පත් වෙන සුභ ග්‍රහචාරයකි. ඒහෙත් වගා කටයුතුවල නියැලෙන අයට විවිධ බාහිර ගැටලු නිසා ඒ්වා නිසියාකාරව කිරීමට නොහැකි වීමෙන් අලාභ හා වගා පාලු වීමට ඉඩ තිබෙන නිසා ඒ්වා පිළිබඳව වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ගුරු රාහු මහ දසා අතුරු දසා ගත කරන අයට රැකියාවේ අපහසුතා අස්ථාන ‌චෝදනා රැකියා වෙනස් වීම් ආදී ගැටලු ඇති වීමට පුලුවන් නිසා ඒ්වාට හේතු වන දේවලින් වැළකීම යහපත්.  


අධ්‍යාපනය

අධ්‍යාපනය ලබන වයසේ පසුවන අයට හොඳයි. ඉගෙන ගන්නා වයසේ දරුවන් සිටින දෙමාපියන්ගේගේද අරමුණු ඉටුවේ. විශේෂයෙන්ම ග්‍රථ කටයුතුවල නිරතවන අයට මෙතෙක් අත පසු වෙමින් තිබූ අත් පිටපත් ප්‍රකාශනය කිරීමට උනන්දු වුවහොත් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට පුලුවන් කම ලැබෙනවා.


ගෘහ ජීවිතය

විරුද්ධ පාර්ශවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙන කාලයකි. තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන, ප්‍රේම සම්බන්ධතා සහ විවාහ අපේක්ෂකයන්ට ඒ්වා ස්ථිර වීමට සුභ කාලයකි. විවාහක අයගේ අතර ආදරය සමගිය වර්ධනය වෙන හා ගෘහ ජීවිතය යහපත්. දරුවන් බලාපොරොත්තුව  සිටින විවාහකයන්ට මෙය හොඳ කාලයකි. ගේ දොර නවීකරණයට හා අලංකරණයට වැඩි කාලයක් ගත කරමින් සතුටු වීමටද හැකියාව ඇත.


සෞඛ්‍යය

පීනස හා සෙම් රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකිය. ඇදුම හතිය පපුව ආශ්‍රිත රෝග තිබෙන අය අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.




0 comments :

Post a Comment