.

Friday, November 6, 2015

2015 දෙසැම්බර් ලග්න පලාපල

2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?

පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට එනම් දෙසැම්බර් 5 දින ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.

මේ අනුව රවි බුධ සහ ශනි වෘශ්චික රාශියේ ගමන් කරයි. සඳු කුජ සහ රාහු කන්‍යා රාශියේද, සිකුරු තුලාවේද, ගුරු සිංහයේ වන අතර කේතු මීනයේ ද, ගෝචරය වෙයි.

2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ලග්න රැසකට සුභ ඵල උදා කෙරේ. ඒක් එක් ලග්නයට මෙම ශුභාශුභ බලපාන්නේ කෙසේදැයි බලමු.

(මේය පොදු පලාපල විස්තරයකි. පලාපල.lk හි ලියාපදිංචි ඔබට සැළසෙන විශේෂ සේවා අතර සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.)




මේෂ

තම කටයුතු සාර්ථක කර ගැනීමට අධික වෙහෙසක් දැරීමට සිදු වෙන මාසයකිගෙදර දොර කටයුතු සම්බන්ධයෙන්ද යම් ගැටලුකාරී තත්වයන් මගහැර ගනිමින් සතුට සමාදානය රැක ගනී.  දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අධික කාලයක් ගත කිරීමට සිදුවන අතර ඒවා ප්‍රතිපලදායක වේ. දියුණුව වෙනුවෙන් ක්‍රමවත් වැඩපිලිවෙළක් සකසා ගනී. මෙම මාසය තුල වියදම් අධික වේ. නව නිවාස කටයුත්තක් සදහා හිත යොමු වේ. නිවසේ යම් ඉඳිකිරීම් කරගැනීමට තිබේනම් එය වහාම ආරම්භ කිරීමට සුදුසුය. මේෂ ලග්න හිමි තරුණ තරුණියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ

රැකියා කටයුතුවලටද සතුරු කරදර ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත. තීරණ ගැනීමේදී කල්පනා වන්න. එහෙත් ප්‍රධානීන්ගේ නොමද සහයෝගය ලැබෙන බැවින් රැකියාවන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇත. ඔවුන්ගේ හිත දිනා ගැනීම පිළිබඳව උනන්දු වන්න. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන අයට උසස් පුද්ගලයන්ගෛ් සහාය ලැබෙනු ඇත. නව රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවෙන බවක් පෙනේ. එහෙත් මිතුරු වෙසින් සිටින සතුරුකම් කරන අය ගැන අවධානයෙන් සිටීම වැදගත් වේ.

අධ්‍යාපනය ලබන අයගේ සාර්ථකත්වය මැනවින් ප්‍රදර්ශනය වේ. තරඟ විභාගවලින් ජය හිමිවේ.  වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. 

ශරීර ඌෂ්ණ ගති සහ ලේ දූෂ්‍ය වීම් ඇති විය හැකිය.

ජය අංක - 4, 5
ජය වර්ණ - රතු, කහ, සුදු
ශුභ දින - ඉරිදා, බ්‍රහස්පතින්දා

වෘෂභ

බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තම කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි.  ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන්ද තත්වය සතුටුදායක වන අතර ගෙදර අයගෙන් මෙන්ම ඥාතින්ගෙන් උදව් උපකාර හිමිය.  මෙම මාසය තුල ප්‍රීතිමත් උත්සව ගණකාවකටම සහභාගි වීමට අවස්ථාව උදා වේ. වෘෂභ ලග්න හිමි තරුණ තරුණියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. දූ දරුවන් සිටින අය ඔවුනගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසන කාලයකි. නිවසේ යම් අලුත්වැඩියාවන් කරගැනීමට තිබේනම් එ්වාට යොමු වීම  සුදුසුය. හදිසි ධන ලාභද ලැබෙන අතර තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හෝ නව ආයෝජනවලටද සුබදායකය.

රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යැමට අවස්ථාව ඇතත්, උනන්දුව උත්සාහය අඩු වීමට කරුණු යෙදේ. වැඩරාජකාරී කලට වේලාවට නොකිරීමට ඉඩ ඇත. එනිසා අනවශ්‍ය ගැටලු සහ දෝෂාරෝපණයන්ටද ඉඩ ඇත. ප්‍රධානීන්ගේ නොමද සහයෝගය ලබා ගෙන රැකියාවන් සාර්ථක කර ගැනීමට උනන්දු විය යුතු මාසයකිව්‍යාපාරවල නියුතු අයද තම සහායකයන්ගේ හිත දිනා ගැනීම පිළිබඳව උනන්දු වන්න. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන උසස් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබෙනු ඇත. නව රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවෙන බවක් පෙනේ

උධ්‍යාපනය ලබන වෘෂභ ලග්න හිමියන්ගේ මනසේ ව්‍යාකූල තත්වයන් ඇතිවිය හැකිය. අනවශ්‍ය ලෙස කලබල නොවී අධ්‍යාපනය කටයුතු සාර්ථක කර ගැනීම උත්සාහයෙවන් සහ කැපකීරිමෙන් ජය ලබා ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපනයේ නියැලෙන අයට සහ  වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. 

උදරාබාධ සහ පපුවේ සෙම් ගති ඇති විය හැකිය.

ජය අංක - 3, 4
ජය වර්ණ - රෝස, කහ
ශුභ දින - බදාදා, සිකුරාදා


මිථුන

ගෙදර සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසුනත්, ඥාතීන් සමග කටයුතු කිරීමේදී යම් මතබේදවලට තුඩු දෙන කාරනා ඇති වීමට බොහෝ දුරය ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න.  දුර බැහැර ගමන් බිමන් යෙදීමට සිදුවන අතර බලාපොරොත්තු නොවූ ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකිය.  විශේෂයෙන්ම තම ළඟම හිතවතුන් සමග අනවශ්‍ය වාද විවාදවලට ඉඩ ඇත. ඒවායින් ඔබට වාසි නොලැබෙන අතර දැඩි ස්ථාවරයන්ගෙන් මිදීම සිතට ගත යුතුය. විදේශ ගත වීමට සිටින අයට ඊට අවස්ථා සැළසේ. තරුණ තරුණියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. සුදුසු සහකරුවන් සොයා ගැනීමට අවස්ථාව සැළසේ. 

රැකියා ස්ථානයේ කටයුතු බහුල වනු ඇත.  යම් වෙහෙකාරී ගතියක් දැනුනත් එදිනෙදා කටයුතු අතපසු වීමකින් තොරවකරගෙන යෑමෙන් රැකියාවේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට අවස්ථාව ඇත. උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට තව වුරටත් කල්ගත වනු ඇත. සංචාරක ව්‍යාපාර සහ විදෙස් සම්බන්ධ රැකියාවන්හි සහ ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු මුදුන්පත් වේ. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන අයට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. විවිධ ධන ලාභ ඇති මාසයකි.

බුද්ධිමත් කණ්ඩායම් සමග සම්බන්ධ වීමෙන් උසස් අධ්‍යාපනයේ නියැලෙන අයට සහ  වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. මනසේ ව්‍යාකූල තත්වයන් ඇතිවිය හැකිය. අනවශ්‍ය ලෙස කලබල නොවී අධ්‍යාපනය කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහයෙන් සහ කැපකීරිමෙන් ජය ලබා ගැනීමට හැකි වේ.  විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය.

පෙණහළු ආශ්‍රිත සහ පපුවේ සෙම් ගති ඇති විය හැකිය.

ජය අංක - 1, 3
ජය වර්ණ - නිල්, දම්
ශුභ දින - සඳුදා, බදාදා


කටක

ගෙදර සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. උසස් සමාජය ඇසුරු කිරීමටද අවස්ථාව සැළසේ. තරුණ උදවියගේ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර විවාහ ගිවිස ගැනීමට සිටින අයට අවස්ථාවන් ලැබේ. හවුල් කටයුතු මගින් ආර්ථික වාසි රැසක් හිමි කර ගැනීමට වාසනාව ඇත. ආරම්භ කරන ලද කටයුතු මෙන්ම නව ආයෝජන අවස්ථාවන්ද බහුල වේ. නිවාස ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ කටයුතු සාර්ථක ලෙස විසඳේ. මෙම මාසය කටක ලග්න හිමි ඔබගේ බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි.

රැකියා ස්ථානයේ විවිධ ගැටලු මතු වුවත්, කටයුතු බහුල වනු ඇතත්, ඒවායින් ඉහලම තෘප්තියක් ලබනු ඇත. ප්‍රධානීන්ගේ නිබඳ අවධානයට පත්වෙන අතර උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. උසස් පුද්ගලයන්ගේ සහයෝගය ලැබෙන වාසනාවන්ත කලයක් වන බව කිව යුතුය..  

අධ්‍යාපනයේ නියැලෙන කටක ලග්න හිමියන්ට ඒ සඳහා මෙය හොඳ කාලයකි. ධාරණ ශක්තිය සහ හොඳ තීරණ ගැනීමේ ශක්තිය ඇති වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ.  උත්සාහය සහ කැපකීරිම අභියෝග ජය ගැනීමට ඇති ආශාව නිසාම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි වේ.  විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය.

සුළු වශයෙන් සෙම් ගති ඇති විය හැකි අතර ප්‍රබල සෞඛ්‍යය ගැටලු ඇති නොවේ. පොදුවේ ගතහොත් කටක ලග්න හිමියන්ට මෙම මාසය ඉතා සුබ මාසයක් වනු ඇත.

ජය අංක - 2, 4
ජය වර්ණ - සුදු, ක්‍රීම්
ශුභ දින - සඳුදා, බ්‍රහස්පතින්දා


සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට සහ ගෙදර සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. උසස් සමාජය ඇසුරු කිරීමටද අවස්ථාව සැළසේ. ප්‍රීති උත්සවවලට සහභාගි වීමටද අවස්ථාව ලැබේ. තරුණ උදවියගේ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර විවාහ ගිවිස ගැනීමට සිටින අයට අවස්ථාවන් ලැබේ. හවුල් කටයුතු මගින් ආර්ථික වාසි රැසක් හිමි කර ගැනීමට වාසනාව ඇත. ආරම්භ කරන ලද කටයුතු මෙන්ම නව ආයෝජන අවස්ථාවන්ද බහුල වේ. නිවාස ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ කටයුතු සාර්ථක ලෙස විසඳේ.

රැකියා ස්ථානයේ කටයුතු බහුල වනු ඇතත් ඒවායින් ඉහලම තෘප්තියක් ලබනු ඇත.  ප්‍රධානීන්ගේ නිබඳ අවධානයට පත්වෙන අතර උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. උසස් පුද්ගලයන්ගේ සහයෝගය ලැබෙන තම ව්‍යාපාරාදිය පුළුල් කර ගැනීමට වාසනාවන්ත කාලයක් වන බව කිව යුතුය. එබැවින් ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධන කිරීම සදහා සුදුසු මාසයකි.  

අධ්‍යාපනයේ නියැලෙන සිංහ ලග්න හිමියන්ට ධාරණ ශක්තිය ශක්තිය ඇති වේ. උනන්දුව උත්සාහය කැපකිරීම් වැඩි වන අතර ඒ තරමටම ජය හිමිය. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද, විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම ඉලක්ක වෙත පියමජ කර අදහස් සපුරා ගැනීමට හැකිය. තරඟ විභාගවලින් ජය හිමිය.

ලේ දූෂ්‍ය වීම් සහ දන්ත රෝග, විදුරුමස් ආශ්‍රිත රෝග උත්සන්න වනු ඇත.

ජය අංක - 1, 3
ජය වර්ණ - රතු, කහ
ශුභ දින - ඉරිදා, සිකුරාදා


කන්‍යා

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට ලැබෙන මාසයකි. ඔබගේ නිවස තුල සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. ප්‍රිය මනාප පුද්ගලයන් ඇසුරු කිරීමටද අවස්ථාව සැළසේ. ප්‍රීති උත්සවවලට සහභාගි වීමට සහ විනෝද චාරිකා යෑමට අවස්ථාව ලැබේ. තරුණ උදවියට යහපත් මංගල යෝජනාවන් ලැබේ. ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙන අතර තැන්පත් ධනයද ඉහළ යයි. නිවසට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

රැකියාවේ පැවති උදාසීන බව පහව යයි. උනන්දුව සහ උත්සාහය නිසා ප්‍රධානීන්ගේ නිබඳ අවධානයට පත්වෙන අතර උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට උසස් පුද්ගලයන්ගේ සහය ලැබෙන කාලයකි. විදේශයන්ට සම්බන්ධ රැකියා සහ ව්‍යාපාර කරන අයට සහ සංචාරක ක්ෂේත්‍රෙය් රැකියා සහ ව්‍යාපාර කරන අයටද සුබපල දෙන කාලයකි.

අධ්‍යාපනයේ නියැලෙන කන්‍යා ලග්න හිමියන්ට ධාරණ ශක්තිය සහ හොඳ තීරණ ගැනීමේ ශක්තිය ඇති වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ.  උත්සාහය සහ කැපකීරිම අභියෝග ජය ගැනීමට ඇති ආශාව නිසාම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි වේ.  තරඟ විභාගවලින් ජය මෙන්ම විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය.

ලේ ගමන සම්බන්ධ සහ සෙම් රෝග උත්සන්න වනු ඇත.

ජය අංක - 2, 4
ජය වර්ණ - නිල්, කොල
ශුභ දින - සඳුදා, බදාදා


තුලා

තුලා ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට ලැබෙන මාසයකි. පවුලේ සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. අදහස් දැක්වීමේදී තරමක යම් රළු ස්වභාවයක් ඇති විය හැකිය. එමගින් අන් අයගේ සිත් බිඳීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම සුදුසුය. දුර සිටින හෝ විදේශගත ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. තරුණ උදවියට යහපත් මංගල යෝජනාවන් ලැබේ. කරන ලද ආයෝජන මගින් ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙන අතර තැන්පත් ධනයද ඉහළ යයි. නිවසට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

රැකියාවේ පැවති උදාසීන බව පහව ගොස් උනන්දුව සහ උත්සාහය නිසා රැකියා ස්ථානයේ හැමෝගේම අවධානය දිනා ගැනීමට හැකිවනු ඇත. ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම යම් වරප්‍රසාද ලබා ගැනීමට ඉඩ ලැබේ. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු මුදුන්පත් වේ. ආර්ථික වාසි රැසක් ලබා ගැනීමට හැකි වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට උසස් පුද්ගලයන්ගේ සහය ලැබෙන කාලයකි. විදේශ සම්බන්ධ රැකියා සහ ව්‍යාපාර කරන අයට සුබපල දෙන කාලයකි. නව රැකියා බලාපොරොත්තු වන අයටද, නව ව්‍යාපාර ආරම්භ කරන අයටද මෙය සුදුසු කාලයකි.

අධ්‍යාපනයේ නියැලෙන තුලා ලග්න හිමියන්ට ඒ සඳහා මහන්සි විය යුතු කාලයකි. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත ගැනීමට ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුය.  උත්සාහය සහ කැපකීරිම මතම අභියෝග ජය ගැනීමට ඇති ආශාව වර්ධනය කර ගතහොත් යහපත් ප්‍රතිපල ගත හැකිය.  

දන්ත රෝග මුඛ රෝග ලේ දූෂ්‍ය වීම් වැනි රෝගවලින් ප්‍රෙව්ශම් විය යුතුය.

ජය අංක - 1, 2
ජය වර්ණ - රෝස, තැඹිලි
ශුභ දින - සඳුදා, සිකුරාදා


වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට කලක් අපේක්ෂාවෙන් සිටි කටයුත්තක් ඉටු වෙන සහ බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට ලැබෙන මාසයකි. ඔබගේ නිවස තුල සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. නිවසේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. වෙනදාට වඩා දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කරයි. ප්‍රීති උත්සවවලට සහ පුණ්‍ය කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. තරුණ උදවියට යහපත් මංගල යෝජනාවන් තමන්ට සුදුසු කහකරුවන් සහකාරියන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. අතමිට සරු වන ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙයි. 

රැකියාවේ පැවති උදාසීන බව පහව යයි. උනන්දුව උත්සාහය සහ කාර්යක්ෂමතාවය නිසා සාරථකත්වය අත්වේ. ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක්වෙන අතර ඔවුනගෙන් උදව් උපකාර ලබා ගැනීමටද හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට ප්‍රචාරක වැඩ දියත් කිරීමට මෙය සුදුස කාලයකි. ස්වයංරැකියාවල නිරත වෙන අයට සහ කාර්මික අංශයට අදාල ව්‍යාපාර කරන අයට සුබපල දෙන කාලයකි.

අධ්‍යාපනයේ නියැලෙන වෘශ්චික ලග්න හිමියන්ට තම උනන්දුව උත්සාහය සහ කැපකිරීම්වල ප්‍රතිපල හිමි වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද එසේමය.  තරඟ විභාගවලින් ජය ගැනීමට කිසියම් ආකාරයකින් හෝ පසුබට නොවී මහන්සි විය යුතුය. අධිෂ්ඨානය සහ කැපකිරීම් ජය තහවුරු කරනු ඇත.

උදරාබාධ සහ ආහාර ආසාත්මිකතා සහ සෙම් රෝග ඇති විය හැකිය.  

ජය අංක - 7, 9
ජය වර්ණ - නිල්, කහ
ශුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා


ධනු

ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටද බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට අවකාශය ලැබේ. පවුලේ සමගිය සමාදානය යහපත් ලෙස පවත්වා ගනී. යම් යම් කටයුතුවලදී  ඉක්මන්කාරී බව නිසා විවිධ පාඩු සිදුවීමට ඉඩ තිබේ. හදිසි ධන ලාභ ලැබීමට සහ තැන්පත් ධනය වර්ධනය වීමට මෙන්ම භූමි ලාභ මැණික් වාසනා ආදියටද භාග්‍ය ඇති මාසයකි. ප්‍රීති උත්සව සහ විනෝද චාරිකා සඳහා සිත යොමු වේ. ඉඩකඩම් සම්බන්ධව පැවති ගැටළු සහගත තත්වයන් පහව යයි. නිවාස ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ කටයුතුවලටද සුබයි. දූ දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වෙනමාසයකි.

රැකියා ස්ථානයේ විවිධ ගැටලු මෙන්ම තෘප්තිමත් නොවන තත්වයන්ට මුහුණ දිය හැකිය. හිතවතුන්ගෙන් සහ ප්‍රධානීන්ගෙන් සහයෝගය අවශ්‍ය අවස්ථාවල ලබා ගැනීමට හැකි වේ.  විදේශ රැකියා බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයට තම ව්‍යාපාර නගා සිටුවීමට අවශ්‍ය භෞතික පරිසරය සැකසේ. මෙම මාසයේදී ප්‍රචාරක කටයුතු  කරමින් ව්‍යාපාර ප්‍රවර්ධනය උදෙසා කරන කැපකිරීම් අනාගත ලාභවලට හේතුවේ. විදේශ සම්බන්ධ ව්‍යාපාරවලින් වාසි ලැබීමට පුළුවන 

අධ්‍යාපනයේ නියැලෙන ධනු ලග්න හිමියන්ට ඒ සඳහා උනන්දු විය යුතු කාලයකි. ධාරණ ශක්තිය ඇතත් හදිසි වීම් මත තීරණ ගැනීමේ දුර්වලකම් ඇති වේ. උසස් අධ්‍යාපනය හදාරණ ධනු ලග්න හිමි දරුවන් උනන්දුවෙන් උත්සාහයෙන් හා කැපකිරීමෙන් අභියෝග ජය ගැනීමට සිතට ගත යුතුය. වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ට සහ  විදේශ අධ්‍යාපනයන් නිරතවන අයට තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. 

සුළු වශයෙන් සෙම් ගති ඇති විය හැකි අතර ප්‍රබල සෞඛ්‍යය ගැටලු ඇති නොවේ. 

ජය අංක - 8, 9
ජය වර්ණ - කහ, රෝස
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා


මකර

මකර ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට තිබෙන මාසයකි.  මානසික සහනය උපරිමයෙන් පවත්වා ගනිමින් තම කටයුතු රැසක් ඉඩු කර ගනී. පවුලේ සාමය යහපත්ය. අඹුසැමි සුහදතා ප්‍රීතිමත්ව වර්ධනයට අවශ්‍ය පරිසරය සැකසේ. ප්‍රීති උත්සව විනෝද ගමන් යෙදේ. විවාහ වීමට සිටින තරුණ උදවියට යහපත්ය. කරන ලද ආයෝජන මගින් ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙන අතර තැන්පත් ධනයද ඉහළ යයි. ඉඩකඩම් සහ භූමි ලාබ ලැබීමේ භාග්‍යය ඇත. නිවසට අලංකාරය ගෙන දෙන අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමටද අවස්ථාව ලැබේ.

රැකියාවේ පැවති උදාසීන බව පහව ගොස් උනන්දුව සහ උත්සාහය නිසා රැකියා කටයුතු කලට වේලාවට ඉටුවේ. එය තමාටත් මහත් අස්වැසිල්ලක් වෙන අතර, සෙසු අයගේ අවධානය දිනා ගැනීමටද ඉවහල් වනු ඇත. ප්‍රධානීන්ගේ ප්‍රශංසාව තනතුරු ලාභ මෙන්ම යම් වරප්‍රසාද ලබා ගැනීමට ඉඩ ලැබේ. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතුවලට මෙතෙක් තිබූ බාධක ක්‍රමයෙන් පහව යයි.  ආර්ථික වාසි රැසක් ලබා ගනිමින් තම අරමුණු මුදුන්පත් වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට බංකුවලින් සහ උසස් පුද්ගලයන්ගේ සහය ලැබෙන කාලයකි. විදේශ සම්බන්ධ රැකියා සහ ව්‍යාපාර කරන අයට සුබපල දෙන කාලයකි. නව රැකියා බලාපොරොත්තු වන අයටද, නව ව්‍යාපාර ආරම්භ කරන අයටද මෙය සුදුසු කාලයකි.

අධ්‍යාපනයේ නියැලෙන මකර ලග්න හිමියන්ට ඒ සඳහා මහන්සි විය යුතුය කාලයකි. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත ගැනීමට ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුය.  උත්සාහය සහ කැපකීරිම මතම අභියෝග ජය ගැනීමට ඇති ආශාව වර්ධනය කර ගතහොත් යහපත් ප්‍රතිපල ගත හැකිය.  

සෙම් රෝග පපුවේ මහන්සිය ඇති අය නියමිත වෛද්‍ය උදෙස් අනුව කටයුතු කල යුතුය.

ජය අංක - 7, 8
ජය වර්ණ - රෝස, නිල්
ශුභ දින - සඳුදා, සිකුරාදා

කුම්භ

කුම්භ ලග්න ඔබගේ බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට සහ ගෙදර සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. අතපසු වූ වැඩ කටයුතු රාශියක්ම ඉටුකර ගැනීමට ඉඩ ලැබෙන අතර යහපත් මිතුරන්ගේ උදව් උපකාරද හිමි වේ. තරුණ උදවියගේ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර විවාහ ගිවිස ගැනීමට සිටින අයට අවස්ථාවන් ලැබේ. අඹු සැමි සුහදතා වර්ධනය වේ. හවුල් කටයුතු මගින් ආර්ථික වාසි රැසක් හිමි කර ගැනීමට වාසනාව ඇත. දූ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සහ යුතුකම් රැසක් ඉටුකරන මාසයකි.

රැකියා ස්ථානයේ පැවති ගැටලුමය තත්වයන් තවදුරටත් පැවතිය හැකි අතර, හිතවතුන්ගේ නොමද සහායෙන් බොහෝ කටයුතු නිරාකරණය කරගනු ඇත.  හවුල් ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. ඉඩකඩම්වලට සම්බන්ධ ව්‍යාපාරවල සහ විදේශ කටයුතුවලට සම්බන්ධ ව්‍යාපාරවලට විවිධ බාධාවන් ඇති විය හැකිය. ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීමේදී සහ නීතිමය ලියවිලි අත්සන් කිරීමේදී බුද්ධිමත් විය යුතුය. නැතහොත් විශාල පාඩු විඳීමට සිදුවනු ඇත. 

අධ්‍යාපනයේ නියැලෙන කුම්භ ලග්න හිමියන්ට ඒ සඳහා මෙය හොඳ කාලයකි. ධාරණ ශක්තිය සහ හොඳ තීරණ ගැනීමේ ශක්තිය ඇති වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ.  උත්සාහය සහ කැපකීරිම අභියෝග ජය ගැනීමට ඇති ආශාව නිසාම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි වේ.  විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය.

රත් පිත් රෝග, ලේ දූෂ්‍ය වීම් සහ දන්ත රෝග, විදුරුමස් ආශ්‍රිත රෝග උත්සන්න වනු ඇත.

ජය අංක - 7, 9
ජය වර්ණ - කොළ, කහ

ශුභ දින - ඉරිදා, සිකුරාදා

මීන

මීන ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය ශුභඵල දායකයි. ඔබගේ නිවස තුල සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. දූ දරුවන් සිටින අය ඔවුනගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසන කාලයකි.
ඉඩකඩම් සහ භූමි ලාබ ලැබීමේ භාග්‍යය මෙන්ම වාහන ලාභ සඳහා භාග්‍යය ඇත. තරුණ තරුණියන් අතර යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර, විවාහ අපේක්ෂකයන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. සුදුසු සහකරුවන් සොයා ගැනීමට අවස්ථාව සැළසේ. 

රැකියා ස්ථානයේ කටයුතු බහුල වීමෙන් යම් කලකිරුණ ස්වභාවයක් ඇති වනු ඇත.  යම් වෙහෙකාරී ගතියක් දැනුනත් එදිනෙදා කටයුතු අතපසු වීමකින් තොරවකරගෙන යෑමෙන් රැකියාවේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට අවස්ථාව ඇත. උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට තව වුරටත් කල්ගත වනු ඇත. සංචාරක ව්‍යාපාර සහ විදෙස් සම්බන්ධ රැකියාවන්හි සහ ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු මුදුන්පත් වේ. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන අයට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. විවිධ ධන ලාභ ඇති මාසයකි.

මනසේ ව්‍යාකූල තත්වයන් ඇතිවිය හැකිය. අනවශ්‍ය ලෙස කලබල නොවී අධ්‍යාපනය කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහයෙන් සහ කැපකීරිමෙන් ජය ලබා ගැනීමට හැකි වේ.  විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය. බුද්ධිමත් කණ්ඩායම් සමග සම්බන්ධ වීමෙන් උසස් අධ්‍යාපනයේ නියැලෙන අයට සහ  වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ.

රත් පිත් රෝග සහ ලේ දූෂ්‍ය වීම් ඇති විය හැකිය.

ජය අංක - 5, 6
ජය වර්ණ - සුදු, කහ
ශුභ දින - සඳුදා, බ්‍රහස්පතින්දා

0 comments :

Post a Comment