.

Thursday, June 10, 2021

Palapala YouTube Channel Intro






Palapala YouTube Channel Intro


ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.

වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් වන බලපෑම් මොනවාද යන්න අත්දැකීම් තුලින් තේරුම් බේරුම් කර ගැනීමට සමත් විය. ඉන්පසුව සිකුරු සහ අඟහරුගෙන් වන බලපෑම්ද, සුළං වැසි වියලි ආදී කාලද, සෘතු විපර්යාසයන්ද සාමාන්‍ය මිනිස්සු ද අවභෝධ කර ගත්හ.

ඉර හඳ ඇතුළු ග්‍රහ තාරකා පිළිබඳව වැඩි දුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට එළැඹීමේ මෙම ක්‍රියාවලිය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ආරම්භය විය. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය ගැන කරුණු සොයා බැලීමේදී අනාවරණය වන කරුණු අතර ලෝකයේ පෙරදිග රටවලින් ආරම්භ වූ මෙම විෂය පසු කාලීනව ලොව බටහිර රටවලද ප්‍රචලිත වෙමින් විවිධ පර්යේෂණ හා සංස්කරණ මගින් තව දුරටත් දියුණුවට පත් වී ඇති බවත්, මෙලොව උපත ලබන ඕනෑම කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළින් ජන්මියාගේ ගතිගුණ ජීවන තත්වය සහ අනාගතය පිළිබඳ යම් අනාවැකි පැවසීමේ ඇති එකම ක්‍රමය ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රය බව තවදුරටත් සනාථ වීමයි.


0 comments :

Post a Comment