.

Thursday, July 1, 2021

කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කුම්භ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති ශනි 12 - ස්වක්ෂේත්‍රයි. සිකුරු කුජ  සමග සංයෝගය 6 - බාධක ජය ගනී. ගුරු ලග්නයේ කේනද්‍රගතයි - සුභයි. රවි 5 - උත්සාහය. රාහු 4 කේතු 10 - ගමෙන් පිට. තිර රාශිි නිසා 9 බාධකයි.)

පොදු

ජිවිතය සම්බන්ධව මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අවසාන සති දෙක තුල නොමැති වීම නිසා මානසික තෘප්තිය අඩු වේ. හිතට අතෘප්තිකර ගති මතු වුවත් හිත කලබල කර ගැනීමෙන් වළකින්න. යහපත් ධෛර්යය සහ ශක්තිය මත ආර්ධිත තත්වය මාසය පුරාවටම ඒකාකාරීව තබා ගත හැක. ආත්මාර්ථකාමී හැඟීම් ඇති වෙන අතර අන් අය ගැන නොසිතා ලෞකික දියුණුව වෙනුවෙන් සිත වෙහෙසෙන ගතියක් දැනේවි. තනි තීරණ සහ ඉක්මන් කෝපය පාලනය කර ගන්න. මාසයේ මුල් සති දෙකෙන් පසුව සිතට යම් සහනයක් ලැබෙනු ඇත. උපතේදී සෙනසුරු සුභ ස්ථානයක සිටීම සහ සුභයන්ට පෙනීම යහපත් මානසික තත්වයකට හේතු පාදක වෙයි.


ධනය

ආදායම් ලැබීමටත් ඉතිරි කර ගැනීමටත් තැන්පත් ධනයක් ඇතිකර ගැනීමටත් සුදුසු කාලයක් බව කිව හැකිය. කළමණාකරණය කර ගතහොත් මාසය පුරාවටම ආර්ථිකය සමබර කර ගත හැකිය.


රැකියාව

රැකියා ස්ථානයේ ගැටලු සහ ඊට සම්බන්ධව විවිධ බාධා ගෙන දීමට ඉඩ ඇත. විශේෂයෙන්ම නොකල වැරදිවලට චෝදනාවන් ලැබීමටද ඉඩ තිබේ. රැකියාවේ ඒකාකාරී බව නිසා උනන්දුව උත්සාහය අඩු වේ. මානසික පිඩාකාරී බව ගතට කිසියම් විඩාවක් ගෙන දෙන කාලයකි. මෙම තත්වය තේරුම් ගනිමින් රැකියව සඳහා වැඩි උත්සාහයක් දැරිය යුතු වේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ද මෙම ග්‍රහඡාරය තුල ඉහතතත්වයන් බලපාන බව සහ ඊට අදාල පිලියම් යෙදිය යුතු බව සිතට ගන්න. වාසිදායක තත්වයක් අපේක්ෂා කල හැකිය. ඇසුරු කරන්නන් අතර හොඳ හිත දිනා ගනී. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් වෙනස් වීමට නියමිතයි. රැකියා සහ ව්‍යාපාර ‌ක්ෂේත්‍රයේ අවුල් වියවුල් ඇති වේ. තත්වය පාලනය කිරීමට ඒ් සඳහා වැඩි උත්සාහයක්දැරීමට සිදු වේ.

 

අධ්‍යාපනය

පළමු දෙසතියෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා යහපත් මානසිකත්වයක් ඇති වේ. බුද්ධිය මෙහෙයවීමට සුදසු පරිසරයක් ඉහළ දියුණුවක් සහ ජය හිමිවේ. අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට තම දරුවන්ගේ දක්ෂතා නිසා ආඩම්බර විය හැකිය. 



ගෘහ ජීවිතය

නොගැලපෙන පෙම් සබඳතාවයන් ඇතිවේ. ඇසුරු කරන්නන්ගෙන් දුරස් වීමටද ඉඩ ඇත. මාසයේ මැද භාගයෙන් පසුව යහපත් පෙම් සබඳතාවයන් ඇති වෙන අතර විවාහ ගිවිස ගැනීමට සුදුසු අය දෙපාර්ශවයටම හමු වේ. ගැටලු සහ බාධක මැද වුවත් යුග දිවිය ගත කරන අයට පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර උනනන්දුව යෙදේ. නමුත් මෙතෙක් විවාහ නොවුන තනිකඩයන්ට ගෙදර වාසය කිරීම අසහනකාරීයි. දුර බැහැර හෝ විදෙස් රටක වාසයට හිත දේ. පදිංචිය වෙනස් වේ. හදිසී ගමන් බිමන්වලදී අනතුරු ඇතිවිය හැකි නිසා පරිස්සම් වෙන්න. දෙමව්පියන්ට අපලයි. මෙම කාලය දෙමව්පියන්ට යම් කරදර අසනීප හිතේ අසහනය දුරලීමට ඔබගේ සහාය අවශ්‍යය වේ. 


සෙෘඛ්‍යය

ශරීරයේ ලේ විස වීම් සහ ලේ ගලා යන අනතුරුවලට ලක්විය හැකි නිසා පරිස්සම් විය යුතුය. දැනටමත් ප්‍රතිකාර ගන්නා යම් රෝගී තත්වයක් වේ නම් ඒවාට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය වේ.





0 comments :

Post a Comment