
ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී හිරු, සඳු ද ග්‍රහයන් ලෙස සැළකෙන අතර සියලු ග්‍රහයන් පොළොව කේන්ද්‍ර කොට ගෙන එය වටා ගමන් කරන ලෙස සළකයි. රාහු සහ කේතු යනුවෙන් ග්‍රහයන් දෙදෙනෙකු අපේ ග්‍රහ මඩුල්ලේ නොමැතිමුත් ඕනෑම පුද්ගල කේන්ද්‍රයක මේ දෙදෙනාගේ නම් සටහන්ව ඇත. පියවි ඇසට නොපෙනෙන මෙම රාහු සහ කේතු කවුද? ජ්‍යොතිෂයේදී මොවුන් ග්‍රහයන් වූයේ කෙසේද?
ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී රාහු සහ කේතු යනුවෙන් හඳුන්වන මේ දෙදෙනා තාරකා නොවේ. එක්තරා ගණිතමය සංකල්පයන් දෙකකි. ඉහතින් දක්වන ලද අක්ෂ ඇලයෙන් යුතුව පෘථිවිය සූර්යයා වටා තම කක්ෂයේ ගමන් කරයි. චන්ද්‍රයාගේ අක්ෂ ඇලයෙන් යුතුව සිය කක්ෂය වටා චන්ද්‍රයා ගමන් කරයි. මෙම ක්‍රියාවලියේදී පෘථිවි කක්ෂයත් චන්ද්‍ර කක්ෂයත් එකිනෙක ඡේදනය වන ස්ථාන දෙකක් ඇති වන්නේය. එහි උතුරු ලක්ෂය රාහු ලෙසත් දකුණු ලක්ෂය කේතු ලෙසත් ජ්‍යොතිෂයේදී නිර්වචනය කරයි.

මෙසේ උපකල්පිත ලක්ෂ දෙකක් ග්‍රහයන් ලෙස ජ්‍යොතිෂයේදී හදුන්වන ලද්දේ ඇයි? පියවි ඇසට පෙනෙන ග්‍රහයන් මෙන්ම මෙම නොපෙනෙන ලක්ෂ්‍ය දෙකේ තිබෙන බලපෑම සුවිශේෂී වීම හේතුවෙනි. මෙම නොපෙනෙන ග්‍රහයන් වූ රාහු කේතු ජ්‍යොතිෂයේදී ඡායා ග්‍රහයන් ලෙස හඳුන්වයි. මේ දෙදෙනා ස්කන්ධයක් මෙන්ම කිරණ විහිදුවීමක්ද නැත. අඳුරේ ගිලී ඇති මෙම දෙපල කිරණ විහිදුවන රවිගේ සහ සඳුගේ පරම හතුරෝ ලෙස ජ්‍යොතිෂයෙදී පිලිගැනේ.
එසේම යෝග කාරක, බාධක, 22 වැනි දෙර්කාණාධිපති යන ග්‍රහයන්ට රාහු සහ කේතු සම්බන්ධ නොවේ. එනමුත් මොවුන්ගේ බලවත්කමේ අඩුවකුත් නොවේ. ජ්‍යොතිෂයෙදී සැළකෙන ප්‍රබල දෝෂයක් වන කාලසර්ප යෝගයට මූලික වෙන්නේද මෙම රාහු සහ කේතු යන දෙදෙනාය. කාලසර්ප යෝගය ඇති කේන්ද්‍ර හිමියන්ට විවිධ අශුභ පල ජ්‍යොතිෂයේදී හිමි වේ. රාහු සහ කේතු එක් එක් ස්ථානයට සහ එක් එක් ලග්නවලට ඇති කරන පලපෑම් විවිධ වන අතර අපි ඒවා මතුවට සාකච්ඡා කරමු.
0 comments :
Post a Comment