.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label aquarius. Show all posts
Showing posts with label aquarius. Show all posts

Thursday, July 1, 2021

කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කුම්භ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති ශනි 12 - ස්වක්ෂේත්‍රයි. සිකුරු කුජ  සමග සංයෝගය 6 - බාධක ජය ගනී. ගුරු ලග්නයේ කේනද්‍රගතයි - සුභයි. රවි 5 - උත්සාහය. රාහු 4 කේතු 10 - ගමෙන් පිට. තිර රාශිි නිසා 9 බාධකයි.)

පොදු

ජිවිතය සම්බන්ධව මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අවසාන සති දෙක තුල නොමැති වීම නිසා මානසික තෘප්තිය අඩු වේ. හිතට අතෘප්තිකර ගති මතු වුවත් හිත කලබල කර ගැනීමෙන් වළකින්න. යහපත් ධෛර්යය සහ ශක්තිය මත ආර්ධිත තත්වය මාසය පුරාවටම ඒකාකාරීව තබා ගත හැක. ආත්මාර්ථකාමී හැඟීම් ඇති වෙන අතර අන් අය ගැන නොසිතා ලෞකික දියුණුව වෙනුවෙන් සිත වෙහෙසෙන ගතියක් දැනේවි. තනි තීරණ සහ ඉක්මන් කෝපය පාලනය කර ගන්න. මාසයේ මුල් සති දෙකෙන් පසුව සිතට යම් සහනයක් ලැබෙනු ඇත. උපතේදී සෙනසුරු සුභ ස්ථානයක සිටීම සහ සුභයන්ට පෙනීම යහපත් මානසික තත්වයකට හේතු පාදක වෙයි.


ධනය

ආදායම් ලැබීමටත් ඉතිරි කර ගැනීමටත් තැන්පත් ධනයක් ඇතිකර ගැනීමටත් සුදුසු කාලයක් බව කිව හැකිය. කළමණාකරණය කර ගතහොත් මාසය පුරාවටම ආර්ථිකය සමබර කර ගත හැකිය.


රැකියාව

රැකියා ස්ථානයේ ගැටලු සහ ඊට සම්බන්ධව විවිධ බාධා ගෙන දීමට ඉඩ ඇත. විශේෂයෙන්ම නොකල වැරදිවලට චෝදනාවන් ලැබීමටද ඉඩ තිබේ. රැකියාවේ ඒකාකාරී බව නිසා උනන්දුව උත්සාහය අඩු වේ. මානසික පිඩාකාරී බව ගතට කිසියම් විඩාවක් ගෙන දෙන කාලයකි. මෙම තත්වය තේරුම් ගනිමින් රැකියව සඳහා වැඩි උත්සාහයක් දැරිය යුතු වේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ද මෙම ග්‍රහඡාරය තුල ඉහතතත්වයන් බලපාන බව සහ ඊට අදාල පිලියම් යෙදිය යුතු බව සිතට ගන්න. වාසිදායක තත්වයක් අපේක්ෂා කල හැකිය. ඇසුරු කරන්නන් අතර හොඳ හිත දිනා ගනී. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් වෙනස් වීමට නියමිතයි. රැකියා සහ ව්‍යාපාර ‌ක්ෂේත්‍රයේ අවුල් වියවුල් ඇති වේ. තත්වය පාලනය කිරීමට ඒ් සඳහා වැඩි උත්සාහයක්දැරීමට සිදු වේ.

 

අධ්‍යාපනය

පළමු දෙසතියෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා යහපත් මානසිකත්වයක් ඇති වේ. බුද්ධිය මෙහෙයවීමට සුදසු පරිසරයක් ඉහළ දියුණුවක් සහ ජය හිමිවේ. අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට තම දරුවන්ගේ දක්ෂතා නිසා ආඩම්බර විය හැකිය. 



ගෘහ ජීවිතය

නොගැලපෙන පෙම් සබඳතාවයන් ඇතිවේ. ඇසුරු කරන්නන්ගෙන් දුරස් වීමටද ඉඩ ඇත. මාසයේ මැද භාගයෙන් පසුව යහපත් පෙම් සබඳතාවයන් ඇති වෙන අතර විවාහ ගිවිස ගැනීමට සුදුසු අය දෙපාර්ශවයටම හමු වේ. ගැටලු සහ බාධක මැද වුවත් යුග දිවිය ගත කරන අයට පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර උනනන්දුව යෙදේ. නමුත් මෙතෙක් විවාහ නොවුන තනිකඩයන්ට ගෙදර වාසය කිරීම අසහනකාරීයි. දුර බැහැර හෝ විදෙස් රටක වාසයට හිත දේ. පදිංචිය වෙනස් වේ. හදිසී ගමන් බිමන්වලදී අනතුරු ඇතිවිය හැකි නිසා පරිස්සම් වෙන්න. දෙමව්පියන්ට අපලයි. මෙම කාලය දෙමව්පියන්ට යම් කරදර අසනීප හිතේ අසහනය දුරලීමට ඔබගේ සහාය අවශ්‍යය වේ. 


සෙෘඛ්‍යය

ශරීරයේ ලේ විස වීම් සහ ලේ ගලා යන අනතුරුවලට ලක්විය හැකි නිසා පරිස්සම් විය යුතුය. දැනටමත් ප්‍රතිකාර ගන්නා යම් රෝගී තත්වයක් වේ නම් ඒවාට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය වේ.





Friday, July 17, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය

කුම්භ - Aquarius

කුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්න වූ ධනස්ථානය සහ එකොළොස්වැන්න වූ අයස්ථානය යන භාවයන් දෙකේම අධිපති ග්‍රහයා ගුරු මෙවර ග්‍රහ මාරුවක් සමග විවාහස්ථානය වන සත්වැන්නට සැපත්වීම සුබයි. මෙතෙක් පැවතියා වූ බොහොමයක් දොස් සමනය වන අතර ආර්ථික සංවර්ධනය සුබවාදී ලෙස වර්ධනය වේ.

ධනය සම්බන්ධයෙන් සුබයි. පසු ගිය කාලය පුරාවට ඔබව වෙලා ගත් ආර්ථික ගැටළු ක්‍රමයෙන් මග හැරී ආර්ථිකය ස්ථාවර වෙනු ඇත. රැකියා ව්‍යාපාරවලින් ආදායම් මෙන්ම අමතර ආදියම් සහ අනපේක්ෂිත හදිසි ධන ලාභ ද හිමි වේ.

රැකියා සහ ව්‍යාපාර දිනෙන් දින වර්ධනය වේ. රැකියා සහ ව්‍යාපාරික ස්ථානයන්හි පරිසරය ඔබගේ වෙහෙස නිවා දමා තෘප්තිය දනවන්නකි. හවුල් ව්‍යාපාරවල නියැළෙන අයගේ ව්‍යාපාරවල විශේෂ දියුණුවක් දැකිය හැකි අතර හවුල්කරුවන් අතර සුහදත්වයද වර්ධනය වේ.

තරුණ තරුණියන්ට මංගල යෝග විවාහ අපේක්ෂකයන්ගේ විවාහයන් තීරණය වීම හෝ විවාහ ගිවිස ගැනීම් යුගදිවි ගෙවන්නන්ගේ පවුලේ සතුට මෙන්ම දූ දරුවන්ගේ දියුණුවද ලැබෙන වාසනාවන්ත කාලයකි.

සෞඛ්‍ය තත්වයට තරමක් හොඳ මදි නිසා ඒ ගැන කල්පනාවෙන් සිටිම වැදගත්ය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට කුම්භ ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

කුම්භ ලග්න හිමි ඔබගේ යෝගකාරක සිකුරු දසවැන්න වූ රැකියාස්ථානයේය. ධනකාරක සහ ධනස්ථානාධිපති ගුරු කලත්‍රස්ථානය හෙවත් විවාහ ස්ථානයේය. ගුරුත්, විවාහ ස්ථානය හිමි රවි බුධ සමග අයස්ථානයේය. සඳු ගේ දොර ගැන කියන හතරවැන්නේ උච්ච වීමත් හේතුවෙන් ඔබට සුභඵල රැසක් ගෙනදීමට මෙම ග්‍රහචාරය හේතු වේ.

ඔබගේ ගෘහ ජීවිතය සහ ගෙදර දොර පරිසරය සාමකාමීව හැමෝගෙන්ම උදව් උපකාර ඇතිව ගත කිරීමට ලැබෙන වාසනාවන්ත කාලයක් ලෙස මෙම ග්‍රහචාරය පරිවර්ථනය වී ඇත. දේපල සම්බන්ධව ගැටලු මෙතෙක් පැවතියා නම් ඒවා විසඳෙන නඩු හබවලින් ජය ගෙන අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැසක් ඇති වන කාලයකි. නව නිවාස තැනීම අලුත්වැඩියාවට මූල්‍ය ආයතනවලින් ණය ලැබෙන කාලයකි.

රැකියාවේ තත්වය උසස් වී ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත් වෙන වැඩි වැටුල් අතිකාල ලැබේ. නව රැකියා බලාපොරොත්තු වූ අයගේ අදහස් සපල වේ. ස්වයං රැකියා සහ හවුල් වයාපාරාදියෙන් ආදායම් ලැබේ. ඔබගේ ජනප්‍රියතාවය ඉහළ යන නිසා වයාපාරාදියේ ප්‍රචාරණ කටයුතුවලට නොමියව මුදල් වැය කරන්න. අනාගත ආයෝජනවලින් වාසි අත්වෙන ග්‍රහ බලයකි.

හිතවතුන්ගෙන් ගරු බුහුමන් තෑගි භෝග සැප පහසු ගෘහ උපකරණ යාන වාහන සිහින සැබෑ කර ගත හැකිය.

කුජ, සිකුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.